ලග්න රැසකට වාසි ගෙනෙමින් බ්‍රහස්‌පති සුබ ගමනක

2018-06-21 11:59:00       669
feature-top
ගුරු බලවත් අයගේ කරදර සියල්ල අවසානයි...

සිවු මසකට පසු එළැඹෙන ජූලි මස 10 වැනිදා සිට ග්‍රහලොව ගුරු හෙවත් බ්‍රහස්‌පති ග්‍රහයා සිය අසුබ වක්‍ර ග්‍රහ ගමනින් මිදී, සුබඵල උදාකරනු ඇත.

ජ්‍යෙතිෂයේ දී බ්‍රහස්‌පති හෙවත් ගුරුට හිමිව ඇති ස්‌ථානය අතිශයින්ම සුවිශේෂය. ගුරු ග්‍රහ මණ්‌ඩලයේ බලවත්ම සුබ ග්‍රහයාද වෙයි. අප ජන්ම පත්‍රයේ නවග්‍රහයන් අතරින් ප්‍රධාන තැනක්‌ ගුරුට හිමිය. ඉතාමත්ම යුක්‌තිසහගත ආධ්‍යාත්මික මෙන්ම ලෝකෝත්තර පැත්තට බර ග්‍රහයාද වේ. එසේම ග්‍රහ මණ්‌ඩලයේ ප්‍රධාන උපදේශකයාද වෙයි. දෙවියන්ගේත් ගුරුවන නිසාවෙන් සුරගුරු ලෙස ද හඳුන්වයි. බ්‍රහස්‌පති ග්‍රහයා ග්‍රහලෝක අතර විශාලතම ග්‍රහයාද වන අතරම නැකැත් තරුවලට පිටින් ගමන් කරන ග්‍රහ තාරකාවද වේ. විශාලත්වයෙන් දෙවැනි වන්නේ රවි හෙවත් සූර්යයාට පමණි. ඔබ අප ජීවත්වන පෘථීවි ග්‍රහලොව මෙන් එක්‌දහස්‌ තුන්සිය වාරයක්‌ විශාල වන අතර ගුරු, සුරගුරු, බ්‍රහස්‌පති යන නම්වලට අමතරව ගුරු හට අංගීරස, ආර්ය, වාගීශ, ජීව, යන නම්ද ව්‍යවහාර වේ. උපමාවේදී අප ගුරු ග්‍රහයා පුළුල් නළල් තලයක්‌ හා මිටි මහත වටකුරු ශරීරයකින් හෙබි විශාල උදරයක්‌ද ඇති රන්වන් පාට සිරුරකින් යුක්‌ත ග්‍රහයෙකු ලෙස හඳුන්වයි. එවන් වූ ගුරු .......

පසුගිය වසරේ එනම් 2017 සැප්තැම්බර් මස 12 වැනිදා පෙ.ව. 6.53 ට එතෙක්‌ ගමන් කළ කන්‍යා රාශියේ සිට සිය සතුරු රාශියක්‌ වන සිකුරුට අයත් තුලා රාශියට ගෝචර ගමනින් පිවිස, එම තුලා රාශියේ සිට 2018 මාර්තු 9 වැනි දින පෙ.ව. 10.17 ට වක්‍ර ග්‍රහ ගමනකට හෙවත් රාශි චක්‍රයේ පසුපසට ගමන් කිරීම ආරම්භ විය. ඒ අනුව ගුරු වැනි අතිශය සුබ ග්‍රහයෙකු රාශි චක්‍රයේ වක්‍ර වීම හෙවත් පසුපසට ගමන් කිරීම එම ගුරුගෙන් ලැබෙන අතිශය සුබ ප්‍රතිඵල ෙනැලැබී යැමකි. ඒ අනුව එම අසුබ තත්ත්වය දුරු කරමින් එළැඹෙන 2018 ජූලි මස 10 වැනි අඟහරුවාදා දින රාත්‍රී 10.34 ට ගුරු ග්‍රහයා සිය වක්‍ර භාවයෙන් මිදී නිවෘත භාවයට පත්වනු ඇත. ඒ අනුව පසුගිය මාර්තු 09 සිට මාස 4 කට ආසන්න කාලයක්‌ ගුරු ගෙන් නොලැබුණු සුබ ප්‍රතිඵල ඉදිරි කාලය තුළ නොඅඩුව ලැබෙනු ඇත. මෙම ගුරු ග්‍රහයා වක්‍රභාවයෙන් මිදීම හේතුවෙන් පොදුවේ මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, තුලා, වෘශ්චික, ධනු යන ලග්න හිමියන්ටත් ගුරු මහදශා හා අතුරු දශා ගත කරන්නන්ටත් හා විශේෂයෙන් හෘද රෝග ඇති අයටත්, භික්‌ෂූන් වහන්සේ ඇතූඵ පූජක පක්‌ෂයටත් මෙම ගුරු වක්‍රයෙන් මිදීම බෙහෙවින් සුබදායක තත්ත්වයකි.

එසේම මෙම ගුරු වක්‍රයෙන් මිදීම හේතුවෙන් තුලා ලග්න හිමි ඔබට මෙම වසර සියලු අංශවලින් බෙහෙවින්ම සුබදායක වන අතර මේෂ ලග්න හිමි තරුණ තරුණියන්ට ඉකුත් කාලය තුළ ප්‍රමාද වූ විවාහ වාසනාව හිමිවන අතර වෘෂභ ලග්නය හිමි ඔබගේ මෙතෙක්‌ ඉටු නොවූ ගේදොර ඉඩකඩම් කටයුතු මෙම කාලය තුළ සාර්ථක වීමේ ප්‍රවනතාවක්‌ උදාවනු ඇත. මිථුන ලග්න හිමි ඔබට සහෝදර සහෝදරියන්ගෙන්a උපකාර, උදව් හිමිවන හා අධ්‍යාපන, දරුඵල වාසනා ඇතිවන කාලයක්‌ වනු ඇත. කටක හා සිංහ ලග්න හිමියන්ට තම ආර්ථික හා ව්‍යාපාර අංශවලින් සාර්ථක ප්‍රතිඵල උදාවනු ඇත. මෙම ගුරු වක්‍රයෙන් මිදීම වෘශ්චික ලග්න හිමියන්ගේ රැකියා කටයුතුවලට සුබ දායක වන ග්‍රහමාරුවක්‌ වනු නොඅනුමානය. ධනු හා කන්‍යා ලග්න හිමියන්ගේ මෙතෙක්‌ ප්‍රමාද වූ විදෙස්‌ ගමන් බලාපොරොත්තු ඉටුවන කාලයක්‌ වීමට ඉඩ ඇත. මකර ලග්න ඔබට මධ්‍යම ඵල උදාවන අතර හා කුම්භ ලග්න හිමි ඔබගේ විවාහ කටයුතුවලට සුබදායක වන්නේය. මීන ලග්න හිමි ඔබගේ මෙතෙක්‌ සුවවීමට ප්‍රමාද වූ රෝගාබාධ සුව වනු ඇත.

පොදුවේ රට වශයෙන් ගත් කළ මෙම කාලසීමාව තුළ පසුගිය කාලයේ ජනතාව අතර පැවති නොසන්සුන්කාරී තත්ත්ව හා නීති විරෝධී ක්‍රියා යම් පමණකට පහව යනු ඇත. රාජ්‍ය පාලක ඇත්තන්ට පසුගිය කාලයේ පැවති බාධාකාරී තත්ත්ව අඩුවන කාලසීමාවකි. අධ්‍යාපන, නීතිය වැනි අංශවල කැපී පෙනෙන දියුණුවක්‌ ඇති වන කාලයකි. රටට විදේශ ආධාර හා උදව් හිමිවනු ඇත. නීති විරෝධී ක්‍රීයාවන් හා අයථා ක්‍රමවලින් මුදල් උපයාගත් අය මෙන්ම එවැනි නීති විරෝධී ආයතන මෙම කාල සීමාව තුළ රටට හෙළිවනු ඇත. 

ගුරුගේ පාලනය යටතේ පවතින විෂයන් ගණනාවකි. එනම් රටේ වැදගත්ම මහා භාණ්‌ඩාගාරය, අධ්‍යාපනය, නීතිය, ආගම, දර්ශනය, බැංකු හා වෙළෙද ව්‍යාපාර, ආර්ථික විද්‍යාව, හමුදා බැරැක්‌ක, විහාරස්‌ථාන, රක්‌ෂණ සමාගම් වැනි ඉතාම වැදගත් සAථාන ගණනාවක්‌ම ගුරුට හිමිය. මෙම අංශයන්වල දියුණුවක්‌ ඇතිවන කාල සීමාවකි.

සදෙව් ලොවට අධිපති මහේශාක්‍ය ශක්‍ර දේවේන්ද්‍රයාගේද, අති ශේ්‍රෂ්ට ගුරුවරයා වූ සුරගුරු හෙවත් බ්‍රහස්‌පතී පුෂ්ටිමත් ස්‌ථුල, අංග සම්පූර්ණ ශරීරයක්‌ ඇති තේජවන්ත ශක්‌තිවන්ත වංශවතකු ලෙස ඉපැරැණි ජ්‍යෙdතිෂ ග්‍රන්ථයන්හි උපමා අනුසාරයෙන් දක්‌වා තිබේ. තාරකා විද්‍යාවට අනුවද බ්‍රහස්‌පති කුඩා වන්නේ සූර්යයාට පමණක්‌ වන අතර අනෙක්‌ සියලුම ග්‍රහයන්ට වඩා විශාලත්වයෙන් යුත් මෙම ග්‍රහයාගේ මැදින් සැතපුම් පන්දහසක පමණ බාහිර නෙරුමක්‌ ඇති බැවින් උසට වඩා මහතින් වැඩි බව කියෑවේ.

