උදාවන ග්‍රහ බලය හමුවේ රටට කුමක්‌ සිදුවේද? - ජනාධිපතිටත් සුබ කාලයක්‌අගමැතිට දැනට වඩා සුබයි

2017-11-25 10:00:00       1015
feature-top
ලෝකයේ සිද්ධ වෙන හැම වැදගත් සිදුවීමක්‌ම ග්‍රහ බලය එක්‌ක සම්බන්ධයක්‌ තියෙන බව පේනවා. හැබැයි ඒ සිදුවීම් කලින් කියල නැති අවස්‌ථාත් උදාවෙනවා. ඒකට හේතුව තමයි කාලගුණය වගේ දේවල් ගැන අනාවැකි පළකරන්න වෙනම රාජ්‍ය ආයතන තිබුණත් කිසිදු මූල්‍ය අනුග්‍රහයක්‌ ලබන ජ්‍යෙdතිර්වේදීන් පිරිසක්‌ නොසිටීම.
 
 ස්‌වඋත්සාහයෙන් තනි වියදමෙන් ජ්‍යෙතිෂය හදාරන කෙනෙක්‌ තමන්ට පේන දෙයක්‌ අනාවැකියක්‌ හැටියට කියනවා. ඒක කරන්නෙ ජනතාවගේත් රටේත් යහපතටයි. මේ සේවය ජ්‍යෙතිර්වේදීන් කරන්නෙ සේවාවක්‌ හැටියටයි.
 
 කොහොම වුණත් මොකද මේ වෙන්න යන්නේ? කියල ජනතාව ජ්‍යෙdතිර්වේදීන්ගෙනුත් අහනවා. මේ ලිපියෙනුත් අපි බලාපොරොත්තු වෙන්නෙ මොකද වෙන්නෙ? කියන එක ගැන සාකච්ඡා කරන්නයි. පුද්ගලයෙක්‌ ගැන නැත්නම් රට ගැන යමක්‌ කලින් දැනගන්නෙ, ඒවට වුවමනා පිළියම් කරගන්නයි. ගැටලුවක්‌ පේනව නම් හරිගස්‌සන්න කාලය තියෙනවා. අපි කවදත් අනාවැකි පළකළේ මධ්‍යස්‌ථවයි. අපක්‍ෂපාතීවයි.
 
 අපි ලංකාව ගැන කතා කරන්නෙ කුම්භ ලග්නය පදනමක්‌ හැටියට අරගෙනයි. ලංකාව හිමි කුම්භ ලග්නෙ ලග්නාධිපති ශනි, නැත්නම් සෙනසුරු පසුගිය 27 වැනිදා ඉඳල එකොළොස්‌ වැන්නට මාරු වුණා. ඒ වගේම ගුරු ග්‍රහයා තුළා රාශියෙ ගමන් කරන්න පටන් ගත්ත. දිග කාලයක්‌ ගමන් කරන ශනි ගුරු වගේම රාහු ලංකා කේන්දරේ සතුරු ස්‌ථානෙ ගමන් කරමිනුයි ඉන්නෙ. 2019.03.07 දක්‌වා රාහු එතන ගමන් කරනවා. අනිකුත් කෙටි කාලයක්‌ මාරු වෙන ග්‍රහයන්ට වඩා මේ ග්‍රහයන්ගෙ බලපෑම වැඩියි. ඒ වුණත් මාසයකට වරක්‌ මාරුවෙන රවි නම් ලොකුවට බලපානවා.
 
 බ්‍රහස්‌පති නැතිනම් ගුරු ලංකා කේන්දරේ නම වැන්නට ආව. ඒක සුබ දෙයක්‌ හැටියට තමයි පේන්නෙ. මේ නිසා උසස්‌ අධ්‍යාපන ආයතනවල තිබුණු ගැටලුවලට විසඳුම් ලැබෙන්න පුළුවන්. සයිටම් වෛද්‍ය විද්‍යාලයේ ගැටලුවට ස්‌ථිර විසඳුමක්‌ ලැබේවි. ඒ වගේම පන්සල්, පල්ලි කෝවිල් වගේ ආගමික සිද්ධස්‌ථානවල පිංකම් උත්සව බහුල කාලයක්‌ වෙයි. ආගමික නායකයන්ගේ සුබසිද්ධියට කරුණු යෙදෙයි. සිල්වත් ගුණවත් බහුශ්‍රැත ස්‌වාමීන් වහන්සේලා ප්‍රසිද්ධියට පත්වෙයි. ආගමික අධ්‍යාපන අංශවලත් ප්‍රගතිය ඇතිවෙයි. වෛද්‍යවරුන්ට අධිකරණ නායකයන්ට, භික්‍ෂූන් වහන්සේලාට, සුබඵලදායකයි. මේ අතරේ සමහර අසුබඵලදායක ආරංචිත් ලැබෙන්න පුළුවන්. මැතිවරණ පැවැත්වීම ගැනත් දැන් ප්‍රසිද්ධියේ කතා කෙරෙනවානේ.
 
 ගුරු නැතිනම් බ්‍රහස්‌පති තුලාවේ ගමන් කරපු අතීතය ගැන බලනකොට වසර 1957-59 බණ්‌ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම ඇති වෙන්නත්, බණ්‌ඩාරනායක අගමැතිතුමා ඝාතනයත් සිදුවුණා. ඒ වගේම 1969 - 70 මහ මැතිවරණයකට මග පෑදුනෙත් ගුරු තුලාවෙ ගමන් කරපු කාලෙයි. ඊට පස්‌සෙ 1981 - 82 ජනමත විචාරණ ජනාධිපතිවරණය වගේම 1993 - 94 පළාත් සභා ඡන්ද මැතිවරණ වගේම ප්‍රේමදාස මහතාගේ ඝාතනයත් සිදුවුණා. 2005 - 2006 අයෙමත් මැතිවරණ වසරක්‌ වුණා.
 
 ඉතින් ගුරු තුලාවට එන්නෙ අවුරුදු දොළහකට වතාවක්‌. ඒ අවුරුදු දොළහෙන් දොළහට අතීතයේ සිදු වුණ දේවල් තමා ඔය කීවෙ. මේව මේ විදිහටම නොවුණත් රාජ්‍ය පාලනය - පාර්ලිමේන්තුව තුළ විශාල බලපෑම් ඇතිවෙයි කියල ගුරු චලිතයේ අතීතය ගැන බලනකොට කියන්න පුළුවන්.
 
 සැප, සතුට, ධනය දෙන ගුරු නැත්නම් බ්‍රහස්‌පති ග්‍රහයා අග්‍රාමාත්‍යතුමාගේ කේන්දරේ අටවැන්නේ ගමන් කිරීම තරමක කරදර බවයි පෙනෙන්නේ. එතුමාට තවත් වසරක කාලයක්‌ බාධා ඇතිවන බවත් පේනවා. 2018 ඔක්‌තෝබර් දක්‌වා මේ අපල පවතීවි.
 
 හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කේන්දරේ දෙවැන්නේ ගුරු ගමන් කිරීමත් තරමක සුබඵලදායක බවක්‌ පෙන්වනවා. වත්මන් ජනාධිපතිතුමාගේත් ජෙනරාල් සරත් ෙµdන්සේකා මහතාගේත් සෙනසුරු ඒරාෂ්ටක අපල කාලයක්‌ නිමවෙමින් පවතින අතර එය සුබදායක විය හැකියි. මීන ලග්නය හිමි බව කියෑවෙන අගමැතිතුමාට 2018 අග සිට දැනට වඩා සුබයි.
 
 මීළඟ වැදගත් බලපෑම ඇති කරන්නේ සෙනසුරු ග්‍රහයායි. ලංකා කේන්ද්‍රයේ ලග්නාධිපති සෙනසුරු එකොළහට මාරු වුණා. 2020 දක්‌වා එහි ගමන් කරනවා. ලෝකායන කේන්ද්‍රවල එකොළොස්‌ වැන්නෙත් රාජ්‍ය ආදායම් වගේම පාර්ලිමේන්තුව ගැනත් කියෑවෙනවා. මීට පෙර 1987 - 90 අතරත් 1958 - 1961 අතරත් ශනි ධනු රාශියේ ගමන් කළා. මේ වර්ෂවල විශේෂයෙන් 1989 කාලය රටේ භීෂණයන් මැවුනු යුගයක්‌ බවත් 1959 රාජ්‍ය නායකයාගේ මරණයත් අමතක වෙන්නේ නෑ. ශනි මාරුවෙන්නේ වසර 29 1/2 පමණ වරක්‌.
 
 ඒ වුණත් පොදු ජනතාවගේ, විශේෂයෙන් වැඩකරන ජනතාවගේ සුබසිද්ධියට ඉවහල් වෙන දේවල් මේ කාලය තුළ සිද්ධ වෙන්න පුළුවනි. මේ අතරේ ශනි ඒරාෂ්ටක අපලයක්‌ ජනාධිපතිතුමාගේ කේන්දරේ නිමවෙමින් පවතින බව පේනවා.
 
 මේ අතරේ දැනට සිකුරු ග්‍රහයා නමවැන්නේ ගමන් කරමින් පවතිනවා. මේ නිසා විශේෂයෙන් කලා ක්‌ෂේත්‍රයේ යෙදෙන අයට නළු නිළියන්ට, රූපවාහිනි ශිල්පීන්ට, චිත්‍රපට ශිල්පීන්ට, තරුණ තරුණියන්ට සුබඵලදායක බව පෙනෙනවා. නොවැම්බර් 26 වැනිදා වනතෙක්‌ම මේ තත්ත්වය තියෙනවා.
 
 කේන්දරේ හතර වැන්නෙන් කියන්නේ රටේ විරුද්ධ පක්‍ෂය ගැනයි. ඉතින් විරුද්ධ පක්‍ෂයට මේ 26 වැනිදා තෙක්‌ සුබදායකයි. ඒ වුණත් විරුද්ධ පක්‍ෂය කියන්නෙ දෙමළ සන්ධානයට ද නැතිනම් ඒකාබද්ධ විපක්‍ෂයටද කියන එක ටිකක්‌ පැටලිලි සහගතයි.
 
 නොවැම්බර් 16 වැනිදා ඉඳලා රවි දහ වැන්නේ මාස දෙකක්‌ ගමන් කරනවා. මේ කාලය පාලකයන්ට අධ්‍යක්‍ෂවරුන්ට, ජනාධිපතිතුමාට, රාජ්‍ය නායකයන්ට සුබයි. පරිපාලන කටයුතු කරන අයට, රසායන ද්‍රව්‍ය වෙළෙඳුන්ට සුබදායකයි. බටහිර රටවල ආධාර උපකාර රජයට ලැබෙන කාලයක්‌. රටේ නැගෙනහිර පළාත දියුණුවට වැඩ කෙරෙයි.
 
 හැබැයි නොවැම්බර් 30 වැනිදා වෙනකල්ම කුජ අටවැන්නේ ගමන් කිරීම එතරම් හොඳ නෑ. විශේෂයෙන් කුජ හිමි ආරක්‍ෂක අංශවල අයට අපලයි. ලෝකයේ කොහේ හෝ භූමිකම්පා සිදුවෙයි. ග්‍රාම නිලධාරි, වන අඩවි නිලධාරීන්, පොලිසිය හා හමුදා අංශවල කීර්ති නාමයට කැළැල් ඇතිවෙන්නත් පුළුවනි. හදිසි අනතුරු ගැන නිතර අහන්න ලැබෙයි. ගිණි ගැනීම් ගැනත් ප්‍රවේශම් වීම වැදගත්. රාජ්‍ය අංශයට අයත් ප්‍රසිද්ධ කෙනෙකුට අනතුරක්‌ සිදුවෙන බව පේනවා. කුජ මාරුවන නොවැම්බර් 30 දක්‌වා විශේෂයි.
 
 මේ දිනවල පවතින්නේ වැසි සහිත කාලගුණයක්‌ වුණත් නොවැම්බර් 24 වැනිදාට පස්‌සේ ටිකක්‌ වැස්‌ස අඩුවෙලා සෞම්‍ය දේශගුණයක්‌ ඇතිවෙයි.
 
 මීළඟට විශේෂයෙන් හිතන්න ඕන රාහු ග්‍රහයා නරක නැත්නම් පෙන්නන දේ ගැනයි. රහස්‌ වැඩවලට, කුමන්ත්‍රණවලට අධිපති රාහු සතුරු ස්‌ථානයේ ගමන් කිරීම නිසා එන්නේ රටට විරුද්ධව කුමන්ත්‍රණ කරන අයගෙන් ප්‍රවේශම් වෙන්න කියන එකයි. විශේෂයෙන් අන්තවාදී ආගමික සංවිධානවලින් ප්‍රවේශම් වීම වැදගත් වෙනවා. රටට විරුද්ධව රහසිගත ක්‍රියා මේ කණ්‌ඩායම් වලින් සිද්ධ වෙන්න පුළුවනි.
 
 ඒ වගේම රාහු 6 ගමන් කරන කාලයේ ජනතාව අතර මානසික ආතතිය ඉහළ යැම, චංචල බව වගේම ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය බහුලව දක්‌නට ලැබෙන බවත් පේනවා. තෙම්පරාදු ආහාර ගැනීම බහුල වෙයි. බත් වෙනුවට කොත්තු රොටි, කෙටි කෑම බීම ජනප්‍රිය බව පේනවා. රාහු නියෝජනය කරන මත් පෙති, මත්කුඩු වගේ ව්‍යාපාර රහසිගත විදිහට රට පුරාම ව්‍යාප්ත වෙන්න පුළුවනි. රාහු කරන්නේ ඒකයි. 2019 මාර්තු දක්‌වා තත්ත්වය එයයි.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »