සුගතියක උපදින්නට මේ කරුණු දැනගන්න

2019-03-27 10:41:00       683
feature-top
ඔබ මිනිස්සු පේ‍්‍රතයෝ වෙන හැටි ගිය සතියේ අවබෝධ කළා. මේ ඇස ආදි ඉන්ද්‍රියන් හයෙන් උපන් ලෝභ (තෘෂ්ණා* ද්වේශ මෝහ යන අකුසල් මුල් ජීවිත කාලය පුරාම විඤ්ඤාණයන්
 
 ගොඩනැ`ගීමේ හේතුව නිසාය. එවිට ඒ ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල් මුල් ස්ථිරවම ශක්තීමත්ව ඇලී පවතිනවා. මරණාසන්නයේ අවසන් සිත ඒ තුළින් උපදින්නේය. ජනක කර්මය හෙවත් ඊළ`ග භවයට පත්කරන චුති සිත ඒ තුලින් බිහි වී අගතියක උපදී. මෙතන ඇත්තේ්ත් ත‍්‍රිලක්‍ෂණ යයි. එනම් අනිච්ච, දුක්ඛ, අනත්ත තත්ත්වයමය.
 
 මිනිස් ලොව තුළ ආස්වාද විඳවිඳ මහා දේපල සම්පත් උපයාගෙන මගේ මගේ කියා යම් පෞරුෂ තත්ත්වයන් තුළ හිටපු කෙනා මිය ගොස් පේ‍්‍රතයෙක් වී ඉපදීම අනිච්ච දෙයකි. එනම් මේ භවය ස්ථිර නැති දෙයකි. ආස්වාද විඳ විඳ සිටියත් දැන් දුක විඳීමට සිදුවේ. යමක් වෙනස් වූ පසු එතැන දුක හටගනී. මේ දේපල සම්පත් මගේ මගේ කියා ඒවා තදින් අල්ලාගන හිටියත් ඒවා හිමි නොවීම අනත්ත ලක්‍ෂණය වෙයි. නිවන් මගට පැමිණි අය ඒවා අත්හැර දමා ඇත. නමුත් ලෞකික ජීවිත ගෙනයන අය ඒවා පරිහරණය කරමින් මේ සැබෑතත්ත්වයන් අවබෝධ කරමින් සිටී. එනිසා ඔවුන් මරණින් පසු සුගතිගාමිවේ.
 
 ඔබ කළ යුත්තේද ඒ අවබෝධය ලබාගැනීමය. එය පසෙකට දමා බුදුන් වැන්දත් සිල් ගත්තත් දන්දුන්නත් වෙහෙර විහාර හදන්න උපකාර කළත් හන්දි ගානේ බුදු කුටි ඉදි කළත් ඒ සසර දුක නැති කරගන්න අමාරුය. ඒවායින් ලැබෙන්නේ ආමිෂය වූ ආයු, වර්ණ, සැප, බල, ප‍්‍රඥා, යන ලෞකික සමාපත්තියයි. ඒවායේ ප‍්‍රතිඵල අත්විඳින්නට නම් ඊළ`ග භවය මනුෂ්‍ය හෝ දේව යන සුගති ආත්ම භවයක්ම ලද යුතුය. යමෙක් මේ ආමිස පූජාවන්ටම ඇලී දිගින් දිගට ඒ දේවල් කෙරෙන්නේ නම් මරණා සන්නයේ එය චුති සිත බවට පත්වුවොත් මනුෂ්‍ය දේව යන භවයක ඉපදීමේ හැකියාව ලැබේ.
 
 එහෙත් එසේ වන්නේ සීයෙන් කීදෙනෙකුටද? බොහෝ දෙනා ලෝභ, ද්වේෂ, මෝහ තුළ ඇලී සිටින හෙයින් පාරිශුද්ධ මරණයකට පත්විය නොහැක. එනිසා අගති ආත්ම ලබයි. එවිට කඩින්කඩ හෝ උපදවාගත් ඉහතකී ආමිස පූජාවන්ගේ ආයු, වර්ණ, සැප, බල ප‍්‍රඥා යන ලෞකික සමාපත්තිය නොලැබේ. ඒ අගති ආත්මවලට පැමිණෙන්නේ කරන ලද ලෝභ, ද්වේෂ, මෝහවල අගති ප‍්‍රතිඵලමය. නමුත් අනිවාර්යයෙන් ඒ ආමිස පූජාද කළ යුතුමය. මනුෂ්‍ය දේව ආත්මවලට පංච සමාපත්තිය ඇති කරන්නේ ඒ ආමිස පූජාවන්ගේ ආනිශංසයයි. නමුත් ආමිස පුජා පමණක් නොසෑහේ. බුද්ධඤාණ දර්ශනයද අත්‍යාවශ්‍යමය.
 
 එනිසා දන්දීම, සිල්රැුකීම, භාවනා කිරීම යන කරුණු තුන මනුෂ්‍ය භවයක් ලද සෑම කෙනෙක්ම අනිවාර්යයෙන් කළයුතුමය. නැත්නම් මේ වසර අසූවක් අනූවක් වූ මිනිස් ආයුෂය තුළ කොහොම සැප සම්පත්, දේපළ, නිලබලය, ධනබලය, තත්ත්වය යයි මනෝමුලාව ඇතිකර ගත්තත් මරණෙන් පසු නිත්‍ය වශයෙන්ම පේ‍්‍රතාදී ලෝකවල ඉපදී අවුරුදු දහස්
 
 ගණන් දුකට වැටේ. මේ තත්ත්වයන් ගැන අවුරුදු සීයකට ආසන්න කාලයක් පුරාවට පන්සලෙන් දායකයාට පැහැදිලිව නොලැබීම තිබේ. සත්‍යය එයයි. එනිසා නූතන මිනිසා මේවා ගැන දැනීම ලබා නැත.
 
n6 1 දවසින් දවස අළුත්වෙන ලෝකයක සුපිරි විද්‍යා දියුණුව තුළ අළුත්වෙන සිිරිත් විරිත් තුළ මිනිසා සිරවී සිටී. ඒවා සියල්ලක්ම ලෞකික දේවල්ය. සෑම ලෞකික දෙයක්ම අනිච්චය, දුක්ඛය, අනත්තය, එනම් හටගැනීම, ඒවා වෙනස්වෙමින් වෙනස්වෙමින් පැවතීම අවසානයේ විනාශ වී යෑම යන ලෝක ධර්මතාවය වෙයි. මේ තත්ත්වය වෙනස් කළ හැකි කිසිම විද්‍යාඥයෙක් බුද්ධිමතෙක් මේ විශ්වයේ නැත. මේවා භාවනාව තුළින් විදර්ශනා (විනිවිද ලෙස* කර බැලීමෙන් වටහා ගත හැක.
 
 සදාකල් පවතින යම් දෙයක් මේ විශ්වය තුළ පවතීද? නැත. මීට අවුරුදු දහස් ගණනකට පෙර කළු ගලින්ම ගොඩන`ගන ලද
 
 ගොඩනැ`ගිලි අනුරාධපුර පොළොන්නරු යුගවල තිබුණත් අද ඒවා නටබුන් බවට පත්ව තිබේ. කිසිවක පැවැත්මක් නැත. මනුෂ්‍යයාද උපත ලද තැන පටන් වෙනස් වෙමින් වෙනස් වෙමින් මරණය කරායයි. මේ අඩුම ආයු ප‍්‍රමාණ ඇති මිනිසා මෙලොව සැප සම්පත් දේපලසේම තමාගේ කය ගැනද සදාකාලිකයි කියා සිතමින් ස්ථිරයි කියා නිතර සිතේ පවත්වා ගනී. ගෙවල් දොරවල්වලට ඇලී සිටී. ¥ දරු මුණුබුරු මිනිබිරියන්ට ඇලී සිටී. දේපල වස්තු සම්පත්වලට ඇලී සිටී.
 
 එනිසා දාන, ශීල, භාවනා යන මගක සිටින්නට පවා වත්මන් මිනිසාට ඇති හැකියාව දුරුවී ඇත. මේ නිසා දහසක් මිනිසුන් මිය යනවිට එයින් නවසිය අනූ අටක්ම පේ‍්‍රත - තිරිසන් ආදී සතර අපාවල උපදින තැනට පත්ව තිබේ. මේතරම් වෙහෙර විහාර, බෝධි පන්සල් තිබිය දී ඒවායේ දායක මිනිසුන්ට එසේ වීමට සිදු වුයේ ඇයි?
 
 ගිහි ජීවිතය ගතකරන කෙනා මේ සෑම දෙයකම ඇති අනිච්ච, දුක්ඛ, අනත්ත .... තත්වයන් අවබෝධ කළ යුතුය. අධිකව පවතින තන්හාව දුරුකර ගතයුතුය. ජීවත්වීම, ඉඩමක් කඩමක් ගැනීම, වාහනයක් ගැනීම, ¥ දරුවන් උදෙසා යම්යම් දේ ඉතිරි කර ගැනීම ආදී දේවල් තෘෂ්ණාව ලෙස දැකිය නොහැක. ඉපදුන නිසා ඒවා උපයා සපයා
 
 ගැනීමට වෙහෙස වෙමින් දුක්විඳිය යුතුය. ඒ දුකින් මිනිසාට ගැලවිය නොහැක. එනිසා ඒවා උපයා සපයා ගැනීමට දුක් විඳීමට මිනිසාට සිදුවේ. දුක නම් ආර්ය සත්‍යය එයයි.
 
 ලෙඩවීම, වයසට යෑම, කැමති දේ නොලැබීම, පි‍්‍රයයන්ගෙන් වෙන්වීම අප‍්‍රියයන් හා එක්වීම, දුක, ශෝක, පරිදේව, දෝමනස්ස, උපායාස ආදී සියල්ලක් ඉපදුන සෑම මිනිසකුටම විඳින්නට සිදුවෙයි. එසේම සොරකම වංචාව, කපටිකම, ගසාකෑම රටට ජනයාට අහිතකර දේවල් කර ඉපයීම ආදී වැරදි දේවල් මිනිසාගේ ඊළ`ග භවය සතර අපාවලට පත්කරයි. මෙනිසා මිනිසාට ශීලය අත්‍යාවශ්‍ය වෙයි. ශීලයේ හික්මෙන මිනිසා මෙලොවද ජය ලබන බව දහමේ සඳහන් වෙයි.
 
 ගිහි දිවිය ගෙවන මිනිසාට හික්මිය යුතු ශීලය වන්නේ පංචශීලයයි. මේ තුළ හික්මෙන මිනිසාට පිං ගංගා පහක් ගලා බසින බව බුද්ධ දේශනාවේ වෙයි. පිනක ඇති බලය මේ වත්මන් සමාජය දන්නේ නැත. එය ප‍්‍රීතිය ඇති කරන බලයකි. කුමන වූ ප‍්‍රීතියක්ද? එනම් කැමති දේ ලැබෙන ප‍්‍රිතීයයි. මේ වත්මන් සමාජය කැමතිදේ ලෙස මේ ඉන්ද්‍රියන් හය තුළින් වේදනා සංඥා සංස්කාර විඤ්ඤාණ ඔස්සේ අසීමිත ආශාවන්ට ගොදුරු වී මහා තන්හාවක නිරත වී සිටී. තන්හාව අකුසල් මූලයක් බව ඔබ දැන් දන්නේය. ඒ අකුසල් මූලයක පිහිටා සැප සොයන මිනිසාට මෙලොව කැමති දේ ලැබීමට බාදා ඇති වෙයි. එය අවබෝධ වීමට දහම් අවබෝධය ලබා නැත.
 
 කැමති දේ ලැබීමට යම්සේ හැකියාව ඇත්තේ පංච ශීලයටය. පිනක ඇති මහා බලයද එයයි. මෙලොවට මනුෂ්‍ය ආත්ම ලබා උපදින්නේ පිං ඇති අයයි. ඒ පිං හේතු කොටගෙන මෙලොවදී කැමති දේ ලැබීමේ ආකර්ශනය ඇතිවෙයි. නමුත් ඔහු මෙලොවදී ශීලය තුළින් යළි පිං උපද්දන්නේ නැතිවිට එකී ආකර්ශණ ශක්ති ¥ර්වල වෙයි. එවිට මිනිසා අපල අත්කර ගනී. පංච ශීලය තුළ හික්මෙන කෙනාට සම්මා දෘෂ්ඨික දෙවියන් පවා උපකාර කරයි.
 
 පංච ශීලයවත් හරියට නැති අය අටසිල් සමාදන් වීම පවා මේ වර්තමාන ලෝකයේ දකින්නට ලැබෙන දසුනකි. ඒ අය තමා විසින් තමන්ව රවටාගැනීමක නිරත වෙයි. එයද ලෝභ, ද්වේශ, මෝහ, යන අකුසල මූලයන්ගේ බලයකි. ඇස, කණ, නාසාදි ඉන්ද්‍රියන් වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ වශයෙන් අකුසල් මුල් උපද්දවයි. මේ නිසා කැමති දේ නොලැබෙන දුක බලවත් වීමෙන් තෘෂ්ණාව විශාල වී අකුසල් උපදින මාර්ග තුළ කැමති දේ සොයන්නට වෙහෙසෙයි. මේ සියල්ල සිදුවන්නේ භාවනා හෙවත් බුද්ධ ඤාණ දර්ශනය නොදත් බැවිනි.
 
 එනිසා ශීලය නිරන්තර තමා තුළ පැවතිය යුතු අතර බුද්ධ ඤාණ දර්ශන අවබෝධයද තිබිය යුතුය. මිනිස් භවයට මේ දාන, ශීල, භාවනා, නියත වශයෙන්ම තිබිය යුතුය. සතුන් මැරීම හොරකම, වැරදි කාමය, බොරුකීම, මත්පැන් පානය සම්පූර්ණයෙන්ම යළි මිනිස් භවයක් ලැබීම අවුරුදු ලක්‍ෂ
 
 ගණනකට ප‍්‍රමාද කර සතර අපා උත්පත්තිවලට ගෙනයයි. මත්පැන් පානයෙන් සිදුකර ගන්නේ තමන්ගේ මනස විකෘති කරගැනීමය. එයට යම් මිනිසෙක් ඇබ්බැහිවී සිටීනම් නියත ලෙසම ඔහුට නැවතත් මිනිස් භවයකට පත්වීම අවුරුදු ලක්‍ෂ ගනණකට ප‍්‍රමාද වෙයි.
 
 මේ අනුව අකුසල් ආස්වාදවල ආදීනව තේරුම් ගත යුතුය. කාම මිත්‍යාචාර අකුසලයටද එසේය. වෙනත් පුරුෂයෙකුගෙන් අඹුක් සමග හෝටල් කාමරයක් තුළ මහා ආස්වාද විඳින්නේද එයට සකස් වන ප‍්‍රතිවිපාකය බිය ජනකය, වසර දහස් ගණනක් තිරිසන් හෝ පේ‍්‍රත ආත්මවල ඉපිද ලිංග හා යෝනිවල ලෙඩ ඇතිවී කුණු වී පණුවන් සහිතව මහා දුක්වලට භාජනය වන බව ධර්මයේ සඳහන් වේ. අප ඇසුරු කරන ධ්‍යානධාරි වනවාසි භික්‍ෂූන් වහන්සේ නමක් මෙවන් දර්ශනයක් මා සමග පැවසූවේය.
 
 එක් පේ‍්‍රතයෙකුත් පේ‍්‍රතියන් තිදෙනෙකුත් එතුමාට දර්ශනය විය. ඔවුන් සිටියේ නිරුවතිනි. ඒ පේ‍්‍රතියන් තිදෙනාගේම යෝනි මීයක් බැන්දා සේ දැක තිබේ. මී මැස්සන් සේ කර්මාණු රූපව හටගත් පණුවන් විය. මී පැණි ගලන්නාසේ ලේ සැරව ගැලූවේය. පේ‍්‍රතයා ඒ යෝනි දෙස ඇස් ලොකුකර බලා සිටි අතර ටික වෙලාවකින් ඒ ඇස් දෙක පුපුරාගොස් ලක්‍ෂ ගණනක් කුරුමිණියන් වැනි සතුන් පිටතට පැමිණ ඔහුගේ සිරුර කා දමන්නට විය.
 
 එතුමා පැවසූවේ මේ වැරදි කාමයේ යොමුවීම සේම එවැනි දර්ශන බලමින් ආස්වාද විඳි පාප විපාක බවය. මේවා අවුරුදු දහස් ගණන් ගෙවිය යුතු පාප කර්ම වෙයි. මෙසේ ඒ විපාක අවසන් කර මෙලොව මිනිසකු ලෙස ඉපදෙන අයට විවාහ අහිමි වන බවත් කෙසේ හෝ විවාහයක් කර ගත හොත් එය අප‍්‍රමාණ දුක් විඳීමට හේතුවක් වන බවත් කර්ම හා කර්මඵල පිළිබඳ බුද්ධ දේශණාවල සඳහන් වේ.
 
 ඔබත් පව්කම් දස අකුසල් මේ වනවිට කරගන ඇති ඒවා ඒ විදියටම ඔබ තවදුරටත් පත්වාගන යන්නේ නම් ඔබට කිසිම ගැලවීමක් නැත. නමුත් ඔබට ඒ සියලූ පව් දුරුකරගත හැකිය. ඔබ කළ යුත්තේ ශීලය ගොඩන`ගාගන බුද්ධ ඤාණ දර්ශනය අවබෝධ කරගැනීමට උත්සාහ කිරීමය. මේ සඳහා අරණ්‍ය වාසි භික්ෂූන් වහන්සේලා ඇසුරු කොට දහම අසන්න. වඩාත්ම ඔබට ලේසි වන්නේ මහමෙවුනා භික්‍ෂූන් වහන්සේලා ඇසුරු කොට පිළි සරණ ලැබීමය.
 
 නැතිනම් අවුරුදු දහස් ගණන් සතර අපාවල දුක් උරුම කරගන්නවාද? නැතිනම් එයින් මිදී සුගතිය ලබනවාද යන්න ඔබම තීරණය කරන්න. එසේ ධර්මාවබොධයට ඔබ වහවහා පෙළඹුනොත් ඒ සද්ධර්ම අවබෝධය නිසා ඔබේ සිත අඩු තරමින් සොවාන් මාර්ගයට හෝ පත්වෙයි. ඔබ වයසින් කුමණ ප‍්‍රමාණයක හිටියත් අතීතයේ මව හෝ පියා මරා දමා පංචානන්තරිය පාපය උපදවා නැත්නම් ඔබ කර ඇති වෙනත් සියලූ පාපකර්ම හිස් වී අකර්මණය වී ඔබ පැහැබර සුගතියක මහේශාඛ්‍ය ලීලාවෙන් උපදිනු ඇත.

උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »