සම්මත වර්ෂයේ මුල්ම ග‍්‍රහ මාරුව මෙන්න - ලග්න රැසකට සුබයි

2019-01-10 11:02:00       557
feature-top
ජ්‍යොතිෂයට අනුව නම් 2019 කියල අවුරුද්දක් නැහැ. ඒක සම්මත වර්ෂයක්. ඒ උනත් මේ සම්මත රාජ්‍ය වර්ෂයෙදීත් හැමෝම කල්පනා කරනව උදාවෙන වසර සුබද? අසුබද? ලග්නෙට කොහොමද? එහෙම කියල. ජ්‍යොතිෂයට අනුව සූර්යයාගේත් පෘථිවියේත් චලිතය අනුව තමා වර්ෂයක් කියන්නෙ. අපේ‍්‍රල් 14 වැනිදාට අභිනව සූර්ය වර්ෂය උදාවෙනවා.
 
 ඉතිං ජනජ්‍යොතිෂයට අනුව නම් 2019 කියල අවුරුද්දක් නැහැ. ඒක සම්මත වර්ෂයක්. ඒ උනත් මේ සම්මත රාජ්‍ය වර්ෂයෙදීත් වාරි පළවෙනිදම ග‍්‍රහයො දෙන්නෙක් තමන්ගෙ රාශි මාරු කිරීම සිදුවෙනවා. ඒ තමයි බුධ සහ සිකුරු කියන ග‍්‍රහයින්. බුධ ග‍්‍රහයා මෙතෙක් ගමන්කළ වෘශ්චික රාශියෙ ඉඳල ධනු රාශියට මාරු වෙනවා. සිකුරු ග‍්‍රහයා තුලා රාශියෙ ඉඳල වෘශ්චික රාශියට මාරුවෙනවා. බුධ සිකුරු මාරුව උදාවන වසරේ රටටත් ඔබටත් සංඥාකරන්නේ මොකක්ද කියල සාකච්ඡුා කරන්නයි මේ ලිපියෙන් උත්සාහ කරන්නේ.
 
 බුධට කියන්නේ ග‍්‍රහලොවේ රාජ්‍ය ලේකම් කියලයි. රාජ්‍ය ලේකම් මාරුවෙන්නේ ග‍්‍රහලොවේ පුරෝහිත කියල හඳුන්වන බ‍්‍රහස්පතිට නැත්නම් ගුරුට අයත් ධනු රාශියටයි. මේක බුද්ධියේත් ප‍්‍රඥාවේත් සංයෝගයක් බවයි පේන්නේ. ජනවාරි 20 දක්වා බුධ ග‍්‍රහයා ධනු රාශියේ ගමන් කරනවා. ධනු රාශිය විශ්ව කේන්ද්‍රයේ භාග්‍යස්ථානයටත් ශ‍්‍රී ලංකාව හිමි කුම්භ ලග්නයේ අයස්ථානයටත් ඇතුලත් වෙනවා. ඉතිං මේ තත්ත්වය ලෝකයටත් ශ‍්‍රී ලංකාවේ බුද්ධිමතුන්ටත් සුබදායක බව පේනවා. ඉතිං ඉදිරි සති තුන ඇතුලත නීතිඥයින් නිවේදකයින්, කථිකයින්, ශිෂ්‍යශිෂ්‍යාවන්, සැලසුම් ශිල්පීන්, ලේකම් තනතුරු දරන්නන්, ලේඛකයින් වගේ රැුකියාවල නියුතු අයට විශේෂ සුබදායක තත්ත්වයක් ඇති කරන බව පේනවා. පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සුබ වගේම පිංවත් දරුවන්ගේ පිළිසිඳ ගැනීම්ද සිදුවේවි. පාලන පක්‍ෂයේ උදවිය උනත් ගිය අවුරුද්දේ ඉගෙන ගත් පාඩම් බුද්ධිමත්ව විමසා බලා තීරණ ගන්න පෙළඹෙන බව පේනවා. ලෝකය පුරා විසිරී සිටින බුද්ධිමතුන් අතරත් කැපී පෙනෙන දේවල්, මේ කාලෙ අහන්න දකින්න ලැබේවි.
 
 සිකුරු ග‍්‍රහයාගේ මාරුවත් විශේෂ බලපෑමක් ඇතිකරන බව පේනවා. මෙතෙක් ගමන් කළ තුලා රාශියේ සිට වෘශ්චික රාශියටයි මාරුවෙන්නේ. වෘශ්චික කියන්නේ ග‍්‍රහලොවේ සෙන්පති කියන කුජ හෙවත් අඟහරුට අයිති රාශියක්. දැනට ගුරු ග‍්‍රහයාත් වෘශ්චිකයේ ගමන් කරනවා. ජනවාරි 29 දා දක්වා ගුරු සමග සිකුරු ගමන් කරන නිසා බොහෝදුරට සුබපල දායක තත්ත්වයක් ඇතිවිය හැකියි.
 
 මේ කාලය තුළ විශේෂයෙන් කලාශිල්පීන්ට සුබපල දායකයි. කාන්තාවන්ට, නළු නිළියන්ට, ව්‍යාපාරිකයන්ට, සිනමා චිත‍්‍රපට හා රූපවාහිනි ක්‍ෂේත‍්‍රවල නියැලූන අයට, ගායක ගායිකාවන්ට සුබපල උදා කරනවා. දක්‍ෂ කලාකරුවන් ඇගයීමට ලක්වේවි. ඒ වගේම වැදගත් කලානිර්මාණ බිහිවෙන කාලයක්. නව නිර්මාණ ආරම්භ කෙරෙන බවත් පෙනෙනවා.
 
 මල් වගාව කරන අයටත් පලතුරු ව්‍යාපාර වල නියැළෙන ව්‍යාපාරිකයන්ටත් මේ කාලය සුබයි. පලතුරු මිල පහල යාමක්ද අපේක්‍ෂා කරන්න පුළුවනි. දෙහි, දොඩම්, දෙළුම් වැනි ඇඹුල් පළතුරු වර්ග වගා කරන අයට සුබයි. සිනමා ශාලා, රංග ශාලා ආදියේ දියුණුවට නව වැඩපිළිවෙලක් දියත් විය හැකියි. මේ ග‍්‍රහමාරුව ඒ ඒ ලග්නවලින් උපන් අයට බලපානේනේ මෙහෙමයි.
 
 මේෂ
 
 මේෂ ලග්න හිමියන්ගේ නම් ගුරු සිකුරු දෙදෙනාම අටවැන්නේ ගමන් කිරීම ඒ තරම් සුබපල දායක බවක් පේන්නේ නෑ. විවාහ සහකරුටත් තරමක බාධා ඇති කරන බව පේනවා. විවාහ මංගල යෝජනා පිළිබඳ කටයුතු වලටත් සුබකාලයක් නොවේ. හවුල් ව්‍යාපාර වලට තරමක බාධා හෝ හවුන්කරුවන් අමනාපවීම වැනි අපල ඇතිවිය හැකියි. කාර්ය බහුල බව ඉහළ යයි.
 
 ඒ උනත් බුධ රවි සමග නමයේ ගෝචරව ගමන් කිරීම සුබදායකයි. උසස් අධ්‍යාපන කටයුතු වල යෙදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙයි. විදේශ අධ්‍යාපනයන් ලැබීමට බලාපොරොත්තුවක් තිබුණ නම් ඒකත් ඉටුවෙයි. විදේශ ගමන්වලට සුබයි. ආගම දහමට හිත යොමුවෙයි.
 
 වෘෂභ
 
 වෘෂභ ලග්න හිමියන්ගේ ලග්නාධිපති සිකුරු පස්වැන්නේ ගමන් කිරීම සුබදායකයි. අඹු - සැමි සමගිය අළුත් වෙයි. අවිවාහක අයට මංගල යෝග උදාවෙයි. හවුල් ව්‍යාපාර වලින් සාර්ථක ප‍්‍රතිඵල ලැබෙයි. කරන කියන වැඩ වලට අනිත් අයගේ උදව් උපකාර ලැබෙයි.
 
 ඒ උනත් රවි ශනි බුධ යන ග‍්‍රහයින් අටවැන්නේ ගමන් කරන නිසා ඌෂ්ණාධික රෝගවලින් ප‍්‍රවේශම් වීමට සැලකිලිමත් වෙන්න. නීතිමය ගැටලූ වලට අහුවෙන්න පුළුවනි. අධ්‍යාපන කටයුතු වලටත් තරමක බාධා ඇති විය හැකි බව පේනවා. සෙනසුරු ඒරාෂ්ටක අපලයකුත් පවතින නිසා ග‍්‍රහ ශාන්තිකර්ම කරගන්න.
 
 මිථුන
 
 ඔබේ ව්‍යාපාර හෝ රැුකියා අංශවල සේවක සේවිකාවන්ගේ උදව් උපකාර නොඅඩුව ලබාගන්න පුළුවන් වේවි. රෝගාබාධ වලින් සුවය ලැබේවි. ණයමුදලක් ගන්න බලාපොරොත්තු වුණානම් ඒකටත් පහසුකම් ඇතිවෙයි. අසරණ සුරතල් සතුන් ගැන තියන කරුණාව ඉහල යයි. සේවක සුබසාධනය
 
 ගැන හිත යොමුවෙයි.
 
 මේ අතරෙ ලාභ අලාභ නොබලා අපක්‍ෂපාතී තීරණ ගන්නත් පෙළඹෙයි. අවිවාහක අයට මංගල යෝග උදාවෙයි. විවාහ සහකරුටත් සුබපලදායකයි. අසල්වාසීන් එක්ක තියන සුහදතාවය වැඩිවෙයි. රාජ්‍ය අංශයේ නීතියේ උදව් උපකාර ලැබෙයි. ගෙදර දියුණුවට කරන කටයුතු වලටත් අනිත් අයගේ උපකාර ලැබෙන කාලයක්.
 
 කටක
 
 කටක ලග්න හිමියන්ගේ පස්වැන්නට සිකුරු මාරුව සිදුවෙනවා. පෙම්වතුන්ට සුබපලදායකයි. අවිවාහක අයගේ මංගල යෝජනා ස්ථිර කරගන්නත්, මංගල කටයුතු වලටත් සුබකාලයක් බව පේනවා. කටක
 
 ලග්නය හිමි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙයි. කලා අංශවල
 
 ඉගෙනීම ලබන අයට විශේෂයෙන් සුබයි. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වෙයි. ව්‍යාපාර වලට මුදල් ආයෝජනය කිරීමෙන් ලාබ ලැබෙයි. ලොතරැුයි ජයක් ලැබෙන්නන් ඉඩ තියෙනවා. මේ අතරෙ උසස් අයගේ උදව් උපකාර ලැබෙයි. උත්සාහය උනන්දුව ඉහල යයි. අසනීප සුව අතට හැරෙයි.
 
 සිංහ
 
 සිංහ ලග්න හිමියන්ගේ ලග්නයෙන් හතරවැන්නට සිකුරුගේ මාරුවීම සුබපලදායකයි. ගෘහ නිර්මාණ කටයුතු වලට තිබුණු බාධා ඉවත් වෙයි. ගෙදරට අලූත්
 
 ගෘහභාණ්ඩ ගන්න හිත යොමුවෙයි. පවුලේ අයත් එක්ක සතුටින් කාලය ගත වෙන බවත් පේනවා. ගෙදර මුල්කරගෙන කරන වගා කටයුතු ස්වයං රැුකියා සාර්ථක වෙයි. ඒ
 
 වගේම විiාස්ථානය බලවත් නිසා අධ්‍යාපන කටයුතු වලටත් සුබපල දායකයි. විභාග වලින් සමත් වෙයි. අධ්‍යාපනයට තියන උනන්දුව ඉහල යයි. සිංහ හිමි මවුපියන්ටත් දරුවො
 
 ගැන හිතල සතුටුවෙන්න පුළුවන් කාලයක් බව පේනවා.
 
 කන්‍යා
 
 කන්‍යා ලග්න හිමියන්ට මිශ‍්‍රපල දායක බවක් පේනවා. සිකුරු ග‍්‍රහයා කේන්ද්‍රයේ තුන්වැන්නටත් බුධ හතරවැන්නටත් මාරුවෙනවා. උත්සාහය, උනන්දුව ධෛර්යය ඉහල යයි. අසල්වාසීන් සමග තිබෙන සබඳතා අලූත් වෙයි. ප‍්‍රයෝජනවත් ගමන් බිමන් යෙදෙයි. ලිපි ලේඛන කටයුතු කරන අයට සුබපලදායකයි. ගෘහ ජීවිතයටත් සුබපල පෙන්නනවා. ගෙදර දියුණුවට කරන කටයුතු ගැන උනන්දුව වැඩිවෙයි. සහෝදරයකු ගැන සතුටුදායක ආරංචි ලැබෙයි.
 
 තුලා
 
 ඔබේ ලග්නාධිපති සිකුරු සමග ගුරු දෙවැන්නේ ගමන් කරන නිසා උදාවන සති තුනක පමණ කාලය සුබපලදායක බව පේනවා. ආදායම් මාර්ග වල සතුටුදායක වර්ධනයක් දකින්න ලැබේවි. පවුලේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේවි. හිතේ සතුට සහනය ඇතිවේවි. අනාගතය ගැන වෙනදට වඩා හිතල බලල වැඩකරන කාලයක් බවත් පේනවා. ඒ වගේ උත්සාහය උනන්දුව ඉහල යයි. පොරොන්දු ගිවිසුම් වගේ දේවල් වලට අත්සන් කරන්නන් ගැලපෙන කාලයක්. උසස් අයගේ නීතිමය අංශ වල උදව් උපකාර ලැබෙන බව පේනවා.
 
 වෘශ්චික
 
 වෘශ්චික ලග්න හිමියන්ගේ විවාහයට අධිපති සිකුරු ග‍්‍රහයා මෙතෙක් ගමන් කළ දොළහේ සිට ලග්නයට මාරුවීම සුබයි. බිරිඳ හෝ සැමියා සමග තිබූ අමනාපයන් දුරුවෙලා යයි. ප‍්‍රමාදවෙමින් තිබූ විවාහ මංගල යෝජනා නැවත ඉදිරිපත් වෙයි. පෙම් සබඳතා වලට තිබූ බාධා ඉවත් වෙයි. ආයෝජන වලින් ලාබ ලැබෙයි. දරුවන්ගේ දියුණුවට කරන කටයුතුත් සාර්ථක වෙයි. වෘශ්චික හිමි ශිෂ්‍යයින්ගේ අධ්‍යාපන කටයුතු වලටත් සුබපලදායකයි. ආදායම් මාර්ග වලින් යහපත් තත්ත්වයන් පේනවා.
 
 ධනු
 
 ධනු ලග්න හිමියන්ගේ ලග්නයට බුධ ගේ පැමිණීම සිදුවෙනවා. අඹු - සැමි සබඳතා වල වර්ධනයක් ඇතිවෙයි. අවිවාහක අයට මංගල යෝග යෙදෙයි. අධ්‍යාපන කටයුතු වලටත් සුබපලදායකයි. ඒ වුනත් ලග්නාධිපති ගුරු සමග සිකුරු දොළහේ ගමන් කිරීම නිසා කාර්ය බහුල බව නම් ඉහල යන බව පේනවා. කලට වේලාවට ආහාර පාන, නින්ද පවා ලබාගන්න අපහසුවෙන බව පේනවා. මේ නිසා ශරීර සෞඛ්‍ය රැකගැනීම ගැන සැලකිලිමත්වීම වැදගත් බව මතක තබා ගන්න. සෙනසුරු ඒරාෂ්ඨක අපලයකුත් පවතින නිසා අසනීප ගැන නොසලකා ඉන්න එපා.
 
 මකර
 
 ඔබේ කේන්ද්‍රය ගුරු සමග සිකුරු එකොළහට පැමිණීම සුබයි. හිත මිතුරන් සමග සතුටින් කාලය ගකකරන්න ලැබෙයි. අලූතින් හොඳ යහළු යෙහෙළියන්
 
 හඳුනාගන්නත් ඉඩ ලැබෙන කාලයක් බව පේනවා. ආදායම් වල සතුටුදායක වර්ධනයක් බලාපොරොත්තුවෙන්න පුළුවනි. ඉගෙනීමේ යෙදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් සුබපලදායකයි. විශේෂයෙන් ඉංජිනේරු වෛi ශිෂ්‍යයන්ට සුබයි. කලා අංශවල ඉගෙනීම ලබන අයටත් තිබූ බාධා ඉවත් වෙයි. පෙම්වතුන්ටත් සුබදායක බව පෙනෙයි. විදේශ ගමනක් ගැන තිබූ බලාපොරොත්තු සාර්ථක වෙයි.
 
 කුම්භ
 
 කුම්භ ලග්න හිමියන්ගේ ලග්නයෙන් එකොළොස් වැන්නට බුධ මාරු වෙනවා. රවිත් සමග බුධ ගමන් කිරීම සුබයි. රැුකියා ව්‍යාපාර කටයුතු සාර්ථක වෙයි. සේවක පක්‍ෂයේ සහයෝගය වගේම උසස් අයගේ ආධාර උපකාරත් ලැබෙයි. තනතුරු වලත් උසස්වීමක් ලැබෙන්න ඉඩ තියෙනවා. හිතේ සතුට ඇතිවෙයි. ව්‍යාපාර සාර්ථක වෙයි. සතුටුදායක ගමන් බිමන් යෙදෙයි. ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක වෙයි. දරුවන්ගේ දියුණුව ගැන හිතල සතුටු වෙන්න හැකි වෙයි. අධ්‍යාපන අංශ වලත් ප‍්‍රගතියට කරුණු යෙදෙන බව පේනවා.
 
 මීන
 
 මෙතෙක් කාලයක් අටවැන්නේ ගමන් කළ සිකුරු නමයට මාරුවීම මීන ලග්න හිමියන්ට සුබපල උදාකරනවා. ආගම දහම වගේම සමාජ සේවා කටයුතු වලට හිත ඇදිල යයි. දුර වන්දනා ගමනක්, විනෝද ගමනක් යෙදෙන්නට ඉඩ තියෙනවා. අධ්‍යාපන කටයුතු වලට තිබුණු බාධා ඉවත් වෙයි. දරුවන් වෙනුවෙන් කරන දේවල් වලින් සාර්ථක ප‍්‍රතිඵල ලැබෙයි. ඔබ ගැන සමාජයේ තියෙන පිළිගැනීම ඉහල යයි. අළුත් තනතුරු ලැබෙන්නත් ඉඩ තියෙනවා. යටපත් වී තිබුණු වාසනාව උදාවෙන කාලයක් බව පේනවා.
 
 ඉතිං ඔබ සැමට උදාවූ නව වසර සියලූ සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත නව වසරක් වේවා.

උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »