Home / ජෝතිෂ්‍යය ලිපි /
අධ්‍යාපනයේ බාධා නසන ගණ දෙවියෝ
2019-02-12 09:45:00  ★ 708

අධ්‍යාපන කටයුතුවල නිරත වන බොහෝ දූ දරුවන්ට එම කාලවකවානුව තුළ උදා වන්නා වූ විවිධ ග්‍රහ පිහිටීම් නිසා අධ්‍යාපන කටයුතුව බිඳ වැටීම සිදු වන අවස්ථා ඕනෑ තරම් ඇත. ඉතා දක්ෂ ලෙස ඉගෙනීමේ වැඩ කටයුතු කරගෙන යන බොහෝ දූ දරුවන් නොසිතන ආකාරයෙන් විභාගවලින් අසමත්ව අධ්‍යාපන කටයුතු එපා වන තරමටම කරුණු කාරණා යෙදෙන්නේ ද මෙකී අයහපත් ග්‍රහ පිහිටීම් හේතුවෙනි.
විශේෂයෙන්ම ඉගෙනුම් කටයුතුවල නිරත වන දරුවකුට රාහු පහවැන්නේ ගමන් කරන කාලය සෙනසුරු මහ දශාව උදාවීම කේතු මහ දශාව උදා වීම යනු ස්ථිර වශයෙන්ම අධ්‍යාපන කටයුතුවලට බාධා පමුණුවන කඩාකප්පල් කරන කාලවකවානු වේ.
මෙම කාලය කලින් හඳුනා ගෙන ඊට සුදුසු ප්‍රතිකර්ම වෙත යොමු වීම ඉතා අවශ්‍ය කරුණක් වන අතර එම කාලයන් පිළිබඳ අවධානය යොමු නොකර සිටීමෙන් අධ්‍යාපන කටයුතුවලින් බොහෝ උසස් ප්‍රතිඵල ලබාගත හැකි සිසු දරුවන් නිරපරාදේ එම කටයුතුවලින් මිදී අනාගතය අඳුරු කර ගැනීම දක්වා දුරදිග යනු ඇත.
එබැවින් ඔබේ දරුවාට එවැනි තත්ත්වයන්ට මුහුණ පෑමට සිදු වන අවස්ථා හඳුනාගෙන ඒ සඳහා සුදුසු ප්‍රතිකර්ම වෙත යොමු වන අතරතුර එලෙස උදා වන්නා වූ අසුබ කාලවකවානුවලින් එල්ල වන අධ්‍යාපනයේ බාධා ඔබට මෙලෙස මැඬ පවත්වා ගත හැකිය.
සතියේ බදාදා දිනයේ රාති‍්‍ර 10 න් පසු නිවසේ පිරිසිදු ස්ථානයක ගණ දෙවියන්ගේ ප්‍රතිමාවක් තබා උන්වහන්සේට කහමල්, එළඟි තෙල් පහනක්, සුවඳදුම් පූජා කර ඊතණ මාලයක් පළඳවා වන්දනා මාන කර පිං අනුමෝදන් කිරීමෙන් අනතුරුව නිවසේ සිටින සියලූම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට බලපන්නා වූ අයහපත් ග්රහතත්වයන් මෙන්ම අනෙකුත් සියලූ බාධක දුරු කර ඔවුන්ගේ අධ්‍යාපනයේ නිසි ජය ලබා දෙන මෙන් ඉල්ලා සිටිමින් මෙම ගාථා පාඨවලින් ද උන්වහන්සේ වන්දනා මානයට ලක් කිරීමෙන් බොහෝ උසස් ප්‍රතිඵල හිමිකර ගත හැකිවනු ඇත.
වන්දේ ගණේෂං දේවේන්ද්‍රන්
සර්ව විස්නා පහාරිණං
ආරක්ෂාං කුරුතාං මහ්යං
කාර්යකාර්යසු සර්වදා
සැම උවදුරු නසන - ගණදෙවි වඳිමි බැතියෙන
දී මට නිති රැකවරණ - සියලූ කටයුතු සඵල කළ මැන
උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

ජෝතිෂ්‍යය ලිපි
සතර කේන්ද්‍රය පළුවීම ලෙස හදුන්වන කේමදෘම යෝගය හිතන තරම් භයානක නෑ....
2019-04-25 12:07:00
ජෝතිෂ්‍යය ලිපි
ග්‍රහ පිහිටීම අනුව යුග දිවිය කටුක කරන ලිංගික දුබලතා ගැන ඔබ දැනුවත්ද ?
2019-02-01 10:59:00

බීමතින් බැණ වදිමින් සිටි නගරාධිපති පිහිනුම් තටාකයට පතබෑවේ… ගොඩට ගෙන බඩ පාගති..
2019-12-12 05:24:00ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් සඳහා කැබිනට් අනුමැතිය
2019-12-12 05:23:00රාජපක්ෂවරුන් විනාශ කිරීමට මූලධර්මවාදී කුමන්ත්‍රණයක්…- උඩුවේ හිමි
2019-12-12 03:59:00ස්විස් තානාපති කාර්යාල සේවිකාවට පැනවූ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ
2019-12-12 03:57:00මිලේනියම් ගිවිසුම අත්සන් කලොත් මං ආණ්ඩුවෙන් ඉවත් වෙනවා..- වාසු
2019-12-12 12:19:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com