මනස අවුල් නම් විවාහයත් දෙදරයි

2018-08-11 11:42:00       1156
feature-top
මිනිසත් බව ලැබ මෙලොව ජීවත් වන අප සෑම සියලූ දෙනකුටම සාර්ථක ජීවිතයක් ගතකිරීම සඳහා නිරවුල් මනසක් තිබිය යුතුය. එසේ නොමැති වුවහොත් ජීවිතයේ සෑම කටයුත්තක්ම අසාර්ථක භාවයට පත්වෙයි. එබැවින් නිරවුල් මනසක් තිබීම තුළින් අපගේ එදිනෙදා ජීවිතය සාර්ථක අන්දමින් ගෙන යා හැකිවේ. 
 
 මිනිසාගේ අවශ්‍යතා කායික හා මානසික වශයෙන් කොටස් දෙකකට බෙදේ. මෙයින් මානසික වශයෙන් මිනිසාගේ තෘප්තියට හේතුවන ආදරය, පිළිගැනීම, නිදහස, අයිතීන් හෙවත් හිමිකම් සුරක්ෂිත භාවය යහපත් ජීවිතයකට අත්‍යවශ්‍ය වේ.
 
 විවාහය තුළින් ගොඩනැෙඟන ප‍්‍රබල අන්තර් පුද්ගල සම්බන්ධතාව මැනවින් පවත්වාගෙන යෑමට මානසික පිවිතුරු බව අත්‍යවශ්‍ය වැදගත් සාධකයක් වේ. මේ නිසා විවාහයේ දී තම සහකරු හෝ සහකාරිය ඉතා පිරිසිදු මානසිකත්වයකින් පසුවන අයෙක් විය යුතුය. එසේ නොමැති වුවහොත් යුගදිවියේ නොයෙකුත් ගැටලූ සංකීර්ණතාවන් මතුවිය හැක. 
 
 එක් එක් පුද්ගලයන්ට විවිධ වූ මානසික ආබාධිත තත්ත්වයන් පවතී. සමහරෙකුට මෙම තත්ත්වය උත්පත්තියේදීම ඇති වූවක් වන්නට පුළුවන. තවත් සමහරෙකුට යම්කිසි කාලයකදී මානසික රෝග හෝ මනසේ අවුල් වියවුල් තත්ත්වයන් ඇති කෙරේ. මේ කුමන ආකාරයකින් මානසික පීඩාවන් ඇති වුවද යුගදිවියේ පැවැත්මට එය බාධාවකි. එබැවින් විවාහ දිවියට අවතීර්ණ වීමට පෙර දෙදෙනාගේ මානසික සෞඛ්‍යය පිළිබඳව පූර්ණ අවධානයක් යොමුකොට ඒ පිළිබඳ විමසීම් කළයුතු වේ.
 
 යම් ජන්මියෙකුගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් ග‍්‍රහ බලය උපයෝගී කරගෙන මැන බැලීමට හැකියාව පවතී. මේ සඳහා ඔහුගේ හෝ ඇයගේ සමස්ත කේන්ද්‍රගත ග‍්‍රහ බලය මැනවින් පරීක්‍ෂා කළ යුතු වේ. 
 
 යම් ජන්මියෙකුගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් ග‍්‍රහ බලය උපයෝගී කරගෙන මැන බැලීමට හැකියාව පවතී. මේ සඳහා ඔහුගේ හෝ ඇයගේ සමස්ත කේන්ද්‍රගත ග‍්‍රහ බලය මැනවින් පරීක්‍ෂා කළ යුතු වේ.
 
 මනසට කාරක ග‍්‍රහයා සඳුය. විවාහයකදී යම් ජන්මියෙකුගේ මනස ගැන සඳුගෙන්ද බුද්ධිය පිළිබඳව බුධගෙන්ද දැනගත යුතුය. සඳු හා බුධ ග‍්‍රහයන් බලවත් ලෙස අශුභ බලපෑම්වලට ලක්වී ඇත්නම් අදාළ පුද්ගලයාට දුෂ්කර ගැටලූ සහිත මනසක් ගොඩනැෙඟන අතර සාමාන්‍ය ජීවිතයක් ගෙන යා නොහැකි වේ. 
 
 සඳු ග‍්‍රහයාට ඇතිවන අසුබ බලපෑම් දෙයාකාරයකින් බලපෑ හැක. ඉන් එකක් නම් පුද්ගලයාගේ ආයුෂ ප‍්‍රමාණයට බලපෑම් ඇතිවීමට හේතු වෙයි. අනක් කරුණ නම් මානසික ආබාධිත තත්ත්වයයි.
 
 මෙවැනි අහිතකර බලපෑම් ඇති කේන්ද්‍ර හිමියන් සාමාන්‍ය සමාජ හැසිරීම් පෙන්නුම් කළද ඔවුන් අභ්‍යන්තර උද්වේගවත් කැළඹිලි මනසකින් හා අසහනයකින් සිටිය හැක. මෙවැනි පුද්ගලයන් හා විවාහ වීම තුළින් විවාහ සහකරු හෝ සහකාරිය විශාල කරදරයකට පත්විය හැක. 
 
 සඳුට ඇතිවී තිබෙන්නා වූ අසුබ බලපෑම් ප‍්‍රමාණය සහ ස්වභාවය අනුව භින්තෝන්මාදය, විශාදය වැනි රෝග තත්ත්වයන් ඇතිවිය හැක.
 
 මීට අමතරව රෝග ස්ථානය වූ 6 වැන්නේ බුධ ග‍්‍රහයා පාප පීඩාවට ලක්වී සිටීම තුළින් මනස සම්බන්ධයෙන් කිසියම් විපරිත භාවයක් ඇති වීමට හේතුවේ. දුකෙන් වැළපී අසහනයෙන් සිටින කෙනෙක් නිසා විවාහ ජීවිතයේ දී පවුලේ සැමට සැපත හා සාමය අහිමි වේ. මෙවැනි බලපෑමක් ඇති ජන්මියා සෑම විටම ඔහුව නිරීක්‍ෂණය කළ යුතු යැයි හැඟීමකින් පෙළෙයි. එසේ නොවුණහොත් ඔහුට ඔහුගේ මනස පාලනය කරගත නොහැකි වේ. 
 
 මෙම අශුභ බලපෑම කුජගෙන් සඳු ග‍්‍රහයාට ඇති වුවහොත් ජන්මියා ප‍්‍රචණ්ඩ මනෝභාවයකින් යුක්තව ප‍්‍රචණ්ඩ හැසිරීමක් පෙන්නුම් කරයි. අප‍්‍රසන්න ලෙස රළු කතා විලාසයක් ඇතිවේ. මෙවැනි හැසිරීම් නිසා පවුලේ අයද මානසික කරදරවලට පත්කළ හැක.
 
 සඳුට රාහුගෙන් බලවත් සුබ බලපෑමක් ඇති වුවහොත් භයානක අවිශ්වාස බවකින් සිටින අතර මනුෂ්‍ය ඝාතනයට පවා නැඹුරු වීමක් විය හැකිය. 
 
 සඳු කේතු සමග සිටි විට ජන්මියා හීනමානයට සහ ඉදිරියට නොපැමිණෙන ස්වභාවයක් ඇති වේ. මෙවැනි කේන්ද්‍රයක් හිමියෙකුට ඉතා බලවත් ලෙස අසුබ බලපෑම් තවත් ඇති වුවහොත් එම ජන්මියා සමහර විටෙක සියදිවි හානිකර ගැනීමක් හෝ ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වීමක් විය හැක. විශේෂයෙන් සඳු කේතු සමග සිටින විට ශනිගේ බලපෑමක්ද ඇති වීමෙන් සියදිවි හානිකර ගැනීමටද පෙළඹිය හැක.
 
 සඳුට කුජගෙන්, ශනිගෙන්, අසුබ බුධගෙන් සහ රාහු, කේතු වැනි අසුබ ග‍්‍රහයෝ කිහිප දෙනකුගෙන් එකවර දෘෂ්ටි ඇති වුවහොත් කේන්ද්‍ර පරීක්‍ෂාවේදී සැලකිලිමත් විය යුතුය. 
 
 කෙසේ වෙතත් මෙවැනි පීඩාවන් ඇති අවස්ථාවක ගුරු හෝ ජන්ම රාශියේ අධිපතිගෙන් සඳුට සංයෝගයක් හෝ දෘෂ්ටියක් ඇති වුවහොත් ඉහත සඳහන් අසුබ තත්ත්වයන් වෙනස් වන්නට පුළුවන. 
 
 යම් පුද්ගලයෙකුගේ සඳු සහ බුධ ග‍්‍රහයෝ සංයෝගව ජල රාශිවල තැන්පත්ව සිටි විට විශේෂයෙන් සඳු සහ බුධ ග‍්‍රහයෝ පිළිවෙළින් වෘශ්චික සහ මීන රාශිවල නීචව තැන්පත්ව සිටි විට කේන්ද්‍ර හිමියාගේ බාහිර පෙනුම හා හැසිරීම ඉතා ප‍්‍රසන්න භාවයක් පෙන්නුම් කළද ඔහුගේ හෝ ඇයගේ මනස සහ අභ්‍යන්තර ස්වභාවය ඉතාමත් භයානක භූත වේෂ වූවන් වැනි වේ.
 
 එවැ නි පුද්ගලයන් අප‍්‍රමාණ ලෙස මුදලට ලාභයට දැඩි කෑදරකමක්ද, අධික වෛරය, ඊර්ෂ්‍යාව, ¥ෂිත අදහස් සහ හැඟීීම් ඇති අය විය හැක.
 
 අඟහරුගේ අසුබ දෘෂ්ටියට බුධ ලක්වීම හෝ බුධගේ දෘෂ්ටියට අඟහරු ලක්වීම හෝ නිසා සෘජුව මානසික ආබාධ ඇති නොවුණත් එවැනි පුද්ගලයන්හට හොඳ නරක තේරුම් ගැනීමට නොහැකිය. යහපත අයහපත තේරුම් ගැනීමට ශක්තියක් නොමැත. මේනිසා එදිනෙදා ජීවිතයේ දී බොහෝ අනුවණකම් කරති.
 
 සිකුරු චන්ද්‍රයාගේ දුබලත්වයට පත්වූ විට මානසික ආබාධ ප‍්‍රබල වශයෙන් ඇති නොවුණත් එවැනි පුද්ගලයන්ගේ කටයුතුවල පිළිවෙළක් දක්නට නොලැබේ. එමෙන්ම තමාගේ කටයුතුද හරියාකාරව ඉටු නොවේ. මෙම ග‍්‍රහ බලය කේන්ද්‍රයෙහි විවාහයට සම්බන්ධ ස්ථානයකට හසුවුවහොත් විවාහයේ අවුල් වියවුල් නිමක් නැති වේ. 
 
 ග‍්‍රහයන්ගේ කි‍්‍රයාකාරිත්වය ඉතා සියුම් හා සංකීර්ණ බැවින් ඒ පිළිබඳ අධ්‍යයනයකදී සුවිශේෂිතා හඳුනා ගැනීම හැර සෘජු නිගමනයන්ට එළැඹීම දුෂ්කර කාර්යයකි. විචාරයෙන් තොරව විසි පොරෙන්දමට පමණක් මුල්තැනදී කටයුතු කිරීමෙන් ඕනෑම මානසික ආබාධයක් ඇති තරුණයකුට හෝ තරුණියකට ඉතා පිරිසිදු මානසික තත්ත්වයෙන් යුත් උසස් තරුණයෙක් හෝ තරුණියක් සරණ පාවාගැනීමේ හැකියාව ලැබේ. එබැවින් යුගදිවියට අවතීර්ණ වීමට පෙර යෝජිත පුද්ගලයාගේ සමස්ත කේන්ද්‍රයම පරීක්‍ෂණයට භාජනය නොකොට මානසික තත්ත්වය පිළිබඳ තීරණයන්ට එළැඹීමට නොහැකි වේ.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »