උදාවන සතියේ ඔබේ දෛවය

2017-12-11 10:06:00       546
feature-top
මේෂ - 
 
 ලග්නාධිපති කුජ සම`ග ගුරු හත්වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍රඵලදායකයි. අධ්‍යාපන කටයුතුවලට තරමක බාධා ඇතිවන බැවින් උනන්දුවෙන් කටයුතු කරන්න.ගෘහ ජීවිතය එතරම් සතුටුදායක නොවේ. සතිය මුලදී සතුරු කරදරයක්‌ නිසා කලකිරීමක්‌ ඇතිවීමට ඉඩ තිබේ. සෙම් රෝග වැනි සෞඛ්‍ය ගැටලු ඇති කරයි. පවුලේ වියදම් ඉහළ යනු ඇත. තැන්පත් ධනය පවා වැයවීමට ඉඩ තිබේ. රැකියා හෝ තනතුරුවලට අභියෝග එල්ල විය හැකිය. මංගල යෝජනාවලට සුබ නොවේ. හවුල් ව්‍යාපාරවලින් පාඩු සිදුවීමට ඉඩ ඇත. ආගම දහමට සිත යොමු වේ. 
 
 සුබ පාට රෝස- සුබ අංකය 3
 
 වෘෂභ - 
 
 ලග්නාධිපති සිකුරු සම`ග රවි, බුධ සමඟ හත්වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. ගෘහ ජීවිතය සුබඵලදායක වේ. ආයෝජනවලින් ලාබ ලැබේ. බලාපොරොත්තු වූ ණය මුදලක්‌ ලබා ගැනීමට හැකි වේ. සතුරු කරදර ජයගත හැකිවේ. රැකියා සහ ව්‍යාපාරවලදී අන් අයගේ උදව් උපකාර ලැබිය හැකිවේ. මේ අතර නිෂ්ඵල ගමන් බිමන්ද යෙදිය හැකිය. සේවක ගැටලු ඇතිවීමට ඉඩ තිබේ. සෙනසුරු අටවැන්නේ ගමන් කරන නිසා වාතාබාධ, සෙම් රෝග වැනි සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකියි.
 
 සුබ පාට මිශ්‍ර ලා - සුබ අංකය 6
 
 මිථුන - 
 
 ලග්නාධිපති බුධ සම`ග රවි සිකුරු හයවැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතියේ අධ්‍යාපන කටයුතු වලට සුබයි. විභාගවලින් සමර්ථ ලැබේ. ගෘහ ජීවිතය සතුටුදායක වේ. තැන්පත් ධනයක්‌ ඇතිකර ගැනීමටද හැකි වේ. රැකියා සහ ව්‍යාපාර අංශවලට උසස්‌ අයගේ උදව් උපකාර ලැබේ. ණය පහසුකම් ලබාගත හැකිවේ. අසනීපවලින් සුවය ලැබේ. සති අග වනවිට සෙම්රෝගවලින් ප්‍රවේශම් වන්න. 
 
 සුබ පාට ලා කොළ - සුබ අංකය 4
 
 කටක - 
 
 ලග්නාධිපති ස`දු තුන්වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය සුබඵලදායක බව පෙනේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක කරගත හැකි වේ. ගොවිතැන් කටයුතුවලින් ලාභ ලැබේ. ගෙදර ජලසම්පාදන කටයුතුවලට හෝ ළිං කැපීමට සුබයි. මවුපියන්ට සුබදායකයි. අසල්වාසීන් සම`ග සුහද තාවය වර්ධනය වේ. රැකියා ව්‍යාපාර කටයුතු සඳහා සේවක සේවිකාවන්ගේ සහයෝගය ලැබේ. නමුත් සති අග වන විට තරමක බාධා ඇති බව පෙනේ. දරුවකු නිසා සිත් තැවුලක්‌ ඇතිවීමට හේතු වේ. 
 
 සුබ පාට සුදු - සුබ අංකය 2
 
 සිංහ - 
 
 ලග්නාධිපති රවි සම`ග බුධ, සිකුරු හතරවැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා විය හැක්‌කේ අලස බව හා වැඩකල් දැමීම හේතුවෙනි. ගෘහ ජීවිතය සතුටින් ගතවේ. ගෘහාශ්‍රිත ව්‍යාපාරවලින් ලාබ ලැබේ. වාහන ගනුදෙනුවලට සුබදායක වේ. උත්සාහය ධෛර්යය ඉහළ යයි. ලිපිලේඛන කටයුතු වලට සුබඵලදායකයි. නිවසේ අලුත්වැඩියා කටයුතු සාර්ථක කර ගත හැකි වේ. දුර නෑයෙක්‌ නිවසට පැමිණේ. මුදල් ආයෝජනය කරන විට ප්‍රවේශම් වන්න. විදේශ ගමන් සාර්ථක වේ. 
 
 සුබ පාට දිලෙන සුදු - සුබ අංකය 1
 
 කන්‍යා - 
 
 ලග්නාධිපති බුධ සම`ග රවි, සිකුරු තුන් වැන්නේ ගමන් කරමින් මෙම සතිය උදා වනවා ඇත. කාරුණික භාවය නිසා අන් අය අතර පිළිගැනීමක්‌ ඇති වේ. උත්සාහය හා ධෛර්යය වැඩි වේ. ලිපි ලේඛන හා ශාස්‌ත්‍රීය කටයුතුවලට සුබයි. සහෝදරයෙකුගේ දියුණුවට උසස්‌ කෙනකුගේ උදව් උපකාර ලැබේ. ප්‍රයෝජනවත් ගමන් බිමන් යෙදේ. අසල් වැසියන් සම`ග සුහදතාවය ඇති වේ. ආදායම් තත්ත්වය යහපත් වේ. අවිවාහක තරුණ තරුණියන්ට මංගල යෝග උදාවන කාලයකි.
 
 සුබ පාට ලා කොළ - සුබ අංකය 4
 
 තුලා - 
 
 ලග්නාධිපති සිකුරු සම`ග රවි බුධ දෙවැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍රඵල දායක වේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. ගෘහ ජීවිතය පිළිබ`දව තරමක බාධා ඇති කරයි. රැකියාව නිසා නිතර ගමන් යැමට සිදුවෙනවා ඇත. උත්සාහය ධෛර්යය ඉහළ යයි. සේවක සේවිකාවන්ගේ සහයෝගය වැඩියෙන් ලැබේ. දරුවන්ට සුබඵල දායකයි. ඉගෙනීමට තිබූ බාධා ඉවත්ව යයි. කුජ දශා ගත කරන අයට හිසේ රෝග හා ඉක්‌මන් කෝපය නිසා ඇති වන ගැටලු පාලනය කර ගැනීමට අවශ්‍ය බව සලකන්න.
 
 සුබ පාට මිශ්‍ර ලා - සුබ අංකය 6
 
 වෘශ්චික - 
 
 ලග්නාධිපති කුජ සම`ග ගුරු දොළොස්‌වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය ඔබේ විදේශ ගමන් පිළිබඳව තිබූ බලාපොරොත්තු සාර්ථක වේ. රැකියා ප්‍රධානීන්ගේ උසස්‌ අයගේ ආධාර උපකාර ලැබේ. තම නායකත්ව ගුණාංග ඉස්‌මතු වන නිසා අන් අය අතර ප්‍රධානත්වයක්‌ ඇති වේ. යහපත් මිතුරන්ගේ ඇසුර ලැබේ. වියදම් පාලනය කර ගන්න. මුදල් ආයෝජනය කරන විට දුරදිග බලා කටයුතු කරන්න. සමාජ සේවා කටයුතුවල නිරත වීමට සිදු වේ. 
 
 සුබ පාට සුදු - සුබ අංකය 2
 
 ධනු - 
 
 ලග්නාධිපති ගුරු සම`ග කුජ එකොළොස්‌ වැන්නේ ගමන් කරමින් උදා වන මෙම සතියේ අධ්‍යාපන කටයුතුවලට සුබදායක වේ. ගෘහ ජීවිතය සතුටින් ගත වේ. දරුවන්ට සුබ වේ. බිරි`ද හෝ සැමියාට දුර ගමනක්‌ යෙදෙන්නට ඉඩ තිබේ. නීතිමය ගැටලුවලට මැදිහත් නොවීමට වග බලා ගන්න. උසස්‌ කෙනෙකු අමනාප වීමට ඉඩ තිබේ. යහපත් මිතුරු මිතුරියන් හඳුනා ගැනීමට අවස්‌ථාව උදා වේ. රාහු දශා හා සෙනසුරු දශා ගත කරන අයට තරමක අපල පවතී.
 
 සුබ පාට කහ - සුබ අංකය 5
 
 
 
 මකර - 
 
 ලග්නාධිපති ශනි දොළොස්‌වැන්නේ ගමන් කරමින් උදා වන මෙම සතිය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සුබඵලදායකයි. උසස්‌ අධ්‍යාපනයේ යෙදෙන අයට විශේෂ සුබඵල ලැබේ. ගෘහ ජීවිතය මිශ්‍රඵලදායකයි. මෙම සතියේ රැකියා හා ව්‍යාපාර අංශවල සතුටුදායක බවක්‌ පෙන්වයි. රැකියා බලා පොරොත්තු සාර්ථක කරගත හැකි වේ. උසස්‌ අයගේ උදව් උපකාර ලැබේ. තනතුරේ තත්ත්වයේ උසස්‌වීම් වලට ඉඩ තිබේ. විවාහ සහකරුට සුබඵලදායකයි.
 
 සුබ පාට නිල් - සුබ අංකය 7
 
 කුම්භ - 
 
 ලග්නාධිපති ශනි සියලුම ලැබීම් පෙන්වන එකොළාස්‌වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතියේ උසස්‌ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. සතිය ආරම්භයේදීම සෙම්රෝග වැනි සෞඛ්‍ය ගැටලු ඇති වීමට ඉඩ තිබේ. වතුරෙන් විපත් ඇතිවිය හැකි නිසා ජල ක්‍රීඩාවලින් ප්‍රවේශම් වන්න. අලුත් මිතුරන් හඳුනා ගන්න අවස්‌ථාව උදාවෙන කාලයකි. රැකියා හා ව්‍යාපාර අංශ සුබදායකයි. සේවක සේවිකාවන්ගේ හො`ද හිත දිනා ගැනීමට හැකි වේ. රැකියා ලාභ ලැබේ. වැඩිහිටි සහෝදර සබ`දතා අලුත් වේ. ආගම දහමට සිත යොමු වේ. 
 
 සුබ පාට නිල් - සුබ අංකය 7
 
 මීන - 
 
 ලග්නාධිපති ගුරු සම`ග කුජ අටවැන්නේ ගමන් කරමින් මෙම සතිය උදා වේ. මෙම සතිය මැදදී දරුවකු නිසා සිත් තැවුලක්‌ ඇති වීමට හැකිය. අධ්‍යාපන කටයුතු වලට බාධා වන අන්දමින් ශරීර සනීපයට බාධා ඇති විය හැකියි. ගෘහ ජීවිතය මිශ්‍රඵල දායකයි. අන්‍යයන් සම`ග කතා කරන විට ප්‍රවේශම් වන්න. වියදම් පාලනය කර ගන්න. රැකියා අංශවල උසස්‌ වීම්වලට බාධා ඇතිවීමට හැකිය. ව්‍යාපාරවලට කරන ආයෝජන වලින් එතරම් ලාබ නොලැබීමට ඉඩ තිබේ. ගුරු හා කුජ දශා ගත කරන අයට තරමක්‌ අපලයි.
 
 සුබ පාට කහ තැඹිලි - සුබ අංකය 2


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »