මරණයෙන් මතු කුමක්‌ සිදුවේද? - සියල්ල දැනගන්න මෙය කියවන්න

2017-11-09 09:46:00       363
feature-top
ජ්‍යෙතිෂ විද්‍යාවටවත් අකල් මරණයක්‌ ගැන අනාවැකි කීමට නොහැක. ලොව පවතින සෑම ආගමකම කියෑවෙන්නේ කෙනෙකු මියගිය විට ඔහු හෝ ඇය කළ කී දැ අනුව ස්‌වර්ගයේ හෝ නිරයේ උත්පත්තිය ලබන බවයි. නමුත් බෞද්ධ සහ හින්දු සංකල්ප අනුව මේ තලවලට අමතරව මිනිස්‌ ලොවද අයත් වෙනවා. අනෙක අපේ දරුවන් අප සමඟ ටික කාලයක්‌ ගත කිරීමට පැමිණි ආත්මයන් මිස අපිට අයිති ආත්මයන් නොවේ. ඔවුන් සතු සංසාරගත කර්ම ශක්‌තියක්‌ තිබේ. ඔවුන්ගේ සෑම දෙයක්‌ම සකස්‌ වන්නේ ඒ අනුවයි. සමහර විට ඔවුන් ඔබ දෙමවුපියන් වී උත්පත්තිය ලබන්නේ ඔබ සමඟ කරන ලද දෛවමය ගනුදෙනුවක්‌ පියවීමට වන්නට පුළුවන. ඔබට දුක, වේදනාව ගැන පාඩමක්‌ ඉගැන්වීමට වන්නට පුළුවන. තවද නැවත සංසාරයේ ඔබ හමුවන්නටද පුළුවන. 
 
 ඔබ දන්නවාද කුඩා දරුවන් මියගිය විට උත්පත්තිය ලබන්නේ සුරලොව බව. එයට හේතුව ලෙස පැවසෙන්නේ ඔවුන්ගේ චුති චිත්තය පිරිසිදු වීමයි. ඔබේ සුරතල් දියණිය, පුතණුවන් අද සුරලොව සිට ඔබ දෙස බලා සිටියි. ඔබ දුක්‌වන විට ඔවුන් කම්පා වෙයි. ඇමරිකාවේ ඉතා සුප්‍රසිද්ධ ශල්‍ය වෛද්‍යවරයෙකු මෙන්ම මෝහනය පිළිබඳ විශේෂඥ වෛද්‍ය බ්‍රයන් වයිස්‌ මහතා පවසන පරිදි තම කුඩා පුතු උත්පත්තිය ලැබුවේම දරුණු හෘද රෝගයකිනි. දින ගණනකින් සිඟිත්තා මියයනවා. එය මේ දෙමවුපියන්ට දැඩි වේදනාවක්‌ ගෙන දුන්නා. ටික දිනකින් ඔහු එක්‌ යුවතියක්‌ මෝහනය කරද්දී මෙම යුවතිය එම දරුවා ගැන කියන්නට පටන් ගන්නවා. එම දරුවාගේ නම, මියගිය හේතුව, දැනට සිටින ස්‌ථානය ඇය පැවසූයේ වෛද්‍යවරයා මවිතයට පත්කරමින්. ඔහු දැන් ඉතා සුවෙන් සිටින බවත් කම්පා නොවන ලෙසට දෙමවුපියන්ට දන්වන ලෙසත් ඔහු දන්වා තිබෙනවා. එලෙස මළගිය අය සමඟ පණිවිඩ හුවමාරු කර ගැනීමේ හැකියාවක්‌ ඇති අධි මානසිකත්වයෙන් යුතු අය ලොව සිටිනවා. අපේ රටේත් සිටිනවා. නමුත් එවැනි මළගිය ඥාතීන් කැඳවීම ඔවුන්ට හිරිහැරයක්‌ වනවා.
 
 ආධ්‍යාත්මික පර්යේෂණවලින් හෙළිවන පරිදි මිනිස්‌ සිරුර සැකසී ඇත්තේ මූලික සිරුරු සතරකින්. එනම් භෞතික ශරීරය, මානසික ශරීරය, හේතුකාරක ශරීරය, අති හේතුකාරක හෝ සියුම් ශරීරය යන කොටස්‌වලිනුයි. කෙනෙක්‌ මරණයට පත්වූ විට ඔහුගේ භෞතික ශරීරය ඉතිරි වේ. නමුත් ඔහුගේ විඤ්ඤාණය තවදුරටත් ක්‍රියා කිරීමට පටන් ගනී. ෙභෘතික ශරීරයෙන් තොර පුද්ගලයා හඳුන්වන්නේ ලිංගදේහ නැතහොත් සියුම් ශරීරය යනුවෙනි. එය මානසික, හේතුකාරක, සියුම් සිරුර යන තුනෙන් සමන්විත වෙනවා. මෙම සියුම් ශරීරය තමන්ගේ චුති චිත්තය අනුව අනෙකුත් ලෝකයන් වෙත ගමන් කරන්නට පටන් ගන්නවා.
 
 මරණීය අවස්‌ථාවේදී භෞතික සිරුර අක්‍රීය වන විට එය තුළ ඇති ශක්‌තිය විශ්වයට මුදාහරියි. මෙම ශක්‌තිය විසින් සියුම් ශරීරය මිහිතලයෙන් තල්ලු කිරීමක්‌ සිදු කෙරෙයි. එය හරියට රොකට්‌ටුවක බලය අනුව එහි ගමනාන්තය තීරණය කරන්නාක්‌ මෙන් මෙම සියුම් ශරීරයේ බර අනුව එය ගමන්ගන්නා තලය තීරණය වේ.මරණාසන්න අවස්‌ථාවේ ඇතිවන මානසික තත්ත්වය නැත්නම් අවසන් සිතුවිලි (චුති චිත්තය) නැවත උත්පත්තිය ලැබීමේදී ඉතා වැදගත් සාධකයක්‌ වනවා. කෙනෙක්‌ තම මරණාසන්න අවස්‌ථාවේ තමාගේ ආගම හෝ තමන් කරන ලද යහපත් දේ සිහි කරන්නේ නම් හෝ යම් යාඥාවක යෙදෙන්නේ නම් හෝ ස්‌තෝත්‍ර ගායනා කරන්නේ නම් ඔහුගේ සිරුර ලිහිල් වන බව පැවසේ. මේ නිසා ඔහුගේ සුක්‍ෂම ශරීරය සැහැල්ලු බවට පත්වී වඩාත් යහපත් ලෝකයක ඉපදීමට අවස්‌ථාව ලැබෙන බවද පැවසේ. තවද එවැනි අවස්‌ථාවල අමනුෂ්‍ය බලවේගයන්ට එම මරණාසන්න පුද්ගලයා අසලට ළංවීමට නොහැකි වන බවද පැවසෙනවා. 
 
 ලොව පහළවූ සමහර ශාස්‌තෘවරුන්ට නිර්වාණය තරම් දුරට දැනුම වර්ධනය කර ගැනීමට නොහැකි වුවද ඔවුන් යම් මට්‌ටමකට, සුගතියකට යැමට මිනිසුන් යොමුකර තිබෙනවා. තම ජීවිතය පවා මිනිස්‌ සංහතිය වෙනුවෙන් පූජා කර තිබෙනවා. යේසුස්‌ වහන්සේ එයට හොඳම නිදසුනක්‌. උන්වහන්සේ තරම් වේදනා විඳි අනෙකෙක්‌ නැති තරම්. අප මහා බුදුරජාණන් වහන්සේ ද නිර්වාණය සාක්‌ෂාත් කරගැනීම සඳහා ආත්ම ගණනාවක්‌ විඳි දුක්‌ අනන්ත බව පැවසෙනවා. උන්වහන්සේ පමණක්‌ සංසාරයේ කෙළවර දක්‌වාම ගමන් කරමින් නැවත ඉපදීමක්‌ නොලබන නිර්වාණය අවබෝධ කර ඒ මඟ අපටත් පෙන්වාදීමට සමත් වී තිබෙනවා. අතීත ආත්ම ආවර්ජනය සහ මරණාසන්න අත්දැකීම් අදාළව කරන ලද පරීක්‌ෂණවලින් මරණින් පසු ජීවිතය ගැන සුවිශේෂී තොරතුරු හෙළිකර ගැනීමට සමත්වී තිබෙනවා. මේ මගින් මරණයත්, ඉපදීමත් අතර යම් කාල පරාසයක්‌ තිබෙන බව හෙළිවී තිබෙනවා.
 
 විශ්වයේ පවතින තලයන් 
 
 විශ්වයේ මිහිතලයට අමතරව ධනාත්මක තලයන්( 
 
 (දිව්‍ය තලයන්) 7 ක්‌ සහ සෘණාත්මක තලයන් (අපාය තලයන්) 7 ක්‌ තිබෙන බව පැවසෙනවා. මෙම තලවලත් තව තවත් උප තලයන් පවතිනවා. දිව්‍ය තලයන්හි සිරුරු වියපත් වීමෙන් වළකිනවා. ආහාරය අමෘතය බැවින් බහිස්‌ස්‍රාවයක්‌ සිදු වන්නේ නැහැ. සිරුර සියුම් ශරීර වලින් යුක්‌ත වනවා. උත්පත්තීන් ඕපපාතිකව සිදුවනවා. ඉතාම අලංකාර පරිසරයට තමන් කළ පින් දහම් අනුව පහළ වන විමානවල ඉතා සතුටින් කල් ගෙවීමට මොවුන්ට හැකියාව තිබෙනවා. ඉහළ තලවලට යන්නට යන්නට සැප සම්පත් වර්ධනය වනවා. නමුත් පින ගෙවී අවසන් වූ විට වෙනත් තලයක උත්පත්තිය ලබන්නට සිදු වනවා. මිහිතලය යනු විශ්වයේ එකම ෙභෘතික ලෝකයයි. සෘණාත්මක ලෝකයත්, තිරිසන් ප්‍රේත අසුර සහ නිරය ලෙස වර්ග කරන්නට පුළුවන්. නිරයන් ද විවිධ දණ්‌ඩනයන් අනුව විවිධ වනවා. මේවායේ ජීවත්වන සතුන් නිරි සතුන් ලෙස හඳුන්වනවා. ඔවුන් තමන් කළ කර්මයන් අනුව විවිධ වූ වධ වේදනාවලට ලක්‌වනවා. මෙහි ඇති විශේෂත්වය වනුයේ ඔවුන් එම වධ වේදනා විඳීමට නැවත නැවත එම තල වලම ඉපදීමයි.
 
 මිහිතලය හැර අන් සියලුම තලයන් මිනිස්‌ ඇසින් දැකිය නොහැකිවුවත් මිනිස්‌ ලොව වෙසෙන සුවිශේෂී ආධ්‍යාත්මික සහ අධිමානසික තත්ත්වයන් යුතු පුද්ගලයන්ට අනිකුත් තලවල සිටින්නන් සමඟ සම්බන්ධ වී අදහස්‌ හුවමාරු කර ගැනීමට හැකියාවක්‌ තිබෙනවා. නිදසුනක්‌ වශයෙන් ශාන්තුවරයන්ට, ඉසිවරුන්ට ඉහළ ධ්‍යාන වඩන ලද අයට දිව්‍ය තලවල සිටින්නන් සමඟ සම්බන්ධ වීමේ හැකියාවන් පවතිනවා. තවද ප්‍රේත භුත ආත්මවල සිටින්නන් සමඟද මිනිස්‌ ලොව පුද්ගලයන්ට අදහස්‌ හුවමාරු කරගැනීමේ අවස්‌ථා තිබෙනවා. සමහර සෘණාත්මක තලවල සිටින අයට තම ඥාතීන් දෙනු ලබන පින් පෙත් මගින් වෙනත් සුගති ස්‌ථානයකට යැමට හැකියාව තිබෙනවා.
 
 මරණාසන්නව සිටින ඔබේ ආදරණීය මව පියා ඥාතියා සුගතියකට යොමු කරන්නේ කෙසේද? 
 
 මරණාසන්නව සිටින ඔබේ මව, පියා ළඟම ඥාතියා සුගතියකට යොමු කිරීමට ඔබටද හැකියාවත් තිබෙනවා. ඔබ අදාළ ආගමික පූජකවරයෙක්‌ කැඳවා පිරිකරක්‌ පූජා කර හෝ යාච්ඥා මෙහෙයක්‌ කර ඔහු හෝ ඇය කළ කුසල් සිහිපත් කරවීමෙන්a මෙය කළ හැකි වනවා. පින් පොත වැදගත් වන්නේ මෙවැනි අවස්‌ථාවලයි. මෙසේ කෙනෙක්‌ සුගතියට යොමු කිරීමද මහා කුසල කර්මයකි. නමුත් හැŽමෙන් වැළපීමෙන් කරන්නේ ඔවුන් දුගතියකට යොමු කිරීමක්‌ පමණයි. කෙනෙක්‌ ගේ ප්‍රාණය නිරුද්ධ වන විට අවසාන වශයෙන් නිරුද්ධ වන්නේ ශබ්දයයි. එබැවින් අන්තිම මොහොත දක්‌වා ඔවුන්ට ශ්‍රවණය කිරීමේ හැකියාව තිබෙනවා. තම අවසාන මොහොත තම නිවසේම ගත කිරීමට සෑම කෙනෙක්‌ම ප්‍රිය කරනවා. එහිදී ඔවුන් තම සහෘදයන් අසල වීම නිසා සතුටින් සිටිනවා. සමහර වයෝවෘද්ධ පුද්ගලයන් එවැනි ඉල්ලීම් කර තිබුණත්, රෝගියාගේ පහසුව තකා රෝහල්වලට යොමු කිරීම නිසා වෛරයෙන් මියයනවා. එවිට දුගතියකම උත්පත්තිය ලබනවා.
 
 ධනාත්මක තලයන්හි සහ මිහිතලයේ නැවත ඉපදීම
 
 මිනිස්‌ ලොව පැවැත්ම ඉතා වැදගත් වන්නේ එහිදී ඉතාම කෙටි කලකදී ආධ්‍යාත්මික වර්ධනයක්‌ ලබාගත හැකිවීම සහ අපගේ දෛවමය ගනුදෙනු පියවීම සඳහා එහි ඉඩකඩ තිබීමයි. මෙයට හේතුව භෞතික සිරුරක්‌ සමඟ මෙවැනි කටයුතුවල යෙදීම පහසු වීමයි. මිහිතලයට අමතරව ආධ්‍යාත්මික භාවය වර්ධනය කරගත හැක්‌කේ දිව්‍යමය තලයන්ට ඉතා ඉහළිsන් පවතින තලයන්හි බව පැවසේ. දිව්‍ය තලවල ඇති කාමභෝගී සම්පත් නිසා ආධ්‍යාත්මික ගුණ වගාව වෙත යොමු නොවන බව පැවසෙනවා.
 
 පුනරුත්පත්තියේදී උත්පත්තීන් අතර කාල පරාසයක්‌ ඇති වන්නේ ඇයි? 
 
 මෝහනය සහ අතීත ආත්ම ආවර්ජනය මගින් සොයා ගත් තොරතුරු අනුව මිහිතලයේ උපත් දෙකක්‌ අතර පරතරය වසර 50 - 400 දක්‌වා විය හැකි බව සොයාගෙන තිබෙනවා. මෙයට හේතු වන්නේ දිව්‍ය තලයක හෝ යම් නිරයක සෑහෙන කාලයක්‌ ගතකිරීමයි. (දිව්‍ය තලවල සහ නිරයන්හි කාල පරාසය සහ මිනිස්‌ ලොව කාල පරාසයක්‌ අතර විශාල වෙනසක්‌ තිබීමයි) අනෙක තමන් විසින් කරන ලද පාප කර්මයන්ට අනුව අදාළ කර්මානුරූප ගනුදෙනු පියවීම සඳහා අදාළ පුද්ගලයන් සමඟ සහ සම්බන්ධ වී උත්පත්තියක්‌ ලැබීමට අවශ්‍ය කටයුතු සම්පාදනය වන තෙක්‌ උත්පත්තිය කල් යවමින් සැරිසැරීම බවත් පැවසෙනවා. මේ කාලය වන විට මිනිස්‌ ලොව ඇතිවී තිබෙන දරු උපත් සීමා කිරීම වැනි කාර්යයන් නිසාද ගන්ධබ්බයන්ට මිනිස්‌ ලොව උත්පත්තිය ලැබීම අසීරු වී තිබෙනවා. මිනිස්‌ ලොව ඉහළ ආධ්‍යාත්මික ගුණ වගාවෙන් කටයුතු කරන්නන්ට අනිවාර්යයෙන්ම ඉහළ තලයක උත්පත්තිය ලැබීමට වාසනාව හිමි වනවා. ආධ්‍යාත්මික ගුණ වගාව එක්‌ එක්‌ ආගම් අනුව වෙනස්‌ වුවත්, ඒ සියලුම ආගම් විශ්ව නීතියට යටත් බව අප මතක තියාගත යුතු වෙනවා. එනම් යහපත වපුරන්නා යහපතත්, අයහපත වපුරන්නා අයහපතත් ලබාගන්නා බවයි. 


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »