උදාවන ග‍්‍රහ බලය හමුවේ ශී‍්‍ර ලංකාවට අලූත් නායකයෙක් බිහිවෙයිද?

2019-01-14 10:22:00       661
feature-top
ප‍්‍රශ්නය - ගතවූ දිනවල විශාල සමාජ පරිවර්තනයන් වන බව ඔබ ‘නැකත’ මගින් මාස දෙකකට පමණ පෙර පැවසුවා. අද පවතින තත්ත්වය ජ්‍යොතිෂය අනුව ඔබ දකින්නෙ කොහෙමද?

පිළිතුර - ඒ අනාවැකිය කීවේ ග‍්‍රහ මාරු දෙකත් පදනම් කරගෙනයි. ගිය අවුරුද්දෙ ඔක්තෝබර් 11 ගුරු වෘශ්චික රාශි ගත වුණා. අනික ශී‍්‍ර ලංකාව හිමි කුම්භ ලග්නෙ අධිපති සෙනසුරු ධනු රාශියේ ගමන් කළා. මේ ග‍්‍රහචාරයන් මීට පෙර අවස්ථාවලත් ලංකාවේ රජය තුළ විශාල කැළඹීම් ඇති කරලා තියනවා. තවමත් මේ ග‍්‍රහයෝ දෙන්න මාරු වෙලා නෑ. මීට අමතරව රාහු ලංකා කේන්ද්‍රයේ සතුරු ස්ථානයේ ගමන් කරනවා.

ප‍්‍රශ්නය - උදාවුණු 2019 වසර ගැන ඔබේ අදහස මොකක්ද? පොදු ජනතාවට හිතකර වාතාවරණයක් රටේ ඇති වෙයිද?

පිළිතුර - මාර්තු 29 ත් අපේ‍්‍රල් 23 අතර කාලය ජනතාවට යම් සහනයක් බලාපොරොත්තු වෙන්න පුළුවනි. ඒ කාලේ රාජ්‍ය ආදායම් වුණත් තරමක සතුටුදායක තත්ත්වයන් ඇති වේවි. විශේෂයෙන්ම දරුවන්ටත්, ශිෂ්‍යයන්ටත් සුබ කාලයක් වෙයි. ඒ වුණත් ජනවාරි 15 - පෙබරවාරි 15 අතර කාලය විවිධ ගැටලූ ඇති වන බව පේනවා. පාලන පක්ෂයට තරමක බාධා ඇති කරන බවයි පේන්නේ. මේ හැර විදුලිය, ගින්දර වගේ දේකින් අනතුරු සිදු වෙන කාලයක් වෙන්නත් පුළුවනි. මේ කාලය රාජ්‍ය වියදම් ඉහළ යන බවත් පේනවා. විදේශ රටවල මැදිහත්වීම් නිසා රටට තරමක අනවශ්‍ය ගැටලූ මතුු වෙන්නත් පුළුවනි. අපේ‍්‍රල් මාසේ සිංහල අලූත් අවුරුද්ද උදා වෙලා මැයි 10 වෙනකන්ම කලා ශිල්පීන්ට සුබදායකයි. ජනවාරි මාසයත් කලාකරුවන්ට සුබදායක බව පේනවා. කලාකරුවන්ගේ වටිනාකම් රටට දැනෙන කාලයක් වෙයි. ඒ වගේ ශනි බලවත්ව ගමන් කරන නිසා ගොවීන්, කම්කරුවන් වගේ පොදු ජනතාව බලවත් වෙන කාලයක් බව පේනවා.

ප‍්‍රශ්නය - මේ අවුරුද්ද මැතිවරණ වර්ෂයක් බව පේනවා. මේ පිළිබඳව මොකද කියන්නෙ?

පිළිතුර - ජ්‍යොතිෂය පිළිබඳව මේ වගේ සාකච්ඡුාවල විතරක් නෙවෙයි. මාධ්‍ය තුළ දේශපාලනඥයින් වෙනුවෙන් මේ තරම් කාලයක් වැය කරන්නේ ඇයි ද යන්න මට නම් ප‍්‍රශ්නයක්. බලයට එන අය බලය නැති වෙන අය ගැන අනාවැකි කියවෙනවා. මේ අනාවැකි කියන සමහර අයට තමන් ජ්‍යොතීර්වේදීන් බවත් අමතක වෙලා. ජ්‍යොතිෂය කියන්නේ හිත දියුණු කරපු සෘෂිවරුන් වගේ උතුම් අය ලෝකයට බිහි කරපු විශිෂ්ට ශාස්ත‍්‍රයක්. අද ඒක දේශපාලනය නිසා හෑල්ලූවට ලක් වෙලා. එකම ශාස්ත‍්‍රයකින් දෙවිධියකට අනාවැකි කියන්නේ් වෙන මොකවත් නිසා නෙවෙයි පක්ෂපාතීත්වය නිසයි. මම ඔබේ ප‍්‍රශ්නය ගැන අමතක කරලා වෙන වෙන දේවල් කියනවා කියලා හිතන්න එපා. 1948 ඉඳලා අද වෙනකොටමේ රට පත් වෙලා කියන තත්ත්වයන් වෙන රටවල්වල තත්ත්වයන් විමසා බලන්න කාලය ඇවිත්.

n5 4කොහොම වුණත් පවතින ග‍්‍රහචාරය නිසා ඉදිරියේදී අනිවාර්යයෙන්ම පෙරළි රැුසක් සිද්ධ වේවි. 2019 වසර ශී‍්‍ර ලංකාවට ශුභවාදී පෙරළි ඇති කරන වර්ෂයක් බවත් පේනවා. ජනතාවට ශුභවාදී තත්ත්වයකට හැරෙයි. 2020 ජනවාරි දක්වාම මේ තත්ත්වය බලාපොරොත්තු වෙන්න පුළුවනි.

ප‍්‍රශ්නය - රුපියල අවප‍්‍රමාණයවීම රටේ ආර්ථිකය පිළිබඳව තත්ත්වය ජ්‍යොතිෂය අනුව ඔබ දකින්නේ කෙසේද?

පිළිතුර - උදාවන සූර්ය වර්ෂය 2019 අපේ‍්‍රල් 14 වැනිදා ආරම්භ වෙනවා. මෙයින් පෙන්වන්නේ රාජ්‍ය ආදායම්වලට බරපතළ ගැටලූ ඇති විය හැකි බවයි. බලාපොරොත්තු වුණාට වඩා වියදම් ඉහළ යනවා. විදේශ ආයෝජන පහළ යන්න ඉඩ තියනවා. මේ නිසා රුපියල පහළ යෑමත් ආර්ථිකයට බාධා ඇති වීමත් තමයි ග‍්‍රහචාරය පෙන්වන්නේ. මේ අතරේ රටේ නමගිය ව්‍යාපාරයක කඩා වැටීමක් මේ වසරේ දකින්න ලැබෙනවා. පලතුරු නිෂ්පාදකයන්ට පලිබෝධ තර්ජනයකුත් පේනවා.

ප‍්‍රශ්නය - පලතුරු විතරක් නොවේ. කෘෂි කර්මාන්තයට ගොවි නැකැත් අනුගමනය කිරීම අතීතයේ නම් බහුලව තිබුණ බව පේනවා. අද කෘෂිකර්මයට අමුතුම ගැටලූ මතු වෙලා. ඌරන්, රිලවුන්, පලිබෝධ වගේ දහසක් ප‍්‍රශ්න මේවාට ජ්‍යොතිෂයෙන් විසඳුමක් දෙන්න පුළුවන්ද?

පිළිතුර - ඔබ අහල තියනවා ශී‍්‍ර ලංකාවට කීවේ පෙරදිග ලෝකයේ ධන්‍යාගාරය කියලා. ඒ කියන්නෙ පෙරදිග තිබුණු ගොවිතැනින් සශී‍්‍රකම රට, ප‍්‍රධාන රැුකියාව වුණෙත්

ගොවිතැන. අනිත් අතට මීට වඩා අලි ඇතුන්, ඌරන් ඒ කාලේ ඉඳලා තියනවා. ඉන්දියාවට වඩා ලස්සන අලි ඇතුන් ලංකාවේ හිටිය බවට ඉතිහාසය සාක්ෂි දරනවා. ඉතින් එදා අලි ඇතුන් වගාවට හානි කළේ නැත්තෙ ඇයි? ඌරන්ගෙන් පලිබෝධවලින් හානි වුණේ නැත්තෙ ඇයි?

ඒ කාලේ භාවිතා කළේ් පිරිත, නැකත සහ කෙම් ක‍්‍රම වගේ දේවල්. මේ ගුප්ත විiාව නිසා වගාවට හානිකර සතුන් ආවේ නෑ. එදා වැට බැන්දෙ නැකතට. සීසෑම ගොයම් සිටුවීම, කැපීම විතරක් නෙවෙයි අස්වැන්න් තැන්පත් කළෙත් නැකතට. නැකතට හදපු වැටවල් කඩාගෙන සත්තු ආවේ නෑ. මේක අපේ පැරණි ගැමියෝ පවා දන්නවා.

ප‍්‍රශ්නය - නමුත් නවීන විiාව ඉතා දියුණු යුගයක් උදා වෙලා තියෙද්දි අපි තවමත් යල්පැනපු පරණ ක‍්‍රමවලට යා යුතුද?

පිළිතුර - ඉතින් නවීන ක‍්‍රම හොඳ නම් ප‍්‍රතිඵල පේන්න එපායැ. එහෙම නැහැනේ. එදා පොහොරවලට සත පහක්වත් වියදම් වුණේ නෑ. අද රසායනික පොහොර දාන්න ඕන. එදා වසවිස වල්නාශක පලිබෝධ නාශක නැහැ. අද ඒවාට දහස් ගණන් ගෙවන්න වෙලා. ඉතින් මිනිස්සු කරන්නෙ ගොවිතැන අත්හරින එකයි. පුරන් වෙච්ච කුඹුරු කොච්චර නම් අපේ ගම්වල තියනවද? ගොවියන්ට වියදම දරන්න බෑ. ඉතින් අත්හරිනවා.

දැන් බලන්න මහජන සෞඛ්‍ය ගැන. සෞඛ්‍ය පහසුකම් දියුණු වීම හොඳයි. ආරෝග්‍යශාලා, වෛiවරු, හෙදියෝ ඖෂධ වෙළෙඳසැල් වැඩි වෙලා. ඒ වුණත් ආයුෂ වැඩි වෙලා තියනවද? ලෙඩ අඩු වෙලා තියනවද? ඒ වෙනුවටඅද ඉස්සර නොතිබුණු ලෙඩත් තියනවා. වකුගඩු රෝග, පිළිකා මේ තරම් තිබුණේ නෑ. හෘදයාබාධ, දියවැඩියාව බහුලයි. ඉතින් සෞඛ්‍ය අංශවල දියුණුව මොකක්ද?

වෙනස මේකයි. කෘෂිකර්මයටත්, රෝග නිවරණයටත් ජ්‍යොතිෂය භාවිතා කළා.

රෝගයක හේතුවට ග‍්‍රහ අපල තියනවද කියලත් බැලූවා. ඒ වගේම වසවිස නැති දේශීය ඖෂධ භාවිතා කළා.

වගාවට පළු කරනවා කියලා සත්තු මැරුවේ. නෑ. වසවිස ඉහලා සත්ව ඝාතනය කළේ නෑ. කොහොම බැලූවත් ඝාතනය කියන්නෙ වැරදි දෙයක්. ඝාතනය නිසා නැති ප‍්‍රශ්න උදා වුණා. වල්නාශක භූගත ජලයට එකතු වෙලා මිනිසුන්ගේ වකුගඩු රෝගී වුණා කියන එක අද කවුරුත් දන්න දෙයක්.

