ඔබ දකින සිහිනය ඉටුවන යාම

2015-05-29 09:08:00       596
feature-top
නින්දට පිවිසෙන ඔබට විවිධ දේ සිහිනෙන් දර්ශනය වීම හෙවත් පෙනීම සිහිනයක් සේ සිතන්න පුරුදුව සිටී. එහෙත් මේ දකින සියල්ල සැබෑ වන්නේ කලාතුරකිනි. මෙහිදී සැබෑ වන සිහින සහ නිෂ්ඵල සිහින වශයෙන් කොටස් දෙකකට බෙදෙයි. නමුත් බොහෝ දෙනකු සිහිනයක් දුටු සැණින් චකිතයකින් පසුවන්නේ තමා දුටු සිහිනය අසුබද, සුබද යන ගැටලුවට මැදිවීමෙනි. සිහිනය දහවල් කාලයේ හෝ රාත්‍රියේදී දැකිය හැකිය. අඩු නින්දේදී හෝ තද නින්දේදී දැකිය හැකිවෙයි. එහෙත් සිහිනයක් පලදෙන කාල තුනකට බෙදෙයි. එනම්,


ප්‍රථම යාමයේ දුටු සිහිනය - (රාත්‍රි 12ට පෙර දකින දේ බොහෝ කලකින් පලදේ. නැතහොත් කිසිදු පලක් නොලැබී යයි.)
මධ්‍යම කාලයේ දුටු සිහිනයක් - (රාත්‍රි 12 - 3ත් අතර කාලයේදී - තුන්මසකින් පලදෙන සිහිනයකි.)
පශ්චිම යාමයේ දුටු සිහිනය - (අලුයම 3ත් - 5ත් අතර දුටු සිහිනය සතියක් ඇතුළත පල ලබාදෙයි.)


මේ අතර පලක් නොමැති සිහින මෙසේ දැක්වෙයි.
දහවල් කාලයේ පෙනෙන සිහිනද, දැක අමතකව ගිය සිහිනද, ඉතා දිගින් දිගටම පෙනෙන සිහිනද, ඉතා කෙටියෙන් පෙනෙන සිහිනද, නිෂ්ඵල සිහින ලෙස සැලකෙයි. මෙහි සුබ හෝ අසුබ බවක් ඇති වන්නේ නැත.


සෑම නින්දකදීම යටි සිත ක්‍රියාත්මක වීමෙන් එක්කෙනකුට ජීවිත කාලයේදී ලක්ෂ සංඛ්‍යාත සිහින සමූහයක් පෙනෙයි. ඉන් ප්‍රතිඵල ලැබෙන්නේ ඉතා අතළොස්සක ප්‍රමාණයකි. විවිධ සිතිවිලිවලින් මනස අවුල් කරගෙන නින්දට යන අයට විකාර සිහින දර්ශනය වෙයි. මේ කිසිත් නැතිව මනසත්, කයත්, සංවර කරගෙන ති‍ෙදාරින් සංවර වී සැහැල්ලු මනසින් නින්දට යන අයට සුවසේ නින්ද යයි. එසේ වූ විට ගතත් සිතත් දෙකම විවේකී වෙයි. සිහින පෙනෙන්නේ අඩ නින්දේදී නිසා විවේකීව සැතපුණ අයට මනෝ විකාර නොමැති නිසා සිත සුවයෙන් නින්දයට යයි. මෙවැනි අවස්ථාවක ඉෂ්ට දේවතාවෙක් හෝ තමාගේ කර්මානුරූපව යමක් අනාගතය පිළිබඳ දර්ශනය වෙයි.

විටෙක එය සත්‍ය වෙයි. සමහර විට හොඳක් හෝ නරකක් ඇති නොවෙයි. මේ අතර සුබ පල දෙන සිහින වශයෙන් දෙවියෝය, බ්‍රාහ්මණයෝද, වෘෂභයන් යන මොවුන්ද ගෙරියන්ද, ජීවත්වන මිතුරන් හා නෑයන්ද, රජවරුන්, සත්පුරුෂයන්, ඇවිළෙන ගිනිද, නිර්මල වූ පොකුණද දැකීම සුබ පල ලබාදෙයි. පල සහිත ගස්, ප්‍රාසාදය, ශෛලය. සිංහය, නරයන් - ඇතුන් යන මොවුන්ටද, වෘෂභය, අශ්වවාහනය, මේ ආදියට නැඟීම දුටුවොත් සුබඵල දායක වෙයි. ආයුෂ - බලය, ධනය ඇති කරයි. රට ගැන සොයා බලා වැඩකරන අනාගතය කියාපාන දෙවියෝද සිටිති. දෙවියන්ගේ කටයුතු කරන නිතර ආවතේව කරන අයට හා ඒ අයගේ පරම්පරාවල අයටද දෙවියන් අනාගත දේ කල්තියා දැනුම් දෙයි.


ගමනක් යෑමේදී යම් විපතක් සිදුවන බව සිහිනෙන් පෙනේනම් ඒ ගමන නවතා දමා අනතුරෙන් මිදීමට හැකිය. කොසොල් රජු දුටු සිහින දහසය පිළිබඳවත්, මහාමායා දේවිය දුටු බෝසත් සිහිනයත්, බුදුරජාණන් වහන්සේ දුටු අශූචි ගොඩක් මත සක්මන් කරනා සිහිනයත් බොහෝ ප්‍රකට සිහින වෙයි. මේ අතර රෝග පීඩා නිසා පෙනෙන්නා වූ සිහිනද ඇත. සිහිනෙන් මළවුන් සමඟ සුරාපානය කරයිද, බල්ලන් විසින් අදින්නාක් මෙන් දැනේද, මාරයා විසින් රැගෙන යන බව ප්‍රකාශ වන්නකි.


රත්මල්-රක්තවර්ණ රෙදිපිළි, රතු පාට විලවුන් ඇති අයද, සිනාසෙන කෙනකු ස්ත්‍රියක විසින් අදිනු ලබන්නේද, රත් පිත් රෝගයෙන් මිය යන්නෝය. උෟරු-බලු-මීරහක්, කොටලු, මොවුන් කරණ කොටගෙන දකුණු දිශාවට ගමන් කරයිද, ක්‍ෂය රෝගයෙන් මරණයට පත්වන්නේ යැයි කියවෙයි. මේ අනුව විවිධ රෝග පීඩාවන්ට ගොදුරු වූවන්ට විවිධ වූ චිත්ත රූප මඟින් පෙන්වන සිහින එම රෝග පීඩා අඩුවැඩි වීමට හේතුවෙයි. ඇතැමෙක් එම රෝග උත්සන්න වීමෙන් මියයත්, වාත කෝප දෝෂ හේතුවෙන් පෙනෙන සිහිනද ඇත. අහසේ පාවන්නාක් මෙන් සහ සිතන සිතන දෙයට ගමන් කරන හැකිවීම, පියාඹා යෑම කුරුල්ලකු මෙන් ගමන් කිරීම, ශරීරය සැහැල්ලු වී එහා මෙහා තල්ලු වී යෑම, මෙබඳු සිහින වාත කෝපයට පෙනෙනා සිහින වෙයි. ග්‍රහ බල අරිෂ්ට ඇති අයටද අරිෂ්ට සිහින දර්ශන වෙයි. අමනුෂ්‍ය දෝෂ ඇති වීමෙන්ද විවිධ විකාර සිහින දර්ශනය වෙයි. මෙබඳු අය සිහිනෙන් ඇවිදීම් පවා කරන්නේ පියවි සිහියකින් තොරවය.


සමහරෙක් සිහිනෙන් හැඩීම්, කියවීම් කරයි. මේ අතර සීත කාලවලදී පෙනෙන සිහිනද ඇත. මේ නිසා අප කවුරුත් සිහිනයක් දුටු පමණින් බිය වීමට හෝ සතුටු වීමට හොඳ නැත. ඉහත කී ආකාරයෙන් කවර විටෙකදී හෝ වේවා දුටු සිහිනයේ ඵල විපාක තෝරා බේරාගෙන පිළිගත යුතුය. නින්දට පෙර තම තමා අදහන ආගම දහම සිහිකර පිරිසුදු මනසින් යුතුව නින්දට යෑම ඉතා සුව නින්දකට හේතු වෙයි.


යක්ෂ උපද්‍රවවලින් පීඩා ඇති අයට පෙනෙන සිහින බියජනක උපදවන සිහින කොට්ඨාසයකි.
ගජතුකපා හිස ගෙනත් වඩා නන්
සිහිනෙන් මස් කැටි ගෙනත් කවා නන්
සිහිනෙන් වෙඩි හඬ සේම ඇසේ නන්
දැනගත් කළුයකු කළ ලෙඩ එහෙනන්
මින් කියැවෙන්නේ කළු යකාගේ දෝෂ ඇති විටෙක පෙනෙනා සිහිනයයි. මස් කැටි සිහිනෙන් කා නම් දරුණු අජීර්ණ රෝග, පිළිකා රෝග හටගන්නේය.
වින දෝෂ නිසා ඇතිකරන සිහින විකාරවලදී සිහිනෙන් බියවන අයට දෙහි කපන හත් හඩියේ කවියක් මෙසේ දැක්වෙයි.


ඔත් යහනක රෑ තුන්යම
සීනෙන් බියකර මෑලී
රත්කර සියොගත ගිලිජල්
විසඳුමය ඇඟට වෙළී
ගත් ඉටි මැටි රූප තනා
කළොත් මෙවින දෙමැයි බිලී
හත් අඩියේ දෙහි කැපුවෙමි
වරෙන්න මේ වින ඉගිළී


නිරෝගී අයටත් රෝගී අයටත් විවිධ හේතු නිසා සිහින පෙනෙන බව ඉහත කරුණු මඟින් සනාථ වෙයි. ඔබට සුබ යැයි සැලකෙන සිහිනයක් දුටු විට සැහැල්ලු සිතින් යුතුව කාටත් නොකියා ආගමානුකූල කටයුතුවල යෙදී සිටීමෙන් සුබ පල ලෙස සිහිනය ඉටුවෙයි. අසුබ පල සිහිනයක් දුටුවේ නම් කුල දෙටුවන් පිදීමෙන් මරණයට කැප වූ ගවයකු නිදහස් කිරීමෙන් බොහෝ විට විපත් වළක්වා ගත හැකිවෙයි.



Wmqgd .ekSu uu mqj;am; weiqfrks

More News »