විවාහ පොරොන්දම් බලා දැකිය නොහැකි කරුණු හතරක්‌

2015-06-10 09:33:00       786
feature-top
පොරොන්දම් බලා, නැකත් සාදා, ජයටම උත්සව පවත්වා වසර කිහිපයකින් අතරමං වූ විවාහකයන් ගණන සුළුපටු නොවේ.

මොකද උනේ? අපි එවැනි අයගෙන් අසන්නෙමු.

"මහත්තයගෙ වෙන සම්බන්ධයක්‌"

"කනමදය වගේ බොනව"

"ගුටිකාල කාල බැරුව ගෙදර ආවා"

"මං මාසෙකින් විතර වෙන් වුණා. ඒත් ඒ විදිහටම"

අපට අසන්නට ලැබෙන්නේ මෙවැනි පිළිතුරුය.

වරද කොතැනද? පොරොන්දම් ගැලපුනා නම් විවාහ ජීවිත කඩාකප්පල් වන්නේ ඇයි? මෙය අද සාකච්ඡා කළ යුතු කාලීන මාතෘකාවක්‌ බව හැඟේ. දික්‌කසාද පෝලිම දිනෙන් දින දිගුවෙමින් පවතින බව පෙනෙන බැවිණි.

රූපිකා සැබවින්ම රූමත්ය. උගත්ය. ඇය අමාත්‍යාංශයක ඉහළ තනතුරක්‌ දැරූ අතර ඇයටම වෙන්වූ නිල වාහනයක්‌ ද විය. ඇයගේ සැමියා රූපිකාගේ රිය පදවන රියදුරුට වරින් වර ජංගම දුරකථනයට අමතමින් නිතර අසන ප්‍රශ්නයක්‌ තිබිණ.

"දැන් ඉන්නෙ කොහෙද?" තවත් පැයකින් පමණ ඔහු ඒ ප්‍රශ්නයම රියෑදුරුගෙන් අසයි.

"ඒ යකාට මැඩම් ගැන හරි සැකයි බං"

රියෑදුරු තැන කන්තෝරුවේ පහළ සේවකයන් අතර මේ ආරංචිය දිය කර හැරියේය. රූපිකාගේ විවාහය සිදු කෙරුණේ තරු පංතියේ හෝටලයක මහ ඉහළිනි. එහෙත් එදා සිට අද දක්‌වා සැකයෙන් ද ඊර්ෂ්‍යාවෙන් ද පෙළෙන තම සැමියා සහ තම විවාහය ගැන රූපිකා තැවෙන්නීය.

තවත් ව්‍යාපාරික තරුණයෙකු කියන්නේ අපූරු කතාවකි.

"මම තවත් එකක්‌ තියාගෙන ඉන්නව තමයි. ඒ උනාට මේ දේපළ ඔක්‌කොම වයිaට ලියලා තියෙන්නේ. අරක ඉතිං පොඩි දෙයක්‌නේ."

මේ තරුණ ව්‍යාපාරිකයාට මීට පෙර ද එවැනි රහසිගත සබඳතා බොහෝ තිබුණ බව බිරිඳ දනී. ඇය සිටින්නේ කනස්‌සල්ලෙනි. එය ද සිරිතට නැකතට කළ මංගල්ලයකි.

මෙවැනි උදාහරණ ඕනෑ තරම් ඉදිරිපත් කළ හැකිය. සිරිත් පරිදි පොරොන්දම් බලා සිදු කළ ද මේ විවාහ ජීවිත වලට කණ කොකා හඬා ඇත්තේ මක්‌ නිසාදැයි විමසන විට පැහැදිලිව පෙනෙන එක්‌ දෙයක්‌ වෙයි. එනම් පොරොන්දම්වලට හසු නොවන යමක්‌ එහි තිබූ බවයි. තම විවාහ සහකරුගේ මේ නොගැලපීම පොරොන්දම්වලට හසු වී නැත.

මේ ජ්‍යෝතිෂයේ වරදක්‌ නොවේ. විසි පොරොන්දම් මතම විවාහය තීරණය කිරීමේ වරදයි. පොරොන්දම්වලට නොපෙනෙන බැවින් මෙම කරුණු මුලින්ම විමසා බැලිය යුතු කරුණු ලෙස සඳහන් කළ හැකිය.

මෙයින් පළමුවැන්න බාහිර පෙනුමේ ගැලපීම ගැන බැලීමයි. ස්‌ත්‍රී - පුරුෂ දෙදෙනාගේ ශරීර ස්‌වභාවය, වයස, ආගම, ජාතිය, උගත්කම, සමාජ තත්ත්වය වැනි කරුණු මේ යටතට එයි. සමීපව සිටින විට මනාව ගැලපෙන බව පෙනේ නම් එය යහපත්ය. ඉතා කෙට්‌ටු සිරුරක්‌ හා මහත සිරුරක්‌ ඇති දෙදෙනකු මෙන්ම ලොකු වයස්‌ පරතරයක්‌ ඇති දෙදෙනකු ද නොගැලපෙන බව බැලූ බැල්මට පෙනේ. දෙදෙනා දුර පළාත් දෙකක පදිංචි වීම ආගම් දෙකක වීම, එක්‌ කෙනෙකු උගත් හා අනෙකා නූගත් වීම වැනි කරුණු මුලින්ම සලකා බැලිය යුතු වේ.

ආගම් දෙකක අයගේ විවාහ වලින් උපදින දරුවන්ට තම ආගම තෝරා ගැනීම ගැටලුවක්‌ විය හැකිය. අවුරුදු 10 වඩා වයස්‌ පරතරය ද සුබ නොවේ. අඩු වයසින් යුතු තම විවාහ සහකරු කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් හා සැකයෙන් අනෙකා පෙළීමට ඉඩ තිබේ. උගත්කමින් බොහෝ අඩු කෙනෙකු විවාහ කරගත් කෙනෙකුට සමාජ ජීවිතයේදී මදිකමක්‌ දැනෙනු ඇත.

මීළඟට බැලිය යුතු වන්නේ ආයුෂ පිළිබඳ කරුණයි. ආයුෂ පොරොන්දම නමින් විසි පොරොන්දම් වලදී බලන්නේ කලින් මිය යන්නේ සැමියාද? බිරිඳද? යන කරුණයි. මෙයින් අදහස්‌ කරන්නේ එය නොවේ. තම අනාගත විවාහ සහකරුට දීර්ඝායුෂ තිබේද? යන්නයි. වයස 30 - 35 ආසන්න වනවිට සහකරු මියයයි නම් කොතරම් පොරොන්දම් ගැලපුනත් ප්‍රයෝජනයක්‌ නැත. ආයුෂ පරීක්‍ෂාව ගැඹුරු කරුණකි. ආයුර්ද්‍රය ගණිතය නමින් හඳුන්වන ආයු පරීක්‍ෂාව සංකීර්ණ කරුණකි. එය ප්‍රශ්න ශාස්‌ත්‍රය මගින් දැන ගැනීම පහසුය. එනම් අනාගත යුග දිවිය සුබදැයි? ප්‍රශ්න කරන මෙහොතේ සාදන තත්කාල කේන්ද්‍රය මගින් පිළිතුරු ලබා ගැනීමයි. හෝරාභරණය නම් ග්‍රන්ථයේ දැක්‌වෙන එවැනි යෝග කිහිපයක්‌ මෙසේය.

"තත්කාල කේන්ද්‍රයේ සඳු, කුජ දෙදෙන ලග්නයේ හා සත්වැන්නේ සිටී නම් විවාහයෙන් සත්වන මස සැමියා මිය යයි"

"පාප ග්‍රහයා සිටි ලග්නයෙන් සවන හෝ අටවන භාවයෙහි චJද්‍රයා සිටී නම් එම විවාහය කළ තැන් පටන් අටවන අවුරුද්දේ එම අඹු - සැමියන්ගේ විනාශය සිදුවෙයි. සඳු සිටි තැනින් 7 හෝ අටවැන්නේ කුජ සිටි කල විවාහ වී අටවන වසරේ එම විවාහය වැනසී යයි.

මෙම කරුණු දැන ගැනීමට පොරොන්දම් පරීක්‍ෂාව ප්‍රමාණවත් නොවන බව දත යුතුය.

විවාහ සහකරුගේ කායික - මානසික තත්ත්වය ඔහුගේ හෝ ඇයගේ කේන්ද්‍රය මගින් වෙනමම සොයා බැලීම මීළඟට කළ යුතු කාර්යය වේ. පුද්ගලයා කවර තත්ත්වයක කෙනෙක්‌ද? යන්න ද පොරොන්දම්වලින් අනාවරණය වන්නක්‌ නොවේ. අධිකාම යෝග, ලිංගික උදාසීනත්වය, අධික ලෝභය, ක්‍ෂණික කෝපය, දැඩි අවාසනාවන්ත බව මේ යටතේ සලකා බලනු ලැබේ.

උදාහරණ වශයෙන් කාමාශාව පාලනය කර ගැනීම හා ලිංගික සබඳතා එක්‌ අයකු සමඟපමණක්‌ සීමා කර ගැනීම විවාහයේ පරමාර්ථයයි. කාමාශාව අධික නම්, එවැන්නන් තම බිරිඳගෙන් පමණක්‌ තෘප්තිමත් වන්නේ නැත. මෙවැනි යෝග ගණනාවක්‌ පුරාණ ග්‍රන්ථවල දක්‌වා තිබේ. භාව ප්‍රකාශයේ දක්‌වන යෝග කිහිපයක්‌ මෙසේය.

සිකුරු, සෙනසුරුට අයත් නවාංශක ගතවී එකිනෙකා දැකීම හෝ ලග්නය වෘෂභ හෝ තුලා වී එහි කුම්භ නවාංශකය උදාවීම යන යෝග දෙකින් උපන් ස්‌ත්‍රීහු නිතරම කාම ගින්නෙන් දැවේ.

"අඟහරු සිකුරු පරස්‌සර නවාංශකවල සිටි විට දුටු දුටුවන් කෙරෙහි ආලය කරන ස්‌වභාවය ඇත්තී අත්‍යන්තයෙන්ම කාමයෙන් ආකූල වූ ඕ තොමෝ නිරන්තරවම පරපුරුෂ සේවනය කරයි."

මෙවැනි අය සමඟවිවාහ වන අහිංසකයකු නිරන්තරයෙන් තම විවාහය ශෝකයෙන් ගත කිරීමට සිදුවීම ස්‌වභාවයකි. එමෙන්ම ලිංගික උදාසීන බව ද විවාහයට අතිශය බාධාවකි. සිකුරු වක්‍ර ග්‍රහයකුගේ රාශියට පැමිණි විට උපන් අය ද, ස්‌වකීය රාශියේ සිටි ලග්නාධිපති 7 සිටින සිකුරු දකින විට උපන් අය ද ලිංගික සබඳතාවලදී උදාසීන හෝ අදක්‍ෂයෙක්‌ බව ප්‍රකට වෙයි. එම යෝග ඇති අය කොතරම් පොරොන්දම් ගැලපුන ද විවාහයේ අසාර්ථක වනවා ඇත.

උපතින්ම හෘද රෝග, ශ්වසන රෝග. වැනි රෝගාබාධ ඇති අය ද නුසුදුසු බව කිව යුතු නොවේ. මෙවැනි පොරොන්දමට පෙර පරීක්‍ෂා කළ යුතු වේ.

මීළඟට පරීක්‍ෂා කළ යුතු ඉතා වැදගත් දෙයක්‌ වන්නේ ක්‍ෂණික කෝපය, අධික ලෝභය, අවාසනාවන්ත බව වැනි යෝග පිහිටා ඇති කෙනෙකු ද යන්න වේ. මේ අනුව මෙවැනි යෝග ඇතිව උපන් අය සමඟ ජීවත්වීම අපහසුවන බැවිනි. වචන භාවිතයේදී බොහෝ අදූරදර්ශීව කතා කරන කෙනෙකු නිතර සමාජ ගැටලු ඇතිකර ගනී. කතාව ගැන කියන දෙවැන්න, බුද, ආදීන් දුර්වල නම් දුරදිග නොබලා කතා කරන කෙනෙක්‌ හෝ කේලාම් කියන කෙනෙකු විය හැකිය. එහි රාහු දුර්වල නම් හා කුජ දුර්වල නම් පරුෂ වචන කියන හෝ කයිවාරුවට බර කෙනෙකු වේ. තවද දෙකෙ රාහු අධික වියදම ද, කුජ, ශුක්‍ර දුර්වල නම් ඒ වියදම විනෝදය හා සල්ලාලකම වෙනුවෙන් වැය කරන කෙනෙකු ද බිහිකරයි. හතරවැන්න ගුරු ශුක්‍ර දුර්වල අයට ඉඩම් ගෙවල් ලබා ගැනීම දුෂ්කර වේ.

සතර කේන්ද්‍රයේත්, දෙකේත් පාපයෝ නම් පොහොසත් කුලයක උපන් අය වුවද හිඟා කා ජීවත්වන බවත්, අඟහරු අටේ සිටියදී, රවි ද නීච නම් තමා හිඟා කෑමෙන් ජීවත්වන බවත්,

හතර කේන්ද්‍රයේවත් චJද්‍රයාට හතර කේJද්‍රයේවත් ශුභ කෝණ හතරේවත් සුබ ග්‍රහයෙකු නැතිව උපන් අය ඉතා අවාසනාවන්ත (ෙමදාම යෝගයෙන්) උපත ලද බවත් දත යුතුය. කුජ ශුක්‍ර යෝග වී නවයේ සෙනසුරුත් සිටී නම් ස්‌වකීය ලක්‍ෂණ භාර්යාව හැර කිලිටි පහත් ස්‌ත්‍රීන් සොයා යන බව කියා තිබේ.

මේ අතර ජන්මියාට දරුවන් සිටී ද, යන්න ද ඉතා වැදගත් කරුණකි. මක්‌නිසාද යත් විවාහයේ අවසන් පරමාර්ථය දරුවන් බැවිනි. පුත්‍ර ස්‌ථානය ගුරු පුත්‍ර ස්‌ථානාධිපති හා පස්‌වැන්නට ලැබෙන දෘෂ්ටි අනුව මෙය විනිශ්චය කළ යුතු වේ.

විවාහ පරීක්‍ෂාවකදී ජන්ම පත්‍රවලින් මෙන්ම ප්‍රශ්න හෙවත් තත්කාල ශාස්‌ත්‍රය මගින් ද බොහෝ කරුණු දැනගත හැකි වේ. විවාහය සිදුවේද නොවේද? ලැබෙන ස්‌ත්‍රිය කන්‍යාවක්‌ද? නැද්ද, ඇය පතිවත රකින්නියකද? මේ දෙදෙනා ස්‌නේහයෙන් බැඳේද? විවාහයෙන් දායාද ලැබේද? යනාදී කරුණු ප්‍රශ්නය ශාස්‌ත්‍රය හෙවත් තත්කාල ශාස්‌ත්‍රය දන්නා ශාස්‌ත්‍රඥයකුට පමණක්‌ පැවසිය හැකි වේ.

මේ අනුව තම දරුවාගේ හෝ තමන්ගේ විවාහය ගැන තීරණය කරන විට පොරොන්දම් බැලීම පමණක්‌ ප්‍රමාණවත් නොවන බව දත යුතු වේ. අප ඉහත සඳහන් කළ බාහිර ගැලපීම්, ආයුෂ. කායික මානසික යෝග්‍යතාව ආදිය පරීක්‍ෂා කළ යුත්තේය. අවසන් වශයෙන් සහකරු ගේ කේන්ද්‍රයේ බහු විවාහ යෝග යෙදී තිබේ දැයි පරීක්‍ෂා කළ යුතු වේ. විවාහ එකකට වඩා යෙදී ඇත්නම් ඔහුගේ පළමු විවාහය අසාර්ථක වීම නියතය.

කාර්ය බහුල වත්මන් සමාජයේ පොරොන්දම් පරීක්‍ෂාව කරන්නේද දුවන ගමන් ය. කාර්යාලයේ වැඩ කරන අතරතුර දුවගෙනවිත් විනාඩි දහයෙන් පහළොවෙන් පොරොන්දම් බලා සීයට කීයක්‌ ගැලපේ දැයි අසා විවාහය ගැන තීන්දු කිරීමට බොහෝ අය පෙළඹී සිටිති. සුළු මුදලක්‌ ගෙවා පරිගණකයෙන් දෙනු ලබන පොදු පත්‍රිකාවකින් පමණක්‌ මේ ජීවිතය ගැන ගන්නා බැරෑරුම් තීරණය ගනු ලබන අය ද සිටී.

අතීතයට වඩා වර්තමානයේ විවාහ ගැටලු බහුල වී ඇත්තේ එබැවිනි. විවාහ පරීක්‍ෂණයට ප්‍රමාණවත් කාලයක්‌ තමන්ද ජ්‍යෝaතිෂ් ශාස්‌ත්‍රඥයා ද ගත කළ යුතු වේ. ඉහත ප්‍රශ්නවලට හරිහැටි විසඳුම් නොලබා කරනු ලබන විවාහය අසාර්ථක වීමේ ඉඩකඩ වැඩිය. පොරොන්දම් බැලුව, නැකතට කළා. ඒත් මෙහෙම උනා යෑයි ජ්‍යෝතිෂයට දොස්‌ පැවරීම කළ යුතු නොවේ.

Wmqgd .ekSu jhsk mqj;a m; weiqfrks

More News »