දරු සම්පත් නැතිවීමට අදෘෂ්‍යමාන බලවේගද බලපායි

2018-04-04 10:53:00       119
feature-top
ලෝකෝත්තර ධර්ම කෙබඳු එකක්‌ද යන්න පැහැදිලිව හඳුනා ගැනීමට ඉවහල් වන විස්‌තරයක්‌ කිරීම අපහසු කරුණක්‌ වන්නේ ලෝකෝත්තර තත්ත්වයට පත්වූවකුට පමණක්‌ එය විෂය වන බැවිනි. එහෙත් සාමාන්‍ය ජනයාට යම් පමණක්‌ හෝ ඒ පිළිබඳව අවබෝධයක්‌ ලබාගැනීමට ඉවහල්වන ආකාරයේ විස්‌තරයක්‌ දැක්‌වීම කළ නොහැක්‌කක්‌ම නොවේ.
 
 ලෝකෝත්තර ධර්මය කොටස්‌ නවයකින් යුක්‌තව අවබෝධ කරගත් තැනැත්තා අති පාරිශුද්ධ තත්ත්වයකට පත්වූවෙකි. මෙම තත්ත්වයට පත්වූ තැනැත්තන් බුදුවරු, පසේ බුදුවරු හා රහතන් වහන්සේලාය. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් යන සතර මග සතර ඵලයන් හා නිර්වාණය එම කොටස්‌ නවයයි. නව ලෝකෝත්තර ධර්ම යනුවෙන්ද මෙය හඳුන්වයි. ලෝකෝත්තර ධර්මයට ඇතුළත් වී අරහත් තත්ත්වයට පත්වීම සඳහා පුද්ගලයා භවයෙන් භවයට ගමන්කරමින් සසර බැඳ තබන සංයෝජන ධර්මයන් ප්‍රහීන කළ යුතුය. සෝවාන් වන තැනැත්තා කිසිම අවස්‌ථාවක අපායගාමී නොවන අතර සත්වැනි ආත්ම භාවයේදී අනිවාර්යෙන්ම නිර්වාණ ශාන්තිය සාක්‌ශාත් කර ගන්නේය. 
 
 නිලංග සේවය කරන්නේ ආරක්‍ෂක අංශයේය. ඔහු ඉහළ නිලයක්‌ දරයි. වසර පහකට ප්‍රථම විවාහ වූ ඔහුගේ බිරිඳ නේත්‍රාය. ඔවුන් අප්‍රමාන දුකට පත්ව සිටියේ වසර පහක්‌ ගතව ඇතත් දරුඵලයක්‌ නොමැති වීම හේතුවෙනි. නිලංග අසීමීතව නේත්‍රාට ආදරය කළේය. දරුවෙකු නැති සොවින් තැවෙන නේත්‍රා ගැන ඔහු නිතරම දුකෙන් පසුවුණි. අවසානයේ ඔවුන් දෙදෙනා තීරණය කර තිබුණේ දික්‌කසාද වන්නටයි. එයට හේතුව නම් දරුවකු හටනොගැනීමේ මූලික ගැටලුව තිබුණේ නිලංගටය. ඔහුගේ ධාතු ශක්‌තිය ඉතා දුර්වලය. වෛද්‍යවරුන් කීප පළක්‌ම මුණගැසී ප්‍රතිකාර ගත්තත් ධාතු ශක්‌තිය ඉහළ අගයකට නංවන්නට එම ඖෂධවලට හැකියාවක්‌ නොතිබිණි. අවසානයේ නිලංග නේත්‍රාට ඉතා ආදරය කරන නිසාවෙන් ඇයගේ සතුට වෙනුවෙන් ඇයගෙන් වෙන්වන්නට තීරණය කොට තිබුණි.
 
 ඔවුන් දෙපළ මා මුණගැසෙන විටත් නේත්‍රා ඉතා අසනීපයෙන් පසුවුණාය. ඔවුන් අසපුවට පැමිණියේ ඉතා බයෙනි. ඔවුන් දෙපළ මා හා දොඩමළු වූයේ ද ඉතා බයෙනි. හිතවතකුගෙන් ලද තොරතුරක්‌ අනුව ඔවුන් දෙපළ ඇදුරුතුමාව මුණ ගැසුනේ දරුඵල සිහිනය සැබෑකර ගන්නටයි. නේත්‍රා ඉතා පියකරු විනීත කතකි. ඇය නිතරම උත්සාහ කළේ නිලංගගේ ඇසුරේ පසුවන්නටයි. ඇදුරුතුමා නේත්‍රාගේ රූපශ්‍රීයට වශී වුණාය. දරුඵලයක්‌ ලබාදෙන බව පවසමින් ඇය කෙසේ හෝ දිනාගන්නට මාන බැලුවේය. මෙයට ප්‍රධාන බාධාව වූයේ නිලංගයි. නිලංගව අඩපන කළහොත් නේත්‍රාව තනිකර ගත හැකි බව ඔහු තේරුම් ගත්තේය. ඒ සඳහා කූට උපක්‍රම යෙදුවත් සාර්ථක නොවුණ තැන, නිලංගට නේත්‍රාව එපාවන පරිද්දෙන් මන්ත්‍ර බලයෙන් ඔහුව දුර්වල තත්ත්වයකට පත් කළේය. එක්‌ දිනක්‌ ඇදුරුතුමා මුණගැසීමේදී ඔහු නිලංගට දේවාලය ඇතුළට පැමිණීමට ඉඩ නොදී නේත්‍රාව පමණක්‌ ඇතුළට ගෙන බුලත් කොළයකින් බඩ තැවීමට වුවමනා බව පැවසීය. එයට එරෙහි වූ නේත්‍රා පිළිබඳ දැඩි ඇල්මකින් පසුවූ ඇදුරුතුමා ඇයට භූත බන්ධනයක්‌ කොට කෙසේ හෝ ඈ හිමිකර ගන්නට මාන බැලුවේය. 
 
 සවස්‌ යාමය වන විට නේත්‍රාගේ දෙපා පිච්චෙන්නට පටන් ගත්තේය. ඇදුරුතුමා සොයා දුවයන්නට සිත් විය. නිලංගද පවසා ඇත්තේ තනියම ගොස්‌ ඇදුරුතුමා මුණගැසෙන ලෙසයි. එයට අකැමැත්ත පළකොට නේත්‍රා සවස්‌ වන විට බේසමකට වතුර පුරවා එහි දෙකකුල් බහාගෙන සිටියාය. එන්න එන්නම කරදර වැඩි වන විට ඔවුන් දෙදෙනා එකිනෙකා නුරුස්‌සන ස්‌වභාවයට පත්වී අඩදබර කරගන්නටත් පටන් ගත්හ. මා හමුවීමට ඔවුන් දෙපළ එන විට නේත්‍රා ඉතා අඩපණ සිsටියාය. මා ඔවුන් දෙදෙනා භාවනාවෙන් පරීක්‍ෂා කොට ශාරීරික දෝෂ ඉවත් කළ පසු නිලංගගේ දුර්වල තත්වය පහව ගිය අතර නේත්‍රාගේ ශරීරයට බන්ධනය කර තිබූ භූත ආත්මය මාසමග පැවසුවේ ඇදුරුතුමා ඔහුව නේත්‍රාට බන්ධනය කොට කෙසේ හෝ නේත්‍රාව ඇදුරුතුමා ළඟට ගෙන්වා දෙන හැටියට රාජකාරි පැවරූ බවයි. කෙනෙකුගේ ශරීරයේ යම් ආත්මයක්‌ සිටී නම් එම ආත්මය ශරීරයෙන් ඉවත් කොට බලවත් වූ ස්‌ථානයකට බාරකිරීම මාගේ සාමාන්‍ය සිරිතයි. නමුත් භූත ආත්මයේ ඉල්ලීම පරිදි ඔහුට නැවත ඇදුරුතුමා ළඟට යැමට හැකි බව පැවසූ නිසා මම ඔහුව නිදහස්‌ කළෙමි. 
 
 නේත්‍රා ජීවත් වුණේ නිලංගගේ දෙමවුපිය සෙවනේයි. ටික දිනක්‌ ගතවන විට අවුරුදු 55 ඉක්‌ම වූ නිලංගගේ පියා නේත්‍රාට අනඟරැගුම් දමන්නට ඔහු පටන් ගත්තේය. නිතරම නේත්‍රාට ආදර බස්‌ දොඩවන්නටත්, කාමුක හැගීම් පිබිදෙන ආකාරයට කටයුතු කරන්නටත් හැකි සෑම උත්සාහයක්‌ම ගත්තේය. වසර 5ක්‌ තිස්‌සේ තමාගේ පියා ලෙස රැකබලාගත් නිලංගගේ පියා ගැන ඇය කලකිරීමකට හා වේදනාවකට පත්වී සිටියාය.නැවත ඔවුන් මා මුණගැසී ඇතිවී ඇති තත්ත්වය පැහැදිලි කිරීමෙන් පසු මා භාවනාවෙන් එA පිළිබඳ නිරීක්‍ෂණය කිරීමේදී නේත්‍රාගේ ශරීරයේ සිටි භූත ආත්මය ඇදුරුතුමා ළඟට යැමට නිදහස්‌ කළත් නේත්‍රාව ඇදුරුතුමා ල`ගට ගෙන්වා ගැනීමේ රාජකාරිය නිසියාකාරව ඉටුකිරීමට භූත ආත්මයට කළ නොහැකි වූ නිසා ඇදුරුතුමා ඔහුව බාර නොගෙන පලවා හැර තිබුණි. 
 
 අසරණ වූ භූත ආත්මය නිලංගගේ පියාගේ ශරීරයට ඇතුළු වී තිබුණේ කෙසේ හෝ නේත්‍රාව ඇදුරුතුමා ළඟට ගෙන්වා දීම සඳහායි. මොවුන් සියලු දෙනාම රුවන්වැලිසෑ අබියසට ගෙන ගොස්‌ ශරීරයට ඇතුල් වී තිබූ සියලු දෝෂ ඉවත් කොට බොදු පිළිවෙත් නියම කිරීමෙන් අනතුරුව භූත ආත්මය බලවත් සAථානයකට බාර කොට නිලංගගේ දුර්වල ශාරීරික තත්ත්වයන් සුවපත් කොට ධාතු ශක්‌තිය සියයට අසූව දක්‌වා වර්ධනය කරවීමෙන් පසු අද වන විට ඔවුන් වාසනා වන්ත පුත්‍රරත්නයකගේ ආදරබර දෙමව්පියන්ය. ඔවුන් ඉතා සතුටින් යුතුව කාලය ගෙවයි. 


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »