ඔබේ සහකාරිය ඔබට වාසනාව ගෙන එන රැජිණක් ද ?

2015-06-14 09:42:00       665
feature-top
මනහර අඟ පසඟින් වැඩුණු කාන්තාව සිරිලියක් මෙන්ම සිතූ පැතූ දේ ඉටු කර දෙන භාග්‍යවන්තියකි.

කාන්තාවකට රජ බිසවක් වීමට වාසනාව ගෙනෙන්නේ ඇගේ මැණික් කටුවේ සහ ගෙලෙහි පැහැදිලි ලෙස දිස්ව පිහිටන රේඛා තුනකි.

ඇයට සියලු වර්ගයේම සැප සම්පත් පහළවේ. වටකුරු මුහුණ, වටකුරු පියයුරු, වටකුරු දණ, වටකුරු ‍ගෙල එසේම වටකුරු මුහුණ ඇතිව මොලොව එළිය දුටු කාන්තාව වාසනාව හිසින් දරා‍ෙගන වාසන‍‍ාවේ රන් දොරටුවෙන් එබී බලන්නීය. එම කාන්තාව එතරම්ම වාසනාවන්තය.

ඔබ කාන්තාවක් දෙස සෞම්‍ය හිතකින්, තීක්ෂණ නුවණකින් පිරිපුන් දයාවකින් බලන්නට පුරුදු වන්න. එවිට ඔබේ මානයේ කාන්තාව අපූරු නිර්මාණයකි. ඇය සෞභාග්‍යයෙන් පිරි කාන්තා රත්නයකි.

පද්මිණී

පද්මිණියක් දෙසට නෙත් යොමු කර බැලීමේ දී ඇගේ සිනිඳු සමේ පැහැය තැවරූ තල මලක ස්වරූපයක් මවයි.කෙහෙරැළි සිනිඳු කළු පැහැයෙන් යුක්තය. නෙළුම් මලක් බඳු මුව කමලක් ද ඇත. ලස්සන වර්ණවත් දිගු නීල නුවන් ඇති ඇය නිතර ප්‍රියමනාප බසින් ඔබ නළවයි.

ඇය ධර්මය නමැති ම‍ඟෙහි හැසිරෙයි. දැකුම්කලු පියයුරුවලින් අගතැන්පත් වෙයි. විශේෂයෙන් නාරී ලාලිත්‍ය ගමනින් හොබවන්නේය. ඔබ ද ජීවිතයේ වරෙක දක්නට ඇති ඇය පද්මිණී නම් වෙයි.

හස්තිනී

මද කිපුණු ඇතෙකුගේ ගමනින් සදිසි නාලිය උස් වූ පියයුරෙන් පිරිපුන්ය. කෙහෙරැළි සුසිනිඳුය. විශේෂයෙන් පැහැපත් වර්ණයෙන් බබළයි.

සංගීත ශාස්ත්‍රයෙහි නිපුණ ඇය අඟ පසඟයන්හි අඩු පාඩු ඇති වෙනවා මෙන්ම චපල බවෙන් යුතු මාන්නයෙන් ඉදිමී ඇත. මනා ලෙස නලවන සෙයක් දැනේ. ඇයගේ දත් ප්‍රමාණයෙන් විශාලය. කතා බහෙන් ආකර්ෂණය කර ගන්නා ඇය හස්තනී යනුවෙන් හැඳින්වේ.

ශංඛිණී

ශංඛිණීගේ කෙහෙරැළි ඉතාමත් දිගු ස්වරූපයක් ගනී. ඒ ඉතාමත් සුසිනිඳුය. තුනී ස්වරූපයක් ගන්නේය. නෙත් පියන් සේම පැහැය ද මන බන්දනීය ආකාරයෙන් පිහිටා ඇත. ඉතාමත් තද සිත් පහළ වන ඇයගේ පියයුරු විවිධ හැඩතල ගනී.

නෙළුම් දඬු මෙන් කෙසඟ අවයව ඇගේ දායාද වේ. දත්වල අමුතු හැඩතල මවන අතර ඔබේ නෙත් ඇඳ බැඳ ගන්නා ස්වරූපයන් ගන්නා ඇය ශංඛිණී නමින් හැඳින්වේ. මතු දවසක ඔබ නිවසට ඇය අවතීර්ණ විය හැකිය. එතෙක් මඟතොට සුපරික්ෂාකාරීව බලනු මැනවි.

චිත්‍රණී

චිත්‍රණී නිතරම විසිතුරු ඇඳුමෙන් පැළඳුමෙන් මනාව විසිතුරු වෙයි. විශේෂයෙන් ඇයගේ පියයුරු තරමක් උස් වූ ලෙස ප්‍රදර්ශනය කරයි. හිත සසල පියවදන් මුමුණන සිත් ඇඳගන්නා නෙතඟින් අප ආමන්ත්‍රණය කරන ඇය සැබැවින්ම චිත්‍රණීය. ඔබටත් නුදුරු දිනෙක ඇය නෙත් පථයේ දිස්වේ.

සහකාරියෝ සිව්දෙනෙකි! කැමැත්ත කාට ද ?

සමහර කාන්තාවන්ගෙන් පුදුම විදියේ ලක්ෂණ දෘෂ්‍යාමාන වේ. ඒවා මිශ්‍ර ලක්ෂණ වශයෙන් දේහ ලක්ෂණයේ දී විමර්ශනයට ලක් කෙරේ.

ස්ත්‍රියකගේ කුස ජලයේ පාවෙන මැඩියකුගේ ස්වරූපයක් ගනී ද එසේ නොමැතිව එකිනෙකට යාව විහිදෙන නුග ගසක දෙබලක් බඳු ද ඇය නම් ඉතා වාසනාවන්ත පුත් රුවනක් නොව සක්විතිකම් කළ හැකි පුතෙකු බිහි කරයි.

සමහර ස්ත්‍රීන් දස දහසකගේ ප්‍රධානත්වය උසුලන ඔබ දැක ඇතුවාට කිසිදු සැකයක් නැත. මදක් විමසිල්ලෙන් එදෙස බලන්න. අනිවාර්යයෙන්ම ඇයගේ නළල් තලයේ අපූරු ත්‍රීශුලයක් බඳු හැඩයක් දිස්වේ.

යම් කාන්තාවක් දාසියකගේ වැඩ කරන කුලයක ඉපදුන ද, රජමෙහෙසියක වීමේ වරප්‍රසාද හිමිකම් ලබන්නට නම් ඇය මුව දෙනකගේ දෙබැම, උදරය, ගෙල , දෙදණ ඉහත කී ස්වරූපයෙන් යුක්ත විය යුතුමය. සමහර ස්ත්‍රීන්ගේ නිතඹ පිරිපුන්ය. එසේම ලය මඬලද පිරිපුන්ය.

දෙකොපුල් එවැනිම හැඩයක් උසුලයි. විශේෂයෙන් ඇය සෞභාග්‍යයේ සංකේතයක් වන්නේය. ඇය භාග්‍යවන්තයෙකි.

රාජිනියකගේ ගමනින් හැඩවන අලංකාර දෙනතින් සිනිඳු සමින් යුත් ස්ත්‍රිය හැම දෙයින්ම සමෘද්ධිමත්ය. ධන ධාන්‍යයෙන් පොහොසත්ය. අටකට ආසන්න පුත් රුවනක් ලැබීමට ඇය භාග්‍යවන්තය. ධන ධානයෙන් ආඪ්‍ය වීමට තවත් හේතු ලක්ෂණ වාසනාවේ රන් දොරටුවෙන් එබී බලයි. එහෙත් ඇයගේ අඩු පාඩු නැතුවා නොවේ.

කාන්තාව දේහ ලක්ෂණයෙන් අනූනය. පුදුමාකාර සිත් සතන් අප්‍රමාණ අදහස් උදහස් නිතර නිතර සනිටුහන් කරයි. තවත් කාන්තාවන් ‍නොයෙක් ගරු බුහුමන් පුද සත්කාර ලබයි.

එවැනි ලියන්ගේ උදරය මහත්ය. තවද ලමැද කටිය, දෙදණ, නෙත් යනාදීය පමණට වඩා මහත් ස්වරූපයක් ගනී. ඇය
අනිවාර්යයෙන්ම පිදුම් ලබන කාන්තා රත්නයකි. ජනාදරය දිනාගත් කාන්තාවක් වෙයි.

කාන්තාවකගේ කතාව, කෝපය, අවයව, රෝම කූප, කෙස් යන හැම එකකින්ම සුසිනිඳු මුදු මොලොක් ස්වභාවයක් උසුලයි නම් ඇය සුවිශේෂී ගණයේ පින් ඇති කාන්තාවකි. මිල කළ නොහැකි ගිනිය නොහැකි පෙර පින් ලැබීමට වාසනාවන්තියෙකි. ලොව උත්කෘෂ්ඨ කාන්තාවෝ සිටිති.

බලන්න ඔවුන් දෙස නෙත් යොමා අදිසිනාලිය ඇයගේ දෙදණ එකිනෙකට ලංව ගැටෙන ස්වභාවයක් පවතී. ඔවුන් හැර ඉහත කී උත්කෘෂ්ධ කාන්තාවෝ තවත් සිටිති. තවත් කාන්තාවකගේ මුඛ, බාහු, නෙත්, ඇඟිලි , කෙ‍ෙහරැළි දිගින් යුක්තය.

 අනිවාර්යෙන්ම එවැනි කාන්තාවෝ සුවයෙන් සිටිති. ඉතාමත් දීර්ඝායුෂ ලබන්නට වාසනාව කරපින්නාගෙන බිහිවන කාන්තාවෝ ද සිටිති.



More News »