අද ලග්න 2 කට කොණ්ද සහ තුනටිය ආශ්‍රිත රෝග ඇතිවෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

2018-07-30 11:37:00       655
feature-top
රාහු කාලය: දිවා කාලය උදෑසන 7.37 සිට 9.10 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී  7.56 සිට 9.23 දක්වා
සුභ දිශාව: නැගෙනහිර 
මරු සිටින දිශාව: වයඹ 

මේෂ ලග්නය

යාන වාහන සහ දේපළ පිළිබඳ ව සැක සංකා සහගත තත්වයක් ඇතිවේවි. ඔබ දේපල වෙළඳාමේ නිරත වූ පුද්ගලයෙක් නම් වෙනදාට වඩා සැලකිලිමත් වන්න. හෘදය ආශ්‍රිත රෝගී තත්ත්වයකින් පීඩාවට පත් වෙලා ඉන්නවා නම් නිසි වෛද්‍ය උපදෙස් පිළිපදින්න. පිය පාර්ශවයේ ඥාතීන් සමග මත ගැටුම් ඇති වන්නට පුළුවන්.හවුල් ව්‍යාපාර කටයුතු වලින් ලොකු දියුණුවක් අත් වේවි
ජය වර්ණය: ලා රතු පැහැය                                                                     ජය අංකය: 05

වෘෂභ ලග්නය

සාමය සතුට උදා කර ගන්නට පුලුවන් වාසනාවන්ත දවසක්. කොන්ද තුනටිය මුත්‍රාශ්‍රය ආශ්‍රිත රෝගී තත්වයන් ඇතිවන්නට පුළුවන්. අතගසන ඕනෑම කටයුත්තක් ඔබේ පෞරුෂය නිසා ජය ගන්නට පුළුවන් වේවි.
ජය වර්ණය: රන්වන් පැහැය                                                                       ජය අංකය: 06

මිථුන ලග්නය

හදවතට වඩා බුද්ධියට ඉඩදී ඉඩ දී කටයුතු කළ යුතු දවසක්. දැනුම මුල්කරගෙන මුල් කරගෙන සිදු කරන කටයුතුවලට  මෙන්ම අධ්‍යාපන කටයුතු වලට ද ඉතා යෝග්‍ය දවසක්. ඔබ සන්නිවේදන කේෂ්ත්‍රයකට සම්බන්ධව කටයුතු කරනවා නම් එයින් එයින් බොහෝ වාසි අත්වේවි.
ජයග්‍රාහී වර්ණය: ලා කොළ පැහැය                                                                 ජය අංකය: 03

කටක ලග්නය

විවිධ අදහස් සිතට ගලාගෙන එන ක්‍රියාකාරීව ගතකරන දවසක්,ඒ අදහස් සියල්ලම පාහේ ඔබ ක්‍රියාවට නැන්වීමට උත්සාහ කරාවි. යම් යම් පුද්ගලයන්ගෙන් පුංචි පුංචි බාධා ඇතිවන්න පුලුවන් සැලකිලිමත්වෙන්න.
ජය වර්ණය: විසිතුරු පැහැය                                                                              ජය අංකය: 01

සිංහ ලග්නය

සියුම් කටයුතු වලදී ප්‍රවේශම් සහගතව කටයුතු කරන්න. කලාකාමී අදහස් ඇතිවන දවසක්. අන් අයගේ ආකර්ශනය නිතැතින්ම හිමිවේවි. පාද ආශ්‍රිත රෝගී තත්වයන් නිසා විටින් විට අපහසුතාවයන් ඇතිවේවි. ජලයෙන් විපත් ඇතිවිය හැකි නිසා ප්‍රවේසම් වන්න.
ජය වර්ණය: ක්‍රීම් පැහැය                                                                                         ජය අංකය: 01

කන්‍යා ලග්නය

වෙලහෙලදාම් කටයුතු සංචාරක කටයුතුවලින් ලාභ අත්වේවි. ඔබ කලමනාකරණය ආශ්‍රිත රැකියාවක් කරනවානම් දවසේ කටයුතු වෙනදාට වඩා පහසු වේවි. දුර බැහැර ගමන් යන්න ඔබට ආරාධනා ලැබේවි. මුදල් වියදම් කර ලබා ගතයුතු බොහෝ දේවල් ඔබට නිකම්ම හිමිවේවි. වචන බාවිතයේදී නම්‍යශීලී වන්න
ජය වර්ණය: ලා නිල් පැහැය                                                                                   ජය අංකය: 09

තුලා ලග්නය

රැකී රක්ෂා කටයුතු මුල් කරගෙන කාර්‍ය බහුල තත්වයක් ඇතිවන දවසක්. දන්හිස් ආශ්‍රිත රෝගී තත්වයන් ඇතිවෙන්න පුලුවන්. ඔබගේ අදිෂ්ඨානය සාර්ථක කර ගන්න වෙහෙස මහන්සි වේවි. පරිපාලනමය කටයුතු වල අධ්‍යාපන කටයුතුවල දියුණුවක් අපේක්ෂා කරන්න පුලුවන්.
ජය වර්ණය: ලා දම් පැහැය                                                                                        ජය අංකය: 03

වෘශ්චික ලග්නය
 
අන්‍ය ආගමික පුද්ගලයන් සමග එකමුතුව කටයුතු කරන්නට යෙදෙන දවසක්. නුවණින් යුතුව කටයුතු කරන්න නොසැලකිලිමත් කම නිසා ලාභ ප්‍රයෝජන ඔබෙන් ගිලිහී යන්නට පුලුවන්. ඔබෙ පලපුරුද්දෙන් ප්‍රයෝජන ගන්නට උනන්දුවන්න. මනස සැමවිටම නිරවුල්ව තබා ගන්නට උත්සහ කරන්න.
ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය                                                           ජය අංකය: 09

ධනු ලග්නය

සෞඛ්‍ය තත්වයෙන් යම් යම් පීඩාකාරී තත්වයන් ඇතිවෙන්න පුලුවන්. උශ්නාධික පරිසර වල වැඩිපුර කාලය ගත කරන්නට සිදුවේවි. යන එන ගමන් බිමන් වලදී ඔබගේ අතයාවශය සියලු දේ රැගෙන යන්නට අමතක කරන්න එපා. සියුම් සතුරු කරදර ඇතිවෙන්න පුළුවන්. සැලකිලිමත්වෙන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය                                                                              ජය අංකය: 06

මකර ලග්නය

ඔබ පිලිබඳව පිලිගැනීම වැඩිවන දවසක්. ඔබගේ වගකීම් ඉතා සැහැල්ලුවෙන් ඉටුකල හැකිවේවි. ඒ නිසාම වගකීම වැඩිවිය හැකිවේවි. පිරිස් කලමනාකරණයේදී සැලකිලිමත්වෙන්න. ගමන් බිමන් ආශ්‍රිත කටයුතු වලින් ලාභ ප්‍රයෝජන අත්වේවි.
ජය වර්ණය: ලා කොළ පැහැය                                                                   ජය අංකය: 07

කුම්භ ලග්නය

ඔබට එල්ලවන සියලු අභියෝග ජයගෙන ඉදිරියට යා හැකි දවසක් .ඇත්ත දැන දැනත් බොරු කරන්නට යන්න එපා,එයින් ඔබම රැවටීමට ලක්වේවි. අන් අයගේ සිත් දිනා ගනිමින් කටයුතු කරන්නට උත්සාහ කරන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය                                                                   ජය අංකය: 08
මීන ලග්නය

ගමන් බිමන් බහුලවන දවසක්. අධ්‍යාපනික කටයුතුවලට බාධා එල්ලවේවි. ඇතැම් කටයුතු ඔබ බලාපොරොත්තු වන ආකාරයට ඉටු කරගන්නට නොහැකිවේවි. ඔබගේ ඉදිරිපත්වීමේ හැකියාව වර්ධනය වන දවසක්. කොන්ද ආශ්‍රිත රෝගී තත්වයන් පිලිබඳව ඉගි පහල වේවි.
ජය වර්ණය: ලා කහ පැහැය                                                                      ජය අංකය: 06

curtesy :siyathanews.lk


More News »