නව වසරේ රවි බුධ එක්වේලග්න රැසකට සුබයි

2019-01-17 10:34:00       713
feature-top
එළඹෙන 2019 ජනවාරි මස 20 වන ඉරු දින රාත‍්‍රී 09x07 ට ග‍්‍රහ ලොව බුද්ධිමතා හෙවත් සඳු පුත් බුධ ග‍්‍රහයා ගුරුට අයත් ධනුවේ සිට තම සම රාශියක් වූ සෙනසුරුට අයත් මකර රාශියට පැමිණෙනු ඇතx එසේම මේ වන විට ග‍්‍රහ ලොව රජු වන රවි ග‍්‍රහයාද මකර රාශිය තුළ සිය ග‍්‍රහ ගෝචරය පවත්වා ගනිමින් සිටීx ඒ අනුව මෙම ග‍්‍රහ ගෝචරය සමගින් රවි හා බුධ සුබ බලයක් ඉස්මතු කරමින් මකරයේ බලවත් වනු ඇතx මෙම ග‍්‍රහ දෙපළ මේෂ ලග්න විශ්ව කේන්දරය තුළ 10 වැන්න හෙවත් විෂ්ණු ස්ථානයක යෝග වීම කුඩා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධ අකුරු කියවීම් වැනි කටයුතු සඳහා තම උපන් නැකැත් අනුව සුබ නැකැත් යොදා ගැනීම සුබ දායක වනු ඇතx ලංකා කේන්ද්‍රයේ බුධ 12 වැන්නට පිවිසීම එතරම් යහපත් නොවනු ඇත. රට තුළ හා ජනතාව අතර විවිධාකාරයේ ප‍්‍රශ්න ගැටලූ මෙන්ම පාලන හා පරිපාලන අංශ වල අර්බුධ ඇතිවනු ඇත. මෙය ආසන්න වශයෙන් වසරකට දෙවරක් පමණක් සිදුවන සුවිශේෂි ග‍්‍රහ මාරුවක් හෙවත් ග‍්‍රහ එකතුවකිx ඒ අනුව එතැන් සිට 2019 පෙබරවාරි 7 වන දින කුම්භ රාශි ගත වන තුරු දින 17 කට ආසන්න කාලයක් බුධ ග‍්‍රහයා මකරයේ ගමන් කරනු ඇතx
 
 මේෂ, වෘෂභ, කටක, කන්‍යා, තුලා, ධනු, මීන යන ලග්න වලින් උපන් අයට අන් ග‍්‍රහ ගමන් මත ඔවුන්ගේ කරන කියන බොහෝ අංශ වලින් සුබ ප‍්‍රතිඵල උදා වනු ඇතx අනෙකුත් ලග්න වලට සුබ හා අසුබ මිශ‍්‍ර ඵල උදා වනු ඇතx
 
 ග‍්‍රහ මණ්ඩලයේ නව ග‍්‍රහයන් අතරින් ළාබාල මෙන්ම කුඩාම ග‍්‍රහ ලොව වන බුධ ග‍්‍රහයා සූර්යයාට ඉතාම ආසන්නයෙන් පිහිටි විශාලත්වයෙන් සැතපුම් 2705 ක පමණ විශ්කම්භයක් ඇති ග‍්‍රහයෙකිx අප වාසය කරන පෘථීවි ග‍්‍රහ ලොව මෙන් හරි අඩක් පමණ විශාලත්වයකින් යුත් නිරන්තරයෙන් සූර්යයා හෙවත් රවි සමගම ගමනක යෙදෙන බුධ ග‍්‍රහයා විශ්ව කේන්ද්‍රයේදී 3 හා 6 යන රාශි දෙකට අධිපති වන අතර මිථුන හා කන්‍යා යන ලග්න දෙකට අධිපතිත්වය දරනු ඇතx ග‍්‍රහ ලොව ඥාන කරකයා ලෙසින් හඳුන්වන බුධ අධ්‍යාපනයට, ළමා වියට, පොත පතට, ලේඛන කලාවට, ගුරු වෘත්තියට, මෙන්ම චතුර කථිකත්වයට මෙන්ම කවියට, පොත් පත් වෙළඳාමට හා මුද්‍රණ කර්මාන්තයටද බලපෑමක් දක්වන ග‍්‍රහ ලොව ලෙස අපට හඳුන්වා දිය හැකියx
 
 මිථුන, කන්‍යා, වෘෂභ, තුලා, මකර හා කුම්භ යන ලග්න වලට සුබ ග‍්‍රහයෙකු වන බුධ මේෂ, කටක, සිංහ, වෘශ්චික හා ධනු යන ලග්න වලට තඳ බල පාපි ග‍්‍රහයා වනු ඇතx මිථුන කන්‍යා තුලා මකර හා මීන යන ලග්න වලට යෝග කාරකයා වන බුධ මේෂ, කටක, සිංහ වෘශ්චික යන රාශි වලට මාරක ග‍්‍රහයා වන්නේයx යම් පුද්ගලයෙකුගේ ජන්ම පත‍්‍රයේ බුධ බලවත් නම් ඔහු හෝ ඇය නිරතුරු පොතපතට මෙන්ම උගත් අය සමග සාකච්ඡුාවට මෙන්ම ලේඛන කලාවට වැඩි නැඹුරුවක් දක්වනු ඇතx එසේම බුධ බලවත් බෙහෝ අයගේ විවාහ ජීවිත එතරම් සාර්ථක නොවන්නේ බුධ එම අංශයට එතරම් බර නොවූ ග‍්‍රහයෙකු නිසායx බොහෝ විට බුධ ග‍්‍රහයා තමා සමග යෝග වන ග‍්‍රහයාගේ බලය ආරෝපනය කරගනු ඇතx එය බුධගේ ස්වරූපයයිx
 
 බුධ බලවත්ව (උච්චව හෝ ස්වක්ෂේත‍්‍රව* යම් කේන්ද්‍රස්ථානයක හෝ ත‍්‍රිකෝණ ස්ථානයක සිටින කල පංච මහා පුරුෂ යෝග අතරින් භද්‍රා නම් සුබ ප‍්‍රබල බලවත් සුබ යෝගය උදා වනු ඇතx මෙම යෝගයෙන් උපන් අය අධ්‍යාපනයට ඉතාම දක්ෂ ඥාන වන්තයන් වන අතර මනා අධ්‍යාපනයක් නොලැබුවත් උපතින්ම උගතුන් වනු ඇතx මේ අය නීතිය, ජ්‍යොතිෂය, චතුර කථිකත්වයට උපතින්ම සහජ දක්ෂයන් වන්නේයx බුධ ග‍්‍රහයා ජන්ම පතේ හා නවාංශකයේ දුර්වල වීම හේතුවෙන් කථාවෙහි දුර්වලතා, ලේ දෝෂ හේතුවෙන් ශරීරික පීඩා, තුවාල, ස්නායු ආබාධ, වචනයේ අමිහිරිතා ඇතිවිය හැකියx බුධට අයිති දිනය බදාදා වේx බුධ අපල සඳහා කොහොඹ වෘක්ෂයට සාත්තු කිරීම අපල සඳහා නොවරදින පිළියමකිx
 
 ඒ අනුව ඉහත සඳහන් කළ බුධ රවි යෝග වීම මත 2018 ජනවාරි මස 28 වන ඉරු දින සිට පෙබරවාරි 15 වන දින දක්වා උපදින දරුවන් ඉතාම වාසනාවන්ත වන අතර ඔවුන්ගේ ග‍්‍රහ බලය යහපත් වනු ඇතx එසේම මෙම කාල සීමාව තුළ උපදින දරුවන් අනාගතයේ අපේ රටේ මෙන්ම විදේශයන් තුළද කැපී පෙනෙන උගතුන් හා බුද්ධිමතුන් වනු නොවනුමානයx
 
 අධ්‍යාපනය හා ඒ ආශ‍්‍රත කටයුතු, පාසල් හා විශ්වවිද්‍යාල, නීතිය, ජ්‍යොතිෂය, ලේඛන කලාව, ගුරු වෘත්තිය, කවිය, පොත් පත් හා වෙළෙඳාම මෙන්ම මුද්‍රණ කර්මාන්තයටද මෙම බුධ ග‍්‍රහ මාරුව ඉතාම යහපත් වන්නේයx එම අංශ වල කැපී පෙනෙන දියුණුවක් ඇති වනු ඇතx
 
 බුධ මාරුවේ ලග්න පලාපල
 
 මේෂ ලග්නය
 
 උසස් අධ්‍යාපනයට හොඳයි. වන්දනා ගමන් මෙන්ම ගමන් බිමන් නම් අධික වේවි. පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. ඒ වගේම රැුකියා ස්ථානයෙන් උසස් වීමක්ද හිමි වීමට ඉඩ තියනවා. ලොතරැුයි ජය ලැබීමේ වාසනාවත් හිමියි. හදිසි ධන ලාබ හිමියි. විදේශ ගමන් වලටද එක්විය හැකිය. විදේශීය හිතවතුන්ගේ උදවු උපකාර ලැබේ. සුළු සුළු අසනීප හැර සෞඛ්‍ය තත්ත්වය නම් යහපත්ය. ගුරුගේ ගමන ඔයාට මධ්‍යස්ථයි. යම් යම් මානසික පීඩා හා ගැටලූ ඇතිවීමට ඉඩ ඇත. වෙහෙසකාරී හා තරගකාරී ලෙස එදිනෙදා කටයුතු වල යෙදීමට සිදුවේ. මුදල් අතේ නොරැුඳේ. වැය පක්ෂය ඉහළ යනු ඇත.
 
 වෘෂභ ලග්නය
 
 මෙම කාලය මිල මුදල් ලැබෙන ශුභ කාලයකි. බලාපොරොත්තු ඉටුවෙයි. නමුත් ගමන් බිමන් අධික වීමට ඉඩ ඇත. මෙම කාලයේ නෑයෙක් හෝ හිතවතුන් සමග අමනාප වීමට ඉඩ ඇත. බලාපොරොත්තු වූ ණයක් ලැබෙයි. කාර්යබහුල කාලයකි. ඒ වගේම රැුකියා ස්ථානයෙන් මාරුවක් නම් හිමි වීමට ඉඩ තියනවා. අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගමන් වලටද එක්විය හැකිය. කෙටි ගමන් බිමන් නම් අධික වේවි. විමසිලිමත් වීම වැදගත්. සුළු අනතුරු වලට ලක්විය හැකියි. සහෝදරයන්ට සුබවෙයි. නව මිතුරු සබඳතා ගොඩනැගේ.
 
 මිථුන ලග්නය
 
 පවුල් ජීවිතය ඉතාම සාර්ථක වන අතර, තම සහකාරියගෙන් හෝ සහකරුගෙන් ධනය ලැබීමටද හැකිය. සුළු සුළු අසනීප හැර සෞඛ්‍ය තත්ත්වය යහපත්ය. ඔබට ශුභ දායකවනු ඇත. ඔබට ඉහළ තනතුරු හා රැුකියා උසස්වීම් ලැබෙයි. ඔබට ඔබගේ ඡුනප‍්‍රියතාව ඉහළ යන අතර සමාජයේ ගෞරවයටද පාත‍්‍ර වෙයි. මංගල යෝජනා ස්ථිර වන අතර පෙම්වතුන්ට ශුභදායක වනු ඇත. උසස් අයගේ ආධාර උපකාර හා විදේශ රැුකියා බලාපොරොත්තු ඉටු වෙයි. දරුවන්ගේ දියුණුවට කරණා කටයුතු සාර්ථක වෙයි.
 
 කටක ලග්නය-
 
 තනතුරු ලාභ ලැබෙයි. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර අලූතින් අරඹන කටයුතු සාර්ථක වේ. නමුත් මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය පිරිහීමට හැකියාව පවතිනවා. ඒ අසනීප නිසා රැුකියාවේ හදිසි පහත වැටීම් ඇතිවිය හැකියි. අදාළ නොවන කටයුතු නිසා රැුකියාවේ වෙනසකට හෝ ඉන් ඉවත් වීමට ඉඩ ඇත. එම නිසා ආදායම් තත්ත්වය පහළ යෑමට හැකිය. රෝහල්ගත වීමේ අවධානමකුත් තියෙනවා. අසනීපවලින් සුවය ලැබෙනු ඇත. විවාහ බාධා ඇතිවූ අවිවාහක අයට උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර සිතේ ඇතිවන මානසික අසහනය දුරු වෙයි.
 
 සිංහ ලග්නය
 
 බිරිඳ හෝ සැමියා නිසා ධනයක් හිමි වීමට හැකිය. ආගම දහමට සිත යොමුවේ. ලොතරැුයි ජය ලැබීමේ වාසනාවත් හිමියි. හදිසි ධන ලාබ හිමියි. එත් නඩු හබ වලට නම් යන්න එපා පාඩු වෙන්න පුළුවන්. රෝග වලට හරියට ප‍්‍රතිකාර නොගත්තොත් රෝහල්ගත වීමේ අවදානමකුත් තියනවා. රැුකියා ස්ථානයෙන් හෝ් වාසස්ථානයෙන් මාරුවක් වගේම රැුකියාවේ උසස් වීම් වගේම හවුල් ව්‍යාපාරවලින් ආදායම්ද හිමිය. ගෘහ ජීවිතය මධ්‍යස්ථව ගත වේ. වෙනදාට වඩා වෙහෙස වී වැඩ කිරීමට සිදුවේ. වාහන හා දේපළ ලාභ හිමිවීමේ අවස්ථා උදා වනු ඇත.
 
 කන්‍යා
 
 මුදල් ඉතිරි වන කාලයකි. නව මිතුරන් ඇසුරට ලැබේ. කීර්තිය, ප‍්‍රශංසාව, ගෞරවය හා සමාජ පිළිගැනීම හිමිවනවා ඇත. හවුල් ව්‍යාපාරවලින් ආදායම්ද හිමිය. නව රැුකියා හා විදේශ රැුකියා මෙන්ම ධන ලාභ මංගල යෝග හවුල් ව්‍යාපාර ලාභ මේ කාලයේ උදාවනු ඇත. ශරීර සෞඛ්‍ය අනුව ආමාශගත රෝග ඇතිවීමට ඉඩ ඇත. මේ කලය තුළ ප‍්‍රසිද්ධිය කීර්තිය වැඩිවන අතර ලොතරැුයි ජයග‍්‍රහණද බලාපොරොත්තු විය හැකිය. නව රැුකියා හා විදේශ රැුකියා මෙන්ම ධන ලාභ මංගල යෝග හවුල් ව්‍යාපාර ලාභ මේ කාලයේ උදාවනු ඇත.
 
 තුලා
 
 ආරක්ෂිත සේවා වල සන්නිවේදන ක්ෂේත‍්‍රයට හෝ ගමනාගමන අංශ වලට යොමු වූ අයට වඩාත් සුබදායකය. දරුවන්ගේ කටයුතු වර්ධනය වන අතර රැුකියාවේ ඉදිරි ගමනට යම් යම් බධා ඇතිවිය හැකිය. සමාජයේ පිළිගැනීම ඇතිවන අතර ඔබට අසල්වැසියන්ගෙන් නම් පොඩි පොඩි බාධාද ඇතිවිය හැකියි. සුළු සුළු අසනීප හැර සෞඛ්‍ය තත්ත්වය යහපත්ය. ඔබට මෙම කාලය මිශ‍්‍රඵල දායක වේ. අසනීප වලින් යම් සුවයක් අත් වේ. ගෘහ ජීවීතය තුළ වැය පක්ෂය ඉහළ යනු ඇත. එදිනෙදා කටයුතු වලදී යම් ආවේගශීලී තත්ත්වයක් දක්නට ලැබේ. උසස් කෙනෙකු හේ අසල්වාසීන් සමග අමනාප වීමට ඉඩ ඇත. ආරක්ෂිත සේවා වල අයට සුබදායක වේ. විවාහ අපේක්ෂිත අයට දුර බැහැරින් යෝජනා ඉදිරිපත් වනු ඇත. අධ්‍යාපනයට සුබ දායක වේ. බලාපොරොත්තු වූ ණය මුදලක් ලැබීමට හැකිය. මුත‍්‍රා අමාරු හෝ සෙම් රෝග ඇතිවීමට ඉඩ ඇත.
 
 වෘශ්චික
 
 ජීවිතය යහපත් වන අතර ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. අලූතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි. පපුවේ සෙම් අමාරු වගේ දේවල් ඇතිවිය හැකිය. රෝහල් ගත වීමේ අවදානමකුත් තියෙනවා. ඔබට මිශ‍්‍ර ඵලදායි වනු ඇත. අසනීප පීඩා කරදර ආදියෙන් යම් සහනයක් හා සුවයක් ලැබෙනු ඇත. ආදායම් මාර්ග සරු වන අතර, වෙළෙඳ වා්‍යාපාර වලින් දියුණුවක් ලැබෙයි. ව්‍යාපාර හා දේපළ ලාභ ඇති වීමට ඉඩ ඇත. නව මිතුරන් ඇසුරට ලැබෙයි. ප‍්‍රීති උත්සව වලට සහභාගි වීමට අවස්ථා උදාවනු ඇත. විදේශ ගමන් සාර්ථක වේ. සිත් සතුටට කරුණු යෙදෙයි. මේ කාලය බිරිඳ හා සැමියාට අශුභදායී වීමට ඉඩ ඇත.
 
 ධනු
 
 මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය පිරිහීමට හැකියාව පවතිනවා. සෙම් ආශ‍්‍රත රෝගාබාධ ඇති විය හැකියි. නමුත් ආදායම් තත්ත්වය යම් ප‍්‍රමාණයකට වර්ධනය වේවි. සමාජ සේවා පොදු කටයුතු වලින් ගෞරවය හා පිළිගැනීම ඔබට ලැබේවි. පරම්පරාගත දේපළ වාසි හිමිවේ. ධනු ලග්න හිමි ඔබට මෙම කාලය සියලූ අංශවලින් මධ්‍යස්ථව සුබදායකයි. දරු ඵල අපේක්ෂිත අයට දරු ඵල උදාවනු ඇත. ධන ලාභ, රැුකියා වාසනා, තනතුරු, ලොතරැුයි වාසනා බෙහෝ විට උදාවේ. මැණික් වාසනා හිමිය. කැපී පෙනෙන රෝගාබාධ දක්නට නොමැත.
 
 මකර
 
 රැුකියා අංශ වල විසිතුරු භාණ්ඩ අලෙවිය වැනි අංශවලින් ආර්ථික වාසි හිමිය. අධ්‍යාපනයට සම්බන්ධ අයට ඒ කටයුතු වලින් දක්ෂතා ගෙන දෙයි. සේවක ගැටලූ හා ගෘහ නිර්මාණයකට සම්බන්ධව ගැටලූ පැන නැගීමට හැකිය. වා, පිත් සම්බන්ධ රෝගාබාධ හට ගැනීමට අවස්ථා ඇත. ස්වයං රැුකියා වල නිරතවන්නන්ට සුබ දායකය. රෝග වලට හරියට ප‍්‍රතිකාර නොගත්තොත් ඒවායේ සුවය ප‍්‍රමාද වනු ඇත. ගෘහ ජීවිතය සතුටුදායකය. රැුකියාවේ උසස් වීම් වගේම වෙනස් වීම්ද බලාපොරොත්තු විය හැකිය.
 
 කුම්භ
 
 පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. අලූතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලයේදී සිත යොමු වේ. ගෞරවය හා පිළිගැනීම ඔබට ලැබේවි. දරු උපත් මගින් පවුල වර්ධනය වීමට ඉඩ ඇත. ධනය අතින් යහපත්ය. උසස් අධ්‍යාපන අවස්ථා උදා වේ. ව්‍යාපාර අංශ වලට සුභ දායක වේ. අවිවාහක අයට මංගල යෝජනා උදාවේ. ධන ලාභ, රැකියා වාසනා, තනතුරු, ලොතරැුයි වාසනා බෙහෝ විට උදාවේ.
 
 මීන
 
 ඔබගේ අධ්‍යාපනයට හොඳයි. ඒ වගේම රැුකියා ස්ථානයෙන් උසස් වීමක්ද හිමි වීමට බොහෝ දුරට ඉඩ තියනවා. ඒ වගේම අලූතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සාමාන්‍ය සුබයි. මුදල් ඉතිරි වන කාලයකි. නව මිතුරන් ඇසුරට ලැබේ. කීර්තිය, ප‍්‍රශංසාව, ගෞරවය හා සමාජ පිළිගැනීම හිමිවනවා ඇත. ව්‍යාපාරවලින් ආදායම්ද හිමිය. පවතින රෝගාබාධ සුවවන අතර, සෞඛ්‍ය තත්ත්වයද යහපත්ය. ඔබට මෙම කාලය සාමාන්‍ය සුබය. රැුකියා අංශ වල රාජ්‍ය අනුග‍්‍රහය හා උසස් අයගේ කීර්ති ප‍්‍රශංසාද ලැබේ.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »