මහා සෘෂිවරුන් සොයා දුන් වාසනාව කැන්දන ලොව දුර්ලභම සුවිශේෂ වස්තු

2018-12-19 10:59:00       577
feature-top
තන්ත්‍රයන්හි සඳහන් පරිදි ධ්‍යානලාභීහු, ඉසිවරු මානසික හා ශාරීරික ශාන්තිය සඳහා ජේ‍යාතිෂයේ බලමහිමය ස්වාභාවික වස්තූන් වෙත ආරූඪ කොට ගෘහ ලක්ෂ්මී හෙවත් සෞභාග්‍ය ගෙනෙන එක්තරා ද්‍රව්‍යයන් කොටසක් ළඟාකර ගත්හ. අදත් ජේ‍යාෂයෙහි හසළ ප¾ඩිවරු භාරතයෙහි වෙසෙති. ජේ‍යාතිෂය වෛද්‍ය ශාස්ත්‍රය අතර ඇති සබඳතාව තුළින් ස්වභාව ධර්මය දෙසූ නොවක් දෘෂ්ටියක් හෙළන භාරතීය ප¾ඩිවරු ඒ සුබ වස්තූන් කෙරෙහි මානව ශාන්තිය ළඟා කර ගැනීමේ ක්‍රමයද පැහැදිලි කරති. මේ එවන් සුබ වස්තූන් කිහිපයක තොරතුරුය.

"ඒක මුඛී රුද්‍රාක්ෂ" යනු මහා යෝගී ශිවගේ ආභරණ බවට පත්ව ඇති රුද්‍රාක්ෂය මුනි, මහා සෘෂි, ආදීන්ගේද ඉතාම සමීප වස්තුවක් බවට පත් වූවකි. "ත්‍රිපුරාරී" නමැති සංස්කෘත වචනයෙහි අපභ්‍රංසයක් ලෙස සැලකෙන "ත්‍රිපුරි" නමැති ගස් වර්ගයක් හිමාලය අඩවියේ වැවේ. මේවා වැඩිපුර ඇත්තේ නේපාලයේය. ඉතාම සුළු වශයෙන් පල ගන්නා මේ ගස්වල ගෙඩියක් සොයා ගැනීමත් දුෂ්කරය. රුද්‍රාක්ෂ ලබාගැනීම දුෂ්කර වනුයේ ඒවා වැවෙන ප්‍රදේශය ධ්‍යානී යෝගිවරයකුට හැර සාමාන්‍ය මනුෂ්‍යයකුට ඔරොත්තු නොදෙන තරමේ අධි ශීත දේශගුණයකින් යුක්ත බැවින් විය යුතුය. ගැට සහිත රවුම් රුද්‍රාක්ෂ ඇටය දිග අතට විහිදුණු රේඛා කිහිපයකින් යුක්තය.

එකේ සිට විසි එක දක්වා මේ රේඛාවන් සහිත රුද්‍රාක්ෂ තිබේ. ඒවායේ මනුෂ්‍ය ශරීරය සමනය කිරීමේ ශක්තිය අපමණය. එහෙත් එක රේඛාවක් පමණක් සහිත 'ඒක මුඛී රුද්‍රාක්ෂ' යන්හි මහිමය අපමණය. ඉතාමත් දුර්ලභ වස්තුවක් වන මේ ඒක මුඛී රුද්‍රාක්ෂ මුළු විශ්වයෙහිම ඇත්තේ 64ක් පමණක් බවට මතයක් ඇත. එයින් 36ක්ම ඇත්තේ නේපාලයේ රාජ්‍ය භාණ්ඩාගාරයේ බවත් කියැවේ. සෙසු ඒවා මහා යෝගී සෘෂිවරයන් වෙත තිබේ. මේ ආශ්චර්යාත්මක අද්භූත රුද්‍රාක්ෂයක් වතුර වීදුරුවකට දැමූ කල්හි එය ළිප තැබූ කලක මෙන් උතුරන්නට පටන් ගන්නා බවත් කියැවේ. තඹ මුදු දෙකක් මැද තැබූ විට නූල් පන්දුවක් මෙන් කැරකෙන බවටත් කියැවේ.

"ශ්වෙතාකී" යනු රාජස්ථානයේ වැවෙන 'ආක්' හෙවත් 'ආකාඩා' නමැති පැළෑටියකි. තාංත්‍රික ග්‍රන්ථයන්හි මෙය 'අකි' නම් වෙයි. ඉතාම කලාතුරකින් සුදුපාට කොළ සහිත අකි පැළද හමුවේ. මේ 'ශ්වෙතාකී' පැළවල නිල්පාට මල් ඇත. ලක්ෂයකට දෙකකට එකක සුදුපාට මල් පිපේ. මේ සුදුමල් හා සුදුකොළ සහිත ශ්වෙතැකී පැළයේ මුලෙහි දක්ෂිණාවෘත සො¼ඩ සහිත ගණ දෙවිරුවක් අංකිතව ඇති බැව් සඳහන්ය. ස්වභාව ධර්මයෙහි හාස්කමක් හැටියට සලකන මෙවන් ශ්වෙතැකී මුලක් පූජා කක්ෂයෙහි තිබේ නම් එහිමියා ධන කුවේරයෙකි. සෘද්ධි, සිද්ධි, ධන නිධානයක් වන මෙය යම් ගෘහයක වෙතොත් එය ධන ලක්ෂ්මියගේ නිවහන යැයි පිළිගැනෙයි.
'ඒකාක්ෂි පොල්ගෙඩිය'ද වටිනා එකකි. මෙම ගෙඩියෙහි මුඩ්ඩ ඉවත් කළ විට එහි දැක්වෙන සලකුණු දෙකක් 'ඇස්' හා එකක් 'නාසය' හැටියටත් විශ්වාස කරති. ඇතැම් පොල් ගෙඩියක පැහැදිලිවම එක ඇසක ලාංඡනයක් දැකිය හැකිය. එයට 'ඒකාක්ෂි' යැයි කියති. මෙවන් පොල් ගෙඩියක් පූජා කක්ෂයෙහි තිබේ නම් මහත් ඵලදායක බව හින්දුන්ගේ විශ්වාසයයි.

'හත්තා ජෝඩු' තවත් වටිනා දෙයකි. මධ්‍ය ප්‍රදේශයේ 'අමර කංඨක' වනයෙහි වැවෙන 'විරූපා' නමැති පැළෑටියකි. මේවායේ ආස්මී දෙකක් වැනි මුල් පහුරු දෙකක් දක්නට ලැබේ. නළ දෙකක් වැනි මුල් දෙකකින් මේවා එකිනෙක සම්බන්ධව පවතී. මේ මුල් දෙක මුදුනෙහි ඇඟිලි පහක සලකුණක් වැනි නිර්මාණයක් ඇත. ඉරිදා දිනයක ගලවා ගනු ලබන මේ මුල් ප්‍රවේශමෙන් ගලවා තෙල් භාජනයක දමනු ලැබේ. 'හත්තාජෝඩුව' නමින් හඳුන්වනු ලබන මේ මුල් දින පහළොවක් ඇතුළතදී තල තෙල් කිලෝ 1/2ක් උරා ගන්නවත් හැර උරාගත් තෙල් ස්වයං ජීර්ණය කරගනී. තාන්ත්‍රික කාර්යයන්හිදී මේවා මහත් සේ ප්‍රයෝජනවත් යැයි පැවැසේ.

දෝන ගිරිහි 'ශාතවර්පත්‍ර' ද තවත් වටිනාම දෙයකි. මහා 'බජරංග බලි' හෙවත් 'බැලවාන් සාධනයෙහි' යෙදෙන භක්තිමතුන්ගේ ආධ්‍යාත්මීය සංකේතය හනුමාන්ය. ද්‍රෝනගිරි මහා වනාන්තරයෙහි වැවෙන එක්තරා පැළෑටි වර්ගයකි. ඉතාම අල්ප වශයෙන් වැවෙන මෙය සෙ.මීටර් 152ක් පමණ උසට වැඩුණු පසු එහි කොළ හට ගනී. සෙ.මී. 10ක් පමණ පළල සෙ.මී. 15.2 දිග නුග කොළයක හැඩය ගත් මේ කොළ අඳුරු නිල් පැහැයට හුරුය. මේ හැම කොළයකම දෝන පර්වතය උසුලාගත් හනුමාන්ගේ ස්වරූපය අංකිතව ඇති බැව් විශ්වාසයයි. මාස ගණනක් වතුර භාජනයක දමා තැබුවද මේ චිත්‍ර නොමැකෙන බවත් විශ්වාසයයි. මසුරිනි 'ලාල් සිබිබා' ප්‍රදේශයේ 'පාගල් බාබා' නමැති ප්‍රකට සාධුවරයා 'ශතාවර් පත්' උපයෝගි කරගෙන හනුමාන් භක්තියෙහි බලය ප්‍රාප්ත කළ කෙනකැයි කියැවේ.

'කළු කහ' ද වටිනාම දෙයකි. මධ්‍ය ප්‍රදේශයේ 'මංඩලා' හි පමණක් කලාතුරකින් හමුවන කළු කහ මෙවැනි දුර්ලභ වස්තූන් ගණයට වැටේ. ඔෟෂධීයමය මහඟු ගුණයක් ඇති මෙය උරගා තේ හැන්දක් බැගින් දිනපතා වැළඳීමෙන් සතියකදී කොතරම් පැරැණි හෝ ඇදුම රෝගයක් වේ නම් එය නිට්ටාවටම සුවවන බැව් කියැවේ. සිද්ධි ක්‍ෂේත්‍රයෙහි සාධුවරුන් විසින් භාවිත කරනු ලැබූ මෙම ඔෟෂධය දැන් ඉතා ශීඝ්‍රයෙන් වඳ වෙමින් පවතින්නකි.

සමුදායෙහි 'මීනමුක්ත' ද වටිනා දෙයකි. උකත්ථා නමැති සමුද්‍රයෙහි ජීවත්වන මාළුවකුගේ හිසෙහි ඇති මුතු විශේෂයක්ද තාංත්‍රික කර්මයෙහි ප්‍රමුඛස්ථානයක් ගනී. ගම්මිරිස් ඇට තරම් වූ දුඹුරුපාට මේ මුතු ද දුර්ලභ වස්තුවක් හෙයින් අමිල ධනයන්ගේ ගණයට අයත් යැයි සඳහන් වේ.

උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි

More News »