සෙනසුරු අපලය සිකුරටම මට්‌ටුයි මෙන්න මන්තරේ

2017-10-31 10:47:00       327
feature-top
ඈත අතීතයේ සිට යම් ජන්මියෙකුට සෙනසුරු මහ දශාව, අතුරු දශාව හෝa සෙනසුරු ඒරාෂ්ඨක කාලයක්‌ උදා වන විට ඔහුට හෝ ඇයට විවිධ උපද්‍රවවලට මුහුණ දීමට සිදුවන බවත් එය ඉතාම දුක්‌ත කාලයක්‌ බවත් එදා සිට අද දක්‌වාම සමාජය තුළ මුල් බැස තිබෙන මතයකි. ඇත්තෙන්ම ඕනෑම ජන්මියෙකුට එසේ වන බව අපගේද අත්දැකීමයි. ඡන්මියෙකුට සෙනසුරු ඒරාෂ්ඨක කාලය උදාවුණ විට ඔහුගේ සියලු කාර්යයන් අඩපණ කරන බවට ඕනෑ තරම් සාක්‌ෂි ඇත. සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක්‌ ඇත්තා සේ සෙනසුරු අපලය සඳහා ප්‍රත්‍යක්‌ෂ ගුණදෙන සෙනසුරුටම අයිති ප්‍රබල යන්ත්‍රයකි ශනි මෘතුංජය. ශනි මෘතුංජය යන්ත්‍රය ශාස්‌ත්‍රානුකූලව සියලු පරිවාර මන්ත්‍ර සමඟ 24000 වර ජීවම් කර ජන්මියාට පැළඳවීමෙන් සියලු අනිටු දොaෂ භංගවී ඒකාන්ත සුවයක්‌ ලැබෙන බවට සහතිකයි. 
 
 ජන්මියාගේ උපන් නැකත හෝ පක්‌ෂියාගේ ශුභ වේලාවකදී යන්ත්‍රය ප්‍රස්‌තාර ගත කිරීම, යහන් කිරීම, ජීවම ආරම්භ කිරීම සිදු කළ යුතුය. යන්ත්‍ර ජීවම අවසන් කර ශ්‍රී විෂ්ණු දෙවියන් උදෙසා පූජාවක්‌ පවත්වා නිසැක ප්‍රතිඵල අපේක්‌ෂා කළ යුතුය. කළුතල කළු රෙදිවල පොට්‌ටනි ලෙස බැඳ එයට තලතෙල් එකතු කොට බුලත් 9 ක්‌ මත තැබූ පහන් මත දල්වා නිල් මල් නිල් තිර සමඟ කැවිලි පළතුරු සහිත පූජාව සමඟ තුල්සි ගසක්‌ (නිල් පාට මල් පිපෙන මදුරුතලා විශේෂයකි.) තැන්පත් කර තුන් සූත්‍රය සමඟ තෙරුවන් වන්දනා කර සීනුව නාද කරමින් හඬ නඟා විෂ්ණුදේව ආරාධනාව සහිත සියලු ස්‌තෝත්‍ර හඬ නඟා ගායනා කර නිල් රෙදි කඩක බදින ලද පඬුර ජන්මියා අතින්ම ත්‍රිශූලයේ බැඳ විෂ්ණු දෙවියන්ට භාර කළ යුතුය. මේ පිළිවෙත අනුගමනය කිරීමෙන් ඒකාන්තයෙන්ම සෙනසුරුගෙන් බේරී තම රැකියා, ව්‍යාපාර, වෙළදාම්, අධ්‍යාපනය, පවුලේ සමගිය සමඟ සියල්ලෙන් ඒකානත්යෙන්ම ජය ගැනීමට හැකි වන බවට සහතික කළ හැකිය.
 
 ශනි මෘතුංජය යන්ත්‍ර රාජයා
 
 ජීවම
 
 ඕං භි්‍රං ජූං සඃ සිවාය යස්‌සං ජාත්‍යාංශ (ජන්මියාගේ උපන් නැකත ලග්නය නම) නාම දේහස්‌ස භය ව්‍යාදීනංදම් මෝචය මෝචය ශිව ශිවන සඃ ජුං ශ්‍රීං ඕං ආයුවර්ධන ආයුවර්ධනම් ස්‌වාහඃ
 
 (24000) වාරයයි. වරම් ගැනීම පරිවාර මන්ත්‍ර සමඟ සියලු යන්ත්‍ර විදි ශාස්‌ත්‍රානුකූලව ඉටු විය යුතුයි. පුද සත්කාර නොඅඩුව තබන්න. සෙනසුරුගෙන් උදාවන සියලු උපද්‍රව හිරු දුටු පිනි සේ දුරු වේ.
 
 වැඩිදුර උපදෙස්‌ ලබා ගැනීමට 078-6107052 අංකය අමතන්න. 


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »