සිංහාසන යෝගය රජ වීමක්‌ද?

2018-06-01 11:00:00       617
feature-top
මගේ පුතාගේ සිංහාසන යෝගය යෙදී තිබෙනවා කියලා කියනවා. පුතා රජ වෙයි ද? මේ මගෙන් කෙනෙක්‌ අසන ලද ප්‍රශ්නයට උත්තරයකි. මකර, තුලා, කටක, මේෂ යන ලග්නයකින් උපත ලබා දෙකේ, හයේ, අටේ, දොළහේ සියලුම ග්‍රහයින් සිටි විට අංග සම්පූර්ණ සිංහාසන යෝගයයි. එසේ නොවන ලග්නයකින් උපත ලබා ඉහත අයුරින් පිහිටා ග්‍රහයින් සිටි විටද සිංහාසන යෝගය යෙදේ. එසේ නැතිව වුවද වෙනත් ස්‌ථාන හතරක සියලු ග්‍රහයින් යෙදුන විටද සමහර අවස්‌ථාවල සිංහාසන යෝගය යෙදීමට පුළුවන. ඒ ස්‌ථාන හතර අධිපතිsයන් පාපයන් වී සිටිය විටද වඩා හොඳ අයුරින් ඉහත යෝග බලය ලබා දෙනු ඇත.
 
 මෙම යෝගය යෙදී උපන් බෝහෝ උදවිය පොඩි කාලයේදීම මිය යනු ඇත. එදා මෙම යෝගයේදී කුඩා කල නොමළහොත් සිංහාසනයේ වාඩි වන බව කියා තිබේ. නමුත් අද ඊට විරුද්ධ තත්ත්වයක්‌ ඇත. අද රජ වීමක්‌ නැති නිසා උපන් තත්ත්වයට වඩා සිය ගුණයකින් දියුණු වනු ඇත. ඉගෙනීමෙන්, ධනයෙන්, බලයෙන් යුක්‌ත වන බව නම් කිව යුතුය. මෙය හොඳට සිතිය යුතු කරුණකි. දෙක, හය, අට, දොළහ කේන්ද්‍රයක ඇති නරකම ස්‌ථාන හතර වේ. දෙක මාරක ස්‌ථානයකි. අට ආයුෂ අඩු කරන මරණ තැනකි. හය රෝග කාරක ස්‌ථානයයි. දොළහ වැය නොහොත් නැති කරන තැනයි. මෙම ස්‌ථාන හතර සියලු ග්‍රහයන් සිටි විට මරණයට ඇති ඉඩ කඩ වැඩිය. පොඩි කාලයේදී එය සිදුවීමට නියමිත නිසා කුඩා කල එම දරුවන් හොඳට රැක බලා ගත යුතුය. පොඩි කාලයේ 
 
 රැකගත හොත් සිංහාසනයේ වාඩි වන බව එදා පොතේ ලියා ඇත. නමුත් මෙම විදිහට උපත ලබන සෑම අයෙක්‌ම කු=ඩා කල මැරෙන්නේ නැත. ඊට හේතුද එම ජන්ම පත්‍රය තුළ ඇත. එය දන්නේ ප්‍රවීණ ජ්‍යෙdතිර්වේදී මහත්ම මහත්මීන් පමණි.
 
 සෙනසුරු සියලු ග්‍රහයින්ට වඩා හොඳ හෝ නරක උදා කරන ග්‍රහයෙකි. සෙනසුරු රජ වූ විට (උච්ච) කැලේ තියෙන දෙය වුවත් තමාගේ දෙපාමුලට ගෙන දෙනු ඇත. නමුත් නරක අයුරින් සිටි විට දුකදී අන්ත අසරණ කරනු ඇත. සමහර විට මරණ පවා උරුම කරනු මා අත් දැක තිබේ. සල්ලි තියෙන උදවියට මොන ප්‍රශ්න ද කියා සිතීමට පුළුවන. ඒ වගේම තමා මොන යෝග ද?. මොන කේන්ද්‍රද කියා සිතා කටයුතු කරනු ඇත. පෙර පින නිසා සියල්ල ලැබී තිබුණා ද? අපල කාලය ළඟා උන විට රජ කෙනෙක්‌ උවත් රජ පුටුවෙන් ඇද වැටෙනු ඇත. පෙර පින සදා කල් රැදෙන්නේ නැත. පවද පල දෙන කාලයක්‌ අපකාට වුවත් ළඟාවෙන බව සිතිය යුතුය. 
 
 මේ සිංහාසන යෝගය තුන, පහ, එකොළහ, නවයේ යෙදුන විට විශේෂ බලයක්‌ ලබාදෙන බවද කිව යුතුය. මේෂ, මිථුන, සිංහ, තුලා, ධනු, කුම්භ යන හයෙන් හතරක්‌ එම ස්‌ථාන වූ විට නියම බලය ලැබෙනු ඇත.
 
 අද කාලයේ සිංහාසන නැත. නමුත් රාජ්‍ය නායකයන් වීමට එම යෝග යෙදුවන විට ඉඩ තිබේ. එසේ නැතිනම් ගමේ ග්‍රාමසේවක, දිසාපතිවීමටත් පාසලේ විදුහල්පති වීමටත් ආයතනයක ප්‍රධානියෙක්‌ විමටත් බොහෝසේ ඉඩ ඇත. ඔබේ කේන්ද්‍රයේ මෙම යෝගය යෙදුන අයුරු හොඳට පරීක්‌ෂා කර බැලිය යුතුය. කෙසේ වෙතත් සිංහාසන යෝගය යෙදී ඇත්නම් කුඩා කල නොමළ හොත් උසස්‌ දියුණුවක්‌ ලබන බව නම් කිව යුතුමය.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »