පංච ශීලය රැක යහපත් දරුඵල ලබමු - තවමත් දරු සම්පත් නැත්නම්.

2017-12-28 10:50:00       100
feature-top
බුදුන් වහන්සේ දේශනා කල දාන ක්‍රියාව, ලෝභ, ද්වේෂ හා මෝහ යන කෙලෙස්‌ ප්‍රහීන කිරීමට හේතු වේ. ශීල ක්‍රියාව, සිත හා කය දෙකෙහි සංවරයට හේතු වේ. ජීවිතය ගෙනයාමේදී ශරීරය වැරදි ලෙස මෙහෙය වීමෙන් සතුන් මැරීම, සොරකම් කිරීම සහ කාමයෙහි වරදවා හැසිරීම යන ත්‍රිවිධ කාය දුෂ්චරිතයෙන් ද, වචනය වැරදි ලෙස හැසිරවීමෙන් බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම සහ හිස්‌ වචන කීම යන චතුර්විධ වාග් දුෂ්චරිතයන්ද කෙරෙයි. එය වළක්‌වා ලීමට උපකාර වන්නේ පංච ශීලයයි. 
 
 ජීවිතයක අගය තේරුම් ගැනීමට කය හා වදන යන දෙක උපකාර වන අතර, එAවායේ සංවරය ශාන්ත ජීවිතයක ලක්‍ෂණය වේ. බුදුරජාණන් වහන්සේ ''කායේන සංවරෝ සාදූ, සාදු වාචාය සංවරෝ'' යනුවෙන් වදාළේ එහෙයිනි. උන්වහන්සේ සතිපට්‌ඨාණාදී සූත්‍ර දහම් දෙසීමේදී අරමුණු කරගත්තේ කයෙහි බාහිර සංවරය කෙලෙස්‌ දුරුවන පරිදිත්, ශ්‍රේෂ්ඨ ජීවිතයක ලක්‍ෂණ පිළිබිඹු වන පරිදිත්, සකස්‌කරවීමයි. බෞද්ධ ජීවිතයක යථාර්ථය වන්නේ එය හරිහැටි තේරුම් ගෙන මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීමයි. 
 
 එය වටහා නොගත් අය තෘෂ්ණාවට වස`ගව කල් ගෙවති. එවන් පිළිවෙත් අනුගමනය කරන පිරිස දුටු බුදුහිමි අඥානයෝ මට පුතුන් ඇත. ධනය ඇත. කියා උද්දාම වුවද, සත්‍ය වශයෙන්ම ඔවුන්ට තමන්වත් නැතැයි වදාළ සේක. එහෙයින් මෙහිදී අප සිතිය යුත්තේ මෙසේය. අප ලැබූ දුර්ලභ මිනිස්‌ ජීවිතය සඳහටම නොපවතී. මරණයෙන් සියල්ල කෙළවර වන සේ පෙනුනත්, එය එසේ නොවේ. බෞද්ධ ප්‍රතිපදාවන් අනුගමනය කිරීමෙන් ජීවිතය තෘප්තිමත් කරගත හැකිය. එය කිරීමට ඥානවන්ත වීම බෞද්ධ ජීවිතයේ පරමාර්ථයයි. 
 
 දරුඵල හටගැනීමේ දී වර්තමානයේ කාන්තාවට මෙන්ම පුරුෂයාටද නොයෙකුත් ගැටලු මතුවී තිබේ. එA අතරින් පුරුෂයන්ට ඇති විශේෂිත ගැටලුව වන්නේ අන්ඩකෝෂ වල හටගන්නා ගැටිති සහ නහර ගැටගැසුන ස්‌වභාවයයි. මේ නිසා ධාතු පහවීමේදී නොයෙක්‌ ගැටලු මතුවේ. විශේෂයෙන් ධාතු පහවීමේදී ධාතුවල ඇති ජල කොටස ඉතා ඉක්‌මණින් ඉවත් වේ. 
 
 නහරවල හටගන්නා ගැට ස්‌වභාවය නිසා ස්‌කන්ධය වැඩි බල ධාතු කොටස පහවන්නේ හිමිහිට ප්‍රමාද වීමෙනි. මෙය අඹුසැමියන් විශේෂයෙන් පුරුෂයන් හඳුනා නොගනී. දරුගැබක්‌ ඇතිවීමට මෙයද විශේෂයෙන් බල පෑ හැකිය. මේ තත්ත්වය නහර ගැට ගැසීම (ඪ්රසජදිe) යනුවෙන්ද හඳුන්වනු ලබයි. මේ තත්ත්වය සැත්කමක්‌ මගින් සකසා ගත යුතු අතර සුළු වරදකින් වුවද අනිසි විපාක විඳීමට සිදුවිය හැක. නමුත් සැත්කමකින් තොරව යම්කිසි බලයක්‌ සහිත තෛල සම්භාහනයකින් වුවද මෙම තත්වය අතුරු ආබාධයකින් තොරව සිදුකරගත හැකිය. ධාතු ශක්‌තිය හීන වීමද පුරුෂයාට බලපෑ හැකි තවත් ගැටලුවකි. 
 
 ශරීරයේ උෂ්ණාධික ගතිය සමනය වන්නට ඖෂධ ලබාගෙන ධාතු ශක්‌තිය ඉක්‌මණින් වර්ධනය කරගැනීමට ඖෂධ වර්ග අද බොහෝ තිබේ. එක්‌ එක්‌ පුද්ගලයාගේ ශරීරයන් අනුව ඖෂධ වර්ග වෙනස්‌ වේ. නිතර තද යට ඇඳුම් භාවිතය, දෙපා වැසෙන සේ දීර්ඝ වේලාවක්‌ පාවහන් පැළඳ සිටීම, උෂ්ණත්වය අධික ස්‌ථානයන්හි රාජකාරිවල නිරත වීම, රියදුරු රැකියාව සේම මනසට අවිවේකී රාජකාරින්වල නිරත වීමද පුරුෂ පාර්ශවයට ධාතු ශක්‌තිමත් නොවීමට බලපෑ හැකි සාධකය. 
 
 අප අතීතයේ ක්‍රියාකළේ දරු සුරතල් නොලැබීමට හේතුව කාන්තාවකගේ ප්‍රශ්නයක්‌ යනුවෙනි. නමුදු පරීක්‍ෂණ වාර්තාවලට අනුව වර්තමානයේ දී 50% ක්‌ පුරුෂයෝද මෙයට වගකිව යුතුව ඇත. වෛද්‍යවරයෙකු ළඟට ගිය පසුව කාන්තාව පරීක්‍ෂා කර බලා අඩුපාඩු සෙව්වද පුරුෂයන්ගේ පරීක්‍ෂාවක්‌ සිදු නොකෙරේ. පුරුෂයාගේ පරීක්‍ෂාවකින් සිදු කරන්නේ ධාතු ශක්‌තිය අඩු, වැඩි භාවය පමණි. නමුත් ධාතු ශක්‌තිය හීන වීමට බලපෑ හැකි හේතු සාධක කවරේදැයි පරීක්‍ෂාවක්‌ කරනු නොලැබේ. 
 
 මා හමුවීමට පැමිණෙන බහුතරයක්‌ අඹුසැමියන්ගෙන් 25% ක්‌ පමණ අඩුපාඩුව ලෙස පෙනී යන්නේ පුරුෂයන්ගේ ධාතු හීන තාවයයි. පුරුෂ ඔබ ගන්නා ආහාර රටාව ද, අධික ලෙස මත්පැන් භාවිතයද, දුම් පානයද සරු බීජ නසාලයි. දරුඵලයක්‌ බලාපොරොත්තු වන්නේ නම් මෙම පුරුදු අත්හළ යුතුයි. දීර්ඝ කාලයක්‌ මත් ද්‍රව්‍ය භාවිතා කළේ නම් අඩුම තරමින් මාස හයක්‌ වත් දේශීය ඖෂධ ලබාගෙන ශරීරය සිසිල් කර ගත යුතුය. නැන්දම්මා විසින් ලේලියට වඳ ගැහැනිය යනුවෙන් නම් කළාට වඳ භාවය ඇත්තේ ලේලියටද තම පුතාටද යන බව හොඳින් තේරුම් ගත යුතුව ඇත. 
 
 නයිලොන් වැනි අධික රස්‌නය ඇති යට ඇඳුම් භාවිතයද ධාතු ශක්‌තිමත් නොවීමට බලපෑ හැකි සාධකයකි. හිත දියුණුකරගත් යෝගීවරයෙකුට අඩුපාඩුව ඇත්තේ කාන්තාවටද පුරුෂයාටද යන්න වහා හඳුනාගත හැකිය. නිසි පිළිවෙත් කරගැනීමෙන් මේ තත්ත්වයන්වලින් මිදී මව් පියන් වන්නට වාසනාව පවතී. පරම්පරාවෙන්ද ධාතු ශක්‌තිය හීන වීමට බලපෑ හැකි තත්ත්වයන් පවතී. එA ජානවල ස්‌වභාවය මගිනි. එය යථාතත්වයට පත්කරගන්නට බොහෝ වෙහෙස මහන්සි විය යුතුය. 
 
 ශුක්‍ර දෝෂ පස්‌ වැදෑරුම්ය. 
 
 1. වාත දූෂණය වූ ශුක්‍ර - දියාරු, රළු, පෙන සහිත, රක්‌තවර්ණ, ප්‍රමාණයෙන් අල්පව කඩින් කඩ, ඇතැම් විට වේදනා සහිතව පහ වේ. 
 
 2. පිතෙන් දූෂණය වූ ශුක්‍ර - කහපාටය, බෙලසුල් ගතියෙන් අඩුය, මුත්‍ර පහ වීමේදී දැවිල්ලක්‌ ඇති වේ. 
 
 3. සෙමෙන් දූෂිත වූ ශුක්‍ර - ඇට මිදුළු ධාතු මිශ්‍රය, මෝචනය වන ප්‍රමාණය වැඩිය, දියෙහි ලු කල්හි මදක්‌ ගිලෙන සුළුය. 
 
 4. රක්‌තයන් දූෂිත වූ ශුක්‍ර - අධික දුගඳකින් යුක්‌තය, ශුක්‍ර අධිකව පහ වේ. 
 
 5. තුන් දොසින් දූෂිත වූ ශුක්‍ර - තුන් දොසට අයත් ලක්‍ෂණ ඇති ශුක්‍ර මල, මුත්‍ර දුගඳකින් යුක්‌ත වේ.
 
 අධික ලෙස කාමුකව හස්‌ථ මෛථූනා දී අයථා ක්‍රම වලින් ශූක්‍රධාතුව දිය වීමෙන් දරුණු වූ ශුක්‍රමේහය සෑදේ. මළ මුත්‍ර වේග දැරීම, වේග උපදවා පහ කිරීම හා මළ බද්ධය නිසා තැටමීමෙන් ද, ශුක්‍ර පහවීමද, කාම ආශා අධිකතාවෙන්, ලිංගෝද්ධරණයේ බලවත් කම තිබිය දී සංවාසයෙහි නොයෙදීමෙන් ද නිබඳවම ස්‌ත්‍රී බැල්ම, සිනාව, කතාව, විලාසිතාදිය සිහි කිරීම හේතු කොට ගෙන නින්දේ දී සිහිනෙන් ස්‌ත්‍රී සංවාසයෙහි ( ස්‌වප්න මේහයෙන් ) යෙදීමෙන් ද දිවා රාත්‍රී නින්දේ දී පවා තුන් හතර වතාවක්‌ ධාතු මෝචනය වීමෙන් ද, මෙසේ පැවතීම නිසා ශුක්‍රමේහය සෑදේ. සමහරුන් ස්‌නායු දුබල තාව නිසා උමතු බව ආදී රෝගයන්ට ද ගොදුරු වේ. 
 
 ශුක්‍ර මේහයේ උපද්‍රව වශයෙන් මළ බද්ධය, කරකැවිල්ල, කුසගිනි නැතිවීම, ඇස්‌ පෙනීම හා කන් ඇසීම දුර්වල වීම සිදුවේ. නිතර අජීරණයෙන් පෙළීම ආදිය නිසා ශුක්‍ර මේහය අතිශයින්ම භයානක තත්ත්වයට පත් වේ. මෙම තත්ත්වයන් ශුක්‍ර මේහ නිදාන නම් වේ. වැඩිදුර තොරතුරු ලබන කලාපයෙන්.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »