ජ්‍යෝතිෂයට අනුව පිරිමින් මෙහෙමලු

2015-06-08 09:36:00       659
feature-top
බොහෝ කාන්තාවන්ට පිරිමින් අවශ්‍ය වන්නේ වැඩ ගැනීමට පමණකි. මේ නිසා අද වීරවරයෙකු ලෙස සලකන පිරිමියාව කාන්තාව විසින් හෙට නෝංජලයෙකු ලෙස නම් කිරීමද කරනු ලබයි. කාන්තාවන් ඔවුන්ගේ වාසිය වෙනුවෙන් එසේ කළද ජ්‍යෝතිෂයට අනුව පිරිමින් වර්ග කෙරෙන්නේ ඒ අන්දමට නොවේ.

ජ්‍යෝතිෂයට අනුව ලෝකයේ වෙසෙන පිරිමින් ඔවුන්ගේ දේහ ලක්‍ෂණයන් අනුව වර්ග හතරකට බෙදනු ලැබෙයි. හැඩරුව, ගතිගුණ දෙස ඉතා වුවමනාවෙන් ඔබ විමසා බැලුවහොත් ඔබ විමසන පුරුෂයා කෙබඳු අයුරක පුරුෂයෙක්‌ද යන්න වටහා ගත හැකිය.

ජ්‍යෝතිෂයට අනුව පිරිමින් වර්ග කිරීමේදී මුල්ම කොටසට අයත් වන්නේ "ශෂ" පුරුෂයාය. මේ ශෂ පුරුෂයාගේ මුහුණ රවුම් වටකුරු හැඩයක්‌ ගනියි. උස මධ්‍යම ප්‍රමාණයකින් යුක්‌තය. දත් අතර ඉතා විශාල හිඩැස්‌ දැකිය හැකිය. දැස්‌ රතුපැහැයෙන් යුක්‌තය. රෝම සහිත සිරුරක්‌ අයත් වන "ශෂ" වර්ගයේ පුරුෂයා ඉතාම යුක්‌තිගරුකය. මානව දයාවෙන් යුක්‌තය. අන්‍යයන්ගේ සැපය වෙනුවෙන් තමන් බොහෝ දේ කැප කරනු ලබයි. එසේම ශෂ වර්ගයේ පුරුෂයාට කරදර කම්කටොලු ගෙනදීමට පියවර ගන්නා අන්‍යයන් බුද්ධියෙන් මට්‌ටු කරන්නට ශෂ වර්ගයේ පුරුෂයා අමතක නොකරයි.

එකවිට කාර්යයන් කීපයක්‌ කිරීමට දක්‍ෂ "ශෂ" වර්ගයේ පුරුෂයා වරදක්‌ කළහොත් බාරගනියි. තමා නොකළ වරදක්‌ තමන් වෙත පටවන්නේ නම් තදින් කිපෙයි. කටයුතු පිළිවෙළකට කරන මේ "ශෂ" වර්ගයේ පුද්ගලයාව ජ්‍යෝතිෂයේදී හොඳ පුද්ගලයෙකු ලෙස අර්ථ දක්‌වන අතර එවැනි පුරුෂයෙකු සමඟ විවාහ වන බිරිඳට බොහෝ ආදරය කරයි. ඇයට අවශ්‍ය සියලු සැප සම්පත් ලබාදීමටද "ශෂ" වර්ගයේ පිරිමියා කිසි විටෙකත් පසුබට නොවෙයි. එමෙන්ම "ශෂ" වර්ගයේ පිරිමින් විවිධ කලා කටයුතු වල නිරත වන අතර ඔහු අන්‍යයන්ගේ පීඩිත බව කෙරෙහි දැඩි ලෙස කම්පා වන්නෙකි.

දෙවැනි වර්ගයේ පිරිමියා හඳුන්වනු ලබන්නේ "මෘග" පුරුෂයා වශයෙනි. වචනයේ හැඩය, උච්චාරණය, පරිහරණය අනුව මෘග යන වචනය තුළ තිරිසන් බවක්‌ පෙන්නුම් කළත් ජ්‍යෝතිෂයට අනුව "මෘග" පුරුෂයා හොඳ පුරුෂයෙකි. ඔහුගේ ගතිගුණ බොහෝ දුරට "ශෂ" වර්ගයේ පිරිමියාට සමානය.

"මෘග" වර්ගයේ පිරිමියාද බිරිඳට ආදරය කරයි. ළමුන්ට පණසේ ඇලීමක්‌ දක්‌වයි. මොහුගේ ස්‌වරූපය වන්නේ නිතර නිතර වටපිට බැලීමය. දැස්‌ එක අරමුණක නතරව පවතින්නේ නැත. ශක්‌තිමත් මේ පුරුෂයාගේ අතපය ඉතා හොඳින් වැඩී තිබේ. සිනහවකින් පිරුණු මුව මඩලක්‌ "මෘග" වර්ගයේ පිරිමියාට ඇති අතර නිතර නිතර ආහාර ගැනීමට ප්‍රියතාවක්‌ දක්‌වයි. ආහාර ගන්නා විට එකවර විශාල ආහාර ප්‍රමාණයක්‌ ගැනීමද මෘග පුරුෂයාගේ ලක්‍ෂණයකි.

"වෘෂභ" පුරුෂයා ලෙස හඳුන්වන තුන්වන වර්ගයේ පිරිමියා එතරම් විශ්වාසවන්ත පුද්ගලයෙකු නොවේ. නමුත් "වෘෂභ" යන වචනය යෙදුණද මේ "වෘෂභ" පුරුෂයා ගොනෙකු නොවේ. නමුත් අලසය. ශරීර සෞඛ්‍ය පිළිබඳව එතරම් සැලකීමක්‌ දක්‌වන්නට "වෘෂභ" පුරුෂයා කටයුතු නොකරන නිසා ඔහු නිතරම රෝගියෙකු බවට පත්වේ. ජ්‍යෝතිෂය නියමයන්ට අනුව මොහු හොඳ වර්ගයේ පිරිමියෙකු ලෙස සලකන්නේ නැත. මොහු සමඟ විවාහ වන කාන්තාව ඉතා කෙටි කාලයකදී ඔහුව එපා අයෙකු ලෙස සලකයි. කඳට වඩා විශාල හිසක්‌ද, රවුම් මුහුණක්‌ද ඇති "වෘෂභ" පුරුෂයාගේ දත් ඉතා කෙටිය. ඇඟිලි මහත්ය. උදරය රවුම්ය. ඇසිපිය ගැසීම නිතර සිදුවේ. ඇහිබැමි ඉතා කළුය.

රතුපාට අත්ලක්‌ ඇති "වෘෂභ" පුරුෂයා ලෝකයට පෙනෙන්නට සිල් ගන්නෙක්‌ පමණි.

ජ්‍යෝතිෂයට අනුව හතරවෙනුව වර්ග කෙරෙන්නේ "අශ්ව" පුරුෂයාය. මොහුද ජ්‍යෝතිෂයට අනුව ඉතා හොඳ පුරුෂයෙකු ලෙස වර්ග නොකරයි. බිරිඳට දසවධ දෙන පුද්ගලයෙකි. ජීවිතයේ වගකීම් යුතුකම් කිසිවක්‌ මනා ලෙස ඉටු කිරීමට කටයුතු නොකරන "අශ්ව" පුරුෂයාව විශ්වාස කිරීමද අසීරුය. අනුන්ගේ දොස්‌ම පමණක්‌ දැක තමන් ගැන උසස්‌ ලෙස කතා කරයි. නමුත් "අශ්ව" වර්ගයේ පිරිමින් කඩවසම්, රූමත්ය, පියකරුය.

මොහුගේ අතපය දිගටිය. මුහුණද දිගටිය, දත්ද දිගු හැඩයක්‌ ගනී. හිසකෙස්‌ ඝනව වැඩී ඉලිප්පී පවතී. මහපට ඇඟිල්ල කැපී පෙනෙන ලෙස දිගය. සිරුරේ රෝම නැත. රෝම ඇත්නම් එම රෝම කවදාවත් කළුපාට නැත. වෙනත් තඹ වැනි වර්ණයක්‌ ගනී.

ජ්‍යෝතිෂයට අනුව පිරිමින් මෙසේ වර්ග හතරකට බෙදා වෙන් කළත් මූලික වශයෙන් පිරිමින් ගැන මෙම සැලකිල්ල යොමු කරනු ලබන්නේ විවාහයේදී පමණක්‌ වන බවද මතක තබාගත යුතුය.

ජ්‍යෝතිෂයේ දී පිරිමින් මෙසේ වර්ග කළත් ලෝකයේ සිටින පිරිමින් කෝටි ප්‍රමාණයක්‌ ගොඩවල් හතරකට වෙන්කිරීම පිළිබඳව බමුණන් දරන්නේ දැඩි විරෝධතාවකි. පිරිමින් මෙසේ ගොඩවල් හතරකට වර්ග කිරීම ගැන ඉපැරැණි සෘෂිවරුන්ද විවිධ මතිමතාන්තර ඉදිරිපත් කොට ඇත්තේ පක්‍ෂ හා විපක්‍ෂ වශයෙනි.

කෙසේ නමුත් පිරිමින්ගේ ගතිගුණ, හැසිරීම් අනුව පිරිමියා කවර වර්ගයකට අයත් දැයි වර්ග කොට දැනගන්නා අතරතුරම ඔහුගේ ජන්ම පත්‍රය පරීක්‍ෂා කොට බලා පිරිමියා පිළිබඳව ස්‌ථිර තීරණයකට එළැඹිය යුතුය.



Wmqgd .ekSu jhsk mqj;a m; weiqfrks

More News »