ජීවිතයට සුබ ඵල ගෙනෙන ඕරාව ගැන දැනුවත් ද?

2019-06-15 10:36:00       699
feature-top
සැම පුද්ගලයකු වටාම රශ්මි වළල්ලක් තිබෙන බව ඔබ ද අසා ඇති. එය 'ඕරා' නමින් හඳුන්වන අතර සෙන්ටි මීටර් 30 - 40 අතර පරාසයක විහිදී ඇති බවත් සඳහන් වේ.

මේ රශ්මි වළල්ල මිනිස් සිරුරේ හටගන්නා විවිධ රෝගාබාධ සමඟ වර්ණ කීපයකට බෙදේ. විශේෂයෙන්ම ආධ්‍යාත්මික වශයෙන් ඉහළ තලවල සිටින අයගේ ඕරාව කහ පැහැයෙන් විහිදේ. මෙය පියවි ඇසට දැකීමට අපහසු නමුත් අධි මානසික ශක්තියෙන් හෙබි පුද්ගලයන්ට නම් පියවි ඇසට දැකීමට හැකියාවක් ඇත.

මිනිස් සිරුරේ හටගන්නා රශ්මි ධාරාවල වර්ණයන් මෙසේය.

පියකරු රෝස පැහැය - ආදරය, සෙනෙහස සහ පිවිතුරු හැඟීම්

තැඹිලි පැහැය - නිර්භීත බව

කොළ පැහැය - සුවපත් බව

රතු පැහැය - දැඩි කනස්සලු බව හා කෝපය

තද දම් පැහැය - සන්සුන් බව හා ප්‍රඥාවන්ත බව

කහ පැහැය - ආධ්‍යාත්මික දියුණු බව

අඳුරු කලු පැහැය - වෛරය, පසුතැවිල්ල

මේ ආදී ලෙස සිතිවිලි අනුව කෙනකුගේ ඕරාව දිනකට විවිධ වර්ණයන් ගනියි.

භාවනා කරන අයකුට නම් එමඟින් උසස් ප්‍රතිඵල ලබාගැනීමට හැකියි. අලුයම් කාලයේ බෝ ගසේ පත්‍රවලින් නිකුත් කරන කිරණවල විශාල ශක්තියක් ගැබ්වී ඇත. මෙය ශරීරයට ඉතාම හිතකර වූ කිරණ විශේෂයකි. එවන් හිතකර කිරණයන් වෙනත් කිසියම්ම ශාකයකින් හෝ පත්‍රයකින් නිකුත් නොවෙයි. එමනිසා බෝධි පූජා සිදු කිරීමෙන් පින් රැස්කර ගත හැකියි.

නමුත් අවශ්‍ය කාරණයට ගැළපෙන පරිදි කර්මය බලා බෝධි පූජාවක් සිදු කළ යුතුය. එමඟින් විශිෂ්ට ප්‍රතිඵල ලබාගැනීමට පුළුවනි. ද්‍රෝණයක් වූ ධාතූන් වහන්සේලා තැන්පත් කර ඇති රුවන්වැලි මහ සෑයට සුදුමල් වට්ටියක් පුජාකොට ඔබගේ ප්‍රාර්ථනය කරන්න. එය සත්‍ය ලෙසම ඉටුවේ. එය ශ්‍රද්ධාවෙන් යුතුව පිළිවෙළකට කිරීමට ද මතක තබාගත යුතුයි. එයින් උසස් ප්‍රතිඵල ලබාගැනීමටද පුළුවනි.

දුක් කරදරයනට මුහුණ පෑ මිනිසුන් සරණ සොයා යන්නේ දෙවියන් අභියසටය. නමුත් දෙවියන් පිහිට වන්නේද ධර්මානුකූලව ජීවත්වන ඇත්තන්ටයි.

More News »