අංක විද්‍යාවට අනුව ඉදිරිය භයානකයි

2015-06-06 04:06:00       596
feature-top
අනාවැකි ප්‍රකාශ කිරීමේ ප්‍රබලයා ලෙස නමක් තබාගෙන ඇත්තේ නොස්ට්‍රාඩාමුස්ය. එමෙන්ම එඩ්ගා කේසි, මේරි ටී බ්‍රවුන් වැනි අධි මානසික බලය උපයෝගි කර ගනිමින් අනාගත සිදුවීම් පිළිබඳ අනාවැකි කිව හැකි පුද්ගලයන් එදා මෙන්ම අදත් ලොව පුරා සිටිති.

අනාවැකියකින් පැවසෙන අනාගත සිදුවීම එලෙසින්ම සිදු නොවන්නට කටයුතු යොදාගැනීම බුද්ධිමත් ජනතාව සතු යුතුකමකි. උදාහරණයක් ලෙස ඉන්දිරා ගාන්ධි ඝාතනය සහ ඩයනා කුමරියගේ මරණය පෙන්වා දිය හැකිය. එම මරණ දෙකම සිදුවූයේ ආරක්‍ෂාවේ වරදින්ය.
එවැනිම අප රටේ සිදුවූ රාජ්‍ය නායකයන් වන බණ්ඩාරනායක සහ ප්‍රේමදාස මැතිඳුන්ගේ අකල් ඝාතනයන් සිදුවූයේද ආරක්‍ෂාවේ අඩුලුහුඬුකම් නිසා බව පැහැදිලිය.

පසුගියදා වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිඳුන් අසලට අඟුණකොළපැලැස්සේදී ගිනි අවියක් රැගෙන පැමිමට එම භටයාට හැකි වූයේද ආරක්‍ෂාවේ තිබූ දුර්වලකම් නිසා බව ඕනෑම කෙනකුට වැටහෙනු ඇත. එවැනි තත්ත්වයන් වළක්වා ගැනීමට ක්‍රියා කිරීම තත්කාලීනව දැඩි අවශ්‍යතාවකි. අනාවැකියට වඩා ඊට බඳුන්වන ජීවිතය ඉතා අගනා බව අප අමතක නොකළ යුතු සත්‍යයකි.

2015 වසර අප රටට යහපත් වසරක් නොවේ. ජ්‍යොතිෂයටත් වඩා පැරැණි අංක විද්‍යාත්මක සිද්ධාන්ත මඟිනි. මෙම වසරෙහි අංක විද්‍යාත්මක එකතුව වන්නේ අංක 08ය. එය අයත් වන්නේ සෙනසුරු ග්‍රහයාටය. ලසෙනසුරුල යනු දුක, වේදනාව, සන්තාපය, කඳුළ නියෝජනය කරන ග්‍රහයා වන අතර මහජනතාව අයත් වන්නේද සෙනසුරුටමය.
ශ්‍රී ලංකාවේ ලග්නය කුම්භයයි. කුම්භයේ අධිපතියා සෙනසුරුය. අප රටේ අංකය වන්නේ අංක 08යි. සෙනසුරුට අයත් අංක 08 අනුව ඉදිරි මාස කිහිපය අප රටට යහපත් වේ යැයි කිව නොහැකිය. රට තුළ නොයෙකුත් අන්දමේ විපරීත සිදුවීම් ඇතිවන අතර හැලහැප්පීම් ගහන වීමට බොහෝදුරට ඉඩ ඇත. සමහර අවස්ථාවලදී ජනතාව උන්මත්තකයන් ලෙස ක්‍රියාකිරීමට පෙලෙඹෙන බවක් ඉදිරියේදී දැකගත හැකිය. ජූලි, අගෝස්තු, සැප්තැම්බර් හා ඔක්තෝබර් යන මාස අප රටට ඉතා විශේෂ වනු ඇත.

~සෙනසුරු~ යනු සියල්ල උඩු යටිකුරු කරන ග්‍රහයා බව අප අමතක නොකළ යුතුය. රහස් කුමන්ත්‍රණකරුවා වන කේතුට ජූලි මාසය වූ අංක 07 අයත් වේ. ග්‍රහමණ්ඩලයේ අලුගෝසුවා වූ අංක 08 හිමි සෙනසුරු අගෝස්තුව නියෝජනය කරයි. සැප්තැම්බරය ලෙසට අධිපති කුජට අයත් වන අතර ඔහු කුම්භයට පාපයෙකි. ඔක්තෝබරය නියෝජනය වන්නේ රවිගෙනි. ~රවි~ යනු රටක රජු නියෝජනය කරන ග්‍රහයා වන අතර කුම්භයට මාරක විපත් ගෙන දෙන්නෙකි. සෙනසුරුගේ අංක 08ට රවි හිමි අංක 01 ප්‍රතිවිරුද්ධය. එමෙන්ම අප රට කුම්භ ලග්නයට රවි හතුරෙකි. මාරක විපත් ගෙන දෙන්නෙකි.
ඉහත කී තත්ත්වයන් මත ඉදිරි මාස කිහිපය තුළ අප රටේ ප්‍රබල දේශපාලන නායකකාරකාදීන්ට තදබල විපත් හා හදිසි අනතුරු සිදුවීමේ වැඩි ඉඩක් පැවතිය හැකි බව කනගාටුවෙන් වුවද සිහිපත් කරන අතර අතීතයේ අප අතර සිටි සෝමාරාමලා අදටත් මෙම සමාජය තුළ ඇති බව අමතක නොකළ යුතුය.



Wmqgd .ekSu kK mqj;a m; weiqfrks

More News »