රට තුළ නොසිතූ වෙනස්‌කම් රැසක්‌ - සිකුරු මීනයට උච්ච වී බුධ මීනයට නීච වෙයි

2018-02-24 11:10:00       572
feature-top
2018 මාර්තු මස 02 වැනිදා පෙරවරු 11.43 ට සිකුරු ග්‍රහයා බ්‍රහස්‌පතිට හිමි මීන රාශියට පැමිණ උච්ච වෙද්දී ඊට පසු දින උදේ 6.56 ට බුධ ග්‍රහයා මීනයට පැමිණ නීච වේ. මෙය එසැණින් නීච භංග යෝගයක්‌ උදාවීමක්‌ මෙන්ම තවත් විශේෂ සිද්ධීන් 
 
 රැසක්‌ ග්‍රහ මණ්‌ඩලය තුළ නිර්මාණය වීමට ද හේතු වන්නේය.
 
 ග්‍රහ මණ්‌ඩලයේදී මීන රාශිය ජලජවූ ද්විසභාව රාශියකි. එහි සිකුරු උච්ච වන්නේ සිකුරාදා දිනයකදීය. එම නිසා දිනාධිපතියා බලවත්ය. මෙදින උදාවට පත්වන්නේ සිකුරු හිමි පුවපල් නැකතය. අධිපතියා උච්ච වීමෙන් නැකතද බලවත් වේ. පෙ.ව. 11.43 ට උදාවට පත්වන්නේ වෘෂභ ලග්නයයි. ලග්නාධිපති උච්චවීම නිසා ලග්නය ද බලවත් වීම එතැනින්ම දක්‌වනු ලබයි. මෙහිදී සිකුරුගේ උච්චය බ්‍රහස්‌පතිගේ මීනය තුළ සිදුවෙද්දී බ්‍රහස්‌පති සිකුරුගේ රාශියේ සිටීමෙන් "ගුරු ශුක්‍ර" පරිවර්තන යෝගයක්‌ද හටගනී.
 
 සිකුරු උච්චවන උදා රාශියේ (වෘෂභ) හතරවැන්න වූ සිංහයේ චන්ද්‍රයා ගමන් කරයි. බුධ නීචවන 03 වැනි ශනි දින සෙනසුරු හිමි කුම්භ රාශිය උදාවට පත්ව එහි 08 වැන්න වූ කන්‍යාවේ සඳු ගමන් කරයි. අප රට ආණ්‌ඩු පවත්වාගෙන යන ලග්නය කුම්භයයි. සිකුරු උච්චව නීච බුධ සමග එක්‌වීම "සරස්‌වති" යෝගයකි. එබැවිනි හිතේ හැටියට සරස්‌වති යෝගය වර්ණනා කරමින් අකුරු කියවන නැකැත් හදා දෙන්නට පුළුවන. හිතේ හැටියට "රාජයෝග" දක්‌වමින් පලාපළ කියන්නට පුළුවන. කටින් වචනයෙන් අප තරම් පාරිශුද්ධ අය වෙනත් කිසිම ලොවක නැතැයි කීමට ද පුළුවන. දැන් අප ඉදිරියේ මතුවී පවත්නේ දර්ශනීය වූ සුන්දර මනස්‌කාන්ත පින්තූරයකි. කිසියම් ග්‍රහ මාරුවීමක්‌ හෝ වර්ෂ මාස සති ආරම්භයට උදාවන ලග්නය ග්‍රහචාරය පිරික්‌සීම ප්‍රධාන කොටම කළ යුතු බව පූර්වාචාරීන්ගේ මතය වේ. පලය සහ බලය ඇත්තේ ආරම්භය ද සමගය. අත්තිවාරම හුරස්‌ පරස්‌ වූයේ නම් හදාගෙන ගිය ගෙයි වහලය ගහන්නට අපහසු වේ. වඩුබාස්‌ද, මේසන් බාස්‌ද, මරා ගන්නේ එතැනදීය. නීච බුධ උච්ච සිකුරුට එක්‌වීම "රාජ යෝගයක්‌ද" වන්නේය.
 
 සිකුරු උච්චයට පත්වූ උදා රාශිය වෘෂභය වූ බවත්, එහි 04 වැනි සිංහයේ සඳු සිටින බවත්, මුලින් කීවෙමු. එවිට සඳු සිටින රාශි හිමියා රවිය. රවි සෙනසුරු හිමි කුම්භයේ සිටිමින්, ඊට අධිපති සෙනසුරා උදා රාශියේ 08 වැන්නේ ගමන් කිරීම, සඳුට රවිට සහ ලග්නයට ජන්ම සහ ලග්න අෂ්ඨම ඒරාෂ්ඨක යෙදීමකි. 08 මාරක ස්‌ථානකි. සඳු හිමි රාශ්‍යාධිපති 08 වැන්නට යාම හේතු කරගෙන මාරක බාධක ලක්‍ෂණ පහළවේ. එමගින් ආගමික නායක නායකාවියන්ට බාධක එල්ල වේ. මාරකරු දක්‌නට ලැබේ. රාජ්‍ය ආගම පිරිහීමකට ලක්‌ වේ. උදාවූ වෘෂභයටත් සඳු සිටි සිංහ රාශියටත් බ්‍රහස්‌පති මාරක ග්‍රහයෙකි. එකී බ්‍රහස්‌පතිම වෘෂභයට ඇතිවන තෙක්‌ දීමද දුන් දේ ආපසු ගැනීම හෙවත් නැතිකර දැමීමද ස්‌වකීය රාජකාරිය කරගනී. සිංහයට මාරක කරන ගමන් අධ්‍යාපනයේ වගකීමද ඉටුකර දෙයි. සිකුරු උච්චවීමෙන් හටගත් රාජ යෝග පරිවර්ථන යෝග "සරස්‌වති යෝග" උපතේදීත් ඇත්නම් ඒ ඒ අයට ශුභ සිද්ධියක්‌ යෙදේ. අකුලක්‌ පතුලක්‌ අස්‌සේ හිටියත් කොහෙන් හෝ එළි පහලියට විසිවී රජය කරන්නන් අතරට විසි වේ. එසේ නොමැති අය රාජකීයයන් විසින් රවටනු ලබන තාඩන පීඩන ලබමින් දුක්‌ ගන්නා රාළලා වෙති. මෙසේ බලන කල මතුපිටින් අප දුටු දර්ශනය වූ මනස්‌කාන්ත පින්තූරය තුළ අඳුරු සෙවනැලි පැතිරී තිබේ. යසලාලක තිස්‌ස රජතුමා දොරටුපාලකයා සිංහාසනයේ හිඳුවා තමා දොරටු පාලකයා වෙමින් ලබාගත් මාරාන්තික ආස්‌වාදයට සමාන වින්දනයක්‌ බුධ සිකුරු ඉදිරියට දමා බ්‍රහස්‌පති විඳින බව මෙයින් දක්‌නට ලැබේ.
 
 සඳු ලෝකායන ශාස්‌ත්‍රයේදී පොදු ජනතාවත් උසස්‌ කාන්තාවන්ද නියෝජනය කරයි. එම සඳු රවිට අයත් පුරුෂ රාශියක සිටිමින් අෂ්ඨම ඒරාෂ්ඨකයකට හසුවීමෙන් උසස්‌ කාන්තාවකගේ ද අභාවයක්‌ සිදු වේ.
 
 මෙය සිනමා, දේශපාලන ක්‍ෂෙත්‍රයන්ට ද සිත්තරුන්ටද අදාළ වන්නේය.
 
 ගුරු, ලිපිකරු, බැංකු කටයුතු සහ විශ්වවිද්‍යාල ද, ආචාර්ය මහාචාර්යවරු ද වෙද්‍යවරුන්, වෛද්‍ය සේවාවනුත් බ්‍රහස්‌පතිගේ පාලනය යටතේ පවතී. බ්‍රහස්‌පති එම පරම හතුරා වන සිකුරාගේ තුලා රාශියට අවතීර්ණ වූයේ 2017 සැප්. 12 වැනිදාය. එතැන් සිට සංගීත, නැටුම්, ගැයුම්, වැයුම් වැනි රාගාධික පරිසරයක බ්‍රහස්‌පති නමැති තාපසයා, උපදේශකයා, ගුරුවරයා, ඇමතිවරයා, මන්ත්‍රීවරයා, වෛද්‍යවරයා සිටිය යුතුය. එහි අධිපති සිකුරු තාපසයාගේ ගෙදර රංගනයක යෙදේ. මේ දෙකෙන්ම මනුෂ්‍ය සමාජයේ සාරධර්ම වැනසේ. ගුරු දෙගුරුන් සිසුන් අතර අර්බුධ හටගනී. දොස්‌තරවරු, ආචාර්ය, මහාචාර්යවරු, මැති ඇමැතින්ගේ සටකපට මුසා බස්‌වලින් පෙළේ. කාන්තා මැදිහත්වීම් නිසා මැති ඇමැතින්ද අමාරුවට පත් වේ. බ්‍රහස්‌පතිගේ මුළු මහත් කාර්ය භාරයට 2018 මැද භාගය තෙක්‌ වෙළෙඳ ප්‍රතිපත්තියක සිටී. තැන තැන ගණිකා වෘතිය පැතිර යයි. ධාර්මිකයන් රට හැර යති. භික්‍ෂූන් වහන්සේලා අතර අසමගිකම් බහුලව පවතී. වෙහෙර විහාර අන්‍යාගමිකයන්ගේ ගොදුරු බවට පත් වේ.
 
 මාර්තු මස 08 වැනිදා අඟහරු බ්‍රහස්‌පතිගේ රාශියකට ගියද සිකුරු මාර්තු 26 වැනිදා මේෂ රාශියට පැමිණීමෙන් ද කරුණු කාරණා වඩත් බරපතළ වේ. පුවත්පත්, පණිවුඩ හුවමාරු, තැපැල් සේවාවන් අතර උග්‍ර ගැටුම් හටගනී. ආහාර වර්ගද තෙල් ගෑස්‌ යනාදිය ද ඉහළ මිල මට්‌ටම්වලින් යුක්‌ත වේ. වාහන මූලික කරගත් නීති සම්ප්‍රදායන් වෙනස්‌ වේ. දුම්රිය ගුවන් යානා අනතුරු බහුල වේ.
 
 බ්‍රහස්‌පති සිකුරු මවා පෙන්වූ රාජ යෝග, පරිවර්තන යෝගවල ඵලය දැක්‌වීමට ඉදිරියට එන ශනි මංගල යෝගය ද ගුරු ශුක්‍ර සප්තම දෘෂ්ඨිය ද හේතුවන බව කිව යුතුය. එකල්හි යසලාලක තිස්‌ස රජතුමා දොරටුපාලයා සිහසුනේ හිඳුවා තමා දොරටු පාලකයා වෙමින් ලබාගත් මාරාන්තික ආස්‌වාදයේ තරම සියලු සත්වයන්ටම දර්ශනය වෙනවා ඇත.
 
 ප්‍රභූ කාන්තාවකට මාරක අපල ආහාර, ගෑස්‌, ඉන්ධන මිල ඉහළට
 
 දුම්රිය, ගුවන් යානා අනතුරු බහුල වේ.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »