ඔබේ ආත්මය පාලනය කරන ග්‍රහයා

2015-06-07 10:27:00       602
feature-top
ජේ‍යාතිෂය නම් වූ මෙම අද්විතීය ශාස්ත්‍රය තුළින් ඔබ උපන් මොහොත අරබයා ගොඩනඟනු ලබන ජන්ම පත්‍රය තුළින් ඔබේ ජීවිතයේ පාලනය බාරගත් සුවිශේෂී ග්‍රහයකු පිළිබඳ අපට හඳුන්වා දිය හැකියි. ඒ අපේ ජීවිතය පාලනය කරන ආත්ම කාරක ග්‍රහයායි. එසේ නම් අපේ ජීවිතය පාලනය කරන මේ ආත්ම කාරක ග්‍රහයා යනු කවරෙක්ද? එම ප්‍රධාන ග්‍රහයා පිළිබඳ මෙම ලිපිය තුළින් කරුණු රැසක් ගෙනහැර දැක්වීමට බලාපොරොත්තු වෙමි. ඔබේ ආත්මය පාලනය කරන්නේ ඔබේ ලග්නයට අයිති ග්‍රහයා වෙයි. එසේ නම් ඔබ උපන්නේ මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන යන ලග්න 12න් ඔබ කිනම් ලග්නයකින් උපන්්නත් ඔබේ ආත්මය පාලනය කරන්නේ ඔබේ ලග්නයට අධිපති ලග්නාධිපති ග්‍රහයා බව ඔබ වටහා ගත යුතුයි. එසේ නම් අප මේ කතාකරන ආත්මකාරක ග්‍රහයා යනු ඔබේ ලග්නයට අධිපති ලග්නාධිපති ග්‍රහයා වෙයි.


මෙම ආත්මකාරක ග්‍රහයා මොනයම් ග්‍රහයෙක් වුවත් එම ග්‍රහයා ඔබේ ජන්ම පත්‍රයේ භාව 12න් ඔබේ කේන්දරයේ මොනයම් රාශි භාවයක තැන්පත් වී සිටියත් ඔබ උපන් තැන සිට ඔබේ මරණය දක්වා වූ ඔබ ජීවත් වෙන තාක්කල් ඔබේ දිවි පෙවෙත නැතහොත් ජීවිතය ඔහුගේ පාලනයට නතු වනු ඇත. ආත්මකාරක ග්‍රහයා උත්පත්තියේ පිහිටි ග්‍රහ බල දුබලතා මත පාලනය වෙන අයුරු මෙතැන් සිට සලකා බලමු.


රාශි චක්‍රයේ මුල්ම ලග්නය වන මේෂ ලග්නයෙන් ඉපදුණ අයකුට ලග්නාධිපති කුජ ග්‍රහයා වෙයි. මෙම ග්‍රහයා උපතේ බලවත්ව සිටි අය එම මේෂ ලග්නයෙන්ම ඉපදී කුජ ලග්න ගතව සිටීද, ඔහු තරබාරු මහත දේහ ලක්‍ෂණයකින් හෙබි නිර්භීත සටන්කාමී එඩිතර අයෙක් වන අතර ආත්ම ශක්තියෙන් බලවත් තම උත්සාහය මුළු ජීවිතය පුරා විසිරී පැතිරී පවතින අයකු වන අතර කාටවත් යටත් නොවෙන තම උත්සාහයෙන් දියුණුව උදා කර ගන්නා අයෙකි.


දෙවැනි ලග්නය වන වෘෂභ ලග්න හිමියාට ශුක්‍ර හෙවත් සිකුරු ග්‍රහයා ලග්නාධිපති වෙයි. සිකුරු ලග්නයේ සිට වෘෂභ ලග්නයේ නම් කලාව ප්‍රිය කරන අයෙක් වන අතර මනා රූපස්වභාවයකින් හෙබි, ඇත්ත කතා කරන අනුකම්පාව කරුණාව ඇති පරිත්‍යාගශීලී අයෙක් වන අතර සිකුරු උපතේ බලවත්ව පිහිටියේ නම් කලා අංශවලින් තම ජීවිතයේ වෘත්තීය ලාභ වශයෙන් තෝරාගෙන කරන, කාටවත් කරදර නොමැතිව ජීවත් වන අයෙක් වන අතර ලග්නාධිපති ග්‍රහයාගේ බලය අනුව පෙර පින මෙලොව පින සිකුරු විසින් පාලනය කරමින් වෘෂභ ලග්න හිමියාගේ දිවි පෙවෙන තුළ හොඳ නරක සිකුරු උපතේ බලවත් වූ ආකාරය මත වෘෂභ ලග්න හිමියාව පාලනය කරනු ලබයි.


ලග්නාධිපති වූ බුධ, මිථුන ලග්නයේ බලවත් වඅය බුද්ධිය නිසා ධනය සොයන තම බුද්ධියෙන් දියුණුව ලබන අය වෙයි. ලග්නාධිපති බුධ වන විට බුධ ලග්නාධිපති වශයෙන් බලවත් විණි නම් තරමක උසෙහි හැටියට මහත ඇති මිථුන ලග්න හිමි අයගේ ලග්න ගතව ලග්නාධිපති බුධ සිටිමින් ගුරු සඳු සිකුරු කේන්දරේ බලවත් විණි නම් ඔහු උගත්කමින් අග තැනට උසස් මානව දයාව හිමි අයෙකු වන අතර තැනට සුදුසු නුවණද ඇති අයෙකි.

සඳු ලග්නාධිපති වෙමින් කටක ලග්නය හිමි අයට ලග්නගතව ගුරු සමඟ සඳු ලග්නයේ සිටීද එයද කටක ලග්න හිමි අයට ජන්ම පතේ පිහිටි අනිටු පාපග්‍රහ බල විගසින් නසා සුබ ප්‍රතිඵල කටක ලග්න හිමියාට උදාකරන ග්‍රහ බලයක් වන අතර මෙම යෝගය කටක ලග්න හිමියන්ට බහුශ්‍රැත පඩිවරයෙක් වීමට වාසනාව දෙමින් ඔහු හෝ ඇය සිත දියුණු කෙරූ අනුන්ට උදවු කරන අයෙක් වන අතර අවංක ගති ඇති ස්ථීර අදහස් ඇති හොඳ ආත්ම සංයමයක් ඇති අයෙක් වන අතර සඳු ලග්නාධිපති වෙමින් උපතේ බලවත් නම් උත්සාහයෙන් දියුණුව ලබන දුකට ඔරොත්තු දෙන ගතියක්ද ඇති අයෙකි.


රවි අධිපති සිංහ ලග්නයෙන් උපන් අයට ලග්නාධිපති රවි ග්‍රහයා වන අතර ඔහු බලවත්ව උපතේ දී ලග්නයේ සිටිමින් ගුරු සිකුරු බුධ කුජ යන ග්‍රහයන් උපතේ බලවත්ව ඇත්ද ඔහු හෝ ඇය ලොව මවිත වන වැඩ කරන කාගේවත් අදහස් පිළිනොගන්නා සටන්කාමී බලයක් හිමි වයස 35න් පසුව තම උත්සාහය තුළින් ජීවිතේ දියුණුව ලබන රාජ්‍ය පාලනය, පළාත් පාලන අංශවල ඉහළ රැකියා කරන අයෙක් වන අතර කාටවත් යටත් නොවන අවංක, නීතියට වැඩ කරන ප්‍රසිද්ධ අයෙක් වෙයි. ආගිය තැන නායකත්වය ලැබේ.


කන්‍යා ලග්නයෙන් උපදින අයට ලග්නාධිපති බුධ වෙයි. බුධ බලවත්ව උපතේ ලග්න ගතව හෝ බුධ මිථුන රාශියේ සිටීද ඔහු ලේඛන කලාව ගණිත මිනිත අංශ කලා නිර්මාණ ලොවට මවන අයෙක් වන අතර ලැබෙන ධනයේ ප්‍රමාණය බලා වියදම් කරන අයෙක් වේ.
තුලා ලග්නයෙන් ඉපදී ලග්නාධිපති වෙමින් සිකුරු ලග්නගතව සඳු සමඟ සිටීද රසාලිප්ත බලයක් හිමි ගතිගුණ ඇති සුරූපී අය කලාවට ප්‍රියභාවය දක්වන අයෙක් වන අතර කලාවෙන් ජීවිතය රස ගුලාවක් කරන්නා සුරූපී අය විවාහයට ලැබෙන, විනෝදවත් ජීවිතයක් ගත කරන අයවෙති. එසේ වන්නේ ලග්නාධිපති සිකුරු ග්‍රහයා බලවත් වූ විටය.


වෘශ්චික ලග්නයට ලග්නාධිපති කුජ හෙවත් අඟහරු වන අතර, මෙම කුජ ලග්න ගතව බලවත් විණි නම් වෘශ්චික ලග්නයෙන් උපත ලබා ඇති ඔබ මුළු පළාතටම නායකයෙක් සේ වැඩ කරන අයෙක් වන අතර වැඩි හරියක් ඉන්ජිනේරු, කාර්මික, විද්‍යා අංශ, නීතිවේදී අංශ ආරක්‍ෂක අංශ නියෝජනය කරන අයෙක් වේ. තවද එසේ සිදුවන්නේ කුජ උපතේ බලවත්ව ලග්නයේ 6 වැන්නේ මෙම රාශියේ සිටියොත් පමණි.
රාශි චක්‍රයේ 9 වැනි ලග්නය වන ධනු ලග්නයෙන් උපත ලැබූ ඔබගේ ආත්ම කාරක ග්‍රහයා හෙවත් ලග්නාධිපතියා වන්නේ බ්‍රහස්පති හෙවත් ගුරුය. ගුරු ලග්න ගත වෙමින් ගුරු බුධ සමඟ සංයෝග වේද ඔහු හෝ ඇය දැනුමින් උසස් අයෙක් වෙයි. එසේ සිදුවන්නේ ගුරු ග්‍රහයා බුධ සමඟ ලග්නගතව ධනු රාශියේ සිටියොත් පමණි. ධනු ලග්නහිමියා නීතියට වැඩකරන සටන්කාමී බලයක් ඇති අවංක පිනට ළැදි අයෙකි. එසේ වන්නේ ගුරු බලවත් වූවොත් පමණි.


සෙනසුරුට හෙවත් ශනිට අයත් ලග්නයක් වන මකර ලග්නයෙන් උපදින අයට ලග්නාධිපතියා වන්නේ දුකට අධිපති සෙනසුරු ග්‍රහයාය. එනිසා ලග්නයේ හෝ 2 වැන්නේ සෙනසුරු ග්‍රහයා ලග්නාධිපති ග්‍රහයා ලෙසින් බලවත් වෙමින් මකර කුම්භ යන රාශිවල සිටී නම් සෙනසුරුගේ නිසර්ග ගතිගුණ ජන්මියා තුළින් විද්‍යමාන වන කරුණු රැසක් උදාවනු ඇත. දුක හඳුනන ගතිය, ආත්ම සංයමය, කිසි කෙනකුට කරදරයක් නොදී තමාගේ වැඩ පාඩුවේ තමන් විසින්ම කිරීම. දුක්විඳ කුසට අහරක් හරියට නැතිව ජීවිතය පුරාම දුක්විඳ සටන්කර තම දියුණුවේ විමුක්තිය සොයා ගන්නා අය මකර ලග්න හිමි අයයි. එය එසේ සිදු වන්නේ ලග්නාධිපති ශනි ග්‍රහයා බලවත්ව ජන්ම පතේ පිහිටියොත් පමණි.


එසේම කුම්භ ලග්නයද සෙනසුරු විසින් නියෝජනය කරන විට සෙනසුරු සමඟ ගුරු බුධ කුජ වැනි ග්‍රහයන් ග්‍රහ සංයෝග මඟින් යෝග වී බලවත් වෙමින් අන්තර්ගත වුණිද ඔහු මුළු ජීවිතය පුරාම පවතින අනුකම්පාව කරුණාව අනුන්ට උපකාර කිරීම තුළ තම මුළු දිවිය පුරාම ඇප කැප වී වැඩ කරන දුකට ඔරොත්තු දෙන ශක්තියක් හිමි අයෙක් වන අතර ආගම දහම ගිලනුන්ට උපස්ථාන කරන ආරෝග්‍ය ශාලාවල සිටින ‍ෙදාස්තර මහතුන් හෙදියන් සාත්තු සේවිකා සේවකයන් වැඩි හරියක් කුම්භ, මීන. කටක, තුලා, ලග්න හිමියෝ වෙති.
මෙම ලග්නවලින් උපදින අයගේ ජන්ම පත්වල කුජ බුධ ශනි ගුරු යන ග්‍රහයන් උපතේ බලවත් වීමෙන් එය සිදුවෙයි.


රාශි චක්‍රයේ අවසන් රාශිය වන මීන ලග්නය හිමි අයට ලග්නාධිපති ග්‍රහයා වන්නේ ගුරුය. ගුරු ග්‍රහයා මීන රාශියේ සිටින වේලාවක සිකුරුද එම රාශියේ උච්ච බලයෙන් සිටී නම් සුරූපී දෑහිතකාමී කලාවට ප්‍රිය අනුකම්පාව කරුණාව පරෝපකාරයට කැපූ අයෙක් වීම ගුරු ලග්නාධිපතිගේ බලය අනුව සිදුවෙයි.
ලග්න 12 හේ ලග්නාධිපති ග්‍රහයන්ගේ බල දුබලතා මත ලග්න 12න් උපදින අයට සුබ අසුබ ජීවිත උදාවට ගෙන දෙමින් මෙම ලග්න 12න් උපදින අයගේ ජීවිත දිවිපෙවෙන මෙලෙස ලග්නාධිපතියන් වූ ග්‍රහයන් විසින් හොඳ හෝ නරක පැත්තෙන් පාලනය කරන අයුරු අපට දැක ගත හැකිය. ලග්නාධිපති ග්‍රහයන් සුබ අසුබ උදා කරන ග්‍රහයන් සමඟ සංයෝග ග්‍රහයෝග යෙදී ඇති අයුරු අනුව උදාවෙන සුබ අසුබත් ඒ අනුව තමාට හිමි දිවි පෙවත මරණය තෙක්ම ලග්නාධිපති ග්‍රහයා පාලනය කරන අයුරුත් මෙයින් අපට මනාව අවබෝධය කර ගත හැකිය.


ඒ අනුව ආත්මකාරක ග්‍රහයා හෙවත් ලග්නාධිපති ග්‍රහයාට සහයෝගය කැන්දමින් 1, 5, 9 ත්‍රිකෝණ අධිපති ග්‍රහයන් 1, 4, 10, අධිපති ග්‍රහයන්ද උපතේ බලවත්ව යෙදී ඇත්නම් ලග්නාධිපති වන ග්‍රහයාගේ බලය දෙගුණ තෙගුණ වෙමින් මිනිසාට හරි වැටහීම පින් පව් දෙක, ලෝකයේ පැවැත්ම, ලෝක ස්වභාවය, ජීවත් විය යුතු ආකාරය, සමාජ මට්ටම, නානා ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කිරීම, රට ජාතිය ආගම් ගැන උතුරා යන හදගැස්ම, මවුපියන්ට, දරුවන්ට, ගුරුවරුන්ට, සහෝදරයන්, ප්‍රේමවන්ත ආදරභාවය, ඉෂ්ට දේවතාවන් පිදීම දැහැමි වූ දිවි පෙවෙතක් මරණය දක්වා ගෙවීමට පවට බිය ගතිය, ජීවිතයේ යථාර්ථ වූ සත්‍ය දුක්ඛ, සත්‍ය සමුදය, සත්‍ය නිරෝධ මාර්ග සත්‍ය යන චතුරාර්ය සත්‍ය වැනි බුදු දහමෙහි එන චතුරාර්ය සත්‍ය පිළිගනිමින් ලග්නාධිපති 1, 4, 7, 10, 1, 5, 9 අධිපති ග්‍රහයන් බලවත් වූ අය ජීවිතේ දිවි ගෙවමින් අල්පේච්ඡ ජීවිතය තුළින් දුක් නැති කර සතර මාර්ග ඵල ලබා බුදුන් දෙසූ නිවන් මඟ අවබෝධ කර ගන්නා අය වීම ජේ‍යාතිෂ විද්‍යාවට අනුව ඔබට රහසක් නොවනු ඇත. කේන්දරයක් බැලීමේදී ලග්නාධිපති ග්‍රහයාගේ බලයද 1, 4, 7, 10, 8 1, 5, 9 අධිපති යන ග්‍රහයන්ගේ බලයද මැනවින් ජේ‍යාතිෂ විද්‍යාවට අනුව පරීක්‍ෂණ කළොත් ලග්නාධිපති ග්‍රහයාගේ බලය කිනම් ක්‍රමයකට ක්‍රියාත්මක වේද යන්න අපට වටහා ගත හැකිය.


ඉහත සඳහන් කරුණු කාරණා අනුව ඔබත් ඔබේ ආත්මකාරක ග්‍රහයා හෙවත් ලග්නාධිපති ග්‍රහයා නිවැරැදි හඳුනාගැනීම තුළින් ඔබේ ජන්ම පත්‍රයේ බල දුබලතා මනාව අවබෝධ කර ගත හැකිය.



Wmqgd .ekSu uu mqj;am; weiqfrks

More News »