2019-02-05- අඟහරු මාරුව ග‍්‍රහ ලොව සෙන්පති රජ වෙයි

2019-02-06 11:44:00       675
feature-top
* මේෂ, කටක, තුලා හා මකර ලග්න 4 ට අතිශය සුබ රුචක යෝගය උදා වෙයි.
 
 * කන්‍යා, වෘශ්චික, ධනු , මීන යන ලග්න හිමියනට මෙම ග‍්‍රහ මාරුව මධ්‍යම සුබඵල උදාවන කාලසීමාවක් වන්නේය.
 
 * වෘෂභ, මිථුන, සිංහ හා කුම්භ යන ලග්න හිමියන්ට මෙම ග‍්‍රහ මාරුව අසුබයි.
 
 
භූමී පුත‍්‍ර ලෙස හඳුන්වන පාපී බලවත් ග‍්‍රහයකු වන නව ග‍්‍රහයින් අතරින් ග‍්‍රහ ලොව සෙන්පති හෙවත් චණ්ඩියා නැතහොත් සහෝදර කාරක, පුරුෂ කාරක ග‍්‍රහ තාරකාව වන කුජ හෙවත් අඟහරු ග‍්‍රහයා එළඹෙන 2019 පෙබරවාරි මස 05 වන අඟහරුවාදා දින රාත‍්‍රී 11.48 ට මෙතෙක් කල් රැඳී සිටි ගුරු හිමි මීන රාශියේ සිට අඟහරුටම අයත් මේෂ රැසට පිවිසෙනු ඇත. මේෂ ය අඟහරුට අයත් සිය මූල ත‍්‍රිකෝණ වූ ස්වක්ෂේත‍්‍ර බලවත් රාශිය වන අතර ඒ අනුව කුජ ග‍්‍රහයා එතැන් සිට එලඹෙන 2019 මාර්තු මස 22 වන දා ප.ව 3.05 දක්වා මසකට වැඩි කාලයක් මේෂ රාශිය තුළ සිය ස්වක්ෂේත‍්‍ර ග‍්‍රහ චලිතය පවත්වා ගනු ඇත.
 
 මේ අනුව මේෂයේ අඟහරු ස්වක්ෂේත‍්‍ර වීමත් සමගින් මේෂ, කටක, තුලා හා මකර යන ලග්න 4 ට පංච මහා පුරුෂ යෝග අතරින් සුබ යෝගයක් වන රුචක නම් මහා පුරුෂ යෝගය උදා වෙයි. මේෂ ලග්නයේ දී ලග්න ගත වන කුජ, මකරයේදී ලග්නයෙන් 4 වැන්නටත්, කටකයේ 10 වැන්නටත් තුලාවේ 7 වැන්නටත් ගෝචර වනු ඇත. ඒ අනුව එම ලග්න හිමියන්ගේ මෙතෙක් කාලයක් නොවිසඳී පැවති බොහෝ ප‍්‍රශ්න හා ගැටලූ මෙම ග‍්‍රහ මාරුවත් සමගින් විසඳී යනු ඇත. එම ලග්න හිමියන්ට සුබදායක වන අතර, වෘෂභ, මිථුන, සිංහ හා කුම්භ යන ලග්න හිමියන්ට මෙම ග‍්‍රහ මාරුව අසුබ දායක වන අතර ඔවුන්ට නොසිතු ගැටලූවලට හා බාධා මෙන්ම හදිසි අනතුරුවලට ද මුහුණ දීමට සිදු වන අවස්ථා උදා වනු ඇත. කන්‍යා, වෘශ්චික, ධනු , මීන යන ලග්න හිමියනට මෙම ග‍්‍රහ මාරුව මධ්‍යම සුබඵල උදාවන කාලසීමාවක් වන්නේය.
 
කෙසේ වෙතත් මෙම අඟහරු මාරුවත් සමගින් නව නිෂ්පාදන කටයුතු වර්ධනය වනු ඇතx එසේම කී‍්‍රඩා අංශවල උද්යෝගිමත් ප‍්‍රගතියක් ඇතිවන අතර තරුණයන් අතර කැපී පෙනෙන උද්යෝගයක් ඇති වේ. නීති අංශවල ආන්දෝලනාත්මක නඩු තීන්දු මෙන්ම කැපී පෙනෙන වර්ධනයක් ඇති වන කාලයකි.
 
 කුම්භ ලග්න ලංකා කේන්දරය තුළ ග‍්‍රහ පිහිටීම යම් පමණක අසුබවාදී බවක් පෙන්නුම් කරනු ඇත. ලංකා කේන්දරය හිමි කුම්භයේ 3 වැන්න හෙවත් වික‍්‍රමස්ථානයේ කුජ බලවත් වීම අප රටට යම් පමණක ට යහපත් වුවත් ධනුවේ සෙනසුරුගේ ගමන ද තවදුරටත් අපට යහපත් නොවන්නේය. විශේෂයෙන් භූමිය සම්බන්ධයෙන් දැනෙන විපත්කාරී අසුබ තත්ත්වයන් ඇතිවනු ඇත. වියළි කාලගුණ තත්ත්වයේ කැපී පෙනෙන වර්ධනයක් සමගින් කැපී පෙනෙන ගිනි ගැනීම් හා පිපිරීම් තත්ත්වයන් ද ඇති විය හැකිය. එමෙන්ම අප රට ආශ‍්‍රිතව විශේෂයෙන්ම කාම අපරාධ යම් පමණකින් ඉහළ යන කාලයක් වනු ඇතx එම නිසාවෙන් මෙම කාලයේ තරුණ ගැහැනු දරුවන් ගැන දෙමාපියන් විශේෂයෙන් අවධානය යොමු කළ යුතුයx කුඩා දරුවන් ඉතාමත් පරිස්සම් කරගත යුතු කාලයකි. විශේෂයෙන් තරුණ තරුණියන් තම තමන්ගේ චරිතය මෙම කාල සීමාව තුළ ආරක්ෂා කර ගැනීමට වගබලා ගත යුතුයx තරුණ ආවේගයන් ඉස්මතු වන කාල සීමාවකි. එසේම ජනතාව අතර නොසන්සුන්තා, උද්ඝෝෂණ, පෙළපාලි ඇති වන කාලයකිx කාලගුණ විපර්යාස, ප‍්‍රබල රිය අනතුරු හා ගුවන් යානා අනතුරු ද ඇති වන කාලයකි. හදිසිි අනතුරු නිසාවෙන් ලේ ගැලීම් ඇතිවන කාල සීමාවක් නිසා ඒ පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වනු ඇත. අධ්‍යාපනයේ හා විශ්ව විද්‍යාල හා පාසල් ආශ‍්‍රිතව ද කැපී පෙනෙන ගැටලූ ඇති විය හැකිය. මෙම කාල සීමාව කෘෂි කර්මාන්තයට යහපත් නැත. විවිධාකාරයේ වසංගත රෝග කෘමි උවදුරු ඇති වන කාලයකි.
 
 
 
 අඟහරු මාරුවේ ලග්න පලාපල
 
 මේෂ ලග්නය
 
 මෙම කාලය තුළ ඔබට යම් යම් මුදල් හා ධන ලාභ ලැබීමේ කාලයකි. මෙම කාලය ශරීර සනීපයට හේතු වන කාලයකි. එසේම සතුරන්ගෙන් ජය ලැබෙන කාලයකි. දේපල ලාභ ද ලැබෙන කාලයකි. අසනීපවලින් සුවය ලබන කාලයකි. උත්සවවලට හා සමිති සමාගම්වලට ආරාධනා ලැබෙන කාලයකි. ඔබගේ සමාජ තත්ත්වය මෙම අඟහරු මාරුවෙන් පසුව යම් ප‍්‍රමාණයකට ඉහළ යනු ඇත. අවිවාහක අයට මංගල යෝග උදාවේ. ඉඩම් හා ගෙවල් මිලදී ගැනීමට මෙම කාලය ඉතාම සුබ දායක වනු ඇත. විශේෂයෙන්ම පවුලේ දියුණුව ඇති වන කාලයකි. තම හිත මිතුරන් හා නෑදෑයන්ගේ ප‍්‍රීති උත්සව හෝ මංගල උත්සව වලට සහභාගී වීමට අවස්ථාව උදා වනු ඇත.
 
වෘෂභ ලග්නය
 
 නිතරම ගමන් බිමන් ඇති වීම නිසා කරගෙන යන වැඩකටයුතුවලට බාධා හා ප‍්‍රමාදයන් ඇති වෙයි. විවාහකයන්ගේ පවුල් සංස්ථා තුළ ගැටලූ ඇති වීමට කරුණු යෙදෙනු ඇත. ඒ පිළිබඳ විමසිලිමත් වන්න. නඩු හබ හෝ තමාට විරුද්ධව කරන පැමිණිලි ඇතිවීමට හැකිය. වියදම් අධික වෙයි. මහජනයා සමග කරන කටයුතුවලදී අවුල් වියවුල් ඇති වීමට හැකි තත්ත්වයක් පෙන්නුම් කරයි. කරගෙන යන රැකීරක්ෂාවලට අවහිර බාධා මතු වීමට ඉඩ ඇත. අසනීප වශයෙන් ලිංගාශි‍්‍රත
 
 රෝගාබාධ, වාත රෝගාබාධ, හිරි වාත, අජීරණ රෝග වැනි අසනීප ඇති වීමට ඉඩ ඇත. විවාහ අපේක්ෂිත අයගේ බලාපොරොත්තු ඉටු වීම ප‍්‍රමාද වෙයි.
 
 මිථුන ලග්නය
 
 මෙම කාලයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එතරම් සුභ ඵල උදා කරන කාලයක් නොවනු ඇත. දරුපල බලාපොරොත්තු වන ඔබට ද මෙම කාලය තුළ එතරම් සුභදායක ප‍්‍රතිඵල නොලැබෙනු ඇත. අධික වියදම් සහිත කාලයක් වෙයි. පේ‍්‍රම සම්බන්ධතා පවත්වන්නන්ගේ එම සම්බන්ධතා බිඳී යෑමට ඉඩ ඇත. වසංගත රෝග හට ගැනීමට ඉඩ ඇත. වැඩිමල් දරුවන්ට හෝ ශිෂ්‍යයන්ට මෙම කාලය තුළ විවිධ අන්දමේ බාධා කරදර ඇති වෙයි. නම්බුනාම ලැබේ. අනාගත බලාපොරොත්තුවකින් සිටි යම් කාරණයක් පිළිබඳ අවසන් මොහොතේදී එය බිඳී යෑමට හැකිය.
 
 කටක ලග්නය
 
 සතුරන්ගෙන් ජය ලැබෙන කාලයකි. සතුරන් පරාජය කළ හැකි කාලයකි. දේපල දියුණු වන අතර සාමාන්‍යයෙන් ධන ලාභ ලැබෙන කාලයකි. ණය ගනුදෙනුවලින් නිදහස් වීමට හැකියාව ලැබේ. විවිධ වර්ගයේ ආහාර පාන ලැබෙන කාලයකි. සුව පහසු භාණ්ඩ ගැනීමේ අවස්ථා උදා වෙයි. අධ්‍යාපන කටයුතුවලට සුභ ඵල ගෙන දෙන අතර ප‍්‍රමාද වී පවතින රැකියා ස්ථාන මාරු වීම් හෝ උසස් වීම් සඳහා සුබ ඵල උදා කරනු ඇත. නිතර හිතවතුන් සමග ගමන් බිමන් යෑමට අවස්ථාව සැලසේ. මෙම කාලයේ සමාජයේ ප‍්‍රසිද්ධ වීමට කාලය උදා වනු ඇත. සමස්තයක් වශයෙන් බැලූ කල සුබ ඵල ඇති කිරීමේ ප‍්‍රවණතාවයක් දක්නට ලැබේ.
 
 සිංහ ලග්නය
 
 වෙහෙස වන දුර ගමන් යෙදෙන කාලයකි. තම මවට වාත වේදනා ඇති විය හැකිය. මවු පාර්ශ්වයේ නෑදෑ කෙනෙකුට යම් අපල දායක තත්ත්වයක් ඇති විය හැකිය. මෙම කාලයේ ව්‍යාපාරවලින් පාඩු සිදු විය හැකිය. පරණ විශාල ගෙවල් හා පරණ වාහන ලැබීමේ ප‍්‍රවණතාවයක් පවතී. ඔබට වැඩිහිටි නෑදෑයින්ගෙන් දේපල හා යාන වාහන ලැබීමේ අවස්ථා උදා වනු ඇත. රැකීරක්ෂා කටයුතුවල යම් යම් ගැටලූකාරී තත්ත්වයන් ඇති විය හැකිය.
 
 රැකියා අපේක්ෂිත අයගේ ඒ පිළිබඳ බලාපොරොත්තු තරමක් ප‍්‍රමාද වන අතර ශරීර සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කරන කල්හි කොන්දේ අමාරු, මුත‍්‍රා අමාරු වැනි රෝග පීඩා හටගැනීමේ අවදානමක් පවතී. ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.
 
 කන්‍ය ලග්නය
 
 වියදම් පක්ෂය අධික වන අතර අධ්‍යාපන කටයුතුවල නිරත වන්නේ නම් ඒ සඳහා බාධා හා කරදර විටින් විට ඇති විය හැකිය. යාන වාහන පැදවීමේදී සැලකිලිමත් වන්න. රැකියාවල නිරත අය තම රැකියා ස්ථානයේ බුද්ධිමත්ව කටයුතු කිරීම තුලින් එම ස්ථාන බාධා බොහෝ දුරට සමනය කර ගත හැකිය. රැකියා අපේක්ෂිත අයගේ ඒ පිළිබඳ බලාපොරොත්තු තරමක් ප‍්‍රමාද වන අතර ශරීර සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කරන කල්හි කොන්දේ අමාරු, මුත‍්‍රා අමාරු වැනි රෝග පීඩා හටගැනීමේ අවදානමක් පවතී. ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.
 
 තුලා ලග්නය
 
 ඔබට මෙම කාලය මිශ‍්‍රඵල දායක වෙයි. ධනය අතින් යහපත්ය. උසස් අධ්‍යාපන අවස්ථා උදාවේ. ව්‍යාපාර අංශවලට සුභදායක වේ. රැකියා අංශ තුළ කලකිරීම් ඇතිවන අතර හදිසි වෙනස් වීම්වලට හේතු වේ. සෞඛ්‍ය අතින් දණහිස සම්බන්ධ ආබාධ ඇති විය හැකිය.
 
 ගේදොර කටයුතු සම්බන්ධයෙන් දැඩි කැපකිරීම් කළ යුතු වෙයි. රැකියාවේ උසස් වීම් බලාපොරොත්තු විය හැකිය. නමුත් බාධා පවතී. පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. අලූතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලයේදී සිත යොමු වේ. ගෞරවය හා පිළිගැනීම ඔබට ලැබේවි. දරු උපත් මගින් පවුල වර්ධනය වීමට ඉඩ ඇත. ඔබට මෙම කාලය මිශ‍්‍රඵලදායක වෙයි. ධනය අතින් යහපත්ය. උසස් අධ්‍යාපන අවස්ථා උදා වේ. ව්‍යාපාර අංශවලට සුභ දායක වේ.
 
 වෘශ්චික ලග්නය
 
 බලාපොරොත්තු රහිත අධික වියදම් ඇති විය හැකිය. වැටීම්, තැලීම්, සීරීම් මෙන්ම මානසික පීඩා හා දිගු කාලීන රෝගාබාධ හට ගැනීමේ ප‍්‍රවණතාවයක් පවතින බැවින් ඒ පිළිබඳව කල්පනාකාරී වන්න. ඔබගේ පවුලේ කෙනෙකුට හෝ හිතවතෙකුට කරදරයක් හෝ විපතක් ඇති වීමට හැකිය. මෙම කාලයේ නඩු හබවලට යෑමෙන් ඒවායින් ජය ගත නොහැකි අතර එය තමාට ඉතාම අවාසි සහගත වනු ඇත.
 
 රැකියා ස්ථානයේ විවිධ කරදර බාධක ඇතිවන කාලයකි. ඔබ විවාහක නම් තම පවුල් ජීවිතය තුළ ප‍්‍රශ්න හා ගැටලූකාරී තත්ත්වයන් ඇති විය හැකිය. ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. ඔබට තම දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙස මහන්සි වී කටයුතු කිරීමට සිදුවනු ඇත. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හිසේ ආබාධ මාසික පීඩා තත්ත්වයන් ඇති විය හැකිය. තම සහෝදර සහෝදරියන් සමග මත ගැටුම් ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව සිය අවධානය යොමු කිරීම තුළින් එම තත්ත්වයන් අවම කර ගැනීමට හැකියාව ලැබෙයි.
 
 ධනු ලග්නය
 
 ඔබගේ වැය පක්ෂය ඉහළ යන අතර නමුත් අතේ මුදල් රැඳෙන කාලයකි. රැකියා බලාපොරොත්තුවෙන් සිටින ඔබට එම බලාපොරොත්තු ඉටු වීමේ ප‍්‍රමාදයක් ඇති වන අතර රැකියාවල නිරත අයගේ එම රැකියා ස්ථානවල යම් යම් ගැටලූ ඇති වීමට හැකියාව පවතී. ඔලූවේ කැක්කුම්, ස්නායු ආබාධ, මුත‍්‍රා ආබාධ, වාත රෝග වැනි රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා විය යුතුය. විදේශ ගත වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා නම් එම කාරණා සම්බන්ධයෙන් යම් යම් ගැටලූකාරී තත්ත්වයන් ඇති විය හැකිය. වැටීම්, තැලීම්, සීරීම් මෙන්ම මානසික පීඩා හා දිගු කාලීන රෝගාබාධ හට ගැනීමේ ප‍්‍රවණතාවයක් පවතින බැවින් ඒ පිළිබඳව කල්පනාකාරී වන්න. ඔබගේ පවුලේ කෙනෙකුට හෝ හිතවතකුට කරදරයක් හෝ විපතක් ඇති වීමට හැකිය. අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් මෙම කාලය ඔබට එතරම් සුබ දායක නැත. ස්ත‍්‍රීන් නිසා කරදර ඇති විය හැකිය.
 
 මකර ලග්නය
 
 ඔබට සුබපල ගෙන දෙන පිහිටීමකි. මෙම කාලය ශරීර සනීපය ඇති කරන කාලයකි. ලිපිලේඛන හා නිර්මාණාත්මක කටයුතු සඳහා හොඳයි. කාන්තා පක්ෂයෙන් විශේෂ උදවු උපකාර හිමිවේ. දරු ඵල අපේක්ෂිත අයට දරු ඵල උදාවනු ඇත. අවිවාහක අයට මංගල යෝජනා උදාවේ. රැකියා අංශවල විසිතුරු භාණ්ඩ අලෙවිය වැනි අංශවලින් ආර්ථික වාසි හිමිය. අධ්‍යාපනයට සම්බන්ධ අයට ඒ කටයුතු වලින් දක්ෂතා ගෙනදෙයි. සේවක ගැටලූ හා ගෘහ නිර්මාණයකට සම්බන්ධව ගැටලූ පැන නැගීමට හැකිය. ස්වයං රැකියාවල නිරතවන්නන්ට සුබ දායකය. රෝගවලට හරියට ප‍්‍රතිකාර නොගත්තොත් ඒවායේ සුවය ප‍්‍රමාද වනු ඇත. ගෘහ ජීවිතය සතුටුදායකය. රැකියාවේ උසස් වීම් වගේම වෙනස්වීම් ද බලාපොරොත්තු විය හැකිය. නීතියට එරෙහිව කටයුතු කිරීම නිසා මුදල් හෝ රැකියාවේ පාඩු සිදු විය හැකිය. සෞඛ්‍ය තත්ත්වය යහපත්ය.
 
 කුම්භ ලග්නය
 
 හදිසි අනතුරු හා යම් යම් බාධා ඇතිවන කාලයකි. ධන හානි ඇති වේ. ශරීරයේ ඇති ලස්සන අඩු වන අතර ශරීර ශක්තිය හීන වීමට කාරණා යෙදේ. මුදල් අතේ නොරැඳෙන අධික වියදම් ඇතිවන කාලයකි. මෙම කාලය තුළ ඔබට මිල මුදල් අතින් තද බල අගහිඟතා ඇති වීමට හැකිය. ඔබ විවාහක නම් තම පවුල තුළ යම් යම් ගැටලූ හා ප‍්‍රශ්න ඇති වීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. පහසුවෙන් දත් දිරායෑමකට හෝ දත් සම්බන්ධ රෝගාබාධ ඇති විය හැකිය. විශේෂයෙන්ම උගුරේ ආසාදන ඇති වීමට හැකියාවක් පවතී. මුහුණේ ලප කැළැල් ඇති විය හැකිය.
 
 මීන ලග්නය
 
 ඔබට මධ්‍යම සුබ ඵල දායකයි. අවිවාහක අයට මංගල යෝජනා උදාවේ. නමුත් බාධා ඇතිවේ. ධන ලාභ, රැකියා වාසනා, තනතුරු, ලොතරැයි වාසනා බොහෝ විට උදාවේ.
 
 රැකියා අංශවල රාජ්‍ය අනුග‍්‍රහය හා උසස් අයගේ කීර්ති ප‍්‍රශංසා ද ලැබේ. මහන්සියේ තරමට ප‍්‍රතිඵල නැති විය හැකිය. ඥාතීන් සමග මතබේදවලට හේතු වනු ඇත. පිරිමි දරු ලාභ ඇතිවන අතර සියලූ අංශවලින් සාමාන්‍ය සුබයි. ඔබගේ අධ්‍යාපනයට ඉතාම හොඳයි. ඒ වගේම රැකියා ස්ථානයෙන් උසස් වීමක් ද හිමි වීමට ඉඩ තියනවා වගේම අලූතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි. මුදල් ඉතිරි වන කාලයකි. නව මිතුරන් ඇසුරට ලැබේ. කීර්තිය, ප‍්‍රශංසාව, ගෞරවය හා සමාජ පිළිගැනීම හිමිවනවා ඇත. ව්‍යාපාරවලින් ආදායම් ද හිමිය.
 
 මෙම අඟහරු මාරුවත් සමගින් අසුබ දායක වන වෘෂභ, මිථුන, සිංහ හා ධනු යන ලග්න හිමියන් පහත සඳහන් ග‍්‍රහ ශාන්ති කර්ම අනුගමනය කරන්න.
 
 ෆ පුර පක්ෂයේ අඟහරුවාදා දින 09 ක බෝධි පූජාවක් පැවැත්වීමත් තමාගේ උසට මල් මාලාවක් අමුණා ඊට තමාගේ වයසට අදාළව නිල් මල්, රතුමල් කහ මල් සුදු මල් එකතු කිරීමත් බෙහෙත් ඖෂධ වර්ග 09 ක් පූජා කිරීමත් කිරිකොළ 09 ක තබා එළඟිතෙල් පහන් 09ක් දැල්වීම තුළින් කුජ ග‍්‍රහයින්ගේ අපල තත්ත්වයන් දුරු කර ගැනීමේ හැකියාව ඇත.
 
 ඉහත සඳහන් අදාළ ග‍්‍රහ ශාන්ති කර්ම හා කුජ අපල වෙනුවෙන් අඟහරුවාදා දිනවල බෝධි පූජා පවත්වා එම ලබා ගත්තා වූ පින් කතරගම දෙවියන්, ඊශ්වර දෙවියන් හා පත්තිනි මෑණියන් උදෙසා අනුමෝදන් කිරීම තුළින් ඔබටත් මෙම ග‍්‍රහ අපල තුළින් සිදු වන්නා වූ අපල හා පීඩාවලින් යම් සහනයක් ලබා ගත හැකි වනු ඇත.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »