වසරේ පළමු කුජ මාරුව රටට කොහොමද?

2018-01-16 10:26:00       53
feature-top
පාරිසරිකමය ව්‍යාකූල තත්ත්වයන් ඇතිවිය හැකි කාලසීමාවක්‌.පුද්ගලයෙකුට හොඳට මෙන්ම නරකටද හේතු වන ග්‍රහයා කුජ හෙවත් අඟහරු ය. ශක්‌තිමත් ශරීරයක්‌ පවත්වාගෙන යැමට බලවත් අඟහරු උදව් වෙයි. නිර්භීත කමට කාරක ග්‍රහයා කුජ ය. එසේම ලේ ධාතුවට, ආයුධවලට, පොළොවට, තාක්‌ෂණ කටයුතුවලට මෙන්ම සටන්කාමී බවටද, ගණිතයට මෙන්ම පාලනයටද බලවත් කුජ පුරෝගාමී වෙයි. 
 
 ග්‍රහයෙකු වශයෙන් කුජ ග්‍රහයා සාම්ප්‍රදායිකව රාශියකින් තවත් රාශියකට මාරු වෙමින් ගමන් කිරීම සඳහා මාස එකහමාරක පමණ කාලයක්‌ ගතවීම සාමාන්‍ය මතයයි. ගෝචරයෙන් සලකා බැලීමේදී, කුජ ග්‍රහයා 2018 ජනවාරි 16 දක්‌වා තුලා රාශියේ තැන්පත්ව සිටී. උච්ච මූල ත්‍රිකෝණ ස්‌වක්‌ෂේත්‍ර මිත්‍ර සම සතුරු රාශි නියමයට අනුව කුජ තුලාවට සම මූඪ තත්ත්වයක්‌ පෙන්නුම් කරන අතරම, 2018 ජනවාරි 17 දිනෙන් පසු ගෝචර වන කාලසීමාව වන්නේ කුජ වෘශ්චිකයට ගමන් කිරීමයි. එහිදී ඉහත නියමයට අනුව ස්‌වක්‌ෂේත්‍ර තත්ත්වයක්‌ උදාවන බව පෙන්වා දිය යුතුය. මෙම තත්ත්වය බලාත්මක වීම තුළින් වසරේ මුල් කාලසීමාව තුළ රටේ අඩකට ආසන්න ප්‍රදේශයක්‌ නියං කාල තත්ත්වයකට ගොදුරු වී ජනතාවට පීඩා විඳීමට සිදු වන බව කිව යුතුය.
 

kujaමේ තුළින් මෙතෙක්‌ කළ ගොවිතැන් කටයුතු පාළු වීම, කිරීමට බලාපොරොත්තු වන කෘෂිකර්මාන්ත කටයුතු නවතා දැමීමට සිදුවීම මෙන්ම විශේෂයෙන් පිරිසිදු ජලය පානය කිරීමට අවහිරතා ඇතිවන තත්ත්වයක්‌ ඉදිරි කාලසීමාව තුළ උද්ගත වන බවට සනාථ කළ හැකිය. එසේම මේ තුළින් ඇතැම් ප්‍රදේශවල බෝවන රෝග විශාල ලෙස ප්‍රචලිත වීමටද, ශරීරයේ ලේ නරක්‌ වීම තුළින් මතුවන රෝග ඇතිවීමට ඉඩකඩ බහුලය. පුද්ගලික වශයෙන්ද කුජ ගේ මෙම ගමන පුද්ගලයාගෙන් පුද්ගලයාට ගෝචරයෙන් ශුභ අශුභ ගෙන එනු ලබයි. ඒ තත්ත්වයන් කෙරේ යොමු වී අදහස්‌ දැක්‌වීමට නම් ජන්ම කේන්ද්‍ර පරීක්‌ෂාවක්‌ කළ යුතුය. කුජ ග්‍රහයා 2018 මාර්තු 07 දිනෙන් පසු ධනු රාශිය වෙත ප්‍රවිශ්ට වීමක්‌ සිදු වුවද මතු දැක්‌වෙන පාරිසරිකමය වෙනස්‌ වීම් තත්ත්වයන් අප්‍රේල් මුල දක්‌වා බලාපොරොත්තු විය යුතුය.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »