මෙය විශේෂයෙන්ම උසස්‌පෙළට පෙනී සිටින සිසුන්ටයි

2018-07-23 11:09:00       591
feature-top
සර්ව වශීයක්‌ දමලා සමහර සම්මුඛ පරීéණවලින් සමත් වෙනව වගේ දිවගුරුවක්‌ කරලා කට ගොළු කරලා නඩු දිනුවට යන්ත්‍ර දාලා. විභාග සමත් කරන්න බැහැ. නමුත් ධාරණ ශක්‌තිය වැඩිකරන යන්ත්‍ර දාලා නම් පුළුවන් ක්‍රම තිබෙනවා. එතකොට යන්ත්‍රය ශරීරය ස්‌පර්ශ කරලා අඩුම තරමින් මාස 3 හෝ 6 ක කාලයක්‌ අවශ්‍ය වෙනවා පාඩම් කරලා අවබෝධ කර ගන්න. එතකොට ධාරණය කරගත් දේ අමතක නොවී මනසෙහි රැඳෙනවා. ඒක වෙන ක්‍රමයක්‌. ඒක ගුරු රාහුල හාමුදුරුවන්ගේ ක්‍රමය. 
 
 නමුත් දැනීම තිබිල විභාගවලට පෙනීසිටින කාලයට ග්‍රහදෝෂ බලපෑමෙන් විභාගය අසමත් වෙනවා. එතකොට ඒ ග්‍රහයන්ට අවශ්‍ය යන්ත්‍රය දාපුවාම විභාගය සමත්වනවා. වරදවා තේරුම් ගන්න එපා. ඒ යන්ත්‍රය මගින් කරන්නේ අර ග්‍රහ දෝෂය ඉවත් කිරීම මිස ධාරණ ශක්‌තිය ඇති කිරීමක්‌ නොවේ. දැනීම නොතිබුණොත් යන්ත්‍රය දැමීමෙන් පළක්‌ නැහැ. කොහොමද අපි ඒක විනිශ්චය කරගන්නේ? ප්‍රථමයෙන් ඔබේ ජන්ම පත්‍රය නිවැරදිව පරීක්ෂා කරගන්න ඕනෑ. සමස්‌තයක්‌ වශයෙන් ඔය ලග්න පලාඵල කියන විදියට නම් බැහැමයි. සමහර අය ලග්න පලාඵල කියන්නේ ගිය මාසේ ලියූ ඒවා. විභාග වලදී නම් එහෙම බැහැ.
 
 එක උදාහරණයක්‌ ලියන්නම් කෝ. තම පංතියේ වාර විභාගවලදී දéයා තව කෙනකුට යමක්‌ කියා දෙනවා. එයා ඒ උත්තරය විභාගවලදී ලියනවා. එයා සමත් වෙනවා. නමුත් අර කියාදුන් ළමයා අසමත් වෙනවා. ඒ දැනීම තිබිලා ග්‍රහ බලපෑම වූ නිසා. සමහරු විභාග ශාලාවට ගියාම ලියන්නේ හිතාගෙන ගිය එක නෙමේ. විභාග ශාලාවෙන් පිටට ආවම නැවත නිවැරදි පිළිතුර මතක්‌ වෙනව. මොකක්‌ වුණාද දන්නේ නැහැ. මෙවැනි දේ සිදුවන්නේ බුධගේ ග්‍රහ බලපෑම නිසා. මෙන්න මේ දේ සිදුවීම වැළැක්‌වීමට ආගමික්‌ වතාවත්, යන්ත්‍ර දැමීම අවශ්‍ය වෙනවා. මේ යන්ත්‍රවලට කෙටි ජප මන්ත්‍ර වාර ගණන බොහොම වැඩි කරන්න ඕනෑ. ඒ ගැනත් එකින් එක ලියන්නම්. මේ අඩුපාඩු නැත්නම් යන්ත්‍ර ඕන නැහැ. වීරයෙක්‌ වගේ උත්තර ලියලා ප්‍රාඥයෙක්‌ වන්න. 
 
 සෞරග්‍රහ මණ්‌ඩලයේ ප්‍රධානියා රවි බව මම නොකිව්වට ඔබ දන්නවා. රවිට ආත්මය ශරීරයේ නම් ඔළුව කල්පනාව මේවා නැතුව මොකවත් කරන්න බැහැනේ. එහෙනම් අධ්‍යාපනයට රවි අත්‍යවශ්‍යම ග්‍රහයෙක්‌. අඟහරුවා ඉතින් චන්ඩියා, ශරීරයේ රුධිරයට අධිපතියා, ඉක්‌මන් කාරයා. ශරීරයෙන් ලේ සොලවනවා රණ්‌ඩුවලදී හෝ ගමන් යනකොට. 
 
 අධ්‍යාපනය කරන්නේ එක තැන සිට නිසා අඟහරුගෙන් අධ්‍යාපනයට වැඩි හානියක්‌ හෝ උදව්වක්‌ නැහැ. විශේෂයෙන් ශිල්පයට ගුරු ශිල්පාධිපති නැත්නම් සුරගුරු දෙවියන්ගෙත්a ගුරු බ්‍රහස්‌පති අධ්‍යාපනයට අත්‍යවශ්‍ය බව වැටහෙනවා. අපි ඊළඟට බුධ ගැන බලමු. බුද්ධියට දැනුමට අධිපතියා නැතුව අධ්‍යාපනය දිගදුර යන්න බැහැ. මූලික අධ්‍යාපනයෙන්a කේතාවත් තුරුළු කරගෙන උසස්‌ අධ්‍යාපනයට පිය නගන්නේ මේ බුධ. බුධත් අධ්‍යාපනයට අත්‍යවශ්‍යයි. සිකුරා මනමාලයා බව ජ්‍යෝතිෂය සාමාන්‍ය දැනුමක්‌ තිබෙන කව්රුත් දන්නවනේ. සිකුරා අධ්‍යාපන කටයුතුවලට කරදරයක්‌ මිස සුභවාදීව කටයුතු කරන්නේ නැහැ. හැබැයි සිකුරා අධ්‍යාපනය හදාරන කාලයට ආදර ආලවන්තකම් ඇතිකරල අකුල් හෙලන එක ඇත්ත. ඒ කාලෙට ඒක ප්‍රතික්ෂේප කළාම හරිනේ. ඉගෙනීමට සිකුරා අත්‍යවශ්‍යයි. සෙනසුරා යටිබඩට අයිති කාරයා. පිරිමින්ගේ බඩ හවසට පිපෙනවා කියන එක කරන්නෙත් ගැහැණු අයගේ දින වෙනස්‌ කරන්නෙත් මේ හතුරු සෙනසුරා. විෂ්ණු දෙවියන්ටත් බට කොළ කැව්වයි කියනවනේ. තුලාවට උච්චයි. සෙනසුරු යහපත්ව දෙන්න ගත්තොත් එපා කිව්වත් ලැබෙනවා. හැබැයි නරක තත්ත්වය තමයි අනවශ්‍ය දේත් දෙනවා. ඒ කිව්වෙ මත්බීම පුරුද්ද, අනියම් නෝනලා වගේ නරක පුරුදු. සෙනසුරාට අවශ්‍ය එකම දේ තමයි නිවැරදිව මනස පාලනය කරගන්න එක. එහෙනම් අධ්‍යාපනයට සෙනසුරා වැඩක්‌ නැහැ. රාහු කේතු ඉතින් වැඩක්‌ම නැහැනේ.
 
 දැන් අපිට වැටහෙනවා අධ්‍යාපන කටයුතු වලට රවි, බුධ, හා ගුරු ග්‍රහ කිරණ සුභවාදීව තිබෙන්න ඕන කියලා. මේ ග්‍රහයන්ට හතුරු හා මිතුරු ග්‍රහයොත් දැන ගනිමුකෝ. රවිගේ නෛසර්ගික හතුරා සෙනසුරා, බුධ ගේ චන්ද්‍රයා, ගුරුගේ සිකුරා දැන් පේනවද. හතුරු ග්‍රහයෝ අධ්‍යාපනයට අත්‍යවශ්‍ය බව. ඒ වගේම සිංහයේ අයිතිකාරයා රවි ග්‍රහයා. කන්‍යා හා මිථුන රාශිවල අධිපතියා බුධ. ඒ වගේම බ්‍රහස්‌පතිට අයිති ධනු හා මීන රාශි, රවි, බුධ, ගුරු ග්‍රහයන් අධ්‍යාපනයට බලපාන්නෙ කොහොමද කියල බලමුකෝ. 
 
 රවි නැත්නම් ඉරු ග්‍රහයාට ජ්‍යෝතිsෂයේ අර්කඃ කියලත් කියනවා. ඒ සෘෂි භාෂාවෙන්. ඒ භාෂාවෙන් තමයි ශ්ලෝක ලියලා තිබෙන්නේ. අවුරුද්දේ මාස 7 ක්‌ම නරකයි. එකක්‌ නීචයි එකක්‌ උච්චයි. 03 ක්‌ සුභයි. මේ ග්‍රහයා, ඉගෙනීමට විතරක්‌ නොවේ. හැම දෙයකටම ඕනෑ. බුධ බුද්ධියට අධිපතියා වුණාට මේ කාලෙට වැඩිය වටින රාශිය 5 නොවේ 11 වැනි රාශියයි. අධ්‍යාපනය හදාරන කාලයට නරක්‌ වුණොත් ඒ අවශ්‍ය ස්‌ථානයේදී පරද්දනවා. බුධගේ බල පිහිටන රාශිය 11, මොකද උසස්‌ පෙළ කිව්වේ උසස්‌ අධ්‍යාපනයේ ප්‍රථම ස්‌ථානය නැත්නම් මුල චිත්තය සිතුවිලි බුද්ධියට නායකයා පොත පතේ දැනුමට එච්චර කැමැත්ත නැහැ. ඔබ දැකලා ඇති සමහරුන්ට යමක්‌ දුටුව සැණින් යම් දැනීමක්‌ එනවා. ඒ බුධ නිසා බ්‍රහස්‌පති, බුධ, රවි මේ අධ්‍යාපන ත්‍රිත්වය අධ්‍යාපන කටයුතුවලට හරිම ප්‍රයෝජනයි.
 
 ග්‍රහචාරය පරීක්ෂාවේදී ශිලපස්‌ථානයට වඩා අයස්‌ථානය ඒ කිව්වේ 11 වැනි රාශිය සුභවාදීව තිබෙන්න ඕනෑ. 11 වැනි රාශිය මීන හෝ ධනුවට ඇවිල්ලා එහි ගුරුට අන්තරය හෝ 11 වැනි රාශිය කන්‍යා හෝ මිතුරාට ඇවිල්ල අන්තරය බුධට ආවොත් ගොඩ තමයි. හැබැයි ග්‍රහයගේ ස්‌වභාවය මිශ්‍ර වෙන්න ඕනෑ. නැත්නම් එගොඩ බුධ 5 වැනි කොටුවෙන් ආරම්භය අරගෙන දීලා 11 වැනි කොටුවෙන් තමයි දිගදුර ගමනක්‌ යන්න සලසන්නේ. බුදුදහමින් පිට අන්‍යාගම් උදවිය මේ යන්ත්‍ර දැමිල්ල කරන්නේ නැහැ. හොඳට වටහා ගත්තොත් හොඳයි මේ පෘථිවිය වටා සිටින ග්‍රහ කිරණ වදින්නේ සැමටම එක ලෙසටමයි. ඒකට ආගම් භේද, කුල භේද, ජාති භේද නැහැ.
 
 විශේෂයෙන් උසස්‌ අධ්‍යාපනයේදී 11 වැනි කොටුව සුභවාදීව තබන්න ඕනෑ. ඕවා කරන්නේ ග්‍රහ කිරණ මිස අපි හිතන ග්‍රහයෝ නොවේ. කලින් කලට ග්‍රහ කිරණ පෘථිවියට වදින ලෙසට. අපිට නොතේරුණාට ç ලංකාවට හරියටම පැය 12ක්‌ දහවලයි. පැය 12 ක්‌ රාත්‍රි කාලයයි නොවේ. මේක පිටරටවලට නම් හොඳට තේරෙනවා. අපි වටා ග්‍රහ කිරණ 9 ක්‌ කැරකැවී ඒ කිරණ පෘථිවියට වදිනවා. පෘථිවියේ ඉන්න අපිට වදිනවා. යහපත් විදිහට වැදුනොත් සුභයි නැත්නම් මිතුරු කියනවා.
 
 අයහපත් විදිහට වැදුනොත් අශුභයි නැත්නම් හතුරු කියනවා. ඔබේ ග්‍රහචාරය නිවැරදිව පරීක්ෂා කරලා විශේෂයෙන් ඉහත කිව්ව රවි, බුධ, ගුරු කිරණ යහපත්ව වැදී ඇත්නම් මොන යන්ත්‍රයක්‌ වත් දමන්න ඕන නැහැ. ඔය පුංචි ආගමික වතාවත් කරලා හිත සැහැල්ලු කරගෙන විභාගයට පිළිතුරු ලියන්න ඔබ සමත් වේවි, දිරි ගන්න.
 
 යම් හෙයකින් මේ එක කිරණයක්‌ වත් අයහපත් අන්දමින් පිහිටියොත් යන්ත්‍රයක්‌ මගින් ඒ කාල සීමාවට අයහපත්භාවය නැති කරගන්න. යන්ත්‍ර දානව කියන්නේ නිවසකට පියුස්‌ සවි කරනවා වගේ වැඩක්‌. හැමවෙලාවෙම ඕනෑම නැහැ. පියුස්‌ නැතුව ඔය කොච්චර ගෙවල් තියෙනවද? හැබැයි විදුලි කොටන වෙලාවට ඔන්න සොරි වෙනවා. විදුලි කොටන වෙලාවට පියුස්‌ සවිකරගෙන බැහැ වගේ. විභාගයට පෙනීසිටින්නට කලින් යන්ත්‍රය දමාගන්න. 
 
 මම ඕනෑම කෙනකුට අභියෝග කරනව. බුධ, ගුරු, රවි ග්‍රහයෝ දුර්වල අයට විශේෂයෙන් දරුවන්ට නවනාථය හරියට ප්‍රස්‌ථාර කරලා නිවැරදි ජප මන්ත්‍රය අඩුම තරමින් 1800 වරක්‌වත් ජප කරලා, ප්‍රාණ පලිප්පු කර පළඳින්න බලන්න. විභාගයෙන් සමත් නොවනවද කියලා. හැබැයි කම්මැලි වෙලා නියම ඖෂධ ගල්වන්නෙ නැතුව අඩුවට කළොත් සොරි තමයි. මේව අත්හදාබැලූ වැඩ.
 
 කිසිම දැනීමක්‌ නැති පාඩම් නොකරන කිසිම ශිෂ්‍ය ශිෂ්‍යාවකට මේ යන්ත්‍රය දාන්න එපා වැඩක්‌ නැහැ. වන්නේ එකම වැඩයි. එනම් ඔබේ මුදල් වැය වන එකයි. දුවට හෝ පුතාට නැති ලෙඩ ඇතිවන එකයි. මොකද හැම යන්ත්‍රයකට එක්‌ බලවේගයක්‌ පවතිනවා. ඔබ නොදන්නවට. ඒකයි දිෂ්ඨශ්‍රී මන්ත්‍රය මාරු කරන්නේ. ඔබ හැමදෙනාම සමත් වන්න. ඔබට සුභ පැතුම් මගෙන්ය.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »