සූර්යයා - වෘෂභයට
ලග්න හතරකට සුබයි

2015-05-17 10:06:00       596
feature-top
ශ්‍රී ලංකාව හිමි කුම්භ ලග්න යේ තුන්වැන්නේ උච්චව ගමන් කළ රවි ග්‍රහයා මැයි මස 15 දින සිට සිකුරු හිමි වෘෂභ රාශියට මාරුවනවා ඇත. රාජ්‍ය තාරක රවි මාරුව රටට හා ඔබට කෙසේ බලපාන්නේ දැයි විමසීමට මෙම ලිපියෙන් බලාපොරොත්තු වෙමු.

රටක මෙන්ම පුද්ගලයකුගේ ද දෛවය කෙරෙහි රවි විශාල වශයෙන් බලපානවා ඇත. ඊට හේතුව ග්‍රහමණ්‌ඩලයේ ප්‍රධානියා රවි බැවිනි. සෙසු ග්‍රහයින් ගමන් කරන්නේ ද රවි වටාය. මේ තත්ත්වයම සැලකිල්ලට ගනිමින් 2014 වසරේ අගදී, උදාවන වසරේ ශ්‍රී ලංකාව නමින් අපි අනාවැකි රාශියක්‌ පළ කළෙමු. ඒවා බොහෝ විට සත්‍ය වී තිබේ. නැකත කියූ අනාවැකි හතක්‌ හරිගිය බව පසුගිය නැකතේ සංස්‌කාරක තුමා කියා තිබුණේ එබැවිනි.

විශ්වවිද්‍යාලවල අර්බුද ඇතිවීම අපට සතුටුදායක කරුණක්‌ නොවේ. ගෞරවනීය භික්‍ෂුන් වහන්සේලා පක්‍ෂ දේශපාලනයට බැස සටන් පාඨ කීමද බහුතර බෞද්ධයින්ගේ ශ්‍රද්ධාව වර්ධනයවීමට හේතුවේ යෑයි අපි නොසිතමු. එහෙත් මේ කරුණු දෙකම 2015 වසරේ සිදුවන බව අපි ගිය වසර අගදී ලියූ ලිපියේ සඳහන් කර තිබේ. විශ්වවිද්‍යාල වල අර්බුද හා ගැටලුකාරී තත්ත්වය මෙම වසර පුරාම පවතින බව එදා පැවසූ ලෙසම නැවතත් පැවසීමට සිදුවීම ගැන කනගාටුවෙමු. භික්‍ෂු සංස්‌ථාව තුළද පක්‍ෂ දේශපාලනයේ භේද භින්නකාරී බව වර්ධනය වනවා ඇත. ග්‍රහයින් නිවේදනය කරන්නේ එසේය.

රවි කේන්ද්‍රයේ හතර වැන්නට මාරු වූ විට තරමක තෙත් කාලගුණයක්‌ පැතිර යනු ඇත. එහෙත් වර්ෂාව හිඟවන්නේ ද නැත. සමහර ප්‍රදේශවලට අධික ලෙස වර්ෂාව පතිත වනවා ඇත. මේ අතර විපක්‍ෂය හා ජනාධිපති වරයා අතර සම්බන්ධතා වර්ධනයවීමට ද මේ තත්ත්වය බලපාන්නේය.

එහෙත් රවි හා ශනි අතර පවතින සප්තම අශුහ දෘෂ්ඨිය යහපත් නොවෙන්නේය. වැඩ කරන ජනතාව අතරින්ද නොසන්සුන් බව කැළබීම් ඇතිවීමට හේතු වෙයි. විවිධ ආයතනවල පාලන පක්‍ෂය හා සේවක පක්‍ෂය අතර මතභේද ඇතිවීමට හා ගැටුම් ඇතිවීමට කරුණු යෙදේ. මේ අතර කෘෂිකර්මාන්තය කෙරෙහි විදේශ බහුජාතික සමාගම්වල මැදිහත් වීමද අධික වනවා ඇත. පාර්ලිමේන්තුව තුළ පවතින අස්‌ථාවර ස්‌වභාවය ද එසේම පවතී. 2015 ජුනි මස 15 දින දන්වා මේ තත්ත්වය වෙනස්‌ වනබව නොපෙනේ.

රවි මාරුව උපන් ලග්න අනුව බලපාන්නේ මෙසේය.

මේෂ - අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. දරුවන් නිසාද විනෝදය නිසා ද තැන්පත් මුදල් වැයවීමට කරුණු යෙදේ. කතාව නිසා පවුලේ අසමගිකම් ඇතිවීමට හේතුයි. ව්‍යාපාර වලින් ලාබ ලැබේ. ශනි ඒරාෂ්ඨක අපලයද තවදුරටත් පවතින නිසා ධන හානි සෞඛ්‍ය ගැටලු හා චිත්ත පීඩා පවතී. අපලයට ග්‍රහ ශාන්ති කර්ම කරගැනීම අවශ්‍ය වේ.

වෘෂභ - ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක කර ගත හැකිවේ. පසුගිය දිනවල තිබූ බාධා කරදර අඩුවී යයි. උසස්‌ අයගේ ආධාර උපකාර ලැබේ. තනතුරේ හෝ තත්ත්වයේ උසස්‌වීම් වලට කරුණු යෙදේ. මව් පියන්ට සුබයි. මංගල යෝග යෙදේ. තැන්පත් ධනය වර්ධනය කර ගැනීමට අවස්‌ථා උදාවේ. අධ්‍යාපන කටයුතුවලට ද සුබයි.

මිථුන - මිථුන ලග්න හිමියන්ට තරමක බාධා ඇති කරයි. ගෙවල් ඉදිකිරීම් ආරම්භ කිරීමට හා විවාහවලට බාධා පවතී. විදේශ ගමන් සාර්ථක කරගත හැකිවේ. සාර්ථකව කරගෙන ආ කටයුතු අතරමග නවතා දමන්නට සිදුවනවා ඇත. මව් පියන්ට හෝ ගෙදර වැඩිහිටියෙකුට අපලයි. ආදායම් සතුටුදායක නමුත් වියදම් ඉහළ යයි.

කටක - සුබඵලදායකවේ. ආදායම් ඉහළ යයි. රැකියා හා ව්‍යාපාර වලටද සුබ වේ. උසස්‌ අයගේ උදව් උපකාර ලැබේ. තනතුරුවල උසස්‌වීම් වලට කරුණු යෙදේ. ප්‍රධානත්වයට පත්වේ. නීති අංශ වලද පිහිට ලැබේ. අසනීප වලින් සුවය ලැබේ. දරුවන්ට හා ශිෂ්‍යයන්ට ද සුබදායක වනු ඇත. දරුවෙකුගේ විශේෂ දියුණුවක්‌ ඇතිවන කාලයකි.

සිංහ - පසුගිය දිනවල පැවැති බොහෝ ගැටලු මඟ හැරී යයි. රැකියා ලාභ ලැබේ. බලාපොරොත්තු ඉටුකර ගත හැකිවේ. අසනීප වලින් සුවය ලැබේ. ව්‍යාපාර හා රැකියා අංශවලද සුබඵල ලැබේ. දරුවන්ගේ විදේශ ගමනක්‌ සාර්ථක වනවා ඇත. අවිවාහක අයට මංගලයෝග යෙදේ. එහෙත් සේවක පක්‍ෂයෙන් කරදර ඇතිවීමට ඉඩ තිබේ. අධ්‍යාපනයට සුබයි.

කන්‍යා - කන්‍යා ලග්න හිමියන්ගේද රවි අටවැන්නේ ගමන් කළ පසුගිය මාසයට වඩා මේ මාසය සුබඵල දෙනවා ඇත. උසස්‌ අධ්‍යාපන කටයුතු සාර්ථකවේ. ශරීර සෞඛ්‍යය යහපත් වේ. දරුවන්ට සුබයි. ව්‍යාපාර වලින්ද ලාබ ලැබේ. විදේශ ගමන් පිළිබඳ බලාපොරොත්තු සාර්ථක කරගත හැකිවේ. අසල්වාසීන් සමඟ තිබූ අමනාපයන් දුරුවී යයි. ආගම දහමට සිත යොමුවේ.

තුලා - තරමක බාධා සහිතයි. අධ්‍යාපන කටයුතුවලට මෙන්ම ව්‍යාපාර හා රැකියා වලටද බාධා කරදර මතුකරයි. ආදායම් අඩුවීමට පුළුවන. සහෝදරයකු හෝ හිතවත් මිතුරෙකු අමනාපවීමට ඉඩ තිබේ. හිතවතෙකුගේ මරණයක්‌ සිදුවීමට ද ඉඩ ඇත. තැන්පත් ධනය වියදම් වන තරමට වියදම් ද ඉහළ යනු ඇත. උසස්‌ අය අමනාපවීමට ඉඩ තිබේ. ඌෂ්ණාධික රෝග, ලේ වල දොaෂ වැනි සෞඛ්‍ය ගැටලු පවතී.

වෘශ්චික - රවි හත්වැන්නට පැමිණීම මිශ්‍රඵලදායක වේ. ප්‍රමාද වූ විවාහ මංගල යෝජනා සාර්ථක වේ. බිරිඳ හෝ සැමියාගේ රැකියා ප්‍රශ්නයකට විසඳුම් ලැබේ. හවුල් ව්‍යාපාර වලට සුබයි. නමුත් යටි බඩේ ඌෂ්ණාධික රෝග ඇස්‌ දැවිල්ල හෝ ඇස්‌ රෝග හිසේ අමාරු ඇති අය වඩාත් ප්‍රවේශම් විය යුතුවේ. ශනි ඒරාෂ්ඨක අපලයට ශාන්ති කර්ම කරන්න.

ධනු - රවි මාරුව ධනු ලග්න හිමියන්ට සුබඵල උදා කළත් තවදුරටත් ලග්නාධිපති ගුරු අටවැන්නේ ගමන් කරන නිසා සුබඵල හීන කරයි. සතුරු කරදර වලින් ජය ගත හැකිවේ. ගෙදර සුරතල් සතුන් ගැන උනන්දුව වැඩිවේ. බලාපොරොත්තුවෙන් සිටි ණය මුදලක්‌ ලැබේ. චිත්ත ධෛර්යය වැඩිවේ. එමෙන්ම ගෘහ ජීවිතය පිළිSබඳ තරමක කරදර බාධා ද ඇතිවෙයි.

මකර - මකරයේ පස්‌වැන්නට අට අධිපති රවි ගේ පැමිණීම එතරම් සුබ නොවේ. මංගල යෝජනා හෝ පෙම් සබඳතාවලට බාධා ඇතිවිය හැකිය. අධ්‍යාපන කටයුතු වලට බාධා ඇතිවන අයුරින් සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකිය. නමුත් බිරිඳ හෝ සැමියා ට සුබයි. නීතිමය ප්‍රශ්නවලට මැදිහත් නොවීම මැනවි. උසස්‌ අය අමනාප විය හැකිය.

කුම්භ - කුම්භ ලග්නයේ අයටද මේ මාසය තරමක බාධා කරදර ඇතිකරන බව පෙනේ. බිරිඳ හෝ සැමියා සමඟ අමනාපකම් ඇතිවීමට ඉඩ තිබේ. විවාහ මංගල යෝජනා ලැබුණද ඒවා ස්‌ථිර නොවේ. සිත් තැවුලක්‌ ඇතිවීමට යෙදෙයි. පදිංචිය පිළිබඳ ගැටලු ඇති කරයි. ගෙදර වැඩිහිටියෙකුට අපලයි. සතුරු කරදර වලින් ප්‍රවේශම් වන්න.

මීන - මීන ලග්න හිමියන්ගේ තුන්වැන්නට රවි මාරුවීම සුබඵල උදාකරයි. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. චිත්ත ධෛර්යන් වැඩිවේ. ලිපි ලේඛන හා ශාස්‌ත්‍රීය වැඩවලට සුබදායක වේ. අසල්වැසියන් සමඟ සුහදතාවය වර්ධනය වේ. දරුවන් ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. සහෝදරයන්ට සුබයි, ගේ දොර දියුණුවට කරන කටයුතු සාර්ථක වනවා ඇත.

රවි මාරුව මීන, ධනු, කන්‍යා, සිංහ, කටක ලග්න හිමියන්ට විශේෂ සුබඵල උදාකරන අතර ධනුවට පමණක්‌ මිශ්‍ර ඵලදායක වේ. අනෙකුත් ලග්නවලට රවි මාරුව තරමක්‌ අපල ඇතිකරන නිසා ඊට සුදුසු ශාන්ති කර්ම කර ගැනීම යහපත්ය. මේ සඳහා පහත සඳහන් පරිදි පූජා තබා සෙත්පතා ගැනීමෙන් අපල දුරුවනවා ඇත.

ශ්‍රී දළදා වහන්සේ / ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ට පූජා තබා සෙත්පතා ගන්න. (ඉරිදා)

බෝධි පූජාව

නෙළුම්/ ඕලු/ මානෙල් වට්‌ටි 7

සුදු වනමල් මාලා 1

බෞද්ධ කොඩි 1

කිරි ආහාර පාත්‍ර 1

තැඹිලි තෙල් පහන් 1 හෝ 10

පොල්තෙල් පහන් 2

හඳුන්කූරු 10

කපුරු, පැන් කළ 1

පැන් කළයට සූරිය පිරිත හෝ නවගුණ පාඨය 10 වරක්‌ කියා කොටසක්‌ බෝධිය නාවා ඉතිරිය මුහුණ සෝදන්න. බොන්න.

කතරගම දෙවියන්ට භාරහාර වීම ශුභය.

පූජාව අවසානයේ මෛත්‍රී භාවනාව කර ශක්‍ර/විෂ්ණු/ඊශ්වර ඇතුළු දෙවියන්ට පින් දෙන්න.

දිනපතා නිවසේ දී බුද්ධ වන්දනාව කර සූරිය පිරිත කියන්න. මව්පියන්ට ඇප උපකාර කරන්න.

නවගුණ, අභිසම්බිදාන, රතන යන්ත්‍රය පැළඳීම ශුභයි.

කතරගමදෙවියන්ට පූජාව

රත් කෙසෙක්‌ සමඟ පලතුරු 9

පහන් 9

රතුපාට මල්

හඳුන්කූරු

කපුරු

පඬුරු

පොල් 1

Wmqgd .ekSu jhsk mqj;a m; weiqfrks

More News »