හැබැයි ඉතා දියුණුයි කියන ජර්මනිය වැනි රටවල පවා ග‍්‍රහචාරය විශේෂයෙන් චන්ද්‍රයාගේ ගමන පදනම් කරගෙන හදපු ගොවිලිත් රාජ්‍ය අනුග‍්‍රහයෙන් භාවිතා කෙරෙනවා. ආයමත් පිරිත, නැකත කෙම් ක‍්‍රම වගේ්ම සාම්ප‍්‍රදායික ගොවිතැන් ක‍්‍රමවලට යන්න වෙයි.

ප‍්‍රශ්නය - මේ දිනවල වෙනත් මාධ්‍යවල පඵළ වුණා අලූත් නායකයෙක් බිහි වෙන බව. මේ අලූත් නායකයා ඉතා දක්ෂ, ධාර්මික බවත් මෙයින් ශී‍්‍ර ලංකාව ලෝකයේ බලවත් රාජ්‍යයක් වෙන බවත් අපේ ආයුෂ වසර 200 දක්වා ඉහළ යන බවත්. මේ ගැන ඔබේ අදහස මොකක්ද? ලංකාවට අලූත් නායකයෙක් බිහි වෙනවද?

පිළිතුර - ඔය වගේම නේ 2012 ලෝක විනාශයත් වෙනවා කීවෙ. එහෙම වෙන්නෙ නෑ කියලා අපිනේ නැකත අතිරේකයෙන් කීවෙ. ඒ වගේම තමා මේකත්. මිනිස්සු සුරංගනා ලෝක මවනවා. ඉදිරියේ බිහිවෙන්නෙ නම් අලූත් නායකයෙක් තමා. ඒ වුණත් ඔය වාර්තාවේ විදිහට මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 200 වෙන්නෙ නෑ. ඒක බරපතළ මිත්‍යාවක්. බොහොම කලාතුරකින් 120 වඩා ජීවත් වෙන කෙනෙක් ගැන අහන්න ලැබෙයි. ඒ වුණත් මේක ‘කලියුගය.’ කලියුගයේ වයස අවුරුදු එකසිය විස්සයි. බොහොම දෙනෙක් ජීවත් වෙන්නෙ 120 වඩා අඩු කාලයක්.

අතීතෙ මිනිස්සු අවුරුදු ලක්ෂයක් ආයුෂ වින්දා. ඒ කියන්නෙ ‘කෘත යුගය’ ඊට පස්සෙ දහදාහට අඩු වුණා. ඒ ‘නෙ‍්‍රතා යුගය’ ඊට පස්සෙ දාහට අඩු වුණා. ඒක ‘ද්වාපර යුගය’ දැන් එකසිය විස්සයි. මේ නම් කලියුගය.

ප‍්‍රශ්නය - මේ තත්ත්වය ටිකක්වත් හොඳ අතට හරවා ගන්න නම් මොකද කරන්න ඕනෑ?

පිළිතුර - ධාර්මික වෙන්න ඕනෑ. මුලින්ම රට පාලනය කරන අය ධාර්මික වෙන්න ඕනෑ. ඊට පස්සෙ ජනතාව. ධාර්මික කියන්නෙ විශේෂයෙන්ම පන්සිල් ආරක්ෂා කිරීම. ධාර්මික බව අඩු වෙන කොට අපරාධ ඉහළ යනවා. ගොවිතැන් පාළු වෙනවා. රෝගාබාධ වැඩි වෙනවා. ඉතින් රජු ධාර්මික නම් ඇමැතිවරු ධාර්මික වෙනවා. ඇමැතිවරු ධාර්මික නම් මන්තී‍්‍රවරු ධාර්මික වෙනවා. එතකොට ජනතාව ධාර්මික වෙනවා. පහළ ඉඳලා ඉහළට නෙවෙයි ඉහළ ඉඳලා පහළටයි හැදෙන්න ඕනෑ ‘රාජාභවතු ධම්මිකො’ කියන්නෙ ඒ පැතුමයි මෙහෙමයි බුද්ධ ධර්මය.

උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »