අඟහරු - බුධ තියුණු සටනක
ලග්න තුනකට සුබයි

2015-06-01 09:39:00       590
feature-top
පසුගිය 27 දින සවස 4.07 ට බුද සහ අඟහරු අතර ග්‍රහ යුද්ධයක්‌ පැවැතිණි. මෙය සිදුවූයේ අහසේ නිරිත දෙසිනි. මෙම අවස්‌ථාවේ නැගෙනහිර අහසේ උදා රාශිය වන්නේ තුලාය. යුද්ධය සිදුවූයේ රාශි වශයෙන් ගත්විට වෘෂභ රාශියේය. සටන පැවතියේ වෘශ්චික නවාංශකයේ බලය තහවුරු කර ගැනීම සඳහාය.

මෙදින පරාජය පසුගිය අප්‍රේල් 23 දින ජයගත් බුදය. මෙම ග්‍රහ යුද්ධයත් සමඟ කුජගේ පරාජිත කාලය තුළ ඇතිවූ සිද්ධීන්ට හාත්පසින් විරුද්ධ සිද්ධි ඇතිවේ. නමුත් ග්‍රහ යුද්ධයක බලපෑම මාස 03 ක්‌ යන තෙක්‌ බලපවත්වන බැවින් ප්‍රතිඵල සම තත්ත්වයකවේ.

කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයට අනුව අධ්‍යාපනස්‌ථානාධිපතිත් විනාශස්‌ථානාධිපතිත් පරාජයට වන්නේ වික්‍රමස්‌ථානාධිපතිට හා කර්මස්‌ථානාධිපතිටය. එබැවින් මෙහි පස්‌වැන්නේ පෙන්වන අධ්‍යාපන ආයතනයන්හි ගැටලු මතුවේ. එසේම බුද්ධිමතුන් යටපත් කරමින් නූගතුන් මතුවේ. ලබාගෙන ඇති ජාතික, ආගමික සාමය සමගිය හෑල්ලුවට ලක්‌වන ක්‍රියාකාරකම් සිදුවේ. හතුවක්‌කාර දඩබ්බර අන්තවාදී කොටස්‌වල බලපෑම් සමාජ හානියට බලපෑ හැකිය.

විදේශ ලැබීම් ප්‍රමාදවේ. බුධ ජයත් සමඟ ලැබූ දේශ දේශාන්තර ගෞරවය මඳක්‌ පලුදුවීමට හේතු පෙන්වයි. ජාතික ආගමික සමගියට සංහිඳියාවට බලපෑම් කරන අන්තවාදී කණ්‌ඩායම් නැවත මතුවිය හැකිය. බුද්ධිමත් නායකයන් යටකර දඩබ්බර හිතුවක්‌කාරී නායකයන් මතුවන කාලයකි. උගත් බුද්ධිමත් නායකයන් ඉවසීමෙන් කටයුතු කළ යුතු කාලයකි.

ලග්න වශයෙන් ගත්විට මෙම ග්‍රහ යුද්ධයේ බලපෑම් මෙසේ විය හැකිය.

මේෂ - සිතේ පැවැති අසහන මඳක්‌ පාලනය වේ. නව නිවාස මෙන්ම සේවා ස්‌ථාන ලැබේ.

වෘෂභ - පවුලේ සමගිය දෙදරයි. ලැබූ සමාජ ගෞරවයන් හානි වීමට කරුණු යෙදේ.

මිථුන - විවිධ ආදායම් මාර්ග මතුවේ. මවට තරමක්‌ අපල සහිතය. ගරු නම්බු තවදුරටත් ලැබේ.

කටක - තම නම්බුව අඩු බවක්‌ සිතට දැනේ. තම සමීපතමයන්ද සතුරුකම් කරන ලෙස සිතේ. වියදම් ඉහළ යයි. ආදරවන්තයින් සොයාගෙන පැමිණේ. ආවේගශීලී හැඟීම් මතුවේ.

සිංහ - සමගිය දෙදරයි. ආදායම් පහළ බසි. මවට අපලයි. පෙරපින් සඟවයි.

කන්‍යා-ආවේගකාරී සිතුවිලි මතුවේ. සංසාරගත සතුරන් තවදුරටත් මිතුරු වෙසින් එක්‌වේ. සිතුවිලි පාලනය කර ගැනීමට අපහසුය. රැකියා කටයුතු සඳහා බාධා පැමිණේ.

තුලා - පවුලේ සාමය සමගිය පවත්වා ගැනීමට දැඩි වෙහෙසක්‌ ගැනීමට සිදුවේ. දෙස්‌ විදසේ ගෞරවයට ලක්‌වේ. වියදම් සීමාවේ. රැකී රක්‌ෂා කටයුතු සඳහා බාධා පැමිණේ. සංසාර පිං මතුවේ.

වෘශ්චික - සැඟවී තිබූ රෝගාබාධ මතුවේ. නොසිතූ ලෙස ආදායම් මාර්ග මතුවේ. සිතුවිලි අධර්මිෂ්ඨ වෙ.

ධනු - විභාගවලින් ජය ලැබේ. අනවශ්‍ය වියදම් ඇතිවේ. බාහිර පාර්ශ්ව සමඟ කටයුතු පාඩු කරයි. පරාජිත හැඟීම් ඇතිවේ.

මකර - පොළොවෙන් සම්පත් සහ වාසි ලැබේ. ආදායම් වැඩිවේ. රෝගාබාධ මෙන්ම හදිසි අනතුරුවලට ලක්‌වීමට හේතු පෙන්වයි. පෙර පිං සඟවයි.

කුම්භ - තම වික්‍රමය තවදුරටත් පැතිරේ. ඕනෑම අභියෝගයකට මුහුණ දීමට ශක්‌තිය ලැබේ. තම බුද්ධිය පරදා වික්‍රමය මතුවේ. ලැබූ නම්බු නාම තවදුරටත් ලැබේ. හදිසි අනතුරුවලින් පරිස්‌සම් විය යුතුය.

මීන - කුටුම්භයේ සාමය පවත්වා ගැනීම හැකිය. අවලාද නගන ලද අය තම පිහිට පතාගෙන පැමිණේ. සතුරන් මිතුරු වෙසින් ළංවේ. සෑම දෙයක්‌ම තම වාසියට හේතුවේ. දේශ දේශාන්තරයන්හි හොඳනම පැතිරේ.



Wmqgd .ekSu jhsk mqj;a m; weiqfrks

More News »