ඔබේ අධ්‍යාපනය හදහනේ ලියා තිබේ ද?

2018-04-05 11:29:00       708
feature-top
සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වී වැඩි කල් ගත වූයේ නැත. සමහරක්‌ දරුවන් තමා කිසි දිනෙක බලාපොරොත්තු නොවූ ආකාරයේ විශිෂ්ට ප්‍රතිඵල සමඟ සමත් වී ඇති අතර, තවත් පිරිසක්‌ බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොමැතිව ලත වෙමින් සිටී. උසස්‌ පෙළ විභාගය සඳහා කුමන විෂය තෝරා ගන්නේද යන්න තීරණය කර ගැනීමට නොහැකිව සිටින දරු දැරියන් වෙනුවෙන් මෙම ලිපිය ලිවීමට සිතුනි. මෙහිදී යම් දරුවෙකුට උසස්‌ පෙළ විභාගය සාර්ථක කර ගැනීමට කුමන අංශය තෝරාගත යුතුද? යන්නත් ඔහුට හෝ ඇයට උපාධි වරම් ලබාගත හැකිද? යන්නත් එම උපාධිය සාමාන්‍ය උපාධියක්‌ද, පශ්චාත් උපාධියක්‌ද එසේත් නැතිනම් ආචාර්ය උපාධියක්‌ද යන්නත්, උසස්‌ අධ්‍යාපනය සඳහා විදේශගත වන්නේද යන්නත් කල්තියා නිවැරදිව දැනගත හැකි වන්නේ තම ජන්ම පත්‍රය නිවැරදිව පරීක්‌ෂා කර ගැනීම තුළින් පමණි. මෙහිදී ප්‍රථමයෙන් මතක්‌ කළ යුත්තේ දරුවා අධ්‍යාපනය ලබන කාලවකවානු තුළ පවතින ග්‍රහචාරය අනුව ඔහුගේ හෝ ඇයගේ අධ්‍යාපන ප්‍රතිඵල වෙනස්‌ විය හැකි බවත්, 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් හෝ සාමාන්‍ය පෙළ විභාගයෙන් පමණක්‌ ඔවුන්ගේ උසස්‌ අධ්‍යාපනය තීරණය කළ නොහැකි බවයි.
 
 කේන්ද්‍රයක අධ්‍යාපනය පරීක්‌ෂා කිරීම සඳහා යොදා ගනු ලබන්නේ 5 වැන්න, 5 වැන්නේ 5 වැන්න වූ 9 වැන්න, 5 වැන්නේ 9 වැන්න වූ ලග්නය හා ඉහත සඳහන් කළ ස්‌ථානවල පිහිටි ග්‍රහයන්, ඒවායේ අධිපතීන්, එම අධිපතීන් සිටි නවාංශකාධිපතීන්, ඉහත ග්‍රහයන් සිටි නැකැත්, බුධ, ගුරු, කේතුගේ බල දුබලතාවය වේ. මීට අමතරව කේaන්ද්‍රයේ පිහිටි ඥන යෝග, කථික යෝග, ධාරණ යෝග, විවිධ වෘත්තිකයන් බිහි කරන යෝග ආදිය පරීක්‌ෂා කළ යුතු වේ. 
 
 එසේම අධ්‍යාපනයට අහිතකර ග්‍රහයන් වශයෙන් හඳුන්වන කුජ, රාහු, ශනිගේ හා එම ග්‍රහයන්ගේ මහ දශා, අන්තර් දශාවල බලපෑම අධ්‍යාපනයට අහිතකර අතර ඉහත සඳහන් කළ කුජ, රාහු, ශනි ප්‍රබල වීම තුළින් අධ්‍යාපනය උසස්‌ අයුරින් සිදුවන යෝගද ඇත. මෙහිදී ග්‍රහයන්ගේ ප්‍රධාන වශයෙන් සෑම අංශයකම බලය මැනිය යුතුය. මෙහිදී ශඩ් වර්ගයෙන් රාශි හා නවාංශකයට ප්‍රධානම තැන හිමි වේ. වර්ගෝත්තම ග්‍රහයා, එනම් එකම රාශියක හා එකම නවාංශකයක පිහිටි ග්‍රහයා ශුභඵල දීම අනිවාර්යෙන්ම සිදු වේ. මා සතු අත්දැකීම් මත, නීච වුවත් ශුභඵල දෙන අවස්‌ථා කොතෙකුත් දැක ඇත.ඉහත ස`දහන් කළේ කර්මානුරූපීව කෙනකුගේ අධ්‍යාපනය කුමන අයුරකින් සිදුවීමට වාසනාව තිබේද යන්නයි. ඉන් අනතුරුව අධ්‍යාපනය ලබන අවස්‌ථාවේදී ලබන මහ දශාව, අන්තර් දශාව ඉතා වැදගත් වේ. ගුරුගේත්,බුධගේත් අන්තර් දශාව තුළ අධ්‍යාපන කටයුතු සාර්ථක වන අවස්‌ථාවක්‌ දක්‌නට ලැබේ.
 
 එසේම ග්‍රහයන්ගේ ගෝචර ගමනද වැදගත් වේ. එහිදී ගුරු, බුධ ඉහත ස`දහන් සථාන වන ලග්නය, 5 වැන්න, 9 වැන්න යන ස්‌ථානවල ගෝචර වන විට ජන්මියාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. ඊට අමතරව ඉහත ග්‍රහයන් ජන්ම ලග්නයට සුබයන්ද අසුබයන්ද යන්න තීරණය කළ යුතු වේ. ඉහත ග්‍රහ පිහිටීම්වලට ග්‍රහයන් ප්‍රබල වී උච්ච, ස්‌වක්‌ෂේත්‍ර, මුලත්‍රිකෝණ මිත්‍ර රාශි ගතවී ඇත්නම් ජන්මියා අධ්‍යාපනයත් සමග අගනාකම් සහිත පුද්ගලයෙක්‌ බවට පත් වේ. කෙසේ නමුත් අධ්‍යාපනය කුමන අංශයකින් කළ යුතු ද යන්න ඉහත ග්‍රහ පිහිටීම් සැලකිල්ලට ගෙන තීරණය කළ හැකි වේ. 
 
 මෙහිදී අධ්‍යාපනය ලබන කාලවලදී ග්‍රහ අපල පවතී නම් (අන්තර් දශා, මහ දශා, ගෝචර ගමන මගින් ඇති වන ඒරාෂ්ඨක ආදිය) බලා ඒ ස`දහා අදාළ කාලයන්වලට පිළිවෙත් කළ යුතුය. 
 
 මෙම අපල ස`දහා කෙසේ පිළිවෙත් කළ ද ජන්මියා හට අධ්‍යාපන උරුමයක්‌ නොමැති නම් ඒ තුළින් ප්‍රතිඵල ලැබිය නො හැක. අධ්‍යාපනය යනු පොතට අදාළ වන දෙයක්‌ පමණක්‌ නොවන අතර ජීවිතය පුරා සිදු වන්නා වූ, ඒකරාශී කර ගන්නා වූ දැනුම් සම්භාරයයි. අධ්‍යාපන සුදුසුකම් කිසිවක්‌ නොමැති පුද්ගලයන්, ලෝකයේ ජාත්‍යන්තර ව්‍යාපාරවල හිමිකරුවෝ ද වෙති. එයට හේතු වන්නේ අධ්‍යාපන යෝග නොමැති වුවත් ධනයෝග පිහිටා තිබීමයි.
 
 තවද තමන්ගේම උත්සාහය තුළින් අධ්‍යාපනය ජය ගත් පුද්ගලයන් සමාජයේ කොතෙකුත් දක්‌නට ලැබේ. මෙහිදී හිත එක අරමුණක තබා වැඩ කිරීමට ඇති හැකියාව ඔවුන්ගේ කේන්ද්‍ර පරීක්‌ෂාවේදී මනාව ඔප්පු වේ. ග්‍රහයන්ගේ අපල ස`දහා අදාළ පිළිවෙත් කිරීම හා සරස්‌වතී මෑණියන්,ගණ දෙවියන් වන්දනා කිරීම මගින්ද අධ්‍යාපනයේ ඇති ජයග්‍රහණ ලබා ගත හැකිය. මෙහිදී බුදුන් වහන්සේ රතන සූත්‍රයේ දේශනා කළ ආකාරයට මනුෂ්‍යයන් විසින් අමනුෂ්‍යයන්ට (දෙවියන්ට) පුද ප`ඩුරු පනවත් ද නොපමාව ඔවුන් ආරක්‌ෂා කරන ලෙස බුදුන් පවසා ඇත. ඒ ආකාරයට දෙවියන්ගේ ආශීර්වාදය ලබාගත හැකි අතර අධ්‍යාපන කටයුතු සාර්ථක වීම ස`දහා සරස්‌වතී හා ගණ දෙවියන්ගේ ආශීර්වාදය ලබා ගත හැකිය. මෙහිදී ජන්මියාගේ අධ්‍යාපනය ස`දහා උනන්දුව, කැපකිරීම ප්‍රධාන තැනක්‌ ගන්නා අතර ඒ ස`දහා ඉහත ස`දහන් කළ දෙවියන් නැමදීම තුළින් භාර වීම තුළින් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත හැකිය. 
 
 දෙවියන්ගෙන් පිහිටක්‌ ලබා ගැනීමේදී ලෞකික දියුණුවක්‌ ලබා ගත හැකි අතර ලෝකෝත්තර දියුණුවක්‌ ලබා ගත හැකි වන්නේ තමාගේ උත්සාහයෙන් පමණි.
 
 අධ්‍යාපනය ලබන කාලවලදී අලස කම, නිදි මත අමතක වන ස්‌වභාවය වැනි කරුණු ග්‍රහයන්ගේ බලපෑම මත සිදු වන අතර,ඒ ස`දහා තම කේන්ද්‍රයේ ග්‍රහයන්ට කරන වත් පිළිවෙත් මගින් එය අවම කර ගත හැක. නමුත් යාන්ත්‍රික අධ්‍යාපනය මත පමණක්‌ පදනම් වූ ශිෂ්‍ය ප්‍රජාවක්‌ බිහි වී ඇත. මෙහිදී අධ්‍යාපන කටයුතු මෙන්ම විෂය බාහිර කටයුතුවලට ද යොමු කිරීම තුළින් මනා හික්‌මීමක්‌ හා ප්‍රශ්න හමුවේ නොසැලී මුහුණ දිය හැකි දරුවකු බිහිකිරීම ස`දහා වගකීම ඇත්තේ තම දෙමාපියන්ට වේ. මෙහි ශෝචනීය පැත්ත වන්නේ අධ්‍යාපනය අඩාල වීම මත එය දරුවන්ට දරා ගත නොහැකිව මානසික ගැටලුවලට පවා මුහුණපාන්නට සිදු වීමයි. මෙහිදී තවද බුද්ධිමත් දෙමාපියන් වශයෙන් ඔබ කළ යුත්තේ තම දරුවාගේ අධ්‍යාපනය ඔහුගේ කේන්ද්‍ර සටහනේ පෙන්වන දිශාවට අනුගතව හා තම දරුවාගේ කැමැත්ත මුල්කර ගෙන අධ්‍යාපනය සඳහා බාධා පවතී නම් ඒ ස`දහා පිළිවෙත් සිදු කර දරුවාට පිහිට වනවා මිස දෙමාපියන්ගේ කැමැත්ත පරිදි තම දරුවා වෛද්‍යවරයෙක්‌, ඉංජිනේරුවරයෙක්‌, ගණකාධිකාරීවරයෙක්‌ හෝ නීතිඥවරයෙක්‌ කරවීම සඳහා දරුවාව යාන්ත්‍රීකරණය නොකිරීමයි.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »