ග්‍රහ ලොව සෙන්පති පරදන නව වසරේ පළමු ග්‍රහ යුද්ධය - ලග්න පහකට සුබයි - රිය අනතුරු හා දාමරික ක්‍රියාවල ඉහළ යැමක්‌

2017-12-27 11:20:00       280
feature-top
රාශි වළල්ලේ දොළොස්‌ ග්‍රහයන් අතරින් ප්‍රධාන මෙන්ම පෘථීවි වාසී අපට ඉතා වැදගත් ග්‍රහ තාරකා දෙකක්‌ වන බ්‍රහස්‌පතී හා අඟහරු යන ග්‍රහයන් දෙපළ සංයෝග වීමක්‌ හෙවත් ග්‍රහ යුද්ධයක්‌ නව වසරේ ජනවාරි මස 07 වැනි ඉරු දින උදේ 06.09 ට සිදු වීමට නියමිතය.
 
 යම් ග්‍රහයන් දෙදෙනකු එකම රාශියක එකම අංශකයක්‌ තුළ ගෝචර වශයෙන් ගමන් කරන විට එම එක්‌ ග්‍රහයකුගේ කිරණ වළල්ලට අනෙක්‌ ග්‍රහයා ආවරණය වීම අප ජ්‍යෙdතිෂයේ දී සරලව ග්‍රහ යුද්ධයක්‌ ලෙස හඳුන්වනු ලබනවා. මෙහිදී ජයග්‍රහණය හිමි වන්නේ යුද වදින ග්‍රහයන් දෙදෙනාගෙන් උතුරින් සිටින ග්‍රහයාටය. මෙම සංසිද්ධියෙන් පරාජයට පත්වන ග්‍රහයා අසුබ කිරණ විහිදුවන සුබ බලයෙන් ඉතාමත් අඩු දුර්වල ග්‍රහයෙකු ලෙස ජ්‍යෙdතිෂයේදී සලකනු ලබනවා. ඒ අනුව එවන් වූ ග්‍රහ යුද්ධයක්‌ අප සෞරග්‍රහ මණ්‌ඩලයේ දොළොස්‌ ග්‍රහයන් අතරින් ග්‍රහලොව සෙන්පති ලෙස හඳුන්වන කුජ හා ග්‍රහලොව සුරගුරු වන ගුරු ග්‍රහයා අතර සිදු වීමට නියමිතය. මෙය සිකුරුට අයත් තුලා රාශියේ සිදු වනු ඇත.
 
 මෙහිදී ග්‍රහලොව ප්‍රබල ග්‍රහයන් දෙදෙනෙකු අතර සිදුවන මෙම ග්‍රහ යුද්ධයෙන් කුජ පරදා ගුරු ජයගනු ඇත. මෙම ග්‍රහ යුද්ධය සිදුවන විට තත්කාල කේන්දරය තුළ ගුරු හා කුජ යන ග්‍රහයන් තුලා රාශියේ යෝග වීමත්, රවි හා බුධ සමගින් සිකුරු හා ශනි යන ග්‍රහයන් සිවුදෙනා ගුරුට අයත් ධනු රාශිය තුළ ඉතා ආසන්න අංශකයන් තුළ ගමන් කිරීමත් අතිශයින් වැදගත්ය.
 
 එසේම ගුරු ගේ ජයෙන් ගුරු ග්‍රහයාගෙන් නියෝජනය වන අංශවලට කැපී පෙනෙන සුබදායක බලපෑම් ඇති වීමේ ප්‍රවණතාවක්‌ දැකගත හැකිය. අධ්‍යපන හා විශ්වවිද්‍යාල ආශ්‍රිතව පසුගිය කාලය පුරා පැවති අර්බුද හා ගැටලුකාරී තත්ත්වයන් පහව යනු ඇත. එසේම පූජ්‍ය පක්‍ෂයට, බුද්ධිමතුනට හා සමාජයේ ඉහළ උගතුන්ටද සුබදායක වනු ඇත. සන්නිවේදන අංශ හා ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රයටද යහපත් වූ කාලසීමාවක්‌ වන්නේය. ගුරුගේ ජයත් සමඟින් වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ පිළිබඳ කතිකාවක්‌ යළි කළඑලි බසිනු ඇත. එසේම ගුරු මහ දශා, අතුරු දශා හා විදශා ගත කරන්නන්ට මෙම බ්‍රහස්‌පතිගේ ජයග්‍රහණය ඉතාමත් යහපත් වන්නේය. ගුරු හිමි ලග්න වන ධනු හා මීන යන ලග්නවලටත් ගුරු යෝග කාරක වන මේෂ හා කටක, සිංහ යන ලග්න හිමියන්ටත් තම අපේක්‍ෂා ඉටුවන ඉතාමත් යහපත් කාලයක්‌ වනු ඇත. මෙම කාලසීමාව තුළ මෙරට විශිෂ්ට ශාස්‌ත්‍රීය නිර්මාණ බිහිවන කාලයක්‌ වන්නේය. මෙරට ශාස්‌ත්‍රීය කෘතියක්‌ ජාත්‍යන්තරය තුළ සම්මානයට පාත්‍ර වනු ඇත. කලාකරුවන්ටද යහපත් වූ කාලයකි. 
 
 එසේම මෙම ග්‍රහ සටනින් කුජ පරාජය වීම හේතුවෙන් මැණික්‌ කර්මාන්තය ආශ්‍රිතව අර්බුදකාරී තත්ත්වයන් ඇති වනු ඇත. එසේම මෙම කාලසීමාව තුළ ආගම් අතර මතබේදාත්මක තත්ත්වයන් මෙන්ම ශිෂ්‍ය උපවාස මර්දනකාරී තත්ත්වයන් ඇති වන අතර ශිෂ්‍ය ප්‍රජාවේ පෙරළිකාර හා රැඩිකල් ගති ඉස්‌මතු වන කාලයක්‌ වනු ඇත.
 
 කුජ මහ දශා හා අතුරු දශා, විදශා ගතකරන අය පරිස්‌සම් විය යුතුය. ලග්න වශයෙන් ගත්කල වෘෂභ, මිථුන, කන්‍යා, තුලා, වෘශ්චික, මකර හා කුම්භ යන ලග්න වලට යම් පමණක අසුබ ප්‍රතිඵලත් ඇති වනු ඇත. මෙම ග්‍රහ අපල සඳහා අඟහරුවාදා දිනවල බෝධි පූජා පැවැත්වීමත්, කතරගම දෙවියන්ට පින් අනුමෝදන් කිරීමත් යහපත් වනු ඇත.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »