දරු සම්පත් ප්‍රමාද ද? එහෙනම් මෙය කියවන්න

2018-03-23 10:43:00       120
feature-top
විවාහයට පත් වුවද දරුවකු නො ලද සිටීම ව`ද භාවය ලෙස (ෂබෙeරඑසකසඑහ) හ`දුන්වයි. මෙය ලංකාවේ පමණක්‌ නොව ලෝකයේ බොහෝ රටවල බරපතළ ගැටලුවක්‌ බවට පත් වී ඇත. මෙය සමාජ ගැටලුවක්‌ බවට පත්ව විවාහය දෙදරා යැම, සියදිවි හානි කර ගැනීම හා වෙන යම් පීඩාකාරී තත්ත්වයන්ට ලක්‌වීම බහුලව සිදු වේ. දරුවකු බිහි කිරීමට නො හැකි වූ කාන්තාවන් මෙම සමාජයේ මොන තරම් පීඩාවකට ලක්‌ වනවා ද යන්න දන්නේ එම තත්ත්වයට මුහුණ පා සිටින කෙනකු පමණි. දරුවකු නොමැතිකම කාන්තාවගේ පමණක්‌ ඇති දුර්වලතාවයක්‌ බවට පත් කර ගැනීමට බොහෝ දෙනෙක්‌ පෙළඹෙති. 
 
 යම් පුද්ගලයකුට දරු සම්පතක්‌ හිමි ද ? අහිමි ද ? යන්න කල් තියා දැන ගත හැකි එකම ශාස්‌ත්‍රය ජ්‍යෙතිෂය බව නොබියව ප්‍රකාශ කළ හැකිය. එනම් කොපමණ වෛද්‍ය ප්‍රතිකාර හා වත් පිළිවෙත් සිදු කළ ද එහි ප්‍රතිඵලයක්‌ තිබේද නැද්ද යන්න ජ්‍යෙතිෂය මගින් නිවැරැදිව දැන ගත හැකි අතර ඊට අදාළ පිළිවෙත්, ප්‍රතිකාර කිරීම මගින් ඔබට මෙතෙක්‌ අහිමිව තිබූ දරු සම්පත ලබා ගත හැකි වේ. මේ ස`දහා ජ්‍යෙතිෂ විද්‍යාව මගින් විශාල පිටිවහලක්‌ ලැබෙන නිසා නැවැත වරක්‌ පාඨක ඔබව දැනුවත් කිරීම වැදගත් වේ. 
 
 විවාහ දිවියට පත් වුවද දරුවකු නොලැබීම ආකාර කිහිපයකට සිදු විය හැකිය. එනම් කිසිසේත්ම කලලයක්‌ හට නො ගැනීම හෙවත් ගැබ් නොගැනීම, ගැබ් ගත්තද කලලය වර්ධනය වී හෝ නොවී ගබ්සා වීම හා ගැබ් ගැනීමට ප්‍රමාද වීම වේ. විවාහපත් යුවළකට සි`ගිත්තකුගේ මුහුණ බැලීමට නොහැකියාව ඉහත කාරණා අතුරින් එකක්‌ විය හැකිය. කෙසේ නමුත් අඹුසැමි යුවළකගේ කේන්ද්‍ර සටහන්වල දෙදෙනාගෙන් කෙනකුට පමණක්‌ දරු සම්පත උරුම වී අනෙක්‌ පුද්ගලයාට දරු සම්පත අහිමි නම් දෙදෙනාටම එම අවස්‌ථාව අහිමි වේ. මේ ස`දහා ජ්‍යෙතිෂවේදියකු සතු අත්දැකීම් ඕනෑ තරම් වේ. එක්‌ උදාහරණයක්‌ ලෙස, පළමු විවාහයේ දරු ඵල නොමැතිව ස්‌වාමියාගෙන් හා තම නැන්දම්මාගෙන් නින්දා අපහාස වි`ද, නොයෙකුත් අඩන්තේට්‌ටම්වලට ලක්‌ වූ කාන්තාවක්‌ විය. ඇය එවිටත් විවාහ වී වසර 12න් පසු දික්‌කසාද වී දෙවන වරටත් විවාහ වී සිටියාය. දෙවන විවාහයෙන් පසු ඇය දරුවන් දෙදෙනකුගේ මවක්‌ බවට පත් වී ඇත. තවද ඇයගේ දෙවන විවාහය අති සාර්ථක ලෙස ඇය ගත කරන බව ඇයගේ ජන්ම පත්‍රයේද ඒ ආකාරයට සනිටුහන් විය. දරුඵල නොමැතිකම නිසා කාන්තා පාර්ශ්වයට පමණක්‌ ඇ`ගිල්ල දිගු නොකොට, දරුඵල අහිමි හෝ ප්‍රමාද කා හට ද යන්න පරීක්‌ෂා කරවා ඒ ස`දහා කළ යුතු පිළිවෙත්, ප්‍රතිකර්ම සිදු කිරීම වැදගත් බව මෙහිදී නැවැත වරක්‌ සිහි කළ යුතුය. 
 
 තවද විශාල ලෙස මුදල් වියදම් කරමින් සිදුකරන විවිධ නවීන වෛද්‍ය ප්‍රතිකාරව බොහෝ තිබෙන අතර එම ප්‍රතිකාර සාර්ථක වී නිරෝගීමත් දරුවන් කොතෙකුත් මෙලොව බිහි වන අතර, විශාල මුදලක්‌ වියදම් කරමින් මෙම ප්‍රතිකාර වරක්‌ නොව කීප වතාවක්‌ සිදු කළද ඉන් කිසිදු ප්‍රතිඵලයක්‌ නොලද අවස්‌ථා ද ඇත. මෙම ප්‍රතිකාර මගින් දරුවන් පිළිසි`දගෙන කීප වතාවක්‌ම දරුගැබ ගබ්සා වන අවස්‌ථාද, අංගවිකල හා මන්ද බුද්ධික වැනි රෝගීA දරුවන් බිහිවන අවස්‌ථාද නැතුවා නොවේ. වෛද්‍ය ප්‍රතිකර මගින් සිදු කරන්නේ දරුවකු බිහි කිරීමට සුදුසු ශරීර සෞඛ්‍ය තත්ත්වයක්‌ ගොඩ නගා දීම පමණි. මෙයට දිය හැකි උදාහරණයක්‌ ලෙස දරුවන් නොමැති යුවළකගේ සියලුම වෛද්‍ය පරීක්‌ෂණ පවත්වා, එම වෛද්‍ය වාර්තාවලට අනුව දරුවකු බිහි කළ නොහැකි කිසිදු ගැටලුවක්‌ නොමැති අවස්‌ථාවක වුවද දරුවකු නොමැතිව පීඩා වි`දින විවාහපත් වූ අඹුසැමි යුවළවල් ඕනෑතරම් දැක ගත හැකි වේ. මේ අනුව කර්මානුරූපීව ඔවුන්ට දරු සම්පතක්‌ උරුම ද ? නැද්ද ? යන්න තම ජන්ම පත්‍රයට අනුව තීරණය කළ හැකිය. කර්මානුරූපීව ඔබට දරු සම්පතක්‌ හිමි නම් ජ්‍යෙdතිෂයට අනුව සිදුකළ යුතු වත් පිළිවෙත් ඔබගේ ජන්ම පත්‍රයට අනුව සිදුකළ යුතුය. කර්මානුරූපීව ඔබට දරු සම්පතක්‌ නොමැතිව එවැනි අය මතු භවයන්වල දරු සම්පත උරුම කර ගැනීමට දාන, ධර්ම පින්කම් කර, දරු සම්පත ප්‍රාර්ථනා කළ යුතු වේ.
 
 කේන්ද්‍රයක පුත්‍රකාරක ගුරුගේ පිහිටීම 5 වැන්නේ ඇති ග්‍රහ පිහිටීම් හා ග්‍රහ දෘෂ්ටීන්, පස්‌වැන්නාධිපතියා හා පස්‌වැන්නාධිපතිව සිටින නවාංශකාධිපතියාගේ බල දුබලතාව හා ඉහත ස`දහන් කළ ග්‍රහයන්ගේ අවස්‌ථාවන් (විශේෂයෙන් ගුරුගේ) සලකා බලා භාව කේන්ද්‍රය තුළින්, දරුඵල සම්බන්ධව නිවැරැදිව ප්‍රකාශ කළ හැක. ඉහත ග්‍රහයන් 6, 8, 12 දුර්වලව ඇත්නම්, පාප පීඩිත නම්, ගුරු දුර්වලව ව`ද රාශියක නම්, 7 වැන්නාධිපතියා දුර්වල නම් (සරු බවට බලපායි) යනාදී කරුණු සැලකිල්ලට ගෙන දරු ඵල සම්බන්ධව අහිතකර බලපෑම් පරීක්‌ෂා කරනු ලැබේ. ඊට අමතරව ඉහත ග්‍රහ පිහිටීම් පරීක්‌ෂා කිරීම මගින්, ලැබෙන දරුවන්ගේ අනාගතය පිළිබ`දව (ඉදිරි අධ්‍යාපනය, දෙමාපියන්ට යහපත්ද, විදේශ ගමන්, ලෙඩ රෝග, අනාගත දියුණුව) වැනි අනාවැකි පැවැසිය හැක.
 
 කෙසේ නමුත් ඔවුන්ගේ කේන්ද්‍රවල ග්‍රහ පිහිටීමට අනුව දරුඵල අහිමි නම් කොපමණ ප්‍රතිකර්ම හෝ පිළිවෙත් සිදුකළද දරු සම්පතක්‌ ලබා ගත නොහැක. එවැනි අය ගර්භණී මවුවරුන් හා කුඩා දරුවන් සම්බන්ධ කර ගෙන පින්කම්වල නිරත විය යුතු අතර, පන්සිල් රැකීම, සිල්වතුන්ට දන් දීම, මෛත්‍රී භාවනාව වැඩීම, අටසිල් සමාදන් වීම ආදී කුසලයන් කිරීම මගින් මතු භවයන්වල දරු සම්පත උරුම කර ගත හැකිය. දැනටමත් ඔබට දරු සම්පතක්‌ අහිමි නම්, නමුත් ඔබ දෙපළගේ ජන්ම පත්‍රවල දරු සම්පත් උරුම පවතී නම්, දෙදෙනාගේම කේන්ද්‍ර සටහන් සූක්‌ෂම ලෙස පරීක්‌ෂා කර, ග්‍රහ පිහිටීම් හා දශාවලට අදාළව කළ යුතු වත් පිළිවෙත් නිසි ලෙස කිරීම මගින් හා ඔබට බලපාන අමනුෂ්‍ය දොaෂ හා වාස්‌තු දොaෂ ද කේන්ද්‍රය මගින් පරීක්‌ෂා කර බලා ඒ ස`දහා පිළිවෙත් ද සිදු කරමින් පහත පිළිවෙත සිදු කරන්න. ඔබට මෙතෙක්‌ අහිමි වී තිබූ දරු සම්පත ලබා ගත හැකිය. එනම්,
 
 රතන සූත්‍රයේ 5 වැනි ගාථාව වන,
 යං බුද්ධසෙට්‌ඨෝ පරිවණ්‌ණයී සුචිං
 සමාධිමානන්තරිකඤ්ඤමාහු 
 සමාධිනා තේන සමෝ න වි-ජතී
 ඉදම්පි ධම්මේ රතනං පණීතං
 ඒතේන සච්ෙච්න සුවත්ථි හෝතූ
 
 යන මෙම ගාථාව නිර්මාංශව, සිල්වත් උතුමකු ලවා නොඉ`දුල් පැන් වීදුරුවකට 108 වරක්‌ පිරිත් කර ස්‌ත්‍රී ඔසප් වූ දවසේ බොන්න. දරු ගැබ පිහිටයි. අත්දුටු ප්‍රත්‍යක්‌ෂ පිළිවෙතකි. (විවාහ සහකරුට කළ හැකි නම් ඉතාමත් යහපත්)
 
 වැඩිදුර විස්‌තර සදහා 071 - 8602523 / 0115248187


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »