බහිරව පූජා කිරීමේ ඉපැරණි ක්‍රමය

2018-03-05 10:10:00       266
feature-top
ජ්‍යෝතිෂය ඉතා පුළුල් ශාස්‌ත්‍රයකි. බලිතොවිල්, වෙස්‌පෑම්, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් මෙන්ම ගුප්ත ශාස්‌ත්‍රය ආදිය ඊට ඇතුළත් වේ. පංචාංගය වන දිනය, නැකත, තිථිය, යෝගය, කරණය, මගින් ජ්‍යෙdතිෂය නමැති මහා වෘක්‍ෂය ඇති විය. ඊට සමගාමීව යන්ත්‍ර, මන්ත්‍ර, දිෂ්ටි මගින් ගුප්ත විද්‍යාව පෝෂණය විය. ගුප්ත විද්‍යාවේ අනුහසින් යම් යම් පූජා ඇති විය. පූජාවන් කිරීමෙන් ඒ ඒ උචිත කරුණු සඳහා සෙත සැලසෙන බව අපි දනිමු. දානමය පූජා, වස්‌ත්‍ර පූජා කිරීමෙන් කුසල් රැස්‌වන බව ඉතා පැහැදිලිය. කුමන ආගමක උවත් එය නොපැකිලි වීමකින් පිළිගනී.
 
 බහිරව පූජාව ද එවැනිම බලගතු බහිරවයා වෙනුවෙන් කෙරෙන පූජාවකි. සෑම සත්ත්වයෙක්‌ම ඇතිවන්නේ පොළොවෙනි. මියගිය පසු සියලුම භෂ්මාවශේෂ හිමි වන්නේද පොළොවටයි. පොළොව නැත්නම් මිහිතලය සියලුම දෙනාට අයත් පොදු වස්‌තුවකි. පොළොවේ වැඩෙන ගස්‌වැල් කපාදැමීම නියඟයට අත වැනීමක්‌ බව කවුරුත් දනී. 
 
 ගමකින් ගමකට ගොස්‌ ගුප්ත ශාස්‌ත්‍රයේ යම් ගුරුකමක්‌ කිරීමේදී ඒ ඒ ග්‍රාම්‍ය භාර දෙවියන්ට (ගම්භාර) පහන් දල්වා අවසර ලබාගත යුතුමය. 
 
 ඊට අමතරව යම් යම් ගුප්ත ශාස්‌ත්‍රීය කටයුතුවලදී ආරම්භයේදීම පහනක්‌ දැල්වීම ද අනිවාර්යයෙන්ම කළ යුතු බව ගුප්තවේදියා දනී. එමෙන්ම බහිරවයා සතු පොළොවේදී යම්කිසි ක්‍රියාවක්‌ ඉදිකිරීමක්‌ කිරීමේදී බහිරව ප්‍රජාවක්‌ කළ යුතුමය.
 
 නිවසක්‌ ගොඩනැඟිල්ලක්‌ ඉදිකිරීමක්‌ මෙම පෘථිවි පෘෂ්ඨය මත කෙරෙන්නේ නම් බහිරව පූජාවක්‌ කර ඒ ඒ බහිරව චාරිත්‍ර නොකෙරෙන්නේ නම් එහි පලවිපාකය ලැබෙන බව අප දන්නා කරුණකි. ඉපැරණි කාලයේ සිට පැවතෙන මෙම නිවැරදි ක්‍රමය කොතරම් ප්‍රයෝජනවත්ද යන්න රත්නමාලි ප්‍රවෘත්තිය පෙන්වා දෙයි. දුටුගැමුණු රජතුමා රුවන්වැලි සෑය ඉදිකිරීමට ප්‍රථම රන්නමාලි නම් අරක්‌ගත් දේවතාවිය එම රූක්‍ෂ ගස ඉවත් කිරීමට ඉඩ නුදුන් බවත් රජතුමා විසින් දුන් පොරොන්දුවක්‌ මත එම වෘක්‍ෂය ඉවත් කිරීමට ඉඩ ලැබූ බවත් සෑය නිම කිරීමෙන් පසු ඇයගේ නම වන රත්නමාලී නමින් තැබූ බවත් අදටත් එය එම නමින්ම තිබෙන බවත් අපි දනිමු. එපමණක්‌ද නොව සෑය ඉදිරිපස බහිරව රූපද නිර්මාණය කළ බවද දනිමු. මේ අයුරින් පෙනී යන්නේ මෙම බහිරව පූජා පුරාණයේ සිටම පැවතීගෙන එන බවත් ඉන් මහත් සේ ඵල ප්‍රයෝජන ලැබෙන බවත්ය.
 
 මෙම බහිරව පූජා කිරීමට අවශ්‍ය දේවල් එකල මෙම භූමිය තුළ නොපිරිහෙලා තිබිණි. එබැවින් එකල මෙම බහිරව පූජාවන් එසේම නොඅඩුව කෙරුණත් වැඩි මුදලක්‌ වැය නොවිණි. අවශ්‍ය අමුද්‍රව්‍ය අවටින්ම ලබා ගැනීමේ පහසුව තිබිණි. අනාගතයේදී මෙම තත්ත්වය වෙනස්‌ වන බවත් ඊට ප්‍රතිලෝමව වෙනස්‌ ක්‍රම වේදයක්‌ මගින් සරල කර ගැනීමේ ක්‍රම පැරණි පොත්පත්වල සඳහන්ව පවතී.
 
 බෛරව වෘතාංතය යනු වෛදික ග්‍රන්ථයකි. එහි බහිරව පූජා සම්බන්ධව බොහෝ දේ සඳහන්ව ඇත. "සර්වං ඒකංමය. දේව මණ්‌ඩලයේ විෂ්ණු දෙවිඳු ප්‍රධානියාය. කතරගම දෙවිඳුන්ගේ මාමා කෙනෙක්‌ බවත් මෙම බුද්ධාගම ආරක්‍ෂා කිරීමේ මූලිකත්වය විෂ්ණු දෙවිඳුන් වෙත පිරිනිවන් මංචකයේදී ගෞතම බුදුන් විසින් පැවරූ බවත් බණ පොතේ සඳහන් වේ. මෙම විෂ්ණු දෙවියන්ට බිරියන් දෙදෙනෙකි. වස්‌තුවට අගතැන් ලක්‍ෂ්මි දෙවඟන මහේෂිකාව විය. ඒ ඉන්දියාවේය. දෙවැනි බිරිඳ තාරාදේවි දක්‍ෂිණ ශ්‍රී ලංකාවේ විෂ්ණු දෙවියන්ට දාව උපන් " දුණු" පුත්‍රයාගේ මව්ය. එබැවින් විෂ්ණු ශ්‍රී ලාංකික අයට බොහෝ සෙයින් ප්‍රයෝජනවත් විය.
 
 ගුප්ත ශාස්‌ත්‍රය හෝ වෙනයම් ශාස්‌ත්‍රයකදී කුමන අයුරින් ප්‍රශ්න ඇති වේ නම් ඒවා ගැන සඳහන් පොත්පත් පරිශීලනය කළ යුතුවේ. ඉන් මහත්සේ ප්‍රථිඵල ලබා ගත හැක. දුර්වායස්‌ නම් සෘෂිවරයා විසින් කළ සාපයක්‌ නිසා දෙව්වරුන් සහ අසුරයන් අතර දුර්භාග්‍ය අවස්‌ථාවක්‌ එළඹින. මින් මහත්සේ කැළැඹුණු බහිරවයා උරණ වී බහිරව පූජා කෙරෙන තුරු එම දුර්භාග්‍යය අවස්‌ථාව එලෙසින්ම පවත්ව ගෙන ගියේය. රටටම විනාශය ළඟා විය. ගම් නියම් ගම්වල මෙම භහිරව පූජා පැවැත්විය යුතු බවත්, ඒවා යම්කිසි සරල ක්‍රමයකට යටත්ව ආනිසාංස කිසිවක්‌ නොඅඩුවනසේ සිදු කිරීමෙන් බහිරවයාගෙන් සිදුවන කරදර නැති කිරීමට හා ඒ ඒ ස්‌ථාන ආරක්‍ෂා කිරීමට බහිරවයා මෙම අවස්‌ථාවේ පොරොන්දු වු බවත් මෙම ප්‍රධාන කටයුතු ඊශ්වර දෙවියන්ට පහන් දැල්වීමෙන් ආරම්භ විය යුතු බවත් සඳහන් වේ. හින්දු දේව පුරාණයට අනුව රටේ ඉදිරියට පවතින සම්පත් අනුව මෙසේ සරල ක්‍රම ඇති කළ බව විෂ්ණු දෙවියන් විසින් අනුමත කළ බව සඳහන් වේ. ඒ මෙසේය.
 
 ප්‍රථමයෙන් ඉඩමේ හතර කොණ තුන්පට කන්‍යා නූල් දමා සිරකරගත යුතුය. මෙය ආරක්‍ෂක මන්ත්‍රයකින්ම පමණක්‌ මතුරා ගත යුතුය. දෙවනුව ගම්භාර දෙවියන්ට පහනක්‌ දල්වා ඊළඟත ඊශ්වර තටුව සකස්‌කළ යුතුය. පියවරෙන් පියවරට බහිරව තටුව නිමකර වර්ණවත් කොඩි ඒ ඒ අට දිශාවන්ට දෙවිවරු වෙනුවෙන් පිළියෙල කර ගත යුතුය. 
 
 ඒ අතරට එම නිවස තුළ හෝ භූමිය තුළ තවත් ස්‌ථානයක ප්‍රේත තටුව සැකසිය යුතුය. මෙම ප්‍රේත තටුවද මේ බහිරව පූජාවේ විශේෂ තැනක්‌ ගනී. මිනිස්‌ දණහිසට වඩා පහළ ප්‍රමාණය කීම යුක්‌ත විය යුතුය. මේ ප්‍රේත කටුව සැකසීම හා මැතිරීම සඳහා වෙනම ඇදුරෙක්‌ වෙන් කළ යුතුමය. මේ සඳහා මන්ත්‍ර දිශාවයි ප්‍රේත දිශාවයි. හා ඉනාව කළ යුත්තේ තද අඳුර ඇති තැනකමය. සියලුම කටයුතු පියවරෙන් පියවරට නිම කර ප්‍රේතයා අස්‌කර, සිටිනවා නම් සුදුහඳුන් හා නේත්‍රයෙන් බලා එම ස්‌ථානයෙන් පිටකිරීමට කටයුතු යොදා දෙවනුව තටුව තුන් මංසලකට තනිකර දිෂ්ටිය එතැනි නවතා නැවත නිවසට පැමිණිය යුතුය.
 
 ඉන්පසු කළ යුත්තේ හොඳින් මතුරාගත් ආරක්‍ෂක මුට්‌ටි හතර කොණ හෝ අටකොණ වත්තේ වළලා එහිම තිබූ හඳුන් අබ හා වැලි වත්තේ ඉසීමය. ප්‍රේත තටුව නිවසින් පිටකර තුන්මං හන්දියේ දිෂ්ටිය හිරකිරීමෙන් පසුව කලින් හිරකළ තුන්පට නූල පුච්චා කඩා දැමීම කළ යුත්තේය. ඉන්පසු අවසානයේදී නිවැසියන්ට දෙහි කපා ආරක්‍ෂක නූල් අත හෝ ගෙල බැඳීමෙන් යාගය අවසන් වේ. 
 
 මෙම සම්පූර්ණ කාරිය සඳහා පැය 6 ක පමණ කාලයක්‌ වැයවන අතර වියදමද ඉතා අඩුය. මෙම සරල ක්‍රමය තුළ එක්‌ එක්‌ දේවතාවුන් වහන්සේලාට තටු පිළියෙල කිරීමක්‌ නොකර සමාගම් දොළක්‌ වැනි සැකැසීමෙන් වියදම් අඩුකර ගත හැක. මෙම තටු මැතිරීමේදී විශේෂයෙන් ප්‍රේත තටුව මැතිරීමේදී එම ස්‌ථානය අරක්‌ගෙන සිටින යම් යම් අමානුෂික තත්ත්වයක්‌ ඇත්නම් දෘශ්‍යමානව එන අවස්‌ථා එමටය. ප්‍රේතයා බැඳ තැබීමත් කිරීමට රිදී කම්බිය උපයෝගී කරගන්නා අවස්‌ථා ගැන පොත පතේ කියෑවුණත් ඒ ක්‍රියාව එතරම් යහපත් නැති බව පුරාණ ඇදුරන්ගේ එක්‌ මතයකි. කළ යුත්තේ අවශ්‍ය තැනින් මුදවා වෙනත් තැනකට යෑවීමය.
 
 ප්‍රේතාකර්ශණයක්‌ තිබේද යන්න මූලිකව දැනගන්නේ කෙසේද? සාමාන්‍ය කරුණු ඔබ දැනගත යුතුමය. ප්‍රේතයා ගැවසෙන ස්‌ථානවල රතු තෙල් කුහුඹි වාසය කරයි. අල, මයියොක්‌කා, තම්බන හුමාලය එයි. එක තැනකට එන හුමාලය ඒ අයුරින්ම තවත් තැනකට දැනේ. සමහර විට කෑම පිඟාන පහුරු ගා ඇති බව පෙනේ. ගෙදර වාසය කරන අය අතර අඩදබර ඇතිවේ. අඳුරු ස්‌වභාවය වේ. 
 
 නමුත් යම් දෙයක්‌ තිබූ තැනින් ස්‌ථානය වෙනස්‌ කරන්නේ. ප්‍රේතයා නොව භූතයාය. භූතයා ඉන්නා තැන හෝ භූමියේ දෙබර කූඩු ඇත. නමුත් අස්‌ථාන ගත කිරීමට ශක්‌තිය නැත.
 
 යම් තැනක තිබූ භාණ්‌ඩයක්‌ අස්‌ථානගත කරන්නේ පොළොවට සවිකර ඇති නිවසකට ගොඩනැඟිල්ලකට පාඩු සිදු කරන්නේ බහිරවයාය. බහිරව ක්‍රියා නැවත ඇති කිරීමක්‌ සිදුවන්නේ බහිරව පූජාවකින්ම පසුවය. විශේෂයෙන් නිවසේ ආරක්‍ෂක මුට්‌ටිවල කාලය අවසන් වූ විට දී හෝ බහිරව පූජා දීමට අපහසු වූ අවස්‌ථාවලදී යම් යම් කරදර සඳහා එකවර සූනියම් පහන් දැල්වීම කළ අවස්‌ථාවලදී මෙම බහිරව ගැටලු පැනනගී.
 
 බහිරව පූජාවලදී ඇදුරු තුමාද සාමාන්‍ය ජනයාද කරුණු වෙන්වෙන්ව දැනගත යුතුමය. නිවාස භූමි භාර බහිරවයා නිධන් භාර බහිරවයා සඳහා වෙනස්‌ වෙනස්‌ ක්‍රමවලට ඒ ඒ ස්‌ථානය ආරක්‍ෂා කළද වෙනස්‌ අයුරින් එම කාර්ය කරන බවද බහිරව පොත්වලද නිධන් වදුලේද ඇත. වෙනස ඇත්තේ නිධාන ගැනීම සඳහා යම්කිසි ක්‍රමවේදයක්‌ අනුගමනය කළ යුතුය. උදාහරණයක්‌ වශයෙන් යම් කිසිදෙයක්‌ ප්‍රදානය කිරීමෙන් නිධාන ලබාගත හැක. ඒ මුලින් පොරොන්දු පරිදියි. නිධන් වදුලේ සටහන් කිරීමට ප්‍රථමය.s බහිරව පූජාවලදී එවැනි සටහනක්‌ නොමැත. නිධාන් භාරව ඉන්නේ එක්‌ බහිරව අයෙකි. පොළොව භාර බහිරවයාය. එසේ නම් ඉඩම් නිවාස සඳහා ඇත්තේ එක්‌ බහිරව ක්‍රමයකි.
 
 නිධාන් ලබා ගැනීමට එසේ නොවේ. සමහර නිධාන් ලබාගැනීමට අවශ්‍ය දේ. නැත්නම් පුදදිය යුතු දේ හා ක්‍රමය එකිනෙකට වෙනස්‌ය. සමහර නිධන් පහන් දැල්වීමෙන්, කිරි ආහාර දීමෙන් ගත හැක. නීතිHනුකූල නොවුණත් ගන්නා ක්‍රමය නිධන් වදුලේ පැහැදිලිව සටහන් කර ඇත. එය එසේ වූවත් පොළොවෙන් ඇති කළ දේ අයත් පොළොවටමය. එනම් බහිරවයාටමය.
 
 කර්මාන්තයේදී ව්‍යාපාරයේදී සුපුරුදු පරිදි ලැබූ ආදායම නොලැබේ නම් සාදාගෙන යන ගොඩනැඟිල්ල අතර මගදී නැවැතීම ඒ අලුත්වැඩියාව සඳහා අවස්‌ථාව නොදීම මේවා බහිරවයා විසින් කරන ක්‍රියාය. එවිට බහිරව පූජාවක්‌ කළ යුතුමය. සාමාන්‍යයෙන් ප්‍රේතයා විසින් කෙරෙන දෝස ඇත්නම් ප්‍රේත තටුවක්‌ දී නිවස ආරක්‍ෂා කරගැනීමෙන් නිම කර ගත හ eක. ප්‍රථමයෙන් ගැටලුව තෝරාගත යුතුය. ඒ අතරම මේවා කල්ගත වීමට පෙර කර ගැනීමෙන් පසුම්බියට ලෙහෙසි වේ. කිරීමේ ක්‍රමය ස්‌වල්පයක්‌ වෙනස්‌ වුවත් මැතිරීමේදී ඒ ඒ වාර ගණන කිසියම් අයුරකින් වෙනස්‌ නොවිය යුතුමය. සෑම විටම ලාභ ලැබීමට වඩා අලාභ වීම වළකා ගැනීමෙන් වඩා සෙතක්‌ සැලසේ. 


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »