නව වසර රටට කෙසේ බලපායිද?

2018-12-31 09:21:00       586
feature-top
නව වසර උදාවීමට ඇත්තේ  සුළු කාලයකි. නව වසර ආරම්භ වීමත් සමඟ රටේ ග‍්‍රහ ගෝචරය පවතින්නේ පහත ආකාරයටය. එනම් සඳු තුලා රාශියේත්, රවි ධනු රාශියේත්, බුධ වෘශ්චික රාශියේත්, සිකුරු තුලා රාශියේත්, කුජ මීන රාශියේත්, ගුරු වෘශ්චිකයේත්, ශනි ධනු රාශියේත්, රාහු ග‍්‍රහයා කටකයේත්, කේතු මකරයේත් පිහිටයි. රාහු හා කේතුගේ බලවත්වීම මත පසුගිය වසරට සාපේක්‍ෂව මෙම වසර යහපත් වේ.
 
 තවද මෙම වසර කාලය තුළ සූර්යග‍්‍රහණ දෙකක් හා චන්‍ද්‍රග‍්‍රහණ දෙකක් සිදුවන අතර මාර්තු 29 වන දින බ‍්‍රහස්පති ග‍්‍රහයා ධනු රාශියටත්, අපේ‍්‍රල් 23 වන දින බ‍්‍රහස්පති වෘශ්චික රාශියටත්, නොවැම්බර් 4 වන දින නැවත ධනු රාශියටත් මාරු වේ. සෙනසුරු ග‍්‍රහයාගේ කිසිදු වෙනසක් සිදු නොවී ධනු රාශියේම සිටි. මෙම ග‍්‍රහ බල හා භාව බල තත්ත්වයන් ශ‍්‍රී ලංකා කේන්‍ද්‍රයට හා විශ්ව කේන්ද්‍රයට බලපාන අයුරු පරීක්‍ෂා කර බලන විට පසුගිය වසරට සාපේක්‍ෂව 2019 නව වසර ශුභවාදී ග‍්‍රහ බලයක් පෙන්නුම් කරයි.
 
 ශ‍්‍රී ලංකා කේන්ද්‍රයේ සෙනසුරු හා ගුරු ග‍්‍රහයන් දෙදෙනා වැඩි කාලයක් 11 වැන්නේ ගෝචර වීම නිසා රටේ ආර්ථික ශුභසිද්ධිය වැඩිවන අතර, විදේශ රටවල් ගණනාවකින් ආධාර උපකාර ලබාගත හැකි වේ. රට තුළට නව ආයෝජන ගලා එන අතර සංචාරක ව්‍යාපාරයේ කැපී පෙනෙන ප‍්‍රවර්ධනයක් දැකිය හැකි වේ. පොදුවේ ගත් කල රටවැසියන්ගේ ආදායම් තත්ත්වය උසස් මට්ටමකට පැමිණේ. සේවා වියුක්තිය අවම වී නව රැුකියා උත්පාදනය වේ. නව නිපැයුම් බිහි වේ. සම්පත් උපයෝජනය වැඩි වී නව කර්මාන්ත බිහි වේ.
 
 රටේ කෘෂිකර්මාන්තයේ ද කැපී පෙනෙන දියුණුවක් ඇතිවන අතර, වගා කටයුතු අති සාර්ථක වී ආහාර සුලභ වන අතර ජනතාවට සහන ලැබේ. කාලගුණික හා දේශගුණික වෙනස්වීම මත ගංවතුර තත්ත්වයන් හා නියඟ තත්ත්වයන් නිසා ජීවිත හානි හා වසංගත රෝග තත්ත්වයන් හා සොයාගැනීමට නොහැකි රෝග පීඩා තත්ත්වයන් ද ඇති වේ.
 
 ලංකා කේන්ද්‍රයේ රවි 3 වැන්නේ සිටීමත්, සංවත්සර කේන්ද්‍රයේ රවි ග‍්‍රහයා 11 වැන්නේ සිටීමත් නිසා රටේ දේශපාලනික වශයෙන් ස්ථාවරත්වයක් ඇති වන අතර, පාලකයන් අතර විශ්වාසය හා සාමය ගොඩනැෙඟ්. රාජ්‍ය බලය ස්ථාවර වේ. ආරක්‍ෂක හා නීතිය බලවත් වේ. මාර්තු මාසයෙන් පසු රටේ වැඩ වර්ජන හා උද්ඝෝෂණ වැනි නොසන්සුන්තා ඇතිවන අතර, ඒවා මගින් සිදුවන අපහසුතා අවම කර ගෙන ඒවා මැඬපවත්වා ගැනීමට හැකියාව ලැබේ. සාමාන්‍ය පොදු ජනතාවගේ දෛනික වැඩකටයුතු වලට සහනය සැලසේ.
 
 රටේ මත් උවදුර වැඩිවන අතර, මනස විකෘති වීමෙන් නොයෙකුත් අපචාර හා ¥ෂණ දිනෙන් දින ඉහළ යයි. නොයෙකුත් නොහොබිනා මිනිස් ක‍්‍රියාකාරකම් නිරන්තරයෙන්ම අසන්නට ලැබේ. බිය, සැක නොමැතිව මිනී මැරුම් හා මංකොල්ලකෑම් වැඩි වෙයි. රටේ කැපි පෙනෙන සදාචාරාත්මක පිරිහීමක් දක්නට ලැබේ. නමුත් ධනුවේ ගුරු බලවත් වීම මත රටේ වැඩි දෙනකුගේ යහපත් ආකල්ප, ගුණධර්ම වර්ධනය වේ. ධර්මයට නැඹුරු වූ පිරිස් බහුලව දක්නට ලැබේ. සාධාරණ හා යුක්තිගරුක පුද්ගලයන් අතර නව පිබිදීමක් ඇතිවන අතර, අයුක්තිය හා අසාධාරණය හෙළා දකියි. අධ්‍යාත්මික වශයෙන් රටේ දියුණුවක් දක්නට ලැබෙන අතර, ස්වයං විනය පාලනයක් පෙර වර්ෂයට සාපේක්‍ෂව නව වර්ෂයේ දක්නට ලැබේ.
 
 නව වසර තුළ අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය තුළ දියුණුවක් පෙන්නුම් නොකරයි. විටින් විට අර්බුදකාරී තත්ත්වයක් ඇති වීමට ඉඩකඩ පවතී. නමුත් සෞඛ්‍ය අංශයේ දැනට වඩා විශාල දියුණුවක් ඇතිවන අතර, මෙම වර්ෂය තුළ රටට වැඩදායී පුද්ගලයන් බිහිවන විශේෂ දරු උපත් සිදු වේ.
 
 විශේෂයෙන් මෙම වසර කුඩා ළමයින්ට හදිසි අනතුරු හා විපත් ඇතිවීමට තිබෙන බැවින් තම දරුවන් සඳහා දෙමාපියන්ගේ විශේෂ අවධානය යොමු කළ යුතු වසරක් වේ. මීට අමතරව තම දරුවන්ව ආගමානුකූලව හා සදාචාරාත්මකව ජීවත්වීමට මාර්ගය සලසා දිය යුතු වේ.
 
 සියලූ දෙනාගේම ගුණදම් වඩන, යහපත් ආකල්ප වර්ධනය වන සාමය හා සමගිය පිරි සුභ නව වසරක් වේවා.
 
 විද්‍යාවේදී ජ්‍යොතිෂවේදී  ගෝඨාභය මුදලිගේ



උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »