ගුරු මාරුවට පෙර එන කුජ මාරුව ඔබේ ලග්නයට කොහොමද?

2015-06-11 08:40:00       594
feature-top
ග්‍රහලොව සෙන්පති හෙවත් චණ්ඩියා, නැතහොත් අඟහරු ග්‍රහයා එළැඹෙන 2015 ජුනි මස 16 වැනි අඟහරුවාදා පෙ.ව. 01.08ට මෙතෙක් ගමන් ගත් සිය සම රාශියක් වූ වෘෂභ රාශියෙන් මිදී සිය සතුරු රාශිය වූ මිථුන රාශියට පිවිසෙයි.

ග්‍රහලොව සෙන්පති හෙවත් චණ්ඩියා, නැතහොත් අඟහරු ග්‍රහයා එළැඹෙන 2015 ජුනි මස 16 වැනි අඟහරුවාදා පෙ.ව. 01.08ට මෙතෙක් ගමන් ගත් සිය සම රාශියක් වූ වෘෂභ රාශියෙන් මිදී සිය සතුරු රාශිය වූ මිථුන රාශියට පිවිසෙන අතර, එසේම ග්‍රහ ලොව රජු වූ රවි ග්‍රහයාද මිථුන රාශිගත වීමත්, එම කුජ ග්‍රහයා 2015 ජූලි 31 වැනිදා පෙ.ව. 2.19 දක්වාම මිථුන රාශියේ මෙම ග්‍රහ චලිතය පවත්වා ගැනීමත් අනුව මෙම ග්‍රහ ලොව බලවතුන්ගේ මිථුන රාශිගත ග්‍රහ චලිතයනුත් මත සලකා බැලීමේදී පොදු වශයෙන් මේෂ, මකර, කන්‍යා, සිංහ යන ලග්නවලට යම් පමණක සුබ පලද, වෘෂභ, මිථුන, කටක, තුලා වෘශ්චික, ධනු, කුම්භ, මීන යන ලග්නවලට තරමක් අසුබ ඵලද උදාවනු ඇත.


අප රට දෙස අවධානය යොමු කිරීමේදී මෙම කාලය තුළ වංසගත රෝගයක් පැතිර යා හැකි අතර එය බොහෝ විට ඇස් හා උණ රෝගයක් විය හැකිය. රිය අනතුරු, මංකොල්ල බහුලව සිදුවන කාලයක් වන අතර ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය. අධ්‍යාපන ආයතන හා එම ක්ෂේත්‍රයන් තුළ නොසන්සුන්තා බහුලව ඇතිවෙයි. නව දේශපාලන පක්ෂ බිහිවනු ඇත. එසේම මෙම කාලය රටට අලුත් ආරංචි ලැබෙන කාල සීමාවක් වනු ඇත. විශේෂයෙන්ම මැතිවරණ උණුසුමක් රට තුළ ඇති වන අතර නව මැතිවරණ ක්‍රමයක් සම්මත වීමට බොහෝ අවකාශ උදාවෙයි. දේශපාලන කරළිය තුළ පුවත් මැවෙන කාල සීමාවකි. දැඩි දේශපාලන අර්බුද ඇති වන කාලයකි. ජනතාව අතරද සාමකාමී බව ගිලිහී යන කාලයකි. උද්ඝෝෂණ, උපවාස බහුල වනු ඇත. දේශපාලන අස්ථාවරත්වය රට තුළ උදාවනු ඇත. නමුත් පවතින රජයට වාසිදායක වන අතර විපක්ෂය එතරම් බලවත් නොවනු ඇත. පාර්ලිමේන්තුව තුළ දැඩි උණුසුම් බවක් දක්නට ලැබෙනු ඇත. සාගරය ආශි්‍රත කැලඹීම් ඇතිවෙයි. රට තුළ දේශගුණ විපර්යාස හා නාය යෑම් හා ගංවතුර තත්ත්වයන්ද ඇති වීමේ අවස්ථා උදාවීමට හේතු වනු ඇත. මහජනතාව අතර නොසන්සුන්තා ඇතිවන කාලයකි.


මේෂ
ඔබට මිශ්‍ර පලදායී වනු ඇත. අසනීප පීඩා කරදර ආදියෙන් යම් සහනයක් හා සුවයක් ලැබෙනු ඇත. ආදායම් මාර්ග සරුවන අතර, වෙළෙඳ ව්‍යාපාරවලින් දියුණුවක් ලැබෙයි. ව්‍යාපාර හා දේපළ ලාභ ඇතිවීමට ඉඩ ඇත. නව මිතුරන් ඇසුරට ලැබෙයි. පී්‍රති උත්සවවලට සහභාගි වීමට අවස්ථා උදා වනු ඇත. විදේශ ගමන් සාර්ථක වෙයි. සිත් සතුටට කරුණු යෙදෙයි. අවිවාහක අයට මංගල අවස්ථා යෙදේ. මේ කාලය බිරිය හා සැමියාට අසුබදායී වීමට ඉඩ ඇත. උසස් අධ්‍යාපන කටයුතුවල වර්ධනයක් ඇති වන අතරම විදේශ ගමන්වලටද එක්විය හැකිය. ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ හොඳ හවුල්කරුවන් හා හිතවතුන් හමුවෙනවා. ඒ වාගේම රැකියා ස්ථානයෙන් උසස් වීමක්ද හිමිවීමට ඉඩ තියෙනවා. රාජකාරි නිසා නිවෙසින් අෑත් වීමට හේතු වෙනවා. සමාජ සේවාවල නිරත වන්නේ නම් ඒවා පිළිබඳ අගය කිරීම් හේතුවෙන් ඔබේ ජනප්‍රියතාව වර්ධනය වෙයි. පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි. පපුවේ සෙම් අමාරු වගේ දේවල් ඇතිවිය හැකිය. රෝහල්ගත වීමේ අවදානමකුත් තියෙනවා.
වෘෂභ


අෑත පළාත්වලට යෑමට සිදුවන අතර නිකරුණේ ගමන් බිමන් යෙදෙනු ඇත. විවිධාකාරයේ නරක චෝදනා එල්ල විය හැකිය. ගුණධර්ම හීනවන කාලයකි. මෙම කාලයේ නෑයෙක් හෝ හිතවතුන් සමඟ අමනාප වීමට ඉඩ ඇත. බලාපොරොත්තු වූ ණයක් ලැබෙයි. කාර්ය බහුල කාලයකි. සහෝදරයන්ට සුබ වෙයි. නව මිතුරු සබඳතා ගොඩනැඟෙයි. මෙම කාලය මිල මුදල් ලැබෙන සුබ කාලයකි. බලාපොරොත්තු ඉටුවෙයි. නමුත් ගමන් බිමන් අධික වීමට ඉඩ ඇත. ඒ වාගේම රැකියා ස්ථානයෙන් මාරුවක් නම් හිමි වීමට ඉඩ තියෙනවා. අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගමන්වලටද එක්විය හැකිය. කෙටි ගමන් බිමන් නම් අධික වෙයි. විමසිලිමත් වීම වැදගත්. අනතුරුවලට ලක්විය හැකියි. සහෝදරයන්ට සුබ වෙයි. නව මිතුරු සබඳතා ගොඩනැඟේ.


මිථුන
උසස් අයගේ ආධාර උපකාර හා විදේශ රැකියා බලාපොරොත්තු ඉටු වෙයි. දරුවන්ගේ දියුණුවට කරණා කටයුතු සාර්ථක වෙයි. ඔබගේ ජනප්‍රියතාව පහළ යන අතර සමාජයේ ගෞරවයටද පාත්‍ර නොවෙයි. මංගල යෝජනා ස්ථිර වන අතර පෙම්වතුන්ට සුබදායක වනු ඇත. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වෙයි. මුදල් ලැබීම් අතින් අයහපත්ය. රැකියාවේ උසස් වීම් වගේම හවුල් ව්‍යාපාර ආරම්භ කිරීම, අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය අසුබයි. විදේශ ගමන්වලටද එක්විය හැකිය. යම් පමණක හදිසි ධන ලාභ හිමිවෙයි. පවුල් ජීවිතය සාමාන්‍ය වන අතර, තම සහකාරියගෙන් හෝ සහකරුගෙන් ධනය ලැබීමටද හැකිය. සුළු සුළු අසනීප හැර සෞඛ්‍ය තත්ත්වය යහපත්ය.


කටක
ඉඩකඩම් මිලදී ගැනීම, නිවාස ඉදිකිරීම මෙන්ම යාන වාහන කටයුතුවලදී විවිධාකාරයේ නොසිතන අවාසි උදාවනු ඇත. ඔබගේ පවුලේ හෝ හිතවතකුට ඇතිවන අසනීප තත්ත්වයන් නිසා ඔබට බොහෝ කාලය, ශ්‍රමය, ධනය ඒ වෙනුවෙන් ගත කිරීමට සිදුවනු ඇත. පසුගිය දිනවල පැවැති බාධා යම් පමණකට ඉවත් වෙයි. තනතුරු ලාභ ලැබෙයි. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර අලුතින් අරඹන කටයුතු අසාර්ථක වෙයි. නමුත් මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය පිරිහීමට හැකියාව පවතිනවා. ඒ අසනීප නිසා රැකියාවේ හදිසි පහත වැටීම් ඇතිවිය හැකියි. අදාළ නොවන කටයුතු නිසා රැකියාවේ වෙනසකට හෝ ඉන් ඉවත් වීමට ඉඩ ඇත. එම නිසා ආදායම් තත්ත්වය පහළ යෑමට හැකිය. රෝහල්ගත වීමේ අවදානමකුත් තියෙනවා. අසනීපවලින් සුවය ලැබෙනු ඇත. විවාහ බාධා ඇති වූ අවිවාහක අයට මංගල යෝජනා සාර්ථක වෙනවා. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර සිතේ ඇතිවන මානසික අසහනය දුරුවෙයි. දරුවන්ගේ දියුණුවට කටයුතු යෙදෙයි.
සිංහ


ඔබට මෙම කාලය මිශ්‍රපලදායක වෙයි. තනතුරු ලාභ හා උසස්වීම් හිමිය. ගෘහ ජීවිතය මධ්‍යස්ථව ගත වෙයි. වෙනදාට වඩා වෙහෙස වී වැඩ කිරීමට සිදුවෙයි. බිරිය හෝ සැමියා නිසා ධනයක් හිමිවීමට හැකිය. ආගම දහමට සිත යොමුවෙයි. ලොතරැයි ජල ලැබීමේ වාසනාවත් හිමියි. විවිධාකාරයේ ගිවිසුම්වලට එළැඹීමේ අවස්ථාවද මෙම කාල සීමාව තුළ උදාවනු ඇත. හදිසි ගමන් බිමන් යෑමට නිතර අවස්ථාව සැලැසෙන අතර වන්දනා ගමන් හා දුර ගමන්ද යෙදීමට ඉඩ ඇත. විදේශ ගමන් සඳහා ඔබට යහපත් අවස්ථා උදා නොවේ. ඇස්වහ කටවහ දෝෂ හටගැනීමේ ප්‍රවණතාවක් ඇත. හදිසි ධන ලාභ හිමියි. ඒත් නඩු හබවලට නම් යන්න එපා. පාඩු වෙන්න පුළුවන්. රෝගවලට හරියට ප්‍රතිකාර නොගත්තොත් රෝහල් ගත වීමට අවදානමකුත් තියෙනවා. රැකියා ස්ථානයේ හෝ වාසස්ථානයෙන් මාරුවක් වගේම රැකියාවේ උසස් වීම් වාගේම හවුල් ව්‍යාපාරවලින් ආදායම්ද හිමිය. ගෘහ ජීවිතය මධ්‍යස්ථව ගත වෙයි. වෙනදාට වඩා වෙහෙස වී වැඩ කිරීමට සිදුවෙයි. ශරීර සැප නොලැබීම හා විවාහ බාධා ඇතිවීමට ඉඩ ඇත. සහෝදරයකුට අපල ඇත. ශරීර සැප නොලැබීම හා විවාහ බාධා ඇතිවීමට ඉඩ ඇත.


කන්‍යා
සතුරන්ගෙන් ජය ලබන කාලයකි. යහපත් මිනිසුන්ගේ ඇසුරට පත්විය හැකිය. හදි හූනියම් වැනි දෝෂ නිසා තමන් වාසය කරන නිවෙසේ කලඑළිය අඩුවීමටද හැකියාව පවතී. ස්ථිර නිවෙස්වලින් අෑත් වී තාවකාලික නිවෙස්වල පදිංචියේ යෙදීමට අවස්ථාව උදාවනු ඇත. දේපළ බෙදීම් වැනි කටයුතුවල ගැටලු මතු වනු ඇත. තමාට ලැබෙන දේපළ පවා නැතිවිය හැකිය. ඔබ දරුවන් බලාපොරොත්තු වනවා නම් දරු උපත් වාසනාව හිමියි. ඒ වගේම රැකියා ස්ථානයෙන් උසස් වීමක්ද හිමි වීමට ඉඩ තියෙනවා. ඒ වගේම අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි. මුදල් ඉතිරි වන කාලයකි. නව මිතුරන් ඇසුරට ලැබේ. කීර්තිය, ප්‍රශංසාව, ගෞරවය හා සමාජ පිළිගැනීම හිමිවනවා ඇත. හවුල් ව්‍යාපාරවලින් ආදායම්ද හිමිය. නව රැකියා හා විදේශ රැකියා මෙන්ම ධන ලාභ, මංගල යෝග, හවුල් ව්‍යාපාර ලාභ මේ කාලයේ උදාවනු ඇත. ශරීර සෞඛ්‍ය අනුව ආමාශගත රෝග ඇතිවීමට ඉඩ ඇත. මේ කාලය තුළ ප්‍රසිද්ධිය, කීර්තිය වැඩිවන අතර ලොතරැයි ජයග්‍රහණද බලාපොරොත්තු විය හැකිය.


තුලා
ගෘහ ජීවිතය තුළ වැය පක්ෂය ඉහළ යනු ඇත. එදිනෙදා කටයුතුවලදී යම් ආවේගශීලී තත්ත්වයක් දක්නට ලැබේ. උසස් කෙනකු හෝ අසල්වාසීන් සමඟ අමනාප වීමට ඉඩ ඇත. ආරක්ෂිත සේවාවල අයට සුබදායකයි. විවාහ අපේක්ෂිත අයට දුර බැහැරින් යෝජනා ඉදිරිපත් වනු ඇත. අධ්‍යාපනයට සුබදායක වෙයි. සතුරු කරදරයකින් ජය ගත හැකිය. බලාපොරොත්තු වූ ණය මුදලක් ලැබීමට හැකිය. මුත්‍රා අමාරු හෝ සෙම් රෝග ඇතිවීමට ඉඩ ඇත. විවාහ අපේක්ෂිත අයට දුර බැහැරින් යෝජනා ඉදිරිපත් වනු ඇත. ඔබට මෙම කාලය මිශ්‍රපල දායකයි. අසනීපවලින් යම් සුවයක් අත්වෙයි. දරුවන්ගේ කටයුතු වර්ධනය වන අතර රැකියාවේ ඉදිරි ගමනට යම් යම් බාධා ඇතිවිය හැකිය. සමාජයේ පිළිගැනීම ඇතිවන අතර ඔබට අසල්වාසීන්ගෙන් නම් පොඩි පොඩි බාධාද ඇතිවිය හැකියි.


වෘශ්චික
ඔබට මධ්‍යම පල උදාවනු ඇත. කෙසේ වෙතත් දැනට ලග්න ඒරාෂ්ටකයක් ගත කරමින් සිටින නිසා මේ කාලය තුළ ජීවිතයේ ආගමික පැත්ත සංවර්ධනය වනවා ඇත. ඔබගේ පියාට අසුබයි. උසස් අධ්‍යාපනයට ඉතාම හොඳයි. වන්දනා ගමන් මෙන්ම ගමන් බිමන් නම් අධික වෙයි. පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්ත්වය පහළ යනු ඇත. ඒ වාගේම රැකියා ස්ථානයෙන් ප්‍රශ්නද ඇති වීමට ඉඩ තියෙනවා. විවිධාකාරයේ ගිවිසුම්වලට එළඹීමේ අවස්ථාවද මෙම කාල සිමාව තුළ උදා වනු ඇත. ඒවා පිළිබඳ කල්පනාකාරී විය යුතුය. හදිසි ගමන් බිමන් යෑමට නිතර අවස්ථාව සැලසෙන අතර වන්දනා ගමන් හා දුර ගමන්ද යෙදීමට ඉඩ ඇත. ඇස්වහ කටවහ දෝෂ හටගැනීමේ ප්‍රවණතාවක් ඇත. රෙදි පිළි හා වස්තු ලාභ නොලැබෙන කාලයකි. ශරීරයේ අලංකාරයට අවශ්‍ය දේ මිලදී ගැනීමට අවස්ථාව නොලැබෙන අතර මෙම කාලයේදී ප්‍රණීත රසමුසු ආහාරද එතරම් නොලැබීමේ හැකියාව පවතී.


ධනු
යම් යම් මානසික පීඩා හා ගැටලු ඇති වීමට ඉඩ ඇත. වෙහෙසකාරී හා තරගකාරී ලෙස එදිනෙදා කටයුතුවල යෙදීමට සිදුවෙයි. මුදල් අතේ නොරැඳෙයි. වැය පක්ෂය ඉතාම ඉහළ යනු ඇත. රැකියා මාරු හා රැකියා ගැටලු ඇතිවීමට ඉඩ ඇත. ව්‍යාපාර කටයුතුවලට එතරම් සුබ නැත. මහන්සියේ තරමට ප්‍රතිඵල නැත. අවිවාහක අයට මංගල යෝජනා උදාවෙයි. ඇස් රෝග හා මුත්‍රා අමාරු ඇතිවිය හැකිය. මේ කාලයේදී තම ශරීර සෞඛ්‍ය ගැන විමසිලිමත් වීම වැදගත්. විශේෂයෙන් අහුවෙන්නේ නැති ලෙඩ හැදෙන්න පුළුවන්. ඒ නිසා සුබ වගේම අසුබ පලත් ලැබෙනවා. මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය පිරිහීමට හැකියාව පවතිනවා. නමුත් ආදායම් තත්ත්වය යම් ප්‍රමාණයකට වර්ධනය වෙයි. සමාජ සේවා පොදු කටයුතුවලින් ගෞරවය හා පිළිගැනීම ඔබට ලැබේවි. පරම්පරාගත දේපළ වාසි හිමිවෙයි.


මකර
මේ කාලය මිශ්‍රපලදායකයි. අධ්‍යාපනයට සම්බන්ධ අයට මාධ්‍යයට සම්බන්ධ කටයුතුවලින් දක්ෂතා ගෙන දෙයි. සේවක ගැටලු හා ගෘහ නිර්මාණ කටයුතු සම්බන්ධව ගැටලු පැන නැඟීමට හැකිය. වා, පිත් සම්බන්ධ රෝගාබාධ හට ගැනීමට අවස්ථා ඇත. ලිපි ලේඛන හා නිර්මාණාත්මක කටයුතු සඳහා හොඳයි. කාන්තා පක්ෂයෙන් විශේෂ උදවු උපකාර හිමිවෙයි. දරු පල අපේක්ෂිත අයට දරු පල උදාවනු ඇත. අවිවාහක අයට මංගල යෝජනා උදාවෙයි. විසිතුරු භාණ්ඩ අලෙවිය වැනි අංශවලින් ආර්ථික වාසි හිමිය. අධ්‍යාපනයට සම්බන්ධ අයට ඒ කටයුතුවලින් දක්ෂතා ගෙන දෙයි. සේවක ගැටලු හා ගෘහ නිර්මාණයකට සම්බන්ධව ගැටලු පැන නැඟීමට හැකිය. වා, පිත් සම්බන්ධ රෝගාබාධ හට ගැනීමට අවස්ථා ඇත. ස්වයං රැකියාවල නිරතවන්නන්ට සුබදායකය. රෝගවලට හරියට ප්‍රතිකාර නොගත්තොත් ඒවායේ සුවය ප්‍රමාද වනු ඇත. ගෘහ ජීවිතය සතුටුදායකය. රැකියාවේ උසස්වීම් වගේම වෙනස්වීම්ද බලාපොරොත්තු විය හැකිය. නීතියට එරෙහිව කටයුතු කිරීම නිසා මුදල් හෝ රැකියාවේ පාඩු සිදුවිය හැකිය.


කුම්භ
ඔබට මෙම කාලය මිශ්‍රපලදායක වෙයි. උසස් අධ්‍යාපන අවස්ථා උදාවෙයි. ව්‍යාපාර අංශවලට සුබ දායක වෙයි. රැකියා අංශ තුළ කලකිරීම් ඇතිවන අතර හදිසි වෙනස් වීම්වලට හේතු වෙයි. සෞඛ්‍ය අතින් දණ හිස සම්බන්ධ ආබාධ ඇතිවිය හැකියි. ගේ ‍ෙදාර කටයුතු සම්බන්ධයෙන් දැඩි කැප කිරීම් කළ යුතු වෙයි. ඔබට මෙම කාලය මිශ්‍ර පල දායක වෙයි. ධනය අතින් යහපත්ය. උසස් අධ්‍යාපන අවස්ථා උදාවෙයි. ව්‍යාපාර අංශවලට සුබ දායක වෙයි. රැකියා අංශ තුළ කලකිරීම් ඇතිවන අතර හදිසි වෙනස් වීම්වලට හේතු වෙයි. සෞඛ්‍ය අතින් දණ හිස සම්බන්ධ ආබාධ ඇතිවිය හැකියි. ගේ ‍ෙදාර කටයුතු සම්බන්ධයෙන් දැඩි කැප කිරීම් කළ යුතු වෙයි. රැකියාවේ උසස් වීම් බලාපොරොත්තු විය හැකිය. පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලයේදී සිත යොමු වෙයි.


මීන
මහන්සියේ තරමට ප්‍රතිඵල නැතිවිය හැකිය. ඥාතීන් සමඟ මත භේදවලට හේතු වනු ඇත. පිරිමි දරු ලාභ ඇතිවන අතර යම් යම් අංශවලින් සාමාන්‍යයෙන් සුබයි. ඔබගේ අධ්‍යාපනයට ඉතාම හොඳයි. ඒ වාගේම රැකියා ස්ථානයෙන් උසස් වීමක්ද හිමි වීමට ඉඩ තියෙනවා. වගේම අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි. මුදල් ඉතිරිවන කාලයකි. නව මිතුරන් ඇසුරට ලැබේ. කීර්තිය, ප්‍රශංසාව, ගෞරවය හා සමාජ පිළිගැනීම හිමිවනවා ඇත. ව්‍යාපාරවලින් ආදායම්ද හිමිය. පවතින රෝගාබාධ සුවවන අතර සෞඛ්‍ය තත්ත්වයද යහපත්ය. ඔබට මෙම කාලය සාමාන්‍යයෙන් සුබය. එම නිසා කායික මානසික වශයෙන් යහපත්ය. ආගමට දහමට නැඹුරු වන කාලයකි.



Wmqgd .ekSu uu mqj;am; weiqfrks

More News »