උදාවන සතියේ ඔබේ දෛවය

2018-07-09 12:21:00       610
feature-top
මේෂ
 
 ලග්නාධිපති කුජ දිග්බලව කේතු සමඟ දසවැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍රපලදායක බව පෙනේ. ගෘහ ජීවිතය සුබපලදායකයි. වෙනදාට වඩා පවුලේ දියුණුවට කරන කටයුතු ගැන උනන්දුවක්‌ ඇතිවේ. මවුපියන්ට සැලකීම ගැන හිත යොමුවේ. සතිමැද වනවිට ධන ලාභයක්‌ ලැබීමට හැකිවේ. අනවශ්‍ය ලෙස විනෝදයට බරවීම නිසා අධ්‍යාපන කටයුතුවලට බාධා ඇතිවුවත් සෞන්දර්ය අධ්‍යාපන අංශවල ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට යහපත් වේ. අවිවාහක අයට මංගල යෝග හා පෙම් සබඳතා ස්‌ථිර වීමට කරුණු යෙදේ. මේ අතර ව්‍යාපාර වලට මුදල් ආයෝජනය කිරීමෙන් ලාභ ලැබේ. රැකියා අංශවල උසස්‌වීම් ලැබෙන අතර ප්‍රසිද්ධිය හා කීර්තිය වැඩිවෙයි. ආරක්‍ෂක අංශවල සේවය කරන අයට සුබවේ. සුබ පාට - රෝස, සුබ අංකය - 03.
 
 වෘෂභ
 
 ලග්නාධිපති සිකුරු හතරවැන්නේ දිග්බලයෙන් හා කේන්ද්‍රගතව ගමන් කරමින් මෙම සතිය උදා වන්නේය. සතිය මුලදී නිෂ්එල ගමනක්‌ යෙදේ. අසල්වැසියෙකු හෝ සහෝදරයකු අමනාප වීමටද ඉඩ තිබේ. සිත් තැවුලක්‌ ඇතිවීමටද ඉඩ තිබේ. සති මැදවන විට බලාපොරොත්තු සාර්ථක කරගත හැකි වේ. ඔබේ තැන්පත් ධනය වර්ධනය වේ. ඔබේ ගෘහ ජීවිතයද යහපත් වේ. නිවාස, දේපළ, ඉඩකඩම් හා වාහන ලාභ ලබයි. ස්‌වයං රැකියා හා ගොවිතැන් කටයුතුවලින් ලාබ අපේක්‍ෂා කළ හැකියි. කෙසේ නමුත් තම මවට තරමක්‌ අපලයි. මේ අතර ආගම දහමට සිත යොමුවේ. විදේශ ගමන්වලට සුබයි. සෙනසුරු දශා ගතකරන අයට සේවක ගැටලු, චිත්ත පීඩා, සෙම් රෝග වැනි අපල තත්ත්වයන් ඇතිවීමට ඉඩ තිබේ. සුබ පාට - මිශ්‍ර ලා සුබ අංකය - 06
 
 මිථුන
 
 ලග්නාධිපති බුධ සමඟ රාහු දෙවැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. සතිය ආරම්භයේදී ආදායම් තත්ත්වය යහපත් වේ. අලුත් මිතුරන් හඳුනා ගැනීමට අවස්‌ථාව උදාවන අතර යහළුවන් සමඟ සතුටින් කාලය ගතවේ. එහෙත් සතිය මැද වනවිට බලාපොරොත්තු නොවූ වියදමක්‌ දැරීමට සිදුවන බව පෙනේ. තම අනාගත ඉදිරි දියුණුව ගැන සැලසුම් සකස්‌ කරයි. ලිපි ලේඛන හා සංගීත කලා කටයුතුවලින් ගෞරවයට ප්‍රසිද්ධියට පත්වේ. මේ අතර අසල්වාසීන් අතර සුහදතාව වර්ධනය වේ. විනෝද චාරිකාවක්‌ද යැමට පහසුකම් සැලසේ. කෙසේ නමුත් වැටීම්, තැලීම්, හදිසි අනතුරු හා උෂ්ණාධික රෝගවලින් ප්‍රවේශම් වන්න. කේතු දශා ගතකරන අය ශරීර පෝෂණය ගැන සැලකිලිමත් වන්න. සුබ පාට - ලා කොළ, සුබ අංකය - 04.
 
 කටක
 
 ලග්නාධිපති සඳු දසවැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය බොහෝ දුරට සුබපලදායකයි. 
 
 රැකියා හෝ දියුණුවට කරන කටයුතු වෙනුවෙන් නිතර නිවසින් බැහැරව යැමට සිදුවිය හැකිය. ගෘහාශ්‍රිත ව්‍යාපාරවලින් ලාභ ලැබේ. ඔබේ තැන්පත් ධනය වර්ධනය කර ගැනීමට හැකිවන අතර වියදම් පාලනය කර ගන්න. කථාවෙන් අන් අයගේ සිත් දිනා ගැනීමට හැකිවේ. අලුත් මිතුරු මිතුරියන්ගේ ඇසුර ලැබේ. සති අන්තයේ දී විදේශ ගමන් පිළිබඳ බලාපොරොත්තු සාර්ථක කර ගැනීමට කරුණු යෙදේ. මේ අතර රැකියා හෝ ව්‍යාපාර අංශවල උසස්‌ කෙනකු අමනාප වීමට ඉඩ තිබේ. නීතියේ පිහිට බලාපොරොත්තු නොවිය හැකි නිසා නීති විරෝධි කටයුතුවලට මැදිහත් නොවන්න. ගෘහ ජීවිතය සාමකාමීව ගතවේ. සතුරු කරදරවලින් ජය ලැබේ. සුබ පාට - සුදු ක්‍රීම්, සුබ අංකය - 02. 
 
 සිංහ
 
 ලග්නාධිපති රවි සියලුම ලැබීම් පෙන්වන එකොළොස්‌වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍රපලදායකයි. සතිය ආරම්භයේ දී පසුගිය දිනවල පැවති ගැටලුවකට විසඳුම් ලැබේ. අසනීප සුව අතට හැරේ. විදේශ ගමන්වලට තිබූ බාධා ඉවත් වේ. ආගම දහමට හිත යොමුවේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ උෙද්‍යාaගය හා උතAසාහය අඩුවීම නිසා ඉගෙනීමට තරමක බාධා ඇතිවේ. විනෝදය කෙරෙහි වඩාත් සිත යොමුවන අතර සියලු සැප සම්පත් ලබයි. තවද ඔබට පියා සතු දේපළ ලැබේ. මේ අතර ආදායම් තත්ත්වය යහපත් වේ. උසස්‌ මිතුරු මිතුරියන් හඳුනා ගැනීමටද අවස්‌ථාව උදාවේ. තම රැකියා හා ව්‍යාපාර දියුණුව ගැන සැලසුම් සකස්‌ කරයි. රැකියා කටයුතුවලදී උසස්‌ අයගේ ප්‍රශංසා හිමිවේ. සමාජ සේවා කටයුතුවලදී ප්‍රමුඛත්වය හිමිවේ. සුබ පාට - දිලෙන සුදු, සුබ අංකය - 01.
 
 කන්‍යා
 
 ලග්නාධිපති බුධ සමඟ රාහු සියලුම ලැබීම් පෙන්වන එකොළොස්‌වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය ආරම්භයේදී හිතවත්ව සිටි මිතුරෙකු අමනාප වීමට ඉඩ තිබේ. වැඩිමහල් සහෝදරයකුට අපලයක්‌ පෙන්වයි. ආදායම් මාර්ගවලටද බාධා පවතී. මේ අතර සිත් තැවුල්ද, සෙම් රෝග වැනි සෞඛ්‍ය ගැටලු ඇතිවීමටද හේතුවේ. මේ තත්ත්වය සතිය මැදවන විට බොහෝදුරට මඟහැරී සුබපල උදාකරන බව පෙනේ. ආගම දහමට සිත යොමුවේ. උසස්‌ අධ්‍යාපන කටයුතු වලට තිබු බාධාවන් ඉවත් වේ. අවිවාහක අයට මංගල යෝග උදාවේ. රැකියා කටයුතු සාර්ථක වේ. නව රැකියා ලාභ හිමිවේ. විදෙස්‌ ගමන් සාර්ථක වේ. මෙම සතියේ වාසනාවට වඩා උත්සාහය ගැන විශ්වාසය තබා කටයුතු කර බාධක මැදින් ඉලක්‌ක ජයගත හැකිවේ. සුබ පාට - ලා කොළ, සුබ අංකය - 04.
 
 තුලා
 
 ලග්නාධිපති සිකුරු සියලුම ලැබීම් පෙන්වන එකොළොස්‌වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය සුබා සුබ මිශ්‍රපල ගෙනදෙනු ඇත. අවිවාහක අයට මංගල යෝජනා සාර්ථක වේ. විනෝදයෙන් කාලය ගතවේ. සතිය මැදදී රැකියා හෝ ව්‍යාපාර අංශවල තරමක බාධා ඇතිකරන බව පෙනේ. සෙම් රෝග මෙන්ම සිත් තැවුල්ද ඇතිවීමට ඉඩ තිබේ. සති අගවන විට මෙම තත්ත්වය සුබ අතට හැරේ. මේ අතර ආගම දහමට සිත යොමුවේ. මිතුරු මිතුරියන් සමඟ සතුටින් කාලය ගත කිරීමට හැකිවේ. ව්‍යාපාර කටයුතුවල යෙදෙන අයට වැඩි ලාභයක්‌ ලැබේ. රැකියා කටයුතුවල අලුත් තනතුරු ලැබීමට ඉඩ තිබේ. කෙසේ නමුත් ආදායම් තත්ත්වය යහපත් වුවත් වියදම් පාලනය කරගන්න. ගෘහ ජීවිත ගතකිරීමේ දී ඔබේ ක්‍ෂණික කෝපය පාලනය කරගන්න. සුබ පාට - මිශ්‍ර ලා, සුබ අංකය - 06.
 
 වෘශ්චික
 
 ලග්නාධිපති කුජ බලවත්ව කේතු සමඟ තුන්වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍රපලදායකයි. විදේශ ගමන් පිළිබඳ තිබූ බලාපොරොත්තුවක්‌ සාර්ථක වන අතර බාධා ඉවත් වේ. සතිය මුලදී සෙම් රෝග වැනි සෞඛ්‍ය ගැටලු පෙන්වයි. සහෝදර හා අසල්වැසි සබඳතා වැඩිදියුණු වේ. ප්‍රයෝජනවත් ගමන් බිමන් යෙදේ. මේ අතර රැකියා හෝ ව්‍යාපාර අංශවල උසස්‌ අයෙකු අමනාප වීමට ඉඩ තිබේ. නිතී විරෝධී කටයුතුවලට මැදිහත් නොවන්න. තම පියාට තරමක්‌ අපලදායකයි. කලාවට සම්බන්ධ ව්‍යාපාර කටයුතුවල නිරතව සිටින අයට ශුභදායකයි. බිරිඳ හෝ සැමියාගේ රැකියා ප්‍රශ්නයට විසඳුම් ලැබේ. කෙසේ නමුත් ඔබේ උත්සාහය හා ධෛර්යය ඉහළ මට්‌ටමක පවතින නිසා බොහෝ බාධා ජයගත හැකිවේ. සුබ පාට - රෝස, සුබ අංකය - 03.
 
 ධනු
 
 ලග්නාධිපති ගුරු සියලුම ලැබීම් පෙන්වන එකොළොස්‌වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතියේ දරුවෙකුගේ අසනීපයක්‌ වෙනුවෙන් අමතර වෙහෙසක්‌ දරන්නට සිදුවේ. අවිවාහක තරුණ තරුණියන්ගේ මංගල යෝජනා හෝ පෙම් සබඳතාවලට තරමක බාධා පවතී. සෞන්දර්ය අංශයෙන් උසස්‌ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සුබදායක වේ. විවාහ සහකරුගේ රැකියා හා ව්‍යාපාරවල තත්ත්වයට තරමක බාධා ඇතිවේ. ගෘහ ජීවිතය සතුටින් ගතවේ. මිතුරු මිතුරියන් සමඟ සතුටින් කාලය ගත කිරීමට අවස්‌ථාව උදාවේ. මේ අතර ආගම දහමට සිත යොමුවේ. දුර වන්දනා ගමනකට හිත යොමුවන අතර විදේශ ගමන් බලාපොරොත්තු වූ අයගේ පැතුම් ඉටුවේ. ශනි දශා හා රාහු දශා ගතකරන අය ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න. සුබ පාට - කහ, තැඹිලි, සුබ අංකය - 05.
 
 මකර
 
 ලග්නාධිපති ශනි දොළොස්‌වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍රපලදායක වේ. මාපියන් දූ දරුවන් සමඟ සතුටින් කාලය ගත කිරීමට හැකිවේ. ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. හිතේ කරුණාව, දයාව ඇතිවේ. ණය පහසුකමක්‌ බලාපොරොත්තු වූ අයගේ සිහින සැබෑවේ. හිතවත් සේවක පක්‍ෂයේ සහයෝගය ලැබෙන නිසා රැකියා හා ව්‍යාපාර කටයුතු සාර්ථක වේ. රැකියා කටයුතු වලදී උසස්‌ නිලධාරීන්ගේ ඇගයීමට ලක්‌වේ. මේ අතර අඹු සැමි අමනාපකම් දුරුවී සුහදතාව වර්ධනය වේ. අවිවාහක අයට මංගල යෝජනා යෙදේ. කෘෂිකාර්මික කටයුතු වලින් ලාභ ලැබේ. සතුරු කරදර මර්දනය වේ. විදේශ ගමන් වලට තරමක බාධා පවතී. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට උනන්දු වන්න. සුබ පාට - සුදු, ක්‍රීම්, සුබ අංකය - 02.
 
 කුම්භ
 
 ලග්නාධිපති ශනි සියලුම ලැබීම් පෙන්වන එකොළොස්‌වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ උසස්‌ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. පුජ්‍ය පක්‍ෂයේ උතුමන්ගේ හා උසස්‌ ගුරුවරුන්ගෙන් අවවාද අනුශාසනා ලබා ගැනීමට අවස්‌ථාව උදාවේ. සහෝදරයකුගේ විදේශ ගමනක්‌ සාර්ථක වේ. සතිය මැදදී ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. ළිං කැපීම, ජලසම්පාදන කටයුතු වැනි දේවල්වලට සුබදායකයි. මව්පියන්ට සුබපලදායක වේ. මේ අතර සේවක සේවිකා සහයෝගය නොඅඩුව ලැබෙන නිසා රැකියා අංශවල සාර්ථක බවක්‌ පෙන්වයි. ආගම දහමට හිත යොමුවේ. දුර වන්දනා ගමන්ද යෙදිය හැකියි. අලුත් මිතුරන් හඳුනා ගැනීමටද අවස්‌ථාව උදාවේ. සුබ පාට - නිල්, සුබ අංකය - 07.
 
 මීන
 
 ලග්නාධිපති ගුරු අටවැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍රපලදායකයි. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල ලැබේ. සතිය මැද වනවිට ලිපිලේඛන හා ශාස්‌ත්‍රීය කටයුතුවල යෙදෙන අයට විශේෂයෙන් සුබයි. අසල්වැසි හා සහෝදර සබඳතා අලුත් වේ. ප්‍රයෝජනවත් ගමන් බිමන්ද යෙදේ. ව්‍යාපාරවලට මුදල් යෙදවීමෙන් ලාභ ලැබේ. පෙම්වතුන්ට සුබදායකයි. මේ අතර ඉඩකඩම් හෝ දේපළ පිළිබද නීතිමය ප්‍රශ්න ඇතිවීමට කරුණු යෙදිය හැකියි. පියා සහ මව ගැන සැලකිලිමත් වන්න. ඔබේ චිත්ත ධෛර්යය ඉහළ මට්‌ටමක පවතින නිසා සතිය ජය ගැනීමට හැකියාව ලැබේ. ගුරු දශා ගතකරන අය ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න. සුබ පාට - රෝස, සුබ අංකය - 03.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »