ආපහු එන සෙනසුරු යකා

2017-10-17 10:11:00       667
feature-top
පසුගිය ජනවාරි 26 වැනිදා ධනු රාශියට ඇතුල් වූ ශනි නොහොත් සෙනසුරු අප්‍රේaල් 06 වැනිදා ආපහු හැරුණේය. එනම් වක්‍ර වීමය. එසේ ජුනි මාසයේ 21 වැනිදා වන විට ආපසු නැවතත් වෘශ්චික රාශියට ඔහු ගොඩ බැස්‌සේය. ග්‍රහ චක්‍රයක සුවිශේෂ අවස්‌ථාවකි එය. 
 
 සෙනසුරු වනාහී රටක සාමාන්‍ය ජනයා නිවේදනය කරන ග්‍රහ තාරකාවයි. ජනතාව වනාහී රටක බර අදින අය වෙයි. වැඩ කරන්නෝය. දුක්‌ විඳිමින් වැඩ කරන්නෝය. බඩු මිල, බදු බර අණ පනත් නීති රීතිවලට යටත් වෙමින් දුක්‌ විඳින්නෝය. මේ හැම නිවේදනය වන්නේ සෙනසුරු ගෙනි. යම් මිනිසෙක්‌ කන්දක ගෙයක්‌ සාදයි. ඒ කන්ද පාමුලට ලොරියෙන් ගෙනා සිමෙන්ති මලු බා පසුව එක එක කරෙන් ගේ සාදන තැනට අදී.
 
 ඔහුට එක්‌ සිමෙන්ති මිටියක්‌ කරේ තබාගෙන එම කන්ද නැගගෙන ගොස්‌ හදන ගේ ළඟින් තැබීමට විනාඩි දහයක්‌ ගතවුවා යයි සිතමු. ඒ විනාඩි දහය තුළ ඔහු සිටියේ පීඩනය වෙහෙස හා අභියෝගය තුළය. ඒ ස්‌වභාව අන් දෙයක්‌ නොව සෙනසුරුගේ ස්‌වභාවයයි. එනිසා රටක ගොවි කම්කරු ආදීවූ ජනයා ඔහුට අයත් වෙයි. එනිසා සෙනසුරු රටකට තීරක බලයක්‌ බව ලෝකායන ජ්‍යෙතිෂය අනුව පෙනේ.
 
 ලංකා කුම්භ ලග්නයෙහි ඔක්‌. 26 න් පසුව ශනිගේ භූමිකාව රඟ දැක්‌වෙන්නේ කුම්භ ලග්නයේ 11 වන භාවය තුළ වීමද ඉතා වැදගත් දෙයකි. 11 වැන්න ජනතාව නිවේදනය වෙන ස්‌ථානයක්‌ බැවිනි. එසේම සෙනසුරු 11 වැන්නට එන විට සඳු සිටින්නේද එහිය. එවිට ජන්ම ඒරාෂ්ඨක තත්ත්වයක්‌ ඇති වේ. එනම් 06 අධිපති සඳු සමඟ වීම නිසාත් විශේෂත්වයක්‌ වෙයි. එනම් සතුරුකම පීඩාවකට ලක්‌වීමය. සෙනසුරු එයින්ද යකා නටන තත්ත්වයක්‌ ඇති කරන බලයක්‌ ලබයි. 
 
 ඊළඟට කල්පනා කර බැලිය යුත්තේ ශනි ඇතුල් වූ එම 11 වැනි භාවය වූ ධනු රාශියේ අධිපතියා ලංකා කේන්ද්‍රයේ කොතැන ඉන්නේද යන්නය. ඔහු සිටින්නේ කුම්භ ලග්නයට බාධක ස්‌ථානය වූ 09 වැනි භාවයේය. එනම් තුලා රාශියේය. ඒ රාජ්‍ය නායක රවි සමඟය. මෙසේ කලාතුරකින් යෙදෙන රවි, ගුරු සංයෝගයක්‌ සහිත අවස්‌ථාවකය. විශේෂයෙන් 09 වැනි භාවය රාජ්‍යත්වය හෙවත් ආණ්‌ඩු ක්‍රමය ආගම හා දර්ශනය, නීතිය හා සාමය යන බලවත් තත්ත්වයන් නිවේදනය වන ස්‌ථානයයි. එසේම ගුරු අග්‍ර විනිශ්චයකරුවාගේ භූමිකාවද ග්‍රහ මඬුල්ලෙන් ඔහුට පැවරී තිබේ. මෙසේ රාජ්‍ය කාරක රවි සමඟ තුලා රාශිගත ගුරු සමඟ පූර්ණ සම්බන්ධතාවක්‌ සෙනසුරුට තිබේ. මෙයින් කියෑවෙන්නේ ආණ්‌ඩුවේ ගමන් මඟට නීතියෙන් බාධා එල්ල වන බවකි. සෙනසුරුගෙන් කියෑවෙන්නේ ජනතා පරමාධිපත්‍යයේ බලය ඉස්‌මතු වන බවකි. නව වැනි භාවය තුළ එසේ වෙද්දී 09 වැන්න අධිපති වූද කුම්භ ලග්නයට යෝග කාරක වූද සිකුරු 08 වැන්න වූ නරකම ස්‌ථානය වූ කන්‍යා රාශිය තුළ කුජගෙන්ද දැඩි පීඩාවකට පත්ව නීච වී සිටී.
 
 මෙයින් පැවසෙන්නේ රාජ්‍ය ක්‍රියාකාරිත්වය නීතිය මගින් දෝෂ දර්ශනයට ලක්‌වීමත් කලා ක්‌ෂේත්‍රයද සිකුරු නිවේදනය කරන බැවින් කලාකරුවන්ටද තදබල අපල ඇති කරන බවකි. විශේෂයෙන් 30 ස්‌ වසරකට වරක්‌ සෙනසුරු 11 වැන්නට පැමිණීම ඉතාම සුවිශේෂී සිදුවීමකි. සඳු ග්‍රහයාද එහි සිටි බැවින් ඔක්‌තෝබර් අග සිට අප රටේ දේශපාලනයේ උණුසුම් නවතම සිදුවීම් රැසක්‌ දැකබලා ගත හැකි වනු ඇත. 
 
 කුම්භ ලග්නයෙන් උපන් අයගේ කේන්ද්‍රවල සඳු ග්‍රහයා 10, 11, 12 සහ 04 යන ස්‌ථානවල නොසිටියේ නම් ඔවුන්ට අවු. 30 කට වරක්‌ එළඹෙන වෙස්‌ වලාගත් ආශිර්වාදයක්‌ වෙයි. 2020 දක්‌වාම මේ තත්ත්වය අත්විඳිය හැක. මහත් ධන ලාභ පවා අත්කර දෙන පිං ඵලදෙන කාලයකි. උපතින් සෙනසුරු නේත්‍රපානි - ප්‍රකාශන - ස්‌වභාව - නෘප්තලිප්ස - කෞතුක නිද්‍රd - ආගමන යන අවස්‌ථාවලින් එකක සිටියේ නම් ස්‌ථිරව සැප සම්පත් සලසයි.
 
 ඒ පුද්ගල වශයෙනි. ලෝකායන වශයෙන් අප රටේ ලග්නය වූ කුම්භ ලග්නයේ 11 වැනි භාවයට සෙනසුරුගේ පැමිණීම පාලක පක්‍ෂයට දැඩි ලෙස අසුබ ඇති කරන අතර පාලිත හෙවත් මහජනයාට ඉතාමත් හිතකර තත්ත්වයක්‌ ඇති කරයි. 2020 ජනවාරි දක්‌වා සෙනසුරු එහි රැඳී සිටින බැවින් ආණ්‌ඩු මාරුවකට බෙහෙවින් ඉඩකඩ විවර කරයි.
 
 විශේෂයෙන් ගුරු හා රවි දෙදෙනාගේ භූමිකාද ඉතාම වැදගත් වෙයි. සාමූහිකත්වය, ආණ්‌ඩු ක්‍රමය යන දෙක ඇතුළත්ව පොදු විපක්‍ෂය සහ ශ්‍රිලනිප දෙක සමගි සම්මුතියකට පත්වන යුගයක්‌ද සෙනසුරුගේ ආපසු පැමිණීම තුළ සිදුවන ඉඩකඩ පෙන්වයි. බොහෝ විට පක්‍ෂ දෙකක්‌ ලෙස එක්‌ව කටයුතු කරන තත්ත්වයක්‌ මතුවිය හැක.
 
 සංඝයා වහන්සේගේ බලයද රජයට එරෙහිව වඩාත් බලවත් වූ ස්‌වභාවය ඔක්‌තෝබර්වලින් පසුව දැකබලා ගත හැක. මැතිවරණයකට වසර අග මුහුණ දීමටද රජයට සිදුවන ස්‌වභාවය සෙනසුරුගේ භූමිකාව තුළ පවතීS. කෙසේ නමුත් නීතිය කිසි කලකට වඩා සෘජු තීරණ ගැනීමක යෙදෙන බවක්‌ පෙන්වයි. මේ නිසා ලබන ඔක්‌තෝබර් සෙනසුරු ගෙන එන විප්ලවය අතිශය බලවත් එකක්‌ බව පෙනේ. 
 
 සෙනසුරු ග්‍රහ තාරකාවකි. නමුත් විශ්වය පුරා විසිරී යමින් ත්‍රිලක්‍ෂණය මතු කරයි. හටගැනීම, වෙනස්‌ වෙමින් පැවතීම හා නැතිවීයැම යන සිද්ධාන්ත අනුව ලෝකය ගලායයි. මීට වසර 50 කට පෙර තිබූ කොළඹ නගරය අද නැත. නමුත් එය වෙනත් නගරයක්‌ද නොවේ. හටගැනීම, වෙනස්‌ වෙමින් නැතිවීයැම, යළි හටගැනීම ආදී ලෙස දේශපාලන ධර්මතාවන්ටද ත්‍රිලක්‍ෂණය පොදුය. බලමු ඔක්‌තෝබර් අග සිට මේ වෙනස· 


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »