ජෝතිෂ්‍යය ලිපි

පැන පැන දෙන රාහු සියල්ල සැනෙකින් ආපසු ගිල ගනී

රාහු ග්‍රහයාද පාපී ග්‍රහයෙකු වශයෙන් සැලකේ.රාහු 03,06,10,11 යන භවවලට සුබ යැයිද සැලකේ.
පොදු භාවවලට රාහු අශුභයැයිද සැලකේ. නමුත් අපි කලින් ලිපිවල ශනි සහ කුජ කීවාක් මෙන් රාහු වාසිදායක ග්‍රහයන්ගේ රාශි නැකැත් හා උපස්ථානවල සිටි කල කුමන භාවයක වුවත් යහපතක් ගෙනදේ‍.

ජන්මීන් ධනවත් කරවන ග්‍රහ බලපෑම්

"ධනවාන් බලවාන්".... ලෝකේ යනුවෙන් ප්‍රකාශිත වන පරිදි ධනවතා බලවතා බව පැවසෙයි. එය අද සමාජය දෙස බලන විට අපට පෙනී යන කරුණකි.

වාසනා මහිමය මතුකරන ධර්ම ත්‍රිකෝණය

මෙලොව උත්පත්තිය ලබන්නා වූ සෑම මනුෂයකුටම උත්පත්ති වේලාවක් පවතී. එම උත්පත්ති වේලාවට අනුව සාදනු ලබන කේන්දර සටහන ත්‍රිකෝණ සතරකට බෙදා දැක්විය හැකි වේ.

රවි-කුජ මිථුන රාශි ගතවීම ඔබේ ලග්නයට කෙසේද?

ග්‍රහ මණ්‌ඩලයේ ප්‍රධානියා වන රවි (ඉරු) ලෝකයාට ජීවය, උෂ්ණය ආලෝකය සලසා දෙයි. කේන්ද්‍ර හිමියාට ශරීර ශක්‌තිය, ආත්ම බලය, ප්‍රසිද්ධිය, කීර්තිය ඥන හා ධාරණ ශක්‌තිය, ලබා දෙයි. රැකියා තනතුරු ලබාදීම හා රැකියා තනතුරුවලින් පහකිරීම කරනු ලබන්නේ ද රවි විසින්මය.

ඔබේ සහකාරිය ඔබට වාසනාව ගෙන එන රැජිණක් ද ?

මනහර අඟ පසඟින් වැඩුණු කාන්තාව සිරිලියක් මෙන්ම සිතූ පැතූ දේ ඉටු කර දෙන භාග්‍යවන්තියකි.

සෙනසුරා රජෙක්ද හිඟන්නෙක්ද ?

ශනි හෙවත් සෙනසුරු යැයි කී පමණින් බොහොදෙනා බියට පත් වෙති. එනමුත් සෙනසුරු ග්‍රහයාගේ හොඳ මෙන්ම නරකද සම්මිශ්‍රණය වී තිබේ. සෙනසුරු ඒරාෂ්ටකයට තරම් බොහෝ දෙනා බිය නොවන වෙනත් කරුණක් නැති තරම්ය.

ගුරු මාරුවට පෙර එන කුජ මාරුව ඔබේ ලග්නයට කොහොමද?

ග්‍රහලොව සෙන්පති හෙවත් චණ්ඩියා, නැතහොත් අඟහරු ග්‍රහයා එළැඹෙන 2015 ජුනි මස 16 වැනි අඟහරුවාදා පෙ.ව. 01.08ට මෙතෙක් ගමන් ගත් සිය සම රාශියක් වූ වෘෂභ රාශියෙන් මිදී සිය සතුරු රාශිය වූ මිථුන රාශියට පිවිසෙයි.

විවාහ පොරොන්දම් බලා දැකිය නොහැකි කරුණු හතරක්‌

පොරොන්දම් බලා, නැකත් සාදා, ජයටම උත්සව පවත්වා වසර කිහිපයකින් අතරමං වූ විවාහකයන් ගණන සුළුපටු නොවේ.

ජුනි 05 සිට ජූලි 02 දක්වා ක්‍රිෂ්ණමූර්ති පද්ධතියට අනුව ලග්න පලාපල

2015 ජුනි 05 සිට ජූලි 02 දක්වා කාලවකවානුව මේෂ ලග්න හිමියන්ට සුබදායක තත්ත්වයක් උදාවිය හැකි මාසයකි. රැකියා කටයුතුවල උසස් ප්‍රගතියක් මෙන්ම රැකියාවල උසස් තනතුරු සඳහා පවත්වනු ලබන තරග විභාගාදියෙන් නිසැක ජය ලැබෙන කාලසීමාවකි.

ජ්‍යෝතිෂයට අනුව පිරිමින් මෙහෙමලු

බොහෝ කාන්තාවන්ට පිරිමින් අවශ්‍ය වන්නේ වැඩ ගැනීමට පමණකි. මේ නිසා අද වීරවරයෙකු ලෙස සලකන පිරිමියාව කාන්තාව විසින් හෙට නෝංජලයෙකු ලෙස නම් කිරීමද කරනු ලබයි. කාන්තාවන් ඔවුන්ගේ වාසිය වෙනුවෙන් එසේ කළද ජ්‍යෝතිෂයට අනුව පිරිමින් වර්ග කෙරෙන්නේ ඒ අන්දමට නොවේ.

ඔබේ ආත්මය පාලනය කරන ග්‍රහයා

ජේ‍යාතිෂය නම් වූ මෙම අද්විතීය ශාස්ත්‍රය තුළින් ඔබ උපන් මොහොත අරබයා ගොඩනඟනු ලබන ජන්ම පත්‍රය තුළින් ඔබේ ජීවිතයේ පාලනය බාරගත් සුවිශේෂී ග්‍රහයකු පිළිබඳ අපට හඳුන්වා දිය හැකියි. ඒ අපේ ජීවිතය පාලනය කරන ආත්ම කාරක ග්‍රහයායි. එසේ නම් අපේ ජීවිතය පාලනය කරන මේ ආත්ම කාරක ග්‍රහයා යනු කවරෙක්ද? එම ප්‍රධාන ග්‍රහයා පිළිබඳ මෙම ලිපිය තුළින් කරුණු රැසක් ගෙනහැර දැක්වීමට බලාපොරොත්තු වෙමි. ඔබේ ආත්මය පාලනය කරන්නේ ඔබේ ලග්නයට අයිති ග්‍රහයා වෙයි. එසේ නම් ඔබ උපන්නේ මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන යන ලග්න 12න් ඔබ කිනම් ලග්නයකින් උපන්්නත් ඔබේ ආත්මය පාලනය කරන්නේ ඔබේ ලග්නයට අධිපති ලග්නාධිපති ග්‍රහයා බව ඔබ වටහා ගත යුතුයි. එසේ නම් අප මේ කතාකරන ආත්මකාරක ග්‍රහයා යනු ඔබේ ලග්නයට අධිපති ලග්නාධිපති ග්‍රහයා වෙයි.

අංක විද්‍යාවට අනුව ඉදිරිය භයානකයි

අනාවැකි ප්‍රකාශ කිරීමේ ප්‍රබලයා ලෙස නමක් තබාගෙන ඇත්තේ නොස්ට්‍රාඩාමුස්ය. එමෙන්ම එඩ්ගා කේසි, මේරි ටී

මේ වසරේ ප්‍රබලම ග්‍රහ මාරුව ලෝකයට රටට ඔබගේ ලග්නයට කොහොමද?

‍ෙදාළොස් වසරකට පසු 2015 ජූලි මස 14 වැනි අඟහරුවාදා පෙ.ව. 6.20ට ගුරු ග්‍රහයා මෙතෙක් ගමන් කළ කටක රාශියේ සිට සිය මිත්‍ර රාශියක් වන රවි හිමි සිංහ රාශියට පිවිසීමට නියමිතය. මෙය මෙම වසරේ සිදුවන අසිරිමත්ම ග්‍රහ මාරුවයි.

ජුනි මාසය ඔබේ ලග්නයට කොහොමද?

2015 ජූනි මාසය මේෂ ලග්නයෙන් උපන් ඔබට ගෙදරදොර වැඩ කටයුතු සාර්ථක ලෙස ඉටුවන මෙම මාසය තුළ පවුලේ සුහදතා වර්ධනය කරගනී. උනන්දුව හා උත්සාහය මත බලාපොරොත්තු සාර්ථක කර ගැනීමට අවස්ථාව ලබයි. ඉඩකඩම් සම්බන්ධයෙන් පැවති ආරවුලක් යම් ප‍්‍රමාණයකින් විසඳී යනු ඇත.

ගෙයක් ‍දොරක් හිමිකරදෙන හතරේ සුබයෝ

සුලබව පෙනෙන කරුණක් නම් සෑම නගරයකම ජේ‍යාතිෂ කාර්යාල දිනපතා බිහිවේ. එම කාර්යාල පවත්වන වැඩි දෙනකුට ජේ‍යාතිෂ දැනුමක් නැති බව ඔවුන්ගේ ප්‍රකාශවලින් පැහැදිලි වේ. වැඩිදෙනකු උත්සාහ ගන්නේ ග්‍රහයන් පිළිබඳ බොරු බයක් ඇති කර අහිංසක ජනයා බියකර යන්ත්‍ර දැමීමටය, මුදල් ගැරීමටය.

අඟහරු - බුධ තියුණු සටනක
ලග්න තුනකට සුබයි

පසුගිය 27 දින සවස 4.07 ට බුද සහ අඟහරු අතර ග්‍රහ යුද්ධයක්‌ පැවැතිණි. මෙය සිදුවූයේ අහසේ නිරිත දෙසිනි. මෙම අවස්‌ථාවේ නැගෙනහිර අහසේ උදා රාශිය වන්නේ තුලාය. යුද්ධය සිදුවූයේ රාශි වශයෙන් ගත්විට වෘෂභ රාශියේය. සටන පැවතියේ වෘශ්චික නවාංශකයේ බලය තහවුරු කර ගැනීම සඳහාය.

උපන් මාසයට අනුව
ඔබේ ගතිගුණ!

ඔබ උපන්නේ අප්‍රේල් මාසයේ නම් ස්‌වභාවයෙන්ම ඥනවන්තයෝය. නොයෙක්‌ විට උසස්‌ පදවිවලට පැමිණෙති. නරක ගතියක්‌ නම් අනුන්ගේ යස ඉසුරු ගැන ඉරිසියා කිරීමය. අනුන් ගැන විශ්වාස කරන්නෝද නොවෙති. වරදක්‌ ගැන සමාවීමටද කැමති නැත. අනෙකෙක්‌ කළ වරදක්‌ ඇතොත් එය ජීවිතාන්තය දක්‌වා සිත්හි තබාගනී

ඔබ දකින සිහිනය ඉටුවන යාම

නින්දට පිවිසෙන ඔබට විවිධ දේ සිහිනෙන් දර්ශනය වීම හෙවත් පෙනීම සිහිනයක් සේ සිතන්න පුරුදුව සිටී. එහෙත් මේ දකින සියල්ල සැබෑ වන්නේ කලාතුරකිනි. මෙහිදී සැබෑ වන සිහින සහ නිෂ්ඵල සිහින වශයෙන් කොටස් දෙකකට බෙදෙයි. නමුත් බොහෝ දෙනකු සිහිනයක් දුටු සැණින් චකිතයකින් පසුවන්නේ තමා දුටු සිහිනය අසුබද, සුබද යන ගැටලුවට මැදිවීමෙනි.

බාධක ග්‍රහයාගේ අපලයට පිළියම්

ජන්ම පත්‍රය අනුව කෙනකුගේ ජීවිතයේ එදිනෙදා කටයුතු සඳහා බාධා, කරදර, මෙන්ම අපල ගෙනදෙන ග්‍රහයා ලෙස තමයි බාධක ග්‍රහයා ජේ‍යාතිෂයේදී පුරාණ ඉසිවරු විසින් හඳුන්වා දී තිබෙන්නේ. තමන්ගේ කේන්දරේ එම ග්‍රහයා පිහිටි ස්ථානය අනුව ඔහු හා සබැඳි භාව පල, ස්ථාන පල මෙන්ම ග්‍රහ පල විනාශ කිරීම තමයි බාධක ග්‍රහයාගේ කාර්යය වෙන්නේ.

අත්ලේ පැහැයෙන් හා හැඩයෙන්
හෙළිවන තොරතුරු

සමුද්‍ර සෘෂිවරයා විසින් ලොවට හඳුන්වා දුන් සාමුද්‍රික ශාස්‌ත්‍රය හෙවත් හස්‌ත රේඛා විද්‍යාව භාරත දේශයෙන් ආරම්භ වී මේ වන විට ලොව පුරාම පිළිගැනීමට ලක්‌ව ඇත. අත්ලක්‌ පරීක්‍ෂා කිරීමේදී පුරුෂයකුගේ දකුණු අතත් ස්‌ත්‍රියකගේ නම් වම් අතත් පරීක්‍ෂා කළ යුතු බව බොහෝ දෙනකුගේ මතයයි.

නිදි යහන සිරියහනක්‌ වන්නට නම්.....

සෑම අයෙකුම ඇඳක්‌ සොයන්නේ සුවපහසු නින්දකටය. ලෑලි කෑල්ලක වුවත් හොඳ සැපට නිදියන අය රුපියල් දහස්‌ ගණන් ගෙවා සුවපහසු ඇඳන් හා මෙට්‌ට මිලදී ගන්නේ නින්ද තව තවත් සුව පහසු කරගැනීමටය.

රූමත් කතුන් බිහිකරන
සිකුරුගේ ග්‍රහ බලය

කාන්තාවන් අතරින් රූමත් කතුන් උපදින්නේ ඔවුන් පෙර ආත්ම භවයන්හි රැස්‌ කළ යම් ආකාරයක කුශලාකුශල කර්මය අනුවයි. ජන්ම කේන්ද්‍රයේ පරීක්‍ෂා කිරීමෙන් එය හොඳින් කිව හැක.

ඔබත් පංච මහා පුරුෂ යෝග හිමියෙක්ද?

"ග්‍රහ යෝග" යැයි කී පමණින් හැඟෙන්නේ ග්‍රහයන් දෙදෙනකු හෝ ඊට වැඩි දෙනකු එකම රාශියක් තුළ සිටීමයි. ග්‍රහයන් දෙදෙනෙක්, තුන්දෙනෙක්, හතරදෙනෙක් ආදී වශයෙන් එක රාශියක සිටීමෙන් ද්වි ග්‍රහ යෝග, ත්‍රි ග්‍රහයෝග, චතුර්ග්‍රහ යෝග, පංච ග්‍රහ යෝග, ෂඩ් ග්‍රහ යෝග ඇතිවෙයි.

 අත්ලේ ඇඟිලි හෙළි කරන ජිවන රහස්

අසාමුද්‍රික ශාස්ත්‍රයට අනුව අත්ල පරික්ෂා කිරිමේදි අත්ලේ පිහිටි රේඛාවල පිහිටිම වගේම අත්ලේ පිහිටිම ගැනද පරික්ෂා කිරිම වැදගත් වේ. අතේ ඇගිලි පහ එකට එකක් සාමාන නොවන්නා සේම එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට ඇතැඟිලිවල ස්වභාවය හා ප්‍රමාණයන්ද සමාන නොවේ. එමගින් ඔවුන්ගේ ජිවන රහස් බොහෝ දුරට හෙළිකර ගත හැකිය.

More News »

add_one