ගතවන කාලය ලග්න පහකට අසුබයි

2018-11-06 01:06:00       826
feature-top
ග‍්‍රහ මාරුවක් සිදුවීම තුළ යම් යම් රාශීන්ට සුබ සහ අසුබ එක් එක් ආකාරයට බල පවත්වයි. එම නිසා එවැනි අවස්ථාවකදී කේන්දරය නිවැරැුදිව පරීක්‍ෂා කර අසුබ මග හරවා ගැනීමට නිවැරැුදි ජ්‍යොතිෂවේදියකු මුණ ගැසී හොඳින් අවබෝධ කර ගත හැකිය.
 
 මේ ගමන් කරන කාලය ලග්න පහකට පමණ තදින් අසුබ බවක් ගෙන දෙයි. අසුබයි කී පමණින් අපි බිය විය යුතු නැත. අසුබය හොඳින් හඳුනා එය මග හරවා ගත හැකිය. පැරැුන්නන් ඒ සඳහා ඉතා නිවැරැුදි යන්ත‍්‍ර මන්ත‍්‍ර ක‍්‍රම උපයෝගී කර ගෙන ඇත. වෘශ්චික රාශියේ තදබල ඒරාශ්ටක තත්ත්වය මග හැරෙමින් තිබුණද මේ කාල පරාසය ගුරුගේ පැමිණීමත් සමග හිස සම්බන්ධ ඇති වන රෝග ඉතා තදින් ඇති විය හැකි නිසා සැලකිලිමත්ව කටයුතු කළ යුතුය. හිසේ වේදනාව පමණක් නොව වැටීමකදී පවා හිස ආශි‍්‍රත තුවාල වීම් ද සිදු විය හැකි නිසා අපි වාහන පැදවීමේදී පවා පරිස්සම් විය යුතුය.
 
 එසේම මකර ලග්නයේ සිටින අය යටිබඩ පාදාශි‍්‍රත රෝග, මුදල් තත්ත්වය පහත වැටීම් ඇතිවන බවක්ද පෙනෙයි. මෙවැනි තත්ත්ව ඇති වේ නම් ඉක්මනින් ප‍්‍රතිකාර ගැනීම සහ කල්පනාකාරීව කටයුතු කිරීම මුදල් ගනුදෙනුවලදී ආරක්‍ෂා වීම ඉතා වැදගත්.
 
 වෘෂභ ලග්නයේ සිටින අයට යම් යම් රෝග ද විවාහ සම්බන්ධ යම් බලපෑම් ඇතිවීමද මානසික ඒකාග‍්‍රතාව අඩුවීමද තරහා වැඩිවීමද සිදුවන නිසා කරන කටයුතු සුබ නොවන බවක් පෙන්නුම් කරන අතර බොහොම කල්පනාකාරීව කටයුතු කළ යුතුයි.
 
 මිථුන ලග්නයෙන් උපන් අයට ද මෙම ග‍්‍රහ බලපෑම් විවාහ කටයුතුවලට තදින් බලපායි. විවාහය ප‍්‍රමාද වීමට ව්‍යාපාර හොඳින් කරගෙන විත් එකවර නතර වීමට යම් යම් හේතු කාරණා සිදුවිය හැකිය.
 
 ඒ සමඟම ධනු රාශියෙන් උපන් අයට නම් තදබල අපල බවක් ඇතිවෙයි. අධ්‍යාපනය දුර්වල වීම, උනන්දුව අඩුවීම, කරන කටයුතු අතරමග නතර වීම ඇති වෙයි. මේ අවස්ථා තරමක් වැඩිපුර අපල සිදු කරනු ලබන්නේ ඔබ ගත කරන මහා දසා අන්තර් දසා ද පාදක කරගෙනය. එම නිසා අසුබ මහ දසාවක් අසුබ අන්තර් දසාවක් වේ නම් ජ්‍යොතිෂමය පිළියමකට යෑම නිතර නිතර ආගමික කටයුතුවල නිරත වීම මේ අපලවල තද බලපෑම් මග හරවා ගත හැකිය.
 
 අන් ලග්නවලට ද ඔවුුන් ගත කරන මහ දසා අන්තර් දසා සුබ නොවේ නම් බලපෑම් මතු කරන බවද කිව යුතුය. ඔබ කරන කටයුතු ඉතා හොඳට කල්පනාවෙන් කරන්නේ නම් මේ තත්ත්වය මග හරවා ගත හැකිය.
 
 එසේම ඔබ මතක තබා ගත යුතු යම් කාරණා ඇත. ඉහත ලග්නවල සිටි පමණින් සහ ඔබට අපලයි කිව් පමණින් එය නිවැරැුදි පලාපලයක් නොවන්නට හැකිය. පලාපල කතන්දරයේදී එක් ජ්‍යොතිෂවේදියෙක් තමාගේ අවශ්‍යතාවය අනුව පලාපල පෙන්වාදී ජ්‍යොතිෂ විෂය හෑල්ලූවට ලක් කිරීම තුළ ඇතැමෙකුට මෙවන් දේවල් විශ්වාස නොවිය හැකිය.

උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »