බුලතින් හෙළිකරන ඔබේ ජීවිතයේ රහස් හා අනාවැකි

2019-04-23 09:50:00       856
feature-top
දොළොස් මසක් ගෙවී තවත් දොළොස් මසක ආරම්භය. පසුගිය දා සිදුවිය සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට පිවිසෙන්නේ බක් මාසයේදීය. බක් මාසයේ අවුරුදු උදාවත් සමගම බුලත ප‍්‍රමුඛව ඉදිරියට එයි. බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩි අවස්ථාවේදී උන්වහන්සේට දැහැත් පිළිගැන්වූ බවක් දැක්වේ. එබැවින් දුරාතීතයේ සිට මුණි පුදට ද ගන්නා ලද බුලත විශේෂයෙන් සිංහල බෞද්ධ ජන ජීවිතය හා බැඳී පවතී. ‘ඉමං තාම්බුල භෙසජ්ජදානං’ විසින් බුලත් (දැහැත්* පිදීමේ අනුහස් ද කියැවේ. ‘නාගවල්ලී දලූපේතං’ බුද්ධ පූජවේදී බුලතට විශේෂ තැනක් හිමිවේ. දෙවියන් ද, රජුන් ද, ගුරුන් ද, වෛශ්‍යාවන් ද, වෙදහු ද, ජ්‍යොතිඥයා ද හමුවට යන විට බුලත් නැතිව ශූන්‍ය හස්තයෙන් ගිය කල තම අභිප‍්‍රාය සිද්ධනොවන බව ද කියා ඇත. බුලත් නැතිව දෛවඥයා ළඟට ගිය විට මෙසේ පල ලැබෙන බව ඔබ හොඳින්ම දැනගත යුතුයි නව වසරේ පටන්වත්
 
 ‘ථල පුෂ්පයුතෝයෝහි - දෛවඥ පරිපෘව් ජති’
 
 තස්වෛකථයෙත් ප‍්‍රශනං - සත්‍යං භවති නාත්‍යාතායි’’
 
 එනිසා දෛවඥයා, වෛiවරයා, වාස්තු විද්‍යාඥයා, මන්ත‍්‍රවේදියා ළ`ගට හිස් අතින් යන්ට එපා, ඔහුගේ මේසය මත ඇති බුලත් රැුගෙන බුලත් ගෙනෙන්ට බැරි වුණායැයි කියා තම නොසැලකිල්ල ඉවතට දමා බුලත් රැුගෙන යන්ට දැන්වත් ඉගෙන ගන්න. ඉහත උදාහරණ උපදේශයන් අනුව එළැඹෙන මෙම අවුරුදු උදාවේදී ඔබේ ජීවිත තොරතුරු හෙළි කරන අලූත් අවුරුදු බුලතක් නැකත පාඨක ඔබ සැමට මෙසේ තිළිණ කරමි. මෙහි රූ සටහන් තුළින් ඔබගේ ජීවිතයේ රහස් හා අනාවැකි කෙළිකරන මනෝවිද්‍යාත්මක පිළිවෙතකි මේ ක‍්‍රමය. ඔබ කළ යුත්තේ මේ රූ සටහන් අතරින් ඔබේ හිත එක්වරම ඇදී බැඳී යන රූප සටහන තෝරා එයට අයත් අකුරු බලා ඒ යටතේ දක්වා ඇති විස්තර කියවා බලන්න එවිට ඔබ පුදුමයට පත්කරමින් හෙළිවන තොරතුරු කොතරම් දුරට ඔබට ගැලපේද දැනගන්න.
 
 (අ* ඔබ නිහතමානීව ජීවත්වීමට ප‍්‍රිය කරන්නෙකි. අන් අයගේ ලක්‍ෂණයන්ට හෝ බාහිර ලක්‍ෂණවලට රැුවටීමට තරම් ඔබ බොළඳ නැත. මේ නිසාම මුළු ජීවිත කාලයම හුදකලාව ගතකිරීමට ද ඔබට සිදුවිය හැකිය. සංචාරයන්හි යෙදීම ඔබේ විනෝදාංශයක් වේ. තම දැනුම දියුණු කර ගැනීමට නිතර උත්සාහ කරන්නෙකි. ඔබේ ජීවන සහකරු නිතරම ඔබව ධෛර්යමත් කරයි. ඔබගේ සහකරු හෝ සහකාරිය කාර්මික ඥානය දියුණුකර ගත් අයෙකි. ඉතාම පහසුවෙන් මිතුරන් ඇතිකර ගන්නෙකි. එහෙත් එම මිතුරන්ගෙන් හිතන තරම් උපකාරයක් ඔබට නොලැබේ. දම් පාට ඔබ ඉතාම කැමැති වර්ණයකි.
 
 (ආ* චිත‍්‍රවලට ඇළුම් කරන්නෙකි. ප‍්‍රියතම විෂයය කලාව මෙන්ම චිත‍්‍රවලට ඇළුම් කරන්නෙකි. ක‍්‍රීඩාවන් කෙරෙහි ඇල්මක් තිබුණත් තරමක කම්මැලි අයෙකි. අසාමාන්‍ය කාර්යයන්හි ඵලක් නැති වැඩවල නිරත වීමට ඉතාමත්ම කැමැති අයෙකි. ඔබ කිසිදු වැඩක් සඳහා දෙවරක් උත්සාහ නොකරයි. ජීවිතය මෙන්ම ඒ හා සබැඳි කාර්යයන්හි ඔබ දක්වන්නේ මන්දෝත්සාහි බවකි. තරමක් උත්සාහයෙන් කටයුතු කළොත් ඔබගේ දියුණුවට මග පාදා ගැනීම අසීරු නොවේ ඔබ ගුණවත් පුද්ගලයෙකි. පියාට ලැදිය. ලස්සන කඩවසම් බව අගය කොට නොසලකන ඔබ මනමාල කමින් ආඩම්බරයකු වීමට කැමැති නොවන අයෙකි. ඔබ කුඩා ළමුන්ට ආදරය කිරීමත් ඔවුන් සමඟ සෙල්ලම් කිරීමත් ඔබේ විනෝදාංශයකි. ඔබ කැමැතිම පාට අළු පාටයි.
 
 (ඇ* ගණිත විද්‍යාවට විශේෂ දක්‍ෂයෙකි. උසස් ලෙස රැුකගත් පෞද්ගලික තත්ත්වයක් ඔබට ඇත. විවිධ ප‍්‍රහේලිකා ගැටලූ ගැන කතා කිරීමට හා විසඳීමට ඔබ දක්වන්නේ ඉමහත් ඇල්මකි. ඔබට ඉක්මන් කේන්ති ඇති නොවේ. කෝපය ඇතිවන්නේ කලාතුරකින්ය. සිත් ඇදගන්නා පැහැදිලි කටහඬක් ඇත. දෙන ඕනෑම කටයුත්තක් වගකීමකින් හරියට නියම වේලාවට ඉටු කරන්නෙකි. කෙනකු විසින් කරන ලද වරදකට සමාව දීම ද, එය අමතක කර දැමීම ද ඔබේ සහජ සිරිතකි. එනිසා ඔබට මිතුරන් බොහෝය. ඔවුන් අතර ඔබ ජනප‍්‍රිය පුද්ගලයකු ද වේ. චිත‍්‍රපටි, රූපවාහිනි, පුවත්පත් කියවීම ඔබගේ විනෝදාංශයයි. ඔබේ ප‍්‍රියතම වර්ණය දුඹුරු පාටයි.
 
 (ඈ* විවිධ වයස් මට්ටම්වල බොහෝ මිතුරන් ඔබට සිටි ඔබ සතුටින් ජීවත් වන අයෙකි. ආදරය ගැන කියවෙන චිත‍්‍රපටි, චිත‍්‍රකතා, නාට්‍ය නැරඹීමට කියවීමට ඔබ අකමැතියි.
 
 ඔබ අතේ වරදක් ඇතත් නැතත් ඔබට බැන්න අයකුට ඔබ කිපී බනින අයෙකි. බොහෝ අවස්ථාවල පුද්ගලයන් පිළිබඳව මෙන්ම යම් යම් දේවල් පිළිබඳව ද වැරදි වැටහීම් ඇතිකර ගනී. ඔබ තුළ ඇති මැරවර දාමරික ස්වභාවය ඔබේ කටයුතුවලදී බාධාවන් ගෙනදේ. අනවශ්‍ය විහිළු තහළුවලින් වළකින්න. මවට ඉතාම ආදරය කරන අයෙකි. පියාට දක්වන්නේ මහත් බියකි. ප‍්‍රියතම වර්ණය ‘සමුද්‍ර’ නිල්ය.
 
 (ඉ* ඔබ විනෝදයෙන් ජීවත්වන අයෙකි. විහිළුවට සිනාවට ඉතා දක්‍ෂයි. තමා විසින්ම නිම්ණය කරගත් ලෝකයක ජීවත් වන්නෙකි. කෙදිනකවත් වගකීමක් භාරගැනීමට අකමැතියි. මිතුරන් නිසාම කාලය මිල මුදල් ශ‍්‍රමය ආදිය නැතිකර ගන්නෙකි. නමුත් නියම හොඳ මිතුරන් නම් ඔබට නැත. කරුණාවන්ත හදවතක් ඇත්තෙකි. කලාවට විශේෂ උනන්දුවක් ඇල්මක් දක්වයි. ලිවීමට ඉතා කැමැතියි එය විනෝදාංශයයි. ප‍්‍රියතම වර්ණය ‘රෝස’ පාටයි.
 
 (ඊ* දක්‍ෂ කථිකත්වයක් ඇති අයෙකි. ඕනෑම මාතෘකාවක් යටතේ වාද කිරීමේ දක්‍ෂතාවය ඇත. හැම කලාවක්ම රසවිඳීමේ හැකියාව ඇත. අලූත් ඇඳුම් ආයිත්තම් වලින් පෙට්ටගම් අල්මාරි පුරවා තබන්නට ආශාව ඇත්තෙකි. ඔබ ඉක්මන් කේන්ති කාරයෙකි. විවිධ විෂයන් පිළිබඳව දැනුම ලබන්නටත්, එය දියුණු
 
 කරගන්නටත් කැමැතිය. නමුත් ඒ එකම විෂයක්වත් සම්පූර්ණව ඉගෙන ගන්නේ නැත. වැඩිහිටියන්ට ගරුසර බවක් හෝ ගරු කිරීමක් ඔබ අතින් නොකෙරේ. ප‍්‍රියතම වර්ණය ‘නිල්’ ය.
 
 (උ* ඔබට දීප්තිමත් හොඳ අනාගතයක් ඇත. එහෙත් යා යුත්තේ බාධක කම්කටොලූ තුළින්ය. ඔබගේ සිතුවිලි ක‍්‍රියාවන් ඉක්මන්ය. ඔබගේ දියුණුවේ ගමන් මගට බාධක වී ඇත්තේ ඒ ඉක්මන් බවයි. වෙන විදිහකින් කිවහොත් ඔබේ වැඩ සහ ගමන් කිරීම දිවීමක් වැනිය. බාහිර පෙනුම් ගැන ඔබ නිතරම කනස්සලූ ගතියෙන් සිටී. ඔබේ හීනමානයට මූලික හේතුව එයයි. සෙසු පුද්ගලයන්ට ඔබ ඊර්ෂ්‍යා කරන්නෙකි. තමා හැම දෙයක්ම දන්නා බව ලෝකයාට පෙන්වීමට කැමැතිය. ඇත්තේ දෙපැත්තට ඇදෙන වැනෙන හිතකි. කුඩා ළමයකු ලෙස හැසිරෙන ඔබ දිලිසෙන සියල්ලම රත්තරන් සේ සිතයි. ප‍්‍රියතම වර්ණය ‘රතු’ පාටය.
 
 (ඌ* හැඩවැඩවී ප‍්‍රියමනාප ලෙස ජීවත් වන විරුද්ධ ලිංගිකයන්ගේ සැලකිල්ලට නිතර පාත‍්‍ර වන්නෙකි. විලාසිතාවන්ට මෙන්ම සුවඳ විලවුන් ආදියට ඇල්මක් දක්වයි. ඇබ්බැහි වෙයි. ඔබගේ යම් ප‍්‍රශ්නයක් සම්බන්ධයෙන් හෝ කටයුතු ආදිය ගැන ප‍්‍රශ්න කිරීමට කෙනකු ඉදිරිපත් වන්නේ කලාතුරකින්ය. ඔබේ ස්වාමියා ඔබමයි. ඔබට විදේශගත වීම් සංචාරයන් හෝ විදේශයක පදිංචිය සඳහා වාසනාව ඇත. ගණිතය හා භාෂාවන් ඉගෙන ගැනීමට දක්වන්නේ ඉමහත් ඇල්මක්ය. වැඩිහිටියන්ට ගෞරව කරන්නෙකි. ඔබේ ජීවිතය ගැන බැ?රුම් ලෙස සිතන්නට පුරුදු විය යුතුය. රිය පැදවීම ඔබේ ප‍්‍රියතම විෂයක් මෙන්ම විනෝදාංශයකි. ප‍්‍රියතම වර්ණය ‘අළු පාට’ය.
 
 (එ* ඔබට ඉවසීමේ පුරුද්දක් ඇත. එහෙත් මහන්සි වී වැඩ කිරීමට කැමැති නැත. මසුරු ලෙස ධනය රැුස් කිරීමට ඔබ දක්වන්නේ ඉමහත් ගිජු කමකි. සංගීතයට ඇල්මක් දක්වයි. තරුණ කාලයේදීම උසස් තත්ත්වයකට පා තබන බවත්, කිසියම් අගහි`ගකම් ඇති වුවහොත් එය පිට අයට යහළුවන්ට දැනගන්නට ඉඩක් සලසන්නේ නැති අයෙකි. ඔබේ පෞද්ගලික ජීවිතය කෙනකුට වටහා ගන්නට අසීරුය. ඔබ හැම විටම හිතන්නේ ඔබේම කටයුතු ගැන පමණි. පවුලේ නෑ හිතවතුන් සමඟ අමනාප වන අයෙකි. මිත‍්‍රයන් සම්බන්ධයෙන් ද එසේමයි. තරමක් උනන්දුවෙන් කල්පනාවෙන් කටයුතු කරන්නේ නම් ඔවුන්ගේ ආදරය ඔබට ලැබෙනු ඇත. ප‍්‍රියතම වර්ණය ‘ලා’ වර්ණයන්ය.
 
 (ඒ* ඔබ උත්සාහ වන්නේ නම් රටේ ඉහළම තනතුරු පවා ලබා ගැනීමට දක්‍ෂකම් හා වාසනාව තිබේ. එහෙත් ඔබේ ඉක්මන් කෝපය කේන්තිය නිසා ඇතිවී තිබෙන හීනමානය ඔබේ දියුණුවට බාධාවකි. ඔබට ඇත්තේ ඔබ දුර්වලයකු යන හීනමානයයි. ඒ නිසා ඔබට මිතුරන් සිටින්නේ අල්ප වශයෙනි. ඔබ මිතුරන් හා සමාජය සමඟ එක්වී කටයුතු නොකළොත් අනාගතයේදී ඔබට හුදකලා වීමට සිදුවන්නේය. ඔබ අනිත් අයට වඩා පහත් යැයි නොසිතන්න. ඔබේ දුර්වලකම් මගහරවා හොඳ අවබෝධයක් ලබන්නේ නම් ඉදිරි කාලයේදී ඔබේ අනාගතය දියුනුව දීප්තිමත් වී බැබළේ. මැහුම් කර්මාන්තය ඔබේ ප‍්‍රියතම රැුකියාව වන අතර විවිධ රටා මෝ්ස්තරයන් නිර්මාණය කරන්නට දක්‍ෂ අයෙකි. ප‍්‍රියතම ඔබේ වර්ණය ‘දුඹුරු’ පාටයි. උදාවන අලූත් අවුරුද්ද තුළ බුලතින් කියවෙන සිංහල කමට ගරුකර ඔබේ ජීවිතය තුළ සැ`ගවී ඇති තොරතුරු තුළින් කරුණාව දයාව හා කෘතගුණය ද ගෞරවනීය භාවය ද බුලතෙහි කුළුගැන්වීමෙන් පරිත්‍යාගශීලීව හා ඉවසීමෙන් ද අප‍්‍රතිහත ධෛර්්‍යයෙන් හා තිරසාර අධිෂ්ඨානයෙන් කටයුතු කිරීමට ප‍්‍රාර්ථනා කරගන්න. දෙස් විදෙස්වල සිටින නැකත පාඨක ඔබ සැමට සුබ අලූත් අවුරුද්දක් වේවා.!
 
 ජ්‍යොතිෂ විද්‍යාජෝති,
 ගුප්ත විද්‍යා කීර්ති,  රඹුක්කන ජිනදාස එදිරිසිංහ



More News »