ගුරු ලග්න භාවයේ සිටින අයගේ ශරීර මහත් වේ. ඔබ අප ජීවත් වන පෘථිවියට මඳක්‌ ඈතින් ගුරු සිටියද ඔහුගේ බලපෑමේ කිරණ ශක්‌තිය නිරතුරුවම ඔබට ලබා දෙනු ඇත. අහස පැහැදිලි කාලයේදී කහපාටින් බබලන බ්‍රහස්‌පති ඔබට පහසුවෙන් හඳුනාගත හැකිය. සුරගුරුට උප ග්‍රහයන් හෙවත් චන්ද්‍රයන් 16 දෙනෙකු සිටිනා අතර ග්‍රහ මණ්‌ඩලයේ සුබම සුබ පුරුෂ ග්‍රහ තාරකාවද වන්නේය. ගුරුගේ ඥාණය, නැණවත් බව, නිරහංකාර බව, පරිත්‍යාගශීලි බව, ධර්මිෂ්ට බව, විනීත බව මෙන්ම ගුණ ධර්මාදීන්ගෙන් පිරිපුන් බව නිසාවෙන්ම ග්‍රහ මණ්‌ඩලයේ ගුරුට අභියෝග කිරීමට අන් ග්‍රහයන්ට නොහැකිය. ගුරු අන්‍යයන්ට ආදරය හා කරුණාව දැක්‌වීම නිසා ඔහුට කවුරුත් ඉතාම කැමතිය. බ්‍රහස්‌පති යමක්‌ විසුරුවා හරින ග්‍රහයා නිසාවෙන් ඔහුගේ යෝග වීමක්‌ නැතහොත් එක්‌වීමක්‌ හෝ දැක්‌මක්‌, දෘෂ්ටියක්‌ ලැබූ පමණකින්ම කෝටියක්‌ දෝෂ භංග වී නැති වී යයි. එවිට නිතැතින්ම සුබඵල උදා වනු ඇත. එපමණක්‌ද නොව අසුබම ග්‍රහයෙකුට රවි, කුජ, ශනි රාහු, කේතූ වැනි ග්‍රහයෙකුට ගුරුගේ දෘෂ්ටියක්‌ වැටුණු කල එම අසුබ නැතිවී සුබ භාවයට පත් වේ. එය සුරගුරු හට ඇති ප්‍රමුඛ ගුණයකි. මෙම ග්‍රහයා හට ප්‍රධාන වශයෙන් පුත්‍ර කාරකත්වය හිමි අතර ඥාන කාරකත්වය මෙන්ම ධන කාරක හා අධ්‍යාපන නෑකමක්‌ද ඔහුට හිමිය. මෙම ග්‍රහයා යෝග වීම් මත ගුරු හංස, වැනි පංච මහා පුරුෂ යෝග හා ගජ කේශරී, රණහංස, භූමිපාල, ජය සිඳු වැනි ඉතා සුබ යෝග මෙන්ම සකට වැනි අසුබ යෝගද උදා වේ. ගුරු බලවත්ව ජන්ම පතේ පිහිටා සිටියද රවි, කුජ, ශනි රාහු, කේතු වැනි පාප ග්‍රහ දෘෂ්ටියකට ලක්‌ වුවහොත් ඔහුගේ සුබ ඵල අඩුවනු ඇත. ඒ කෙසේ වුවත් අන් ග්‍රහයන් මෙන් පාප දෘෂ්ටිවලින් පහසුවෙන් මෙම ග්‍රහයා දුර්වල කළ නොහැක. ඈත පුරාණයේ සිටම බ්‍රහස්‌පතිට ගුරු මෙන් සලකනු ලබයි. සෑම ජාතියක්‌ම හා ආගමක්‌ම ඔහුව උසස්‌ අන්දමින් සලකනු ලබයි. ඒ නිසාවෙන් බ්‍රහස්‌පති ගුරුන් වහන්සේ, යුක්‌තිය පසිඳන්නා ආදී නම්ද භාවිතා වේ. අශ්වයන්ට, ඇතුන්ට, මුවන්ට, ගෝනුන්ට හා ගෘහවාසී සතුනට හා මොණරාදී පක්‌ෂීන්ටද මෙම ග්‍රහයා අධිපති වන්නේය. ගුරු හට ධනු හා මීන යන දෙරැසේ ලග්නාධිපති අයිතියද හිමිය. එම නිසා ගුරු එම ලග්න දෙකට අයිතිකරුය.

ධනු හා මීන යන රාශි දෙක ගුරු ගේa නිවස්‌නයන් හෙවත් ස්‌වක්‌ෂේත්‍ර වු බලගතු රාශි දෙක වෙයි. බ්‍රහස්‌පති කටකයේදී ඔහුගේ බලය බෙහෙවින් වැඩි අතර ඔහු එහිදී උව්චය. ඉතා බලවත්ය. මකරයේ දී කිසිදු බලයක්‌ නැති නීචයෙකු වන අතර මේෂ, සිංහ, වෘශ්වික තෙරැසේදී මිත්‍රයෙකි. කුම්භය ගුරු හට ගුණ අගුණ නොමැති සම රාශියක්‌ වන අතර වෘෂභ, මිථුන, කන්‍යා, තුලා යන රාශි ගුරු ගේ සතුරන්ය. පුනාවස්‌, විසා හා පුවපුටුප යන නැකැත් සුර ගුරුගේ පාලනයේ පවතින අතර බ්‍රහස්‌පතින්දා දිනයටද ගුරු හට පූර්ණ අයිතියක්‌ ඇත. පුෂ්පරාගය ගුරුගේ පාෂාණයයි.

කීර්තිය, ප්‍රශංසාව, දීර්ඝ ගමන් යාම, පිට පළාත්වල ජීවත් වීම මෙන්ම උගතුන්ගේ වාසස්‌ථාන මෙන්ම ප්‍රභූන්, සීයලා හා මුණුබුරන්ටද ගුරුගේ අධිපතිත්වය හිමිය. මෙම ග්‍රහයා අසුබ වූ කළ අක්‌ෂි රෝග, නිදිමත ගතිය, දියවැඩියාව, චර්ම රෝග සෙංගමාලය, සිහිවිකල් බව, ශරීරය අධික ලෙස මහත් වීම, ස්‌ත්‍රීන්ගේ ඇඟ උණු කරවා යාම, උණ මෙන්ම මුත්‍රා සමඟ ධාතු පහවීම වැනි රෝගා බාධ හට ගැනීමටද හැකියාව පවතී. ඔබේ ජන්ම පත්‍රයේ 6, 8, 12, රාශි ගතවීම හෝ 22 වැනි දෙර්කාණාධිපති, 64 වැනි නවාංශකාධිපති හෝ බාධක හා මාරක ග්‍රහයා වීම මත ගුරුහට ඔබට එතරම් සුබ ඵල ගෙන දීමට නොහැකි වේ. නමුත් බ්‍රහස්‌පති කිසිවිටක අන් ග්‍රහයන් මෙන් ඔබට කරදර කරන්නේ නැත. ඔබ මරා දමන්නේ ද නැත. 

කෙනෙකු උපදින විට ගුරු ඔහුගේ ලග්න රාශිගතව එනම් පළමුවැන්නේ බලවත්ව සිටි විට කෝටියක්‌ දෝෂ භංග වී අතිශය සුබඵල උදා වේ. ඊට හේතු වන්නේ ලග්නයේ සිටින විට ඔහු හට 5, 7, 9 යන ඉතා වැදගත් රාශි 3 නම පෙනෙන නිසාවෙනි. පස්‌වැන්න යනු පුත්‍ර ස්‌ථානය හා අධ්‍යාපනය නිසාත් හත්වැන්න යනු කාලත්‍ර ස්‌ථානය හෙවත් විවාහ ස්‌ථානය නිසාත් නම වැන්න යනු භාග්‍ය ස්‌ථානය නිසාත් ගුරු ගේ දෘෂ්ටියෙන් එම ස්‌ථාන 3ට ම පිරිපුන් බලවත් ශක්‌තියක්‌ ලැබේ. ඒ නිසා ඔහු සිංහ හා වෘෂභ ලග්න දෙක හැර අන් ලග්න 10 යටම ඉතා බලවත්ය.එවිට ධනය කීර්තිය ඥාණය දියුණුව ලැබේ. ඊට අමතරව 2, 4, 5, 7 විවාහයට හැර 9, 10 හා 11 ගුරු හට ඉතාම සුබ ස්‌ථාන වේ. 3, 6, 8, 12 එතරම් සුබදායක නැත. එහෙත් එම ස්‌ථානවලදීද අනෙක්‌ ග්‍රහයන් මෙන් බ්‍රහස්‌පති දඩබ්බර නොවේ. ගුරු ආසන්න වශයෙන් වසර 12 කට වැඩි කාලයකදී ග්‍රහ වළල්ල වටේ හෙවත් ඔබේ ජන්ම පතේ කොටු 12 ටම ගමන් කරයි. එසේ යන ඔහුට සුබවාදී රාශි බොහොමයකි. එනම් 2, 5, 7, 9, 11 යන රාශිවලදී ඔහු බොහෝ හොඳ ප්‍රතිඵල උදා කරයි. නමුත් 1, 3, 4, 6, 8, 10, 12 යන රාශිවලදී නම් එතරම් සුබඵල ගෙනදීමට නොහැක.

සැබැවින් ම බ්‍ර්‍රහස්‌පතී වාසනාව හා භාග්‍යය පිළිබඳ හිමිකරුවාය. පෙර කරන ලද කුසල කර්මවල ඵල විපාක වශයෙන් මෙලොවදී උදා කෙරෙන වාසනාව හා සෞභාග්‍යය පිළිබඳ නිවේදකත්වය බ්‍රහස්‌පතීට හිමිව ඇත. උපතින් ගුරු බලවත් අය සැබැවින්ම සෞභාග්‍යවත් ජීවිත ගතකරන භාග්‍යවන්තයෝ වෙති.

එසේම ගුරු බලවත්ව උපත ලද්දෝ අංගසම්පූර්ණ, පුෂ්ටිමත් ස්‌ථුල ශරීර ලද්දෝ වෙති. ශරීරයේ විශාලත්වයටත් ගෞරවයක්‌ ලැබෙන සේ තරබාරු වූවෝ වෙති. ශක්‌තිමත් මෙන්ම දීප්තිමත් කෙස්‌ කළඹක්‌, පළල් නළල් තලයක්‌, ආකර්ෂණීය පැහැදිලි නෙත් සඟලක්‌, මහත පැහැපත් තොල් සහ කිරි සුදු ලොකු දත් දෙපළක්‌, ව්‍යක්‌ත, පැහැදිලි ගැඹුරු කටහඬක්‌ සහිත මුඛයක්‌ද සහිතව මසින් සරු අණ්‌ඩාකාර මුහුණක්‌ද, පළල් ශක්‌තිමත් පපුවක්‌ද, යහපත් ශක්‌තිමත් මස්‌ පිඬුq සහිත අවයවයන්ගෙන් යුත් රන්වන් කහ පැහැයට හුරු සමක්‌ද බැහැරට තරමක්‌ නෙරා ඇති ගරු සරු බවින් සරු වූ උදරයක්‌ ද ඇති උසස්‌ පෞරුෂයකින් හෙබි ශරීරයකට හිමිකම් කියති.

එසේම ශරීර සෞඛ්‍යයට සහ සුවතාව වර්ධනය කෙරෙන ක්‍රීඩා ව්‍යායාම ආදී කායික ක්‍රියාකාරකම්ද සිරුර පොහොණි කරවන ගුණාධික කිරි, වෙඬරු, එළඟිතෙල් ආදී මේදය සහිත සියලු ආහාරද ස්‌වාභාවික පැණි රස යුත් මිහිරි ආහාරද ගුරුටම අයත් වේ.

ගුරු ප්‍රඥාකාරකයාද වෙයි. ප්‍රඥාව යන්න කුමන අයුරින් නිර්වචනය වුවද, මනුෂ්‍ය ජීවිතයේ නිසි නියම අරුත සහ අගය තේරුම් ගැනීමටත්, තමා අවට සිටින්නේ තමා වැනිම වූ මනුෂ්‍යයන් බව සහ තමාට ඇති අවශ්‍යතා ආශාවන්, රුචි අරුචිකම්, උරුම හිමිකම් අන් සියලු මනුෂ්‍යයන්ට ද සාධාරණ බව අවබෝධ කර ගැනීමටත්, මනුෂ්‍ය ජීවිතයේ මෙන්ම මනුෂ්‍යයා විසින් ග්‍රහණය කර ගනු ලබන කිසිවක්‌ම ස්‌ථිර නොමැති බවත්, එබැවින් කිසිවක්‌ තරයේ ග්‍රහණය නොකළ යුතු බවත් මනුෂ්‍යයන්ගෙන් පිරිපුන්ව ජීවිතය පවත්වා ගෙන යෑමෙන් පමණක්‌ සසර ගමන කෙටිකර ගත හැකි බව මෙන්ම එම කෙටි ගමන් මඟද සරුකර ගතහැකි බවත් වටහා ගැනීමට මනුෂ්‍යයාට ප්‍රඥාව අත්‍යවශ්‍ය බව 

පැරැණි පොත පතෙහි සඳහන් බ්‍රහස්‌පතී පිළිබඳ විස්‌තර සුපරික්‍ෂාකාරීව විමසන කළ පෙනී යන පරම සත්‍යය වේ.

උපතින් ගුරු බලවත් වූවෝ තමාගෙන් තමන්ටත්, එමෙන්ම තමාගෙන් අනුන්ටත් අල්ප හෝ අනර්ථයක්‌, කරදරයක්‌ නොවන සේ ජීවන ප්‍රවෘත්තිය ගෙන යැමට දනිති. අනුනට උපකාරයක්‌ මිස අපකාරයක්‌ නොවන සේ කටයුතු කරති. ගුරුගේ බලයට සාපේක්‌ෂව සිත කය වචනය පිරිසිදුව පවත්වා ගෙන යති. මධ්‍යස්‌ථව කටයුතු කරමින් පවතින රජය කාගේ වුවද, රාජ්‍ය නීති රීතීන්ට සම්ප්‍රදායන්ට ගරු කරමින් උසස්‌ ගුණ ධර්මයන්ගෙන් යුක්‌තව ගෞරවාන්විතව සම්‍යක්‌ දෘෂ්ටිකව ජීවත් වෙති.

ධන කාරකයා වන්නේද ගුරුමය. හුදෙක්‌ ලෞකික සම්පත්තීන් සම්පාදනය අරබයා නොව ලොව සියල්ලෙහි පැවැත්මට ධනය අවශ්‍ය වන බැවිනි. මෙහිදී ඩොලර්, රුපියල් ආදිය මෙන්ම ධනය සඳහා වූ විවිධ ආදේශකයන් ද ආදිය පමණක්‌ම නොව ප්‍රඥාවන්තයන්ට ධනය වූ සතුට මානසික සුව සහනය ද ඒ සඳහා උපකාරී වන භෞතික හා අභෞතික සම්පත් ආදිය ද ධනය යන්නෙන් අදහස්‌ කෙරේ.

චක්‍රවර්තී රාජ්‍යයකට කහවනු, රන්මසු, රන් රිදී, මුතු මැණික්‌, ඇත්දළ ආදියෙන් යුත් අප්‍රමාණ ධන සම්භාරයන්ගෙන් සපිරි මහා භාණ්‌ඩාගාරයේ සිට, ඈත පිටිසර වෙල්යායක්‌ අසල පිහිටි ගමක කුඩා පැල්පතක්‌ ඉදිරියේ ඉදිකොට ඇති දිළිඳු ගොවි පවුලක්‌ සතු මහා ධනය වූ වී බිස්‌සක්‌ දක්‌වා සියලු ධනයන්, ධන සංචිතයන්, භාණ්‌ඩාගාර ආදියෙහි භාරකාරත්වය කළමනාකාරීත්වය ගුරුට හිමිව ඇත.

වෙළෙඳ කටයුතු (වාණිජ්‍ය) පිළිබඳ වගකීම බුදට හිමිව තිබුණද, ආර්ථිකය සම්බන්ධ සියලු කාර්යයන් මෙහෙයවනු ලබන්නේ බ්‍රහස්‌පතී විසිනි. මේ අනුව ආර්ථික විද්‍යාව, රාජ්‍ය ආර්ථිකය, රජයේ ආදායම් බදු හෝ වෙනත් ආදායම් මාර්ග, රජයේ මධ්‍යම බැංකුව සහ එහි මූල්‍ය සංචිත, රජයේ වත්කම්, විදේශ ආධාර, විදේශ විනිමය, බැංකු, රජයක්‌ දේශයක්‌ පවත්වාගෙන යැමට දායක වන්නා වූ විශාල වශයෙන් ලාභ ලබන වෙළෙඳ ව්‍යාපාර, නිදහස්‌ වෙළෙ¹ම, ව්‍යාපාර කොටස්‌ සහ ඒවායේ වර්ධනය, ලොව කිසියම් මිනිස්‌ කොට්‌ඨාසයකට අයත් වන්නා වූ පාලනය වන්නා වූ ලොකු කුඩා භාණ්‌ඩාගාර යම් ජන සමූහයකගේ පැවැත්ම සඳහා ධනෝත්පාදනයෙන් උපකාරී වන්නා වූ රත්රන් ආදී වටිනා ලෝහ, තේ, රබර්, පොල් ආදී ආර්ථික අගයෙන් උසස්‌ වූ හෝරා, දැවමය වශයෙන් ඉහළ අගයක්‌ ඇති විශාල වෘක්‌ෂ ආදිය ද යථෝක්‌ත කරුණුවලට නියම් හෝ අනියම් අයුරින් සම්බන්ධ වන වෘත්තිකයන් ද ගුරුගේ පාලනය යටතේ පවතී.

ගුරු පුත්‍රකාරකයා ලෙස ද ජ්‍යෙdතිෂයෙහි දැක්‌වේ. විශ්වයේ පැවැත්ම තහවුරු කිරීමට විවිධ අයුරින් දායක වන්නා වූ මිනිසාගේ සුබ සිද්ධියට ඇප කැප වන්නා වූ විශ්ව පුත්‍රයන් ලබා දෙන්නේ බ්‍රහස්‌පතී ය. එදා මෙදා තුර ලොව තුළ බිහි වූ විවිධ විෂය ක්‌ෂේත්‍රයන් හරහා ලොව දිනන්නට සමත් වූ විශ්ව කීර්තියට පත් කිසිදා නොමියෙන නමක්‌ ඇති යම් පුතුන් පිරිසක්‌ මිහිතලය මත වේද, ඒ අමරණීයත්වයට පත් පුත්‍රයෝ බ්‍රහස්‌පතීගේ බල පරාක්‍රමය යටතේ බිහි වූවෝ වෙති. මතු මතුත් එවන් පුතුන් බිහි කරනු ලබන්නේ ද බ්‍රහස්‌පතීමය. යමකුගේ ජන්ම පත්‍රයෙහි ගුරු බලවත් ස්‌ථානයක බලවත්ව පිහිටා ඇති විට ඔහු විශ්වයේ යහ පැවැත්මට කුමන අයුරකින් හෝ දායක වන්නා වූ සද්භාවයෙන් කටයුතු කරන ශේ්‍රෂ්ඨ විජයග්‍රාහී පුතකු වන්නේමය.

බර හෙවත් ස්‌කන්ධය එමෙන්ම විශාල යන අරුත්ද 'ගුරු' යන සංස්‌කෘත පදයෙන් වාච්‍ය වෙයි. ගුරු බව බර බව හෙවත් ස්‌කන්ධයද දැවැන්ත බව විශාල බව ද බ්‍රහස්‌පතීන්ගේ අධිපතිත්වය යටතේම පවතී. මේ අනුව මිහිතලය මත ඇති බර බවින් වැඩි මෙන්ම විශාලත්වයෙන් වැඩි ජීව අජීව සියල්ලෙහි හිමිකරු ද ගුරු වෙයි. දැවැන්ත පර්වත හා ගල්කුළු විශාල ශරිර ඇති යෝධ මිනිසුන් පමණක්‌ නොව සිවුපාවුන් අතර දැවැන්ත වූ හස්‌තීන්ද, පක්‌ෂීන් අතර දැවැන්ත වූ මොනරුන්, ගිජුලිහිණියන් ආදී පක්‌ෂීන් ද මත්ස්‍යයන් අතර දැවැන්ත වූ තල්මසුන් ද බ්‍රහස්‌පතීගේ පාලනයට යටත් වේ.

බ්‍රහස්‌පතීගේ මහ දශා කාලය අවුරුදු 16 කි. කෙනෙකුගේ ජන්ම පත්‍රයේ මෙම ග්‍රහයා සුබවාදීව සිටිනා විට ඔහුගේ ජීවිතයේ ස්‌වර්ණමය දශා මහ දශා කාලයේ හිමිකරු වීමට ගුරුට අවස්‌ථාව ලැබේ. එය ඔහු ලැබූ මහත් වූ භාග්‍යයකි. ගුරු ගේ දශා කාලය ඉගෙන ගන්නා විට ලැබූ විට ඒ පුද්ගලයා අධ්‍යාපනයේ ඉහළටම ගමන් කරනු ඇත. ඒ වගේම ඔහු සහෝදර අන් ග්‍රහයන්ගේ අතුරු දශා කාලද ගුරු හට හිමිය. නමුත් ඒවා කෙටි කාලයන් වේ.

මාස 04 කට ආසන්න කාලයක්‌ සුබඵල උදා නොකළ ගුරු, එළැඹෙන ජූලි 10 වැනිදා සිට සුබඵල උදා කරනු ඇත.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »