ජුනි මාසය ඔබේ ලග්නයට කොහොමද?

2015-06-04 09:48:00       592
feature-top
සාර්ථක මාසයක්

ගෘහ ජීවිතය
2015 ජූනි මාසය මේෂ ලග්නයෙන් උපන් ඔබට ගෙදරදොර වැඩ කටයුතු සාර්ථක ලෙස ඉටුවන මෙම මාසය තුළ පවුලේ සුහදතා වර්ධනය කරගනී. උනන්දුව හා උත්සාහය මත බලාපොරොත්තු සාර්ථක කර ගැනීමට අවස්ථාව ලබයි. ඉඩකඩම් සම්බන්ධයෙන් පැවති ආරවුලක් යම් ප‍්‍රමාණයකින් විසඳී යනු ඇත. ජීවිතයේ ඉදිරි ගමන සම්බන්ධයෙන් සාර්ථක වැඩ පිළිවෙළක් සැලසුම් කරන අතර ඒ සඳහා උසස් මෙන්ම ධනවත් මිතුරකු ද සම්බන්ධ කර ගනී. දරුවන්ගේ වැඩ කටයුතු වෙනුවෙන් කාලයත් ධනයත් ශ‍්‍රමයත් වැය කිරීමට සිදු වේ. විවාහ වන වයසේ සිටින මේෂ ලග්න හිමියන්ට සාර්ථක මංගල යෝජනා ඉදිරිපත් වනු ඇත.

රැකියාව
රැකියා කටයුතු සම්බන්ධයෙන් අධික ලෙස වෙහෙසීමට සිදු වන අතර යම් තරමක හෝ සහනයක් සලසා ගැනීමට හැකිවන පරිදි මිතුරු මිතුරියන්ගේ සහයෝගය ලැබෙනු ඇත. අලංකාර භාණ්ඩ නිෂ්පාදනය කරන අයට ද ස්වර්ණාභරණ නිෂ්පාදකයන්ට ද ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට අවස්ථාව සැලසෙයි. නව ආයෝජන ක‍්‍රමයන් වෙත යොමු වීමට ද අවස්ථාව සැලසෙයි. චාරිකා කටයුතු ක‍්‍රීඩා කටයුතු ආදියට සම්බන්ධ අයගේ බලාපොරොත්තු සාර්ථක කරමින් අධික ලාභ අත් කර ගැනීමට අවස්ථාව සැලසෙයි. නව රැුකියා අපේක්ෂා ඉටු වේ. විදේශ රැකියා සම්බන්ධ කටයුතු උසස් තත්ත්වයෙන් පවත්වා ගනී. මැණික් ව්‍යාපාරයෙහි යෙදෙන මේෂ ලග්න හිමියන්ට අධික මිලෙන් යුත් වටිනා මැණික් ලාභ අත් කර ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත. තැන්පත් ධනය ඉහළ යන භාග්‍යමත් මාසයකි.

අධ්‍යාපනය
තරග විභාග ආදියෙන් සාර්ථක ජයග‍්‍රහණ අත් කර ගැනීමට හැකි වේ. ක‍්‍රීඩා කටයුතුවල යෙදෙන මේෂ ලග්න හිමියන්ට කැපී පෙනෙන මෙන්ම වාර්තාගත ජයග‍්‍රහණ අත් කර ගත හැකි වේ. උසස් අධ්‍යාපනය වෘත්තීය අධ්‍යාපනය ආදියෙහි යෙදෙන අයට ද තම බලාපොරොත්තු සාර්ථක ලෙස ඉටු කර ගැනීමට අවස්ථාව මෙන්ම යහපත් පරිසරයක් ද සැලසෙනු ඇත.

සෞඛ්‍යය
ශාරීරික උෂ්ණ ගති බලපාන අතර වකුගඩු ආශ‍්‍රිත රෝග අසාත්මිකතා ලේ දුෂ්‍ය වීම් චර්ම රෝග අධික රුධිර පීඩනය ආදී රෝග මගින් පීඩා විඳින අය රෝග සමනය සඳහා ගත යුතු ක‍්‍රියා මාර්ග වෙත යොමු වීම වැදගත් වේ.
ජය අංකය    2,  4
ශුභ දිනය   අගහරුවාදා, බ‍්‍රහස්පතින්දා
ජය වර්ණය   රතු, කහ
ගැටලූ විසඳේ

ගෘහ ජීවිතය
ගෙදරදොර කටයුතු සම්බන්ධයෙන් වැඩි වශයෙන් කාලය මිඩංගු කිරීමට සිදු වේ. දරුවන්ගේ අකීකරු මුරණ්ඩු ක‍්‍රියා මගින් පාඩු සිදු වන අතර පවුලේ අය අතර නොහොඳ නෝක්කාඩුකම් බලපානු ඇත. සාමය සමගියට බාධක එල්ල වන ආකාරයේ සිදු වීම් ඇති විය හැකි බැවින් කල්පනාකාරීව බුද්ධිමත්ව කටයුතු කරන්න. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් වැඩි වශයෙන් මුදල් වැයවී යනු ඇත. විවාහ වීමට බලාපොරොත්තු වන වෘෂභ ලග්න හිමියන්ට මංගල යෝජනා ඉදිරිපත් වන අතර විවාහය සඳහා තීරණ ගැනීමට තරමක් කාලය ගත වනු ඇත.

රැකියාව
උපතින්ම උරුම වී ඇති කාර්යක්ෂම භාවය තුළින් ගැටලූ බොහොමයක්ම නිරාකරණය කර ගැනීමේ හැකියාව පවතී. ව්‍යාපාර කටයුතුවල යෙදෙන වෘෂභ ලග්න හිමියන්ට තියුණු බුද්ධියෙන් යුක්තව කටයුතු කොට සාර්ථකත්වය අත් කර ගත හැකි වේ. හවුල් ව්‍යාපාරයන්හි යෙදී සිටින ඔබට හවුල්කරුවන් සම්බන්ධයෙන් තීරණ ගැනීමෙහි දී ගැටලූමය තත්වයන් ඇති විය හැක. විදේශ සම්බන්ධ වෘත්තීන්හි යෙදී සිටින ඔබට ජයග‍්‍රහණ රැසක්ම අත් කර ගැනීමට අවස්ථාව උදා වෙයි. නව රැකියා අපේක්ෂා ඉටු වන අතර තරමක් වෙහෙසී කටයුතු කිරීමට සිදු වනු ඇත. විදේශ රැකියා අපේක්ෂාවෙන් කටයුතු කළ අයගේ එම බලාපොරොත්තු ඉටු වේ.

අධ්‍යාපනය
තරග විභාග සම්මුඛ පරීක්ෂණ ආදියෙන් සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගත හැකි වේ. විදේශ අධ්‍යාපනයෙහි යෙදෙන අයට ද තම ඉලක්කයන් කරා පහසුවෙන්ම යොමු වීමට අවස්ථාව සැලසෙයි. උසස් අධ්‍යාපනයෙහි යෙදෙන අයට තම සාර්ථකත්වය සලසා ගැනීම සඳහා ක‍්‍රමවත් මාර්ගයක් එළිපෙහෙළි වන අතර ගුරු භවතුන්ගේ නොම`ද සහයෝගය ද ලැබෙනු ඇත.

සෞඛ්‍යය
ආහාරපාන සම්බන්ධයෙන් ගැටලූ ඇති වීමට ද අපත්‍යකාරක ආහාර ශරීරගත වීමට ද ඉඩ ඇත. පීනස් රෝග උදරාබාධ වැනි රෝග පීඩා බලපාන අය රෝග සමනය සඳහා කටයුතු කිරීම වැදගත් වේ.
ජය අංකය   1, 3
ශුභ දිනය   බදාදා, සිකුරාදා
ජය වර්ණය   දම්, කහ
උසස්වීම්

ගෘහ ජීවිතය
නිවස තුළ සාමය සමාදානය පවත්වා ගැනිම සඳහා තරමක කැපවීමක් කිරීමට සිදු වනු ඇත. නිවසේ ආරම්භ කර තිබූ යම් කටයුත්තක් තාවකාලිකව නවතා දැමීමට සිදු වනු ඇත. ඉඩකඩම් සම්බන්ධයෙන් ගැටලූ සහිත තත්ත්වයක් නිර්මාණය වනු ඇත. තීරණ ගැනීමෙහි දුර්වලතා පවතින බැවින් තීරණ ගැනීමෙහිදී දෙවරක් වැඩි වශයෙන් සිතා බලා තීරණ ගැනීම ගැටලූ මෙන්ම ඇති විය හැකි මානසික අසහනකාරී බවින් මිදීමට හැකි වේ. ගමන් බිමන් අධිකව යෙදෙන මෙම මාසය තුළ නිෂ්ඵල ගමන් ද යෙදෙන බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. විවාහ වීමට බලාපොරොත්තු වන මිථුන ලග්න හිමියන්ට සාර්ථක මෙන්ම ආර්ථික වාසි සහිත මංගල යෝජනා ඉදිරිපත් වනු ඇත.

රැකියාව
අවිවේකී බවින් යුක්ත වේ. උසස්වීම් සම්බන්ධයෙන් කටයුතු කළ ඔබට එම අදහස් සාර්ථක වන ලකුණු පහල වේ. ව්‍යාපාර කටයුතුවල යෙදෙන මිථුන ලග්න හිමියන්ට ව්‍යාපාර කටයුතු උසස් තත්ත්වයෙන් පවත්වා ගෙන යාම සඳහා විවිධ අයගේ සහයෝගය ලබා ගැනීමට හැකි වේ. එමෙන්ම ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට ද නව ව්‍යාපාර ආරම්භ කිරීමට ද අවස්ථාව සැලසෙයි. විදේශ සම්බන්ධ වෘත්තීන්හි යෙදී සිටින අයට මෙන්ම විදේශ ආයෝජන හා සම්බන්ධ පුද්ගලයන්ට විශේෂ වරප‍්‍රසාද අත්කර ගැනීමට අවස්ථාවන් සැලසෙයි. නව රැකියා අපේක්ෂා ඉටු වනු ඇත.  විදේශ රැුකියා ලාභ අපේක්ෂාවෙන් කටයුතු කළ අයගේ බලාපොරොත්තු අතිශය සාර්ථක ලෙස ඉටු වේ.

අධ්‍යාපනය
බුද්ධිමත් ලෙස කටයුතු ඉදිරියට ගෙන යාමට හැකි වේ. ගැටලූ සහිතව පැවති විෂයයන් සාර්ථක ලෙස අධ්‍යයනය කිරීමට හැකි වන පරිසරයක් වෙත යොමු වීමට ද අවස්ථාවන් සැලසෙයි. විදේශ අධ්‍යාපන අවස්ථා සඳහා සහභාගි වී සිටින අයට තම බලාපොරොත්තු ඉලක්කයන් වෙත පහසුවෙන්ම ළ`ගා වීමට අවස්ථාව උදා වෙයි. විද්‍යා පරීක්ෂණ පරිගණක සම්බන්ධ අධ්‍යාපන අවස්ථා ආදියෙන් බුද්ධිමත් බව ප‍්‍රකට වනු ඇත. සාර්ථක ලෙස තම කටයුතු ඉදිරියට ගෙන යාමට අවස්ථාව උදා වෙයි.

සෞඛ්‍යය
පෙණහලූ ආශ‍්‍රිත රෝග රුධිර පීඩනය සම්බන්ධ ගැටලූ වාත රෝග පාදවල වේදනා ආදිය බලපානු ඇත.
ජය අංකය   2, 5   ශුභ දිනය   සඳුදා, බ‍්‍රහස්පතින්දා     ජය වර්ණය   කොළ, කහ
ශුභ ඵල

ගෘහ ජීවිතය
වැඩ කටයුතුවල සාර්ථක සංවර්ධනයක් අපේක්ෂා කළ හැකි වෙන අතර ගෙදරදොර කටයුතු බලාපොරොත්තු අයුරින්ම ඉටු වේ. සිතේ සතුට වර්ධනය වන අතර නව මිතුරු මිතුරියන් ඇසුරු කිරීමටද අවස්ථාවන් සැලසෙයි. මවට හෝ මව්පස ඥාතියකුට හදිසි ධන ලාභයක් අත්වීම මගින් ඔබටද සහනයක් සැලසෙනු ඇත. නව නිවසක් ඉදිකිරීම සඳහා කටයුතු සැලසුම් කරයි. දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන් යම් ආයෝජනයක් කිරීමට අවස්ථාවක් උදාකර ගනී. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කාලය වැය කිරීමට සිදු වේ. විවාහ වීමට බලාපොරොත්තු වන කටක ලග්න හිමියන්ට මංගල යෝජනා ඉදිරිපත් වන අතර යහපත් සහකරුවන් සහකාරියන් සමග විවාහ ගිවිස ගැනීමට ද විවාහ දිවියට ඇතුළත් වීමට ද අවස්ථාවන් සැලසෙයි.

රැකියාව
රැකියා කටයුතු සම්බන්ධයෙන් තෘප්තිමත් වන අතර උද්‍යෝගය හා උනන්දුව ඇගයීමට ලක් කරමින් සම්මාන ප‍්‍රදානය කෙරෙනු ඇත. ප‍්‍රධානීන්ගේ සහයෝගය ලබමින් කටයුතු කිරීමට ද අවස්ථාව උදාවෙයි.  ව්‍යාපාර කටයුතුවල යෙදෙන ඔබට තම ව්‍යාපාරය පුළුල් ලෙස ව්‍යාප්ත කර ගැනීමට අවස්ථාවක් සැලසෙයි. විදේශ සම්බන්ධ වෘත්තීන්හි යෙදෙන අයට තම දක්ෂතා මගින් විශේෂ වරප‍්‍රසාද අත්කර ගැනීමට අවස්ථාව සැලසෙයි. විදේශ රැකියා අපේක්ෂා මෙන්ම නව රැුකියා අපේක්ෂාවන් ද ඉටු වන අතර සුවිශේෂී දක්ෂතා සහිත අයට වරප‍්‍රසාදලාභී වෘත්තීන්හි යෙදීමට අවස්ථාව සැලසෙයි.

අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් දක්වන උනන්දුව හා කාර්යක්ෂම භාවය අවම වීම මගින් ගැටලූ නිර්මාණය වීමට ඉඩ ඇත. උදාසීන බව හා කම්මැලි ගතියක්ද ඉදිරිපත් වීම හේතුවෙන් තම ඉලක්කයන් කරා ළගා වීමට අපහසු තත්වයට පත් වීමට ද හේතු වේ. උසස් අධ්‍යාපනයේ යෙදෙන අයට පැවති බාධක ඉවත් වී යන අතර බලාපොරොත්තු පරිදි කටයුතු ඉටු වේ.

සෞඛ්‍යය
ආහාර සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු වන අතර ප‍්‍රබල සෞඛ්‍ය ගැටලූ ඇති නොවේ.
ජය අංකය   1,  4
ශුභ දිනය   සඳුදා,  සිකුරාදා
ජය වර්ණය   සුදු,  රෝස
ප‍්‍රධානීන්ගෙන් පැසසුම්

ගෘහ ජීවිතය
ගෙදරදොර කටයුතු සම්බන්ධයෙන් ගැටලූමය තත්ත්වයන් පවතින අතර උනන්දුව හා කැපවීම තුළින් යම් සහනදායක බවක් සලසා ගනී. තීරණ ගැනීමෙහි දුර්වලතා මෙන්ම අදහස් ප‍්‍රකාශ කිරීමෙහිදී ද ගැටලූ පැවතිය හැකි බැවින් සන්සුන් ලෙස සිතා බලා කටයුතු කරන්න. විනෝද චාරිකා වන්දනා ගමන් ආදියෙහි යෙදීමට ද අවස්ථාවන් එළඹෙයි. දරුවකුගේ අධ්‍යාපන ජයග‍්‍රහණයක් වෙනුවෙන් පී‍්‍රති වන අතර දරුවකු විදේශ ගත වීමක් ද සිදු වනු ඇත. ඥාතීන්ගේ ගැටලූවලට මැදිහත් වීමෙන් වැළකී කාලය ගත කිරීම වඩාත් සුදුසු වේ. විවාහ වීමට බලාපොරොත්තු වන සිංහ ලග්න හිමියන්ට මංගල යෝජනා  ඉදිරිපත් වන අතර විවාහ ගිවිස ගැනීම සඳහා කල් පසු කිරීමට සිදු වේ.

රැකියාව
ප‍්‍රධානීන් අතර ප‍්‍රශංසාවට පත් වේ. උසස් වීම් බලාපොරොත්තුවෙන් කටයුතු කළ ඔබට එම අදහස් සපුරා ගැනීමට හැකි වන පරිසරයක් ගොඩනැගෙනු ඇත. ව්‍යාපාර කටයුතුවල යෙදෙන ඔබට තම ව්‍යාපාරය ඉහළට ඔසවා තැබීමට ද විවිධ පැතිකඩ ඔස්සේ ඉදිරියට යාමට ද අවස්ථාව සලසා ගනී. නව රැකියා අපේක්ෂා ඉටු වන අතර සපුරා ඇති සුදුසුකම් අනුව වරප‍්‍රසාදලාභී වෘත්තීන්හි යෙදීමට ද අවස්ථාව සැලසෙයි. විදේශ රැකියා අපේක්ෂා ඉටු වන අතර එමගින් විවිධ ජයග‍්‍රහණ අත්කර ගැනීමේ භාග්‍යය ද අත්කර ගනී.

අධ්‍යාපනය
උදාසීන බවින් හා ඈලිමෑලි ගතියෙන් කටයුතු කළ ඔබට එම තත්ත්වයෙන් මිදී කාර්යක්ෂම භාවයෙන් කටයුතු කිරීමට ශක්තිය මෙන්ම චිත්ත ධෛර්යය ද වර්ධනය වේ. යම් යම් අයගේ උදව් උපකාර මගින් පැවති අඩුලූහු`ඩුතා මගහරවා ගත හැකි වේ. තරග විභාග ආදියෙන් උසස් ජයග‍්‍රහණ අත්කර ගැනීමට හැකි වේ. ක‍්‍රීඩා කටයුතුවල යෙදෙන සිංහ ලග්න හිමියන්ට තම ඉලක්කයන් සපුරා ගනිමින් උසස් ලෙස ජයග‍්‍රහණය කිරීමට අවස්ථාව එළඹෙයි.

සෞඛ්‍යය
පෙණහලූ ආශ‍්‍රිත රෝග තත්වයෙන් මෙන්ම දන්ත රෝග මුඛ රෝග ආදියෙන් පෙළෙන අය රෝග සමනය සඳහා කටයුතු කිරීම වැදගත් වේ.
ජය අංකය   3, 5
ශුභ දිනය   ඉරිදා,  බදාදා
ජය වර්ණය   රතු, කොළ
මානසික සහනය

ගෘහ ජීවිතය
නිවස තුළ පැවති නොසන්සුන්තාව ක‍්‍රමයෙන් මගහරවා ගැනීමට හැකි වේ. නිවැසියන් තුළ පැවති විවිධ මත දැරීම් මෙන්ම එකිනොකා වෙත ඇගිල්ල දිගු කරමින් කටයුතු කිරීම් ආදිය මගහැරී යයි. කලක් අපේක්ෂාවෙන් සිටි ඉඩමක් මිලදී ගැනීමක් සඳහා ද සාර්ථක පසුබිමක් සකස් වෙයි. ගමන් බිමන් අධිකව යෙදෙන අතර කෙටි ගමන්වලින් යම් යම් වාසි අත් කර ගැනීමට ද අවස්ථාව සැලසෙයි. විවාහ වීමට බලාපොරොත්තු වන කන්‍යා ලග්න හිමියන්ට සාර්ථක මංගල යෝජනා ඉදිරිපත් වන අතර තම අදහස් අනුව කටයුතු කරන ගුණගරුක සහකරුවන් සහකාරියන් තෝරා ගැනීමට ද අවස්ථාව සැලසෙයි.

රැකියාව
රැකියා ස්ථානය තුළ පැවති ගැටලූමය තත්ත්වය පහවී යයි. මානසික සහනය හා තෘප්තිමත් බව වර්ධනය වේ. ව්‍යාපාර කටයුතුවල යෙදෙන අයට ආකල්පමය ගැටලූ බලපාන බැවින් අන් අයගේ අදහස් ගරු කිරීමට සිදුවන අවස්ථාවන් එළඹෙනු ඇත. විදේශ සම්බන්ධ ව්‍යාපාරයන්හි යෙදී සිටින ඔබට ව්‍යාපාරය පුළුල් කර ගැනීමට ද සාර්ථක ලෙස ඉදිරියට ගෙන යාමට ද හැකි වන පරිදි පරිසරය සකස් වේ. නව රැුකියා ලාභ අපේක්ෂාවෙන් කටයුතු කළ ඔබට බලාපොරොත්තු සාර්ථක කරමින් උසස් වෘත්තීන් සඳහා සම්මුඛ පරීක්ෂණ කැඳවීම් ලැබෙනු ඇත. විදේශ රැකියා සඳහා ඉල්ලූම් කළ අයට බලාපොරොත්තු පරිදිම යහපත් වෘත්තීන් සඳහා අවස්ථාව යෙදෙනු ඇත.

අධ්‍යාපනය
සන්සුන් ලෙස බුද්ධිමත්ව කටයුතු කොට ඉහළම සාර්ථකත්වයක් අත් කර ගත හැකි වේ. පැවති ද්‍රව්‍යමය අඩුපාඩු මෙන්ම නේවාසික පහසුකම් සම්බන්ධයෙන් පැවති ගැටලූමය තත්ත්වය පහවී යයි. මානසික සහනය සහිතව තම පාඩම් කටයුතුවල නිරත වීමට හැකි වේ. උසස් අධ්‍යාපනයෙහි යෙදෙන ඔබට ඉතාම පහසුවෙන් තම විෂයයන් අධ්‍යයනය කිරීමට ද බලාපොරොත්තු ඉලක්කයන් වෙත පහසුවෙන්ම ළගා වීමට ද හැකි වේ. තීරණ ගැනීමෙහි දුර්වලතා බලපාන බැවින් වැදගත් තීරණ ගැනීමේදී දෙවරක් සිතා බලා කටයුතු කරන්න.

සෞඛ්‍යය
සෙම් රෝග ලේ දුෂ්‍ය වීම් උගුර බෙල්ල ආශ‍්‍රිත රෝග පීඩා ආදිය බලපාන බැවින් එවැනි රෝග සහිත අය රෝග සමනය සඳහා කටයුතු කරන්න.
ජය අංකය   2, 9
ශුභ දිනය   බදාදා, සිකුරාදා
ජය වර්ණය   කොළ, දම්
උසස්වීම්

ගෘහ ජීවිතය
ගෙදරදොර කටයුතු සම්බන්ධයෙන් කැපවීම් කළ යුතු වන අතර අධික වැඩ කොටසක් ද පැවරෙනු ඇත. අසල්වැසි සමාජය තුළින් විවිධ මතභේද ඉදිරිපත් වීමට ඉඩකඩ ඇති බැවින් බුද්ධිමත් ලෙස කටයුතු කොට ඇතිවිය හැකි ගැටලූමය තත්ත්වයන් අවම කර ගන්න. අධික ලෙස වියදම් යෙදෙන මාසයක් බැවින් මුදල් කළමනාකරණය කෙරෙහි ක‍්‍රමවත් බවක් ඇති කර ගන්න. නිවසට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී  දක්වන ආකල්පමය දුර්වලතා මගින් පාඩු සිදු වන අවස්ථාවන් බහුල වනු ඇත. ඔවුන්ගේ ජයග‍්‍රහණ වෙනුවෙන් කැපවීම් කිරීමට ද සිදු වේ. විවාහ වීමට බලාපොරොත්තු වන තුලා ලග්න හිමියන්ට මංගල යෝජනා ඉදිරිපත් වනු ඇත.

රැකියාව
රැකියා ස්ථානය තුළ කැපී පෙනෙන ලෙස කටයුතු කිරීමට වැඩි උනන්දුවක් දක්වයි. උසස් වීම් සම්බන්ධයෙන් උනන්දුවක් දැක්වූ අයගේ බලාපොරොත්තු සාර්ථක වේ. ප‍්‍රධානීන් සමග කටයුතු කිරීමට ද අවස්ථාවක් සැලසෙන අතර එමගින් තම දක්ෂතා සම්බන්ධ අවබෝධයක් ඔවුන් තුළ ඇති වීමට ද හේතු වේ. ව්‍යාපාර කටයුතුවල යෙදෙන තුලා ලග්න හිමියන්ට දක්ෂ මෙන්ම ක‍්‍රියාශීලී හවුල්කරුවන් සම්බන්ධ කර ගනිමින් තම කටයුතු සාර්ථක අයුරින් ඉදිරියට පවත්වාගෙන යාමට අවස්ථාව සලසා ගනී. ව්‍යාපාරය නගා සිටුවීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට ද බුද්ධිමතුන්ගේ සහයෝගය ලබා ගනී. විදේශ සම්බන්ධ ව්‍යාපාරයන් තුළින් අධික ලෙස වාසි අත්කර ගැනීමට හැකි වන පරිසරයක් සකස

More News »