පියවි ඇසට නොපෙනෙන මොනවද මේ අමනුෂ්‍ය බලවේග

2019-01-15 10:53:00       662
feature-top
ආරූඪ වීම හෙවත් මායම් වීම නොදුටු කිසිවෙක් වර්තමාන සමාජයේ නැත. නගර ගම්දනව් සිසාරා ආරුඪයෙන් ශාස්ත‍්‍ර කියන ස්ථාන පැතිරී තිබේ. රත්තරන් ආභරණ කෙසේ වෙතත් විදුලි පන්දම, කුඩය, මල් පෝච්චිය නැති වුවත් පේනයක් ඇසීමට යෑම වැඩි දෙනාගේ සිරිතය.

ලක්දිව දේවාල පන්සල්හි දිනපතා ආරූඪයෙන් නටන දඟලන පේන කියන උදවියගෙන් අඩුවක් නැත.

බාල, තරුණ, මහලූ, ස්තී‍්‍ර, පුරුෂ භේදයකින් තොරව ආරූඪ වෙති. ශාස්ත‍්‍ර කියති.

මෙරට බොහෝ උගතුන්, දේශපාලකයන් මෙන්ම ඇතැම් භික්ෂුන් වහන්සේ ද පේන කියන හොඳ තැන් ඇත්දැයි විපරම් කර බලති. විමසති.

දිවයිනේ බොහෝ දේවාල තුළ ‘ආරූඪ වීම ශාස්ත‍්‍ර කීම තහනම්’ කියා බෝඞ් ගසා තිබේ. දෛනිකව පැවැත්වෙන පුද පූජා මෙන්ම වන්දනා බැතිමතුන්ට අවහිර බාධා ඇති වන නිසා එසේ කරන්නට ඇත.

කතරගම ඇතුළු දිවයිනේ ප‍්‍රධාන දේවාලයන්හි ඇසළ උත්සව පැවැත්වෙන කාලයට සතර දිග් භාගයෙන් දේව ගැතියන් එක් රොක් වන්නේ දහස් ගණනින්ය. ශාස්ත‍්‍ර කීමටත් විවිධ ශාන්ති කර්ම කර දීමටත් පේවී සිටින මොවුන් වාහනය කර ගනිමින් ඔවුන්ගේ මියගිය ඥාතිවරයන් ඔවුන් මෙහෙයවන බව දැක ගන්නට තිබේ.

තවත් පිරිසක් ආරූඪ කාරයන් අනුකරණය කරමින් ව්‍යාජ ලෙස හැසිරෙන්නටත්, නොයෙක් විකාර කරමින් හිතේ ඇති දේ කි‍්‍රයාවට නඟන්නටත් බොරු සාස්තර කියමින් මිනිසුන් මුලා කරන්නටත් දරන උත්සාහය අප දැක තිබේ.

භූත ආරූඪ දරන දේවාල පවත්වාගෙන යන ස්තී‍්‍ර පුරුෂයන් ද ඇතැම් අවස්ථාවල දෙවි කෙනකුගේ නමින් පෙනී සිටීම නිසා සත්‍යය නිරතුරුව පිරිහෙමින් පවතී. දෙවි කෙනකු කෙසේ නම් මනුෂ්‍ය ශරීරයකට ඇතුළු වේද යන කුතුහලය ඇති වේ.

මහේශාක්‍ය දෙවියකු තබා රුක්ෂ දේවතාවරුන් පවා මනුෂ්‍ය ශරීර පිළිකුල් කරති. සත්‍යයම පැවසුවත් නැතත් මිය පරලොව ගිය ඥාතිවරයකු වැහී පේන කියන බවම

පිළිගැනීමට සිදු වේ. මේවා අනුකරණය කරමින් මානසික ව්‍යාධීන්ගෙන් පෙළෙන පිරිස ද අඩු නැත.

අතීතයේ සිට කතරගමට වැඩම කරන සිරිතක් බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමියන්ගේ තිබුණා. ගිනි පෑගීම ඇතුළු බොහෝ පූජා විධි හොඳින් නිරීක්ෂණ, පරීක්ෂණ කිරීමේ පුදුම ආශාවක් උන්වහන්සේට තිබුණා.

බලන්ගොඩ නායක හාමුදුරුවන් වහන්සේගේ වචනවලින්ම එක්තරා සිදු වීමක් මෙසේය.

‘‘අපේ බාල නංගිගේ දුවක් හිටියා. වයස අවුරුදු දොළහක් විතර. මේ දැරිවිට අර නිර්වස්ත‍්‍ර පේ‍්‍රතිය ආවේශ වෙන්න පටන් ගත්තා. ඒ වෙලාවට දැරිවි කතා කරන්නේ අර මැරිච්ච ලොකු අම්මා විදිහට. ඉස්පිරිතාලෙට ගෙන ගියත් මෙයාට ලෙඩක් නැහැ කියා දොස්තරවරු කියනවා.’’

මේ කතාව සම්පූර්ණයෙන් දිග හැරීමට ඉඩකඩ මෙහි වෙන් කළ නොහැක. එහෙත් මේ කතාව තුළින් ද ගම්‍ය වනුයේ අමනුෂ්‍ය බලපෑම් එදත්, අදත්, මතුත් පවතින බව රහසක් නොවන බවය.

නවීන විiාවට හසු නොවන එහෙත් සිත් සතන් මවිත කරවීමට තරම් බලයක් ඇති ‘භුත ආවේශය’ පිළිබඳ බෞද්ධ මතය කෙසේ දැයි විමසා බැලීමට බෞද්ධයන්ට අයිතියක් තිබේ.

ඒ සඳහා බොහෝ් බණ කතා ඇතත් සූත‍්‍ර දේශනා ඇතත් ආටා නාටිය සූත‍්‍රය වඩාත් උචිත බව මාගේ හැඟීමයි.

ගාවිං - ඒකඛුරං කත්‍වා

අනු යන්ති දිසෝ දිසං

පසුං ඒක ඛුරං කත්‍වා

අනු යන්ති දිසෝ දිසං

දෙනුන් අල්වා ගෙන වාහනය කරගෙන අශ්ව යානාවකට මෙන් පිටට පැන නැඟී දිශානු දිශායෙහි සඤ්චාරය කෙරෙති. චතුෂ්පද ජාතීන් එක ඛුර වාහන කොට අශ්ව යානාවකට මෙන් පිටව පැන නැඟී සඤ්චාරය කරති.

ඉත්‍ථි වාහනං කත්‍වා

අනුයනති දිසො දිසං

පුරිස වාහනං කත්‍වා

අනුයන්ති දිසො දිසං

ස්තී‍්‍රන් වාහනකොට දිශානු දිශායෙහි හැසිරෙති. පුරුෂයන් වාහන කොට දිශානු දිශායෙහි හැසිරෙති. කුමාරිකාවන් වාහන කොට හැසිරෙති. කුමාරවරුන්් වාහනකොට දිශානු දිශායෙහි හැසිරෙති.

අනුයන්ති - සඤ්චාරය කෙරෙති

ඒ යක්ෂයෝ් ස්තී‍්‍ර පුරුෂයන් අල්වාගෙන තමන්ට වාහනකොට, කරට නැඟී ඇවිදින්නාහුද සම්‍යක් දෘෂ්ටීන් නොවෙති. මිත්‍යා දෘෂ්ටීන් හා ප‍්‍රත්‍යන්ත වාසීන් අල්වති.

දේ්්්ව ආරූඪ යනුවෙන් ප‍්‍රසිද්ධව ඇති ‘මායම් වීම’ බුදු දහමට අනුව ගලපා බලන කල්හි ‘දේව’ යන වචනය ඉවත් කොට දෙවියන්ට ගරු කරන මළ යකුන් ආරුඪ වී පේන කීමෙහි යෙදෙන බව පැවසීම යුක්ති යුක්තය.

මියගිය ඥාතිවරයා ජීවත්ව සිටින ඥාතියකුට වැහී බොහෝ් කාලයක් රැුඳී පින් ලබා ගැනීමට වෙහෙසෙයි. සියලූ ධන ධාන්‍ය ලබා දෙයි. ගරු බුහුමන් ද ලබා දෙයි. ආත්මයෙන් චූත වූ විගස මෙතෙක් රැුඳී සිටි තැන පාළු වී අභාවයට යන්නේය.

එවිට ආරූඪ කාරයා හෝ කාරිය තමන්ගේ ‘වරම’ හිරකර ඇති බව පවසමින් කොඩිවින කපන්නටත්, දේවාල ගානේ යන්නටත්, ශාස්ත‍්‍ර ඇසීමට වෙනත් ස්ථාන සොයා යන්නටත් පෙළඹේ.

පේන කියමින්, උපදෙස් දෙමින්, කොඩිවින කපමින්, ලෙඩුන් සුව කළ ද ඔවුන්ට වැළඳෙන බරපතළ රෝගයකින් ගොඩ ඒ්මට නොහැකිව අකාලයේ මිය ඇදෙති. නැතහොත් මහත් සතුරු උපද්‍රව මැද දුකට පත් වෙති. මෙම ආරූඪ ලබා සිටින දේව ගැතින් තුළ තැන්පත් භාවයක් දක්නට නොමැත. නිතර කලබල වූ ස්වභාවයෙන් නොසන්සුන් ඉරියව් දක්නට ලැබේ.

සියයට අසූවක් දෙනා පවුල් ජීවිත කඩාකප්පල් කරගත් පිරිසයි. පාසල් වියෙහි නම් අධ්‍යාපනය කඩාකප්පල් වේ. භික්ෂූන් වහන්සේ නම් පිළිගැනීමත්, සතුරු පීඩාවනුත් සම සමව පවතී.

මෙතෙක් මා පැවසුවේ අත්දැකීම් සහිත දැනුම් සම්භාරයක් විනා ශාස්ත‍්‍ර කීමක්් නොවේ.

උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »