මේ සතිය ඔබට කොහොමද?

2018-11-12 11:57:00       1440
feature-top
මේෂ

වියදම් අධිකයි

ලග්නාධිපති කුජ අයස්ථානයේය. ගුරු අටවැන්නේය. මෙම පිහිටීම තුළ සැලකීමේ දී ගමන්බිමන් කිහිපයක්ම යෙදේ. එතරම් ප්‍රයෝජනයක් ඇති නොවේ. නිකරුණේ මුදල් නාස්ති වේ. ආදායම් ලැබුණ ද වියදම් අධිකවීම නිසා මුදල් ඉතිරිකර ගැනීම අපහසු වේ. වෘත්තීය ක්ෂේත්‍රයේ දී යම් යම් බාධා අවහිරතා ඉස්මතු විය හැකි නිසා කල්පනාකාරී වන්න. අධ්‍යාපන ක්ෂේත්‍රවල නියුක්ත අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක.

ජය වර්ණය - රතු, අංකය - 09, දිනය - අඟහරුවාදා

තුලා

බාධා සහිතයි

ලග්නනාධිති සිකුරු, රවි ලග්නයේ සිටි. මාලවී යෝගයයි. භාරගෙන කරන කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵලයක් ලැබීමට නම් අන්‍යයන්ගේ ආධාරය උපකාරය ලබා ගත යුතුයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී අන්‍යයන්ගේ දෝෂාරෝපණයන්ට ලක්විය හැකි නිසා තමා කරන කියන කටයුතු ගැන කල්පනාකාරී වන්න. මිල මුදල් ලැබෙන නමුත් වියදම් පක්ෂය ඉහළ යයි. ගෙදරදොර කටයුතුවල දී සැලකිලිමත් වන්න. කෙටි ගමන්බිමන් බහුල වේ.

ජය වර්ණය - නිල්, අංකය - 06, දිනය - සිකුරාදා

වෘෂභ

සමපලදායකයි

ලග්නාධිපති හයවැන්නේය. බුධ, ගුරු හත්වැන්නේ සිටී. මෙම පිහිටීම් තුළ සුළු සුළු බාධා අවහිරතා මධ්‍යයේ වුවද වෘත්තීය කටයුතු කරගෙන යාමේ දී කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදා කරගනී. කෙසේ වුවත් අන්‍යයන් සමග කටයුතු කිරීමේ දී බුද්ධිමත් විය යුතුය. මිල මුදල් ලැබීම අතින් ශුභයි. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආදායම් ලබයි. ගෙදරදොර කටයුතුවල දී තරමක් ඉවසිලිමත් විය යුතුයි. නොඑසේ නම් ආකූලතා මතු කළ හැක.

ජය වර්ණය - නිල්, අංකය - 06, දිනය - සිකුරාදා

වෘශ්චික

මිශ්‍රපල

ලග්නාධිපති කුජ 4 වැන්නේ සිටිය දී සතිය ආරම්භ වේ. වෙහෙස පීඩාව ඇති කරන සතියක් වේ. බලාපොරොත්තු නොවූ අයගේ ආශ්‍රයට වැටේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේ දී කල්පනාකාරී විය යුතුයි. නොඑසේ නම් උසස් නිලධාරීන්ගේ දෝෂාරෝපණයන්ට ලක්විය හැකි බැවිනි. මිල මුදල් ලැබීම අතින් යහපත්ය. ආර්ථික වාසි උපයා ගනී. අධ්‍යාපන ක්ෂේත්‍රවල යෙදී සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.

ජය වර්ණය - රතු, අංකය - 09, දිනය - අඟහරුවාදා

මිථුන

බාධා මැද දියුණුව

ලග්නාධිපති බුධ ගුරු සමග හයවැන්නේ සිටී. බුධ ලග්නය දකී. යෝගකාරක සිකුරු පස්වැන්නේ සිටී. මෙම පිහිටීම තුළ ආර්ථික වශයෙන් අයහපත් නොවේ. ගෙදරදොර කටයුතුවල දී ප්‍රවේසම් වන්න. සමගිය සාමයට බාධා එල්ල විය හැකි බැවිනි. දරුවන්ගේ කටයුතුවල කිසියම් දියුණුවක් උදා කරනු ඇත. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට අලුත් විෂයයන් හැදෑරීමට කටයුතු යෙදෙනවා ඇත. ආගමික සහ සමාජීය අංශවලට යොමු වේ. උෂ්ණාධික රෝග, ශරීරයට විෂබීජ ඇතුළුවීම යනාදියට ඉඩ පවතී.

ජය වර්ණය - කොළ, අංකය - 05, දිනය - බදාදා

ධනු

බාධා සහිතයි

ලග්නාධිපති ගුරු දොළොස්වැන්නේ ද සෙනසුරු ලග්නයේ ද කේතු දෙකේ, රාහු අටේ ද ගෝචරය වේ. මෙම පිහිටීම් තුළ තමාගෙග් කටයුතු කරගෙන යාමේ දී බාධා අවහිරතා ගැටලුකාරී තත්ත්වයන් උදා කළ හැකි නිසා කල්පනාකාරිීව තම කටයුතුවල යෙදිය යුතුයි. අනවශ්‍ය කල්පනාකාරීම්වලින් වළකින්න. මිල මුදල් ලැබීම අතින් යහපත්ය. එහෙත් වියදම් පක්ෂෂය ඉහළ යන නිසා මිලල මුදල් සම්බන්ධ කටයුතුවල දී කල්පනාකාරී වන්න. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට යම් යම් පසුබෑම් පෙන්විය හැක. උනන්දුව සහ කැපවීම අවශ්‍යයි.

ජය වර්ණය - රන්වන්, අංකය - 03, දිනය - බ්‍රහස්පතින්දා

කටක

මිශ්‍රපල

යෝගකාරක කුජ අටේ ද ගුරු පහේ ද සිටිය දී සතිය ආරම්භ වේ. සුළු සුළු බාධා අවහිරතා ඉස්මතු කළ ද වැඩකටයුතු කිහිපයක්ම ඉෂ්ට සිද්ධ කර ගනී. නොයෙකුත් කටයුතුවලින් ලාභය ගෙන දේ. දියුණුවට අදාළ මාර්ග කිහිපයක්ම යෙදේ. ඇඳුම් පැළඳුම් අලංකාර වස්තු ලැබේ. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත් ධනයත් ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන අංශයේ යෙදී සිටින අය දියුණුවක් ලබා ගනී. උදරගත පීඩා, බඩවැල් ආශ්‍රිත රෝගාදියෙන් පරෙස්සම් වන්න.

ජය වර්ණය- ක්‍රීම් පාට, අංකය- 02, දිනය- සඳුදා

මකර

ලාභ ප්‍රයෝජන සහිතයි

ලග්නාධිපති සෙනසුරු 12 වැන්නේ ද ගුරු අයස්ථානයේ ද සිටී. මෙම පිහිටීම් තුළ තමාගේ කටයුතු ක්‍රමවත් ලෙලස යොදා ගත හැක. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල කිසියම් දියුණුවක් ලලබයි. උසස් අයගේ ආධාරය උපකාරය ලැබීම තුළ තමාගේ කටයුතු සාර්ථක වනු ඇත. මිල මුදල් ලැබීම අතින් ශුභයි. විවිධ අංශයන්ට යොමුවීම තුළ ලාභ ප්‍රයෝජන ලබයි. රුධිර පීඩනය, උදරගත පීඩා, බඩවැල් ආශ්‍රිත රෝගාදියෙන් ද පරෙස්සම් විය යුතුයි.

ජය වර්ණය - නිල්, අංකය - 06, දිනය - සිකුරාදා

සිංහ

ලාභ ලැබේ

ලග්නාධිපති රවි තුන්වැන්නේ සිකුරු සමග සිටී. විකිණීම සඳහා මිලට ගන්නා දෙයින් ලාභ ලැබේ. ඉඩකඩම් දේපළ සම්බන්ධයෙන් ශුභදායක වේ. එසේ වුවත් විටෙක තම ආදායම අඩු වීමේ ඉඩක් පෙන්වන බැවින් මිල මුදල් සම්බන්ධ කටයුතුවල දී කල්පනාකාරී වන්න. වෘත්තීය කටයුතුවල දී උසස් නිලධාරීන් සමග කටයුතු කිරීමේ දී ප්‍රවේසම් විය යුතුයි. හොඳින් ආශ්‍රය කළ තමන්ගෙන් උදව් උපකාර ගත් කෙනෙක් තමන් රැවටීමට ඉඩ ඇති නිසා කල්පනාකාරී වන්න.

ජය වර්ණය - රතු, අංකය - 01, දිනය - ඉරිදා

කුම්භ

මිශ්‍රපල

ලග්නාදිපති සෙනසුරු අයස්ථානයේය. ගුරු දහයේ ද වේ. මෙම පිහිටීම තුළ වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල දී යම් යම් බාධා අවහිරතා ඉස්මතු වනු ඇත. එම නිසා ඉතාමත් කල්පනාකාරීව ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. මිල මුදල් ලැබීම අතින් ශුභයි. ගෙදරදොර සම්බන්ධ කටයුතුවල දී දැඩි කාර්යබහුලත්වයක් පෙන්නුම් කරයි. ඉතාමත් ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා කළ යුතුයි. ඉගෙනීමේ කටයුතුවල යෙදී සිටින අයට උත්සාහයෙන් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක.

ජය වර්ණය - නිල්, අංකය - 08, දිනය - සිකුරාදා

කන්‍යා

බලාපොරොත්තු ප්‍රමාද වේ

ලග්නාධිපති බුධ ගුරු සමග තුන්වැන්නේ සිටිය දී සතිය ආරම්භ වේ. රවි, සිකුරු දෙවැන්නේ සිටී. යම් යම් බාධා අවහිරතා ඇතත් දියුණුවක් ද ලාභ ප්‍රයෝජනයක් ද ලබා ගනී. අන්‍යයන්ගෙන් තරමක ලාභයක් ලබයි. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා ඇතිවීමේ ඉඩක් ද පෙන්වයි. ස්ත්‍රීන් සමග කරන කටයුතු යහපත්ය. යම් යම් අලංකාර ද්‍රව්‍ය මිල දී ගනී. දරවන්ගේ කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න. ඉගෙනීමේ යෙදී සිටින අය උනන්දුව සහ කැපවීම අවශ්‍යයි.

ජය වර්ණය - කොළ, අංකය - 05, දිනය - බදාදා

මීන

ක්‍රමයෙන් යහපත්ය

ලග්නාධිපති ගුරු නවවැන්නේ සිටී. ශනි දහයේය. මෙම පිහිටීම තුළ තමාගේ කටයුතු සාර්ථක කරගත හැක්කේ බාධා හා අවහිරතා මධ්‍යයේය. තමා සමග එකට සිටි සමහරක් අය තමාගෙන් වෙන්වී යනු ඇත. ගෙදරදොර කටයුතු සාමාන්‍ය අන්දමට සිදු වේ. සමගියට සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත් ධනයත් ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට සිය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. උෂ්ණාධික රෝග, හිසරදය, සෙම් පීඩා, උදරාශ්‍රිත රෝගාදියෙන් පරෙස්සම් වන්න.

ජය වර්ණය - රන්වන්, අංකය - 03, දිනය - බ්‍රහස්පතින්දා

ජ්‍යොතිර් විද්‍යා විභූෂණ, රාජ්‍ය සම්මානලාභී ආචාර්ය ජී.ඇම්. ගුණපාල

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »