පෙර කුසල් අඩුවුවත් දියුණුවට නොවරදින මගක්‌

2017-11-01 11:34:00       367
feature-top
අප බුදුරජාණන් වහන්සේ දේශනා කළේ වම් ඇසත් දකුණු ඇසත් පෙනෙන පුද්ගලයකු වන ලෙසයි. කෙනෙකුගේ වම් ඇස යනු මෙලොව දියුණුවයි දකුණු ඇස යනු පරලොව දියුණුවයි. මිනිසා දුප්පත්, පොහොසත්, ධනවත්, බලවත්, නැණවත් ලෙස උපදින්නේ පෙර කුසල් බලය මතය. දෙවියන්ද කුසල් බල දුබලතාවය මත අල්පේශාක්‍ය, (අල්ප පින් ඇති) මහේශාක්‍ය (මහා පිං ඇති) බුමාටු, (කුසල් අඩු වෘක්‌ෂ දේවතා) වශයෙන් වෙන් වී පවතී. බොහෝ දක්‌ෂ ජ්‍යෙdතීර්වේදීන් කුසල් බලය වැඩි කේන්ද්‍ර දුටු ගමන් හඳුනා ගනී. ජ්‍යෙdaතීර්වේදියකු කළ යුත්තේ තම සේවා දායකයාගේ කේන්ද්‍රයේ කුසල් බල දුබලතාවය පිළිබඳ සත්‍ය පහදවාදී ඒ සඳහා කළ යුතු පිළිවෙත් ඉදිරිපත් කිරීමයි. කුසල් බලය අඩු පවුලක විවාහ වෙන වයසේ අය සිටී නම් පංච මහා පුරුෂ යෝග සහිත බලවත් කුසල් බලය ඇති අය සමඟ විවාහ වීමට උපදෙස්‌ දිය යුතුය. අද විවාහ වන අය පොරොන්දම හැර කුසල් බලය, පංච මහා පුරුෂ යෝග ගැන සිතන්නේවත් නැත. පංච මහා පුරුෂ යෝග යනු පෙර සසරේ කරන ලද කුසල් බලයේ අතිරික්‌තයයි. කුසල් බලය මෙන්ම අකුසල් බලයද දරිද්‍ර යෝගවලින් පෙන්නුම් කෙරේ. කුසල් බලය අඩු පවුලක අයෙකුම රාහු 09 හෝ 12 වැන්නේ උපතින්ම පිහිටා ඇත්නම් විදේශගතව තම පවුල ගොඩ ගන්නට උපදෙස්‌ දිය යුතුය. එමෙන්ම එවැනි පවුලක සාමාජික සාමාජිකාවන්ගේ කුජ, සිකුරු වැනි ග්‍රහයන් බලවත්ව සිට හොඳ ශුභ මහ දශාවක්‌ ගෙවන්නේ නම් හොඳ ව්‍යාපාරයක්‌ පටන් ගන්නට උපදෙස්‌ දිය යුතුය. කුසල් බලය ඉතාම අඩු කෙනෙකුට නම් වටිනා පංච මහා පුරුෂයෝග සහිත කෙනෙකු සමඟ හවුලේ ව්‍යාපාරය පටන් ගැනීම මහත් ශුභඵල ගෙනෙයි. අද මේ උතුම් ශාස්‌ත්‍රයට පහර වදින්නේ කුසල් බලය අඩු අයට මුලාකර දියුණුව අතේ පත්තු කර පෙන්නා මුලාකර ඔවුන් ධනවතුන් බවට පත්වන නිසාය. ඇත්ත තිත්තයි නමුත් සත්‍යයි යන්න තේරුම් ගත යුතුය. පුද්ගලයකුගේ මෙලොව දියුණුව 33/100 කුසල් බලය නිසාද 34/100 උත්සාහය මතද, 33/100 යන්ත්‍ර මන්ත්‍ර මැණික්‌ වර්ග, තම ආගමට ආලේප වී දෙවි කෙනෙකු ආශ්‍රය කිරීම මතද සිදුවන බව සිහි තබා ගත යුතුය. කුසල් බලය අඩු අය හැම විටම බුදුන් වැඳ දෙවි කෙනෙකුගේ පිහිට පැතිය යුතුය. දෙවියන්ද පෘතග්ජනයි. තමන්ට පිං දෙන තමාව ආශ්‍රය කරනා අයට සොයා එන අයට හොඳට සලකයි. හොඳම උදාහරණය තිරුපතිවල වැඩ වසන නාරායන විෂ්ණු දෙවියන් සොයා යන බැතිමතුන් ගැන සොයා බලන්න. එම නිසා මෙලොව වශයෙන් දියුණුq වීමට බුදුන් වැඳ නාරායන විෂ්ණු දෙවියන්ට ආලේප වන්න. එළඟිතෙල් පහනක්‌ දල්වා ගයාත්‍රි මන්ත්‍රය 7 වරක්‌ ස-Cධයනා කර ඔබ වහන්සේ මතු බුදු වේවායි ප්‍රාර්ථනා කර තම දියුණුව ඉල්ලා ගයාත්‍රි මන්ත්‍රය නිතර ශ්‍රවණය කරමින් තමාද උත්සාහ කරන්න. තමන්ගේ කුසල් බල දුබලතාවය පිළිබඳ සැබෑ විවරණයක්‌ ඔබගේ ජන්ම තුළින් ලබා ගන්න. අද බොහෝ දෙනකු සිතන්නේ ජීවම් කරන ලද බලගතු තෙල් ටිකකින් යන්ත්‍රයකින් හෝ මැණික්‌ ගලකින් ගොඩ යන්නටයි. කුසල් බලය අඩු කෙනෙකුට එවැනි දෙයකින් විතරක්‌ දියුණු විය හැකිද? එහෙත් දියුණුව කරා යන ගමනේදී යොදා ගන්නා ක්‍රමවේදයේ එවැනි දේවල්ද ඇතුළත්ව තිබිය යුතුය. එවැනි දේ ද සිදු කරමින් බුදුන් වැඳ දෙවියන්ට උදේ, සවස ආලේප විය යුතුය. දෙවියන් ආකර්ෂණය කර ගත හැක්‌කේ අප රැස්‌ කර අනුමෝදන් කරන පින්වල බලය මත බව සිහි තබා ගත යුතුය. දිනපතා බුදුන් වැඳ නාරායන විෂ්ණු දෙවිඳුන් ආදරයෙන් සහ විශ්වාසයෙන් ආශ්‍රය කරමින් පිං දෙමින්, නිවසේ අඳුර දුරු කර ආලෝකය ඇති කරවා. දුක්‌ අෙ¹aනා වෙනුවට ධනවාදී චින්තනය මුල් වූ ගීත, ගයාත්‍රි මන්ත්‍රය, ශ්‍රවනය කරමින්, කුසල් බලය නිවසට කැඳවාගෙන ඒ තුළින් දියුණුව ඇති කර ගැනීමට තමාද උත්සාහවන්ත විය යුතු බව අමතක නොකළ යුතුය.
 
 වැඩිදුර විස්‌තර සදහා 0778892039, 0114360127


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »