රටට හිත­කර දේශ­පා­ලන පරි­ව­ර්ත­න­යක් සමඟ රටේ ප්‍රබෝ­ධ­යක්
සෙන­සුරු බල­වත් වීමෙන් තරුණ පෙළට වැඩි වටි­නා­ක­මක්

2019-12-28 11:33:00       739
feature-top
2020 වසර පිළි­බඳ සැල­කීමේ දී සුවි­ශේෂ ග්‍රහ මාරු­වීම් කිහි­ප­යක්ම පව­තින වස­රක් වේ. ග්‍රහ මඬුල්ලේ ප්‍රධා­නම ග්‍රහ­යන් හෙවත් වැඩි කාල සීමා­වක් එක රාශි­යක සිටින ග්‍රහ­යන් 4 දෙනෙ­කුම මෙම වසරේ දී රාශි මාරු කරනු ඇත. සෙන­සුරු 2020 ජන­වාරි 24 දා ධනු රාශියේ සිට මක­ර­යට ගමන් කරන අතර රාහු, කේතු සැප්තැ­ම්බර් 23 දා වෘෂභ, වෘශ්චික රාශි­ව­ලට ගමන් කරයි. බ්‍රහ­ස්පති මාර්තු 30 දා මක­ර­යට සම්ප්‍රාප්ත වී ජුනි 30 දා යළිත් ධනු­වට පැමි­ණෙයි. ඒ අතර නොවැ­ම්බර් 20 දා මකර රාශි­යට දෙවැනි වරට ද පැමි­ණෙනු ඇත. එලෙ­සින් ගුරුගේ ගමන තෙව­රක් රාශි මාරු කරන ස්වභා­ව­යක් පවතී. ප්‍රධා­නම ග්‍රහ­යන් රාශි මාරු කිරීමේ දී එය රටට ලෝක­යට බල­පාන ආකා­රය වෙන­දාට වඩා වැඩිය. ලංකා කේන්ද්‍රය අනුව අප රට සෙන­සු­රුට අයත් රටකි.

සෙන­සුරු කාල වර්ණය නියෝ­ජ­නය කරන ග්‍රහ­යාය. අප ද කාල වර්ණය නියෝ­ජ­නය කරන ජාති­ය­කින් යුක්තය. මෙරටේ ලග්නය මනුෂ්‍ය රාශි­යක් වන කුම්භය ලෙස සැලකේ. ලෝකය පිළි­බඳ සැල­කී­මේදී ගුණ­වත් බව සහ මිනි­ස්කම නියෝ­ජ­නය කරන ජන කොට­සක් වශ­යෙන් අප හඳු­න්වන්නේ එම මිනිස් රාශි­යට අයත් රාශි­යක් ලග්නය වීම නිසාය. කෙසේ නමුත් පිළි­ග­ත්තත්, නොපි­ළි­ග­ත්තත් පන්සිල් පද රැකීම ප්‍රධාන ආග­මික ඉල­ක්ක­යක් කොට සල­කන මිනිස් වර්ගයා ජීවත් වන රටක් වන අපව හඳු­න්ව­නනේ සැප සම්ප­ත්ව­ල­ටම සුඛෝ­ප­භෝ­ගි­ත්ව­ය­ටම නැඹුරු නොවූ සෙන­සුරු ලග්නා­ධි­පති වන රාශි­යක් අප රටට අයත් නිසාය