ජ්‍යෙතිෂයේ යන්ත්‍ර පැළැඳීම

2017-11-13 09:52:00       297
feature-top
ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රයේ වටිනාම පැතිකඩක්‌ තමයි යන්ත්‍ර පැළැඳීම. හැබැයි හිතුමතේට බැහැ. ඡන්ම පත්‍රයක්‌ හිතුමතේට පරීක්‍ෂා කිරීමේදී ප්‍රතිඵලය වන්නේ කේන්ද්‍රහිමියා සෑහීමකට පත් නොවීමත් සුළු මුදලක්‌ වැයකිරීමත් පමණයි. නැකතක්‌ වරදිනවා කියන්නේ ඔබ සැලසුම් කළ හෝ තැන්පත් කළ හිමිවූ මුදලක්‌ නැතිවී යාමක්‌. ඒකත් හිතට ගතට රිදෙන සිද්ධියක්‌ තමයි. යන්ත්‍රයක්‌ වැරදියට පළඳිනවා කියන්නේ ලොකු මුදලක්‌ වැයකිරීමක්‌ වගේම ලොකු හිත් රිදීමක්‌ සමඟ අලුත් අසනීපයක්‌ ඇතිවීමක්‌. සමහර විට ඒ රෝගය ඔබේ මානසික අබාධයකට හේතුවන්නක්‌ හෝ මරණය දක්‌වා පවතින්නක්‌ වන්නත් බැරි නැහැ.
 
 යන්ත්‍රයක්‌ හරියට කරනවා කියන්නේ ප්‍රයෝජන රාශියක්‌ වගේම දැනගත යුතු කරුණු රාශියක්‌ තිබෙනවා. විශේෂයෙන් මේ සටහන ලියන්නේ පාඨක ඔබ කළ විශේෂ ඉල්ලීමකට ඇහුම්කන්දීමක්‌ වශයෙන්, එක්‌තරා සිදුවීමක්‌ අරමුණු කරගෙනයි. අනුරාධපුරයට සමීප දහයියාගම පදිංචි එක්‌තරා ජෝඩුවක්‌ (තරමක වයසක) මා හමුවීමට ආවා. එක්‌තරා යන්ත්‍රයක්‌ හදාගන්නට. විස්‌තර සාකච්ඡා කිරීමේදී කිව්වා ඇයට එක්‌ යන්ත්‍රයක්‌ දැමූ බවත් කිසිම සහනයක්‌ නොමැති බවත් ලැබූ අවවාද මත එය ශරීරයෙන් ඉවත් නොකළ බවත්. වගකීම මම භාර අරගෙන යන්ත්‍රය ශරීර ස්‌පර්ශයෙන් ඉවත් කරලා ඇතුළේ දමා ඇති යන්ත්‍රය බැලුවා. යන්ත්‍රයේ දිග පළල 2"Ü4". වසබීම බෝතල් වල ඇති මිනීඔළු රූප 4 ක්‌ හතර කොනේ ඇඳ මැද ධර්මචක්‍රය ඇඳ තිබුණා. එහෙම යන්ත්‍ර මා දැක නැති බවත් යන්ත්‍රයක දිග පළල 2"Ü4" වනවිට ප්‍රතිඵලය රෝග බවත් මා කියා සිටියා. සියලුම දේ විස්‌තර කරදී පසුව අවශ්‍ය යන්ත්‍රය ඉණ පැළැන්දුවා. අදටත් ඔවුන් මට ස්‌තුති කරනවා. රටේ මෙහෙම වැඩත් තිබෙනවා. මීට වඩා කපටිකම්, හොරකම්, හෙළාදැකීම් තිබෙන නිසා මේවා ගැන පුදුමවන්නත් ඕන නැහැ. එහෙම වුණත් ජ්‍යෙdතිෂයේදී මේ විදියේ කූඨ වැඩකරන්න එපා. එහෙම ක්‍රියා තමුන්ටම පවු පුරවා ගැනීම් වගේම ශාස්‌ත්‍රය බාල්දු වෙනවා. මේ ආකාරයට ශාස්‌ත්‍රය බාල්දු නොකරන ලෙසටත් වැරදි ලෙස යන්ත්‍ර පැළඳීමෙන් වළකින ලෙසටත් එසේ ක්‍රියාකරන අයගෙන් දෙපානැමැද ඉල්ලා සිටිනවා. පාරම්පරික ජ්‍යෙdතිෂවේදියකු හැටියට යන්ත්‍ර පැළඳීමේදී ඔබ නොදන්නවා නම් අඩුම තරමින් යන්ත්‍ර ශ්‍රේණිය, යන්ත්‍ර රත්නය පොත් හෝ එවැනි පොත්පත් පරිහරණය කරන්න හෝ පැරණි ආචාර්යවරුන්ගේ උපදෙස්‌ ගත්තොත් හොඳයි.
 
 යන්ත්‍ර පළඳිනකොට පළමුවෙන් හිතන්න ඕනෑ යන්ත්‍ර වර්ගය. එනම් අසනීපයකටද, ව්‍යාපාර දියුණුවකටද, වශියකටද, ගෙවල් දොරවල් වල ශ්‍රියාව පවත්වාගෙන යන්නද, හෝ ග්‍රහ දොaෂවලටද යනුවෙන්. යම්කිසි කෙනෙකුට යන්ත්‍රයක්‌ දමනවිට ඔහුගේ හෝ ඇයගේ ඡන්මපත්‍රයේ තත්කාලීන ග්‍රහගෝචරය පරීක්‍ෂා කරන්න. එවිට වඩා ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. සමහර විට කෙටි ගුරුකමකින් එහි සහන ගන්න හැකිවේවි. මොකද යන්ත්‍රයක්‌ ශරීර ස්‌පර්ශ කළ මොහොතේ සිට ස්‌වකීය රුධිරය සමඟ මේ යන්ත්‍රය ප්‍රතිචාර පවත්වන නිසා.
 
 යන්ත්‍ර දානකොට එහි දිග පළල ගත යුතුමයි. දිග පළල 2"Ü4" ප්‍රතිඵලය ලෙඩ රෝග බවත්, 2"Ü8" ප්‍රතිඵලය මරණය බවත් ඔන්න මම කිව්වා. පුංචි ළමයින්ට දාන පුස්‌කොල යන්ත්‍ර ගැන පසුව කියමු. අපි හිතමු ග්‍රහ බලපෑමකට යන්ත්‍රයක්‌ දමනවා කියලා. එනම් සුදුසු යන්ත්‍රය හා එහි දිග පළල තීරණය කරන්න. ඒක අන්තිම දශමයට ගන්න ඕනෑ. හරියට මතුරන මන්ත්‍ර වාර ගණන වගේ. දෙවනුව මතුරාගත් පන්හිඳ ගෙන අවශ්‍ය කෙනාගේ සුභ මූර්තිය හා පක්‍ෂියාගේ පැවැත්ම සැලකිල්ලට ගෙන සුභ වේලාවක යන්ත්‍රය ප්‍රස්‌ථාර කිරීම අරඹන්න.
 
 ආධුනික මහතුන් මේ විදියට යන්ත්‍ර දමන්න දැන්ම සූදානම් වන්න එපා. මේ කිව්වේ මූලික දේ විතරයි. හරියටම නීතිරීති ලිව්වේ නැහැ. මේ යන්ත්‍රය ප්‍රස්‌ථාර කරන වේලාවට ඔවුන්ට දුන්පුර තිථියට අනුව එම ගෙදර පොල්තෙල් පහනක්‌ දල්වන්න ඕනෑ. මෙම යන්ත්‍රය සිහිකර එය අතරමගදී නිවෙන්න බැහැ. සම්පූර්ණව දැල්වෙන්න ඕනෑ. දැන් යන්ත්‍රය ප්‍රස්‌ථාර කරන්න ඕනෑ හැකි තරම්. ගැබ් පුරවන්න ඕනෑ. අක්‍ෂර පිරවීමත් දැන් කළ හැකියි. එක දිගටම කරන්න බැරිබව තේරුම් අරගෙන හැකි තරම් උපරිම වැඩ කොටසක්‌ අවම දින ගණනකින් අවසන් කළොත් හොඳයි. මොකද මේ පුරතිථිය තුළ සම්පූර්ණ කරන්න ඕන නිසා. යන්ත්‍රයක්‌ පුරතිථිය තුළ ආරම්භ කරලා පුරතිථියෙම අවසන් කළොත් බල පිහිටනව වැඩියි.
 
 ඒ කිව්වේ යන්ත්‍ර විතරයි හොඳේ. ගුරුකම් නොවේ. පටලවා ගන්න එපා. හැබැයි ඉතින් ජ්‍යෙdතිෂ්‍ය ගුරුතුමාත් මේ දිනවල ප්‍රවේශම් වන්න ඕනෑ හොඳේ. මස්‌මාංශ - මත්පැන් - එහෙම දන්නවනේ තහනම්.... අනවශ්‍ය කිලි තැන් වලටත් යාම බැහැ. මේ වනවිට යන්ත්‍ර මතුරන අවස්‌ථාවට ඇවිල්ලා. ඊළඟට මතුරන්න අවශ්‍ය නියමිත ජප මන්ත්‍රයක්‌ සූදානම් කරගන්න ඕනෑ. එතකොට ලෙහෙසියි නේ. රාහුට නම් සිද්ධි නාගර්ජුනයට අවශ්‍ය ජප මන්ත්‍රය - සෙනසුරුට නම් ශනි මුත්‍යජයට නියමිත ජප මන්ත්‍රය.
 
 ඊළඟට ඖෂධ ගැල්වීම, ප්‍රවේශම් විය යුතු සන්ධිස්‌ථානයක්‌. කිසිම යන්ත්‍රයකට ව්‍යාජ හෝ අනියම් ඖෂධ ගලවන්න එපා. ඒක ඔබේ වගකීමක්‌. ගොඩක්‌ තැන්වල ඖෂධ ලස්‌සනට පාර්සල් කරලා නමුත් බාලයි. ලියාපදිංචි අංක තිබූ පලියට මිලදී ගන්න එපා. නිවැරදි එක ගන්න ඔබට දැනීමක්‌ තිබෙන්න ඕනෑ. උදාහරණයක්‌ කියන්නම් හොඳ හඳුන්තෙල් වැඩිය උකු නැහැ. උකු හඳුන්තෙල් හොඳ ඒවා කියලා දෙනවා. පරිස්‌සමෙන්. පුංචි ඉඟියක්‌ දෙන්නම් මේ නියම බෙහෙත් කොළඹ ගබෝස්‌ලේන් එකෙන් ගත්තොත් සුදුසුයි. හැබැයි මිල ටිකක්‌ වැඩියි. ඒත් ඖෂධ ෂුවර්. ඒක ඔබේ දැනීම. ඔබ නිතරම යන්ත්‍ර පරිහරණය කරනවා නම් මිල අඩුවූ දිනවලට ඒවා ගෙදර ගෙනත් තබාගත්තොත් ටිකක්‌ අඩු මිලට ආතුරයන්ට යන්ත්‍රය පිරිනමන්න පුළුවන් වේවි. ඒක ඔබේ කැමැත්ත. ඖෂධ යන්ත්‍රයට ගල්වන ආකාරය ඔබ දන්නවනේ. ඒ අනුව ගල්වලා, දිශයි - ජප - පලිප්පු - ප්‍රාණ - ස්‌පුඨ කර දිශයිය හිරකරන්න. ජප මන්ත්‍රය නම් හරියට වාරගණන පුරන්න ඕනෑමයි. ඊට කලින් දිශයි මන්ත්‍ර මතුරන්න.
 
 අවශ්‍ය තරමට දිශයි කරන්න. අඩුම තරමින් 108 වරක්‌ වත් කරන්න. මේ වේලාවට ඔය ඕනෑ දුම්මල වර්ගයක්‌ පාවිච්චි කළාට කම් නැහැ. හැබැයි යන්ත්‍රය මතුරන වෙලාවට හොඳ සාම්බ්‍රානි ගන්න ඕනෑ. සමහර යන්ත්‍රවලට ජප මන්ත්‍ර වාර ගණන අඩුයි. දිශයි මන්ත්‍ර වාර ගණන වැඩියි. සමහර ඒවාවලට ජපය වැඩියි. දිගධිය අඩියි. ඒක ඔබේ දැනීමෙන් තෝරාගන්න.
 
 ජපමන්ත්‍රයට කලින් දිශයි කරනකොට යන්ත්‍රවලට ඉශ්ඨප්‍රවරය හෝ සුළු දිශයියක්‌ හොඳයි. නවනීලය - රාම මන්ත්‍රය වගේ සැර වැඩි ඒවා ඕනෑ නැහැ. දැන් දිශයි මන්ත්‍රත් ජප මන්ත්‍රත් ඉවරයි නේ. යන්ත්‍රය ශරීර ස්‌පර්ශ කරන්න කලින් ඒ යන්ත්‍රය අයිති තැනැත්තාට බලන්න දීමෙන් මන්ත්‍ර වල යන්ත්‍රවල විශ්වාසයත් ඔබ කෙරේ විශ්වාසයත් රැඳී පවතිනවා. අවසානයට ආතුරයගේ ඇස්‌වහ කටවහ යන්න කිලිහරණය කරලා දෙහිකපලා ඔහුට කියා යන්ත්‍රය පරීක්‍ෂා කරවලා ජපනූලෙන් යන්ත්‍රය බැඳලා නොලිහෙන්න. සුරය තුළට දමන්න. මේ එකක්‌ වත් හංගලා කරන්න එපා. ආතුරයා ඉදිරිපිට කරන්න ඕනෑ.
 
 මේ යන්ත්‍රයේ කොතැනක හෝ ආතුරයගේ නම ලියෑවෙන්න ඕනෑ. ශරීරගත කරන වේලාවට වශී ඒවා ඇර සූර්යය දැහැන හොඳයි. වශීනම් මාතාංගේෂවරිය හොඳයි. පවතින කාල පරිච්ඡේදය කියන්නේ ජප මන්ත්‍රයෙන් ශරීර ස්‌පර්ශය කරන වේලාවටයි. හොඳ පිරිසිදු හදුං තෙල් නැත්නම් පිරිසිදු රන්තැඹිලි තෙල් හොඳයි. වෂී වලට හැරෙන්නට (යන්ත්‍ර බඳින කොට පුංචි පුංචි වෙනස්‌කම් දකිනවා තමයි නමුත් මූලික ක්‍රම හා නීති රීති අනුගමනය කරන්න ඕනෑ. වාර ගණන නම් පුරන්නට වේවි. කම්මැලි නොවී යන්ත්‍ර භාවිතයට ගොම මැටි ගාපු වෙන්වූ ස්‌ථානයක්‌ හෝ දේවාලයක්‌ බඳු ස්‌ථානයක්‌ නම් හොඳයි. නමුත් යක්‍ෂ - ප්‍රේත වැඩවලට ඒ ස්‌ථාන හොඳ නැහැ. නුසුදුසුයි. දිශ්ඨිය එන්නේ නෑ. එවිට ඔබේ ශ්‍රමය අපතේ යාවි.
 
 ව්‍යාපාර දියුණුවීම, ස්‌ථාන දියුණුව, සභාව ජයගන්න වගේ ක්‍රියාවන්ට නම් වෙනස්‌ ස්‌වරූපයක්‌ ගන්නවා. ඒ වගේ දේවල් වලට ශ්‍රී පද්මකුමාර යන්ත්‍රය, ජය දිශ්ඨිය, සර්වතෝ භද්‍ර සීවලී යන්ත්‍රය හොඳයි. විශේෂයෙන් ශිල්පයට දරුවන්ට හොඳයි. බ්‍රහස්‌පතිටයි බුධටයි ඔබින නවනාථය අතිප්‍රභලයි.
 
 මේ මොකක්‌ මැතිරුවත් යන්ත්‍රය අතුරන්න කලින් ප්‍රාණ පලිප්පු, ස්‌පුඨ කරලා දිශ්ඨිය මන්ත්‍රය හිර කරන්න. මෙසේ ලිව්වේ යන්ත්‍රය පැළඳීම ගැන ඔබ දැනුවත් කරන්න මිස ඔබ නොදන්න නිසා නොවේ. නිවැරදි ක්‍රමයටම මහන්සිය නොබලා යන්ත්‍රයේ වැඩකටයුතු අවසන් කළොත් ඔබේ මහන්සියට ලැබුණු මුදලට අමතරව ඔබව පිළිගනීවි. ඒ අතරම යන්ත්‍ර මන්ත්‍ර කෙරෙහි රට්‌ටු විස්‌වාස කරාවි. ඔබට ප්‍රසංසා කරාවි. ඔය යන්ත්‍ර හරියට නිවැරදිව කළාම මහ පුදුම විදියට බල පිහිටනවා. එහි ප්‍රතිඵල ඒ ආකාරයටම දෙනවා. අපි මේවා කොච්චර කළත් මේවායේ ශක්‌තිය අපි නොවේ. ලෝකයට නිවැරදි ශාස්‌ත්‍රය ලබාදුන් අපේ මුතුන්මිත්තන් - බලදේවතාවුන් වහන්සේලා නිසා. හැම යන්ත්‍රයක්‌ පැළඳීමේ අවසානයේදී ඔවුන් සියලුම දෙනාට පිංදීම මහා ඉහළ පූජෝපහාරයක්‌ වෙනවා සිකුරුයි. වැඩිදුර විස්‌තර දැනගන්න 0722174553 අංකයට අමතන්න.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »