කුජ ශනි සංයෝගය හෙවත් ශනි මංගල දෝෂය විවාහයට අහිතකරද?

2018-01-05 10:13:00       673
feature-top
මනුෂ්‍ය ජීවිතයේ ප්‍රධාන අවස්‌ථා තුනකි උපත, විවාහය, මරණය යනු එම තුනයි. භෞතික ලෝකයේ මිනිසා විසින් බොහෝ දේ පාලනය කර ගැනීමට සමත් වී ඇත. ඒ අනුව ඔහුගේ ජීවිතය සම්බන්ධයෙන් ඉහත කරුණු තුනද පාලනය කිරීමට තැත් කරමින් සිටින බව පෙනේ.
 
 මිනිසාගේ දෙවැනි උපත ලෙස සැලකෙන විවාහයේ දී කේන්ද්‍රdනුසාරයෙන් කෙරෙන පර්යේෂණ මගින් විවාහ ජීවිතයට ඇතුළත් වීමට පෙර ඔවුනට සාර්ථක ජීවිතයක්‌ ගතකළ හැකි වේදැයි පරීක්‍ෂා කර බලනු ලබයි. මෙය පොරොන්දම් පරීක්‍ෂාව නමින් හඳුන්වයි. 
 
 අඹුසැමියන් දෙදෙනා කායික හා මානසික වශයෙන් ලබන සතුට විවාහයේ සුරක්‌ෂිත භාවයට හේතු වේ. කෙසේ වුවද ලිංගික ජීවිතයේ දී ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාගේ කායික මානසික ව්‍යqහයන් මනා ලෙස සංයෝජනය නොවේ නම් ගැටලුකාරී තත්ත්වයන් උදාවිය හැක. පොරොන්දම් හෙවත් විවාහ ගැළපුම් පරීක්‍ෂාවට අදාළව ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාගේ ලග්නයෙන් සමස්‌ත පෞරුෂ ලක්‍ෂණ නිවේදනය කරන අතර සිව්වැන්න චෛතසික ගැළපීම් අනාවරණය කරයි. උත්පාදක හා ආධ්‍යාත්මික බැඳීම් පස්‌වැනි භාවයෙන්ද ලිංගික සතුට සත්වන භාවයෙන්ද කියන අතර නවය, දහ වැනි භාවවලින් යුගදිවියේ භෞතික හා ආධ්‍යාත්මික පැවැත්මට අදාළ සාධක සපයයි. මෙම සියලු සාධකයන් යම් ප්‍රමාණයකට හෝ ගැළපීමක්‌ ඇත්නම් දෙදෙනා අතර ගැටුම්කාරී තත්ත්වයන් අවම කර කිසියම් සතුටක්‌ සැනසීමක්‌ ලබාගත හැකිවනු ඇත.
 
 කෙසේ වුවද ප්‍රායෝගික ජීවිතයේ දී ජීවිත අධ්‍යයනය කිරීමේදී වැඩි පිරිසක්‌ මානසික පීඩනයට ලක්‌වී අසාර්ථක යුගදිවි ගතකරන පිරිස්‌ වැඩි වෙමින් පවතී. මෙයට හේතුව කුමක්‌ද? එසේම විවාහ ප්‍රමාදවීම ප්‍රතික්‌ෂේප වීම වැනි කාරණාද අද සමාජයේ බහුලව දක්‌නට ලැබේ. විවාහ පරීක්‍ෂාවේදී විසි පොරොන්දමට අමතරව සලකා බැලිය යුතු කරුණු ගණනාවක්‌ තිබේ. ඒ පිළිබඳ පසුගිය ලිපිවලින් සාකච්ඡා කෙරුණු අතර අද ලිපියේ විශේෂ අවධානයට ගැනෙනුයේ ඕනෑම කෙනෙක්‌ ඇසූ පමණින් භීතියට පත් වන කුජ සහ ශනි සංයෝගය හෙවත් ශනි මංගල දෝෂය ගැනයි.
 
 වර්තමානයේ දෙමාපියෝ තම දරුවාගේ ජන්ම පත්‍රය තුළ ශනි මංගල දෝෂය පවතී යයි පැවසූ විට භීතියට පත් වෙති. කුජ, ශනි තරම් මිනිසා භීතියට පත්කරන ග්‍රහයෝ තවත් ග්‍රහ මණ්‌ඩලයේ නොමැති තරම්ය. කුජ දුර්වල වූ විට හදිසි අනතුරු, කඩාකප්පල්කාරී වැඩ සිදු කරයි. ශනි දුර්වල වූ විට ලෙඩ රෝග දුක්‌ කරදර ඇති කරයි.
 
 මෙම නිසා මෙම දෙදෙනා සංයෝග වූ විට ඇතිවන තත්ත්වය ඉතා භයානක වේ යෑයි සිතාගත හැකිය. මෙම සංයෝගය ක්‍රියාතමක වන්නේ එම දෙදෙනා අංශක 14 ක්‌ තුළ සිටියොත් පමණි. විවාහය කඩාකප්පල් කිරීමට තරම් ප්‍රබල ලෙස ක්‍රියාත්මක වන ග්‍රහ සංයෝගයකි. මෙය විවාහය නිවේදනය කරන 
 
 2, 7, 8, 11 යන භාවයන් එකක යෙදී එම සංයෝගය සඳහා රවි, සඳු, ගුරු සහ සිකුරු ආදී ශුභ ග්‍රහයන්ගේ දෘෂ්ටීන් නොලද කල්හි විවාහ ජීවිතයේ අහිතකර බලපෑමක්‌ ගොඩනැඟේ. අඟහරු සහ සෙනසුරු සංයෝග වී ඉහත ස්‌ථානයන්හි හිඳීම දික්‌කසාද වීම, විවාහය බිඳ වැටීම් ඇති වීමට හේතුවන පිහිටීමක්‌ විය හැක. 
 
 එමෙන්ම මෙම යෝගය 7 හෝ 8 වැනි භාවයන්වල යෙදී හත අධිපති පාපී ග්‍රහයන්ගේ දෘෂ්ටියට හෝ ග්‍රහණයට හසු වී නම් සහකරුට හෝ සහකාරියගේ ජීවිතයට තර්ජනයක්‌ ඇති විය හැක. මෙම සංයෝගය මිථුන රාශියේ යෙදී ඇත්නම් විවාහය අතරමඟ කඩාකප්පල් වීමක්‌ ඇතිවන බව කියෑවේ. ස්‌ත්‍රියකගේ කේන්ද්‍රය මත මෙම සංයෝගය කටක රාශියේ යෙදුනි නම් ඇයගේ විවාහය ස්‌ථිර වශයෙන්ම අසාර්ථක වේ. ශනි 7 වැන්නේ කුජගේ දෘෂ්ටිය සමඟ යෙදුනහොත් වැන්දඹු කෙනෙකු හා විවාහ වීමක්‌ සිදුවිය හැක.
 
 අඟහරු හා සෙනසුරා යම් කේන්ද්‍රයක කුමන ස්‌ථානයක හෝ සංයෝග වීමෙන් ඔවුන්ගේ විවාහ ජීවිතය සතුටුදායක නොවන්නට ඉඩ තිබේ. එමෙන්ම කුජ සහ ශනිගේ දෘෂ්ටියද ශුභදායක පිහිටීමක්‌ නොවේ. 
 
 කුජ සහ ශනි දෙදෙනා බලවත්ව සිටීමෙන් එතරම් අශුභ ඵල නොගෙනාවද අඟහරු කටක රාශියට නීචය. සිංහ, ධනු, කුම්භ, මීන රාශි සතුරුය. සෙනසුරුට මේෂ රාශිය නීච වන අතර කටක, සිංහ, කන්‍යා, වෘශ්චික යන රාශි සතුරුය. මේ අනුව කුජ ශනි දෙදෙනාට කටක හා සිංහ රාශි යහපත් නොවේ. කටක රාශි ගත සෙනසුරු ජන්මියාට කුමන හෝ අන්දමේ විපතක්‌ ළඟා කරයි.
 
 සිංහ රාශියේ මෙම සංයෝගය යෙදුන කාන්තාව විවාහ ජීවිතය තුළ වුවද සිය චරිතය කෙලෙසා ගනී. මෙයට රාහුගේ බලපෑමක්‌ද ඇති වුවහොත් ඇය දුරාචාරයට හා අසාමාන්‍ය ලිංගික චර්යාවන්ට යොමු වීමේ ප්‍රවණතාවක්‌ පෙන්නුම් කරයි.
 
 මෙසේ කිසියම් කේන්ද්‍රයක කුජ, ශනි එකට සිටි පමණින් අනියත බියක්‌ ඇති කර ගැනීමද ජ්‍යෙdතිෂ විද්‍යාත්මකව පදනම් විරහිත වේ. මෙවැනි යෙදුමක්‌ ඇති විට එම දෝෂකාරී තත්ත්වය භංගවන අවස්‌ථාද එම කේන්ද්‍රය තුළම පිහිටිය හැක.
 
 කේන්ද්‍රයක කුජ, ශනි සත් වැන්නේ වුවද ගුරු සමඟ සංයෝග වී කුජ මිත්‍ර රාශියක වී යහපත් ආකාරයෙන් සිටී නම් මෙම දෝෂය බොහෝ දුරට භංග වේ. එමෙන්ම සෙනසුරු පහ කුජ බලවත් ආකාරයෙන් යෙදීමත්, සංයෝගයක්‌ සාදා නොතිබීමත් දෝෂයක්‌ ඇති කරන තත්ත්වයක්‌ නොවේ. 
 
 එබැවින් කේන්ද්‍ර පරීක්‍ෂාවේදී විශේෂයෙන් විවාහයකට මෙම යෝගය දුටු පමණින් එම කේන්ද්‍රය ඉවත දැමීම කළ යුතු නොවේ. මෙහිදී මෙම සංයෝගය සත්‍ය වශයන් පවතීද? එම භංගවන ආකාරයේ ග්‍රහ බලපෑම් කේන්ද්‍රය තුළ නිර්මාණය වී තිබේද? එසේ නොපවතී නම් අනෙක්‌ කේන්ද්‍රය තුළින් එම දෝෂ තත්ත්වය භංගවන තත්ත්වයක්‌ තිබේද? යන්න හොඳින් පරීක්‍ෂා කර බලා තීන්දුවකට බැසිය යුතුයි. 
 
 එසේ නොමැති වීම තුළ වර්තමානයේ මෙවැනි කේන්ද්‍ර හිමි තරුණ තරුණියෝ විවාහ වීමේ වයස ඉක්‌මවා ගොස්‌ අසරණ තත්ත්වයට පත්ව සිටින බව සතිඅන්ත පුවත්පත්වල පළවන මංගල යෝජනාවලින් පැහැදිලි වේ. 


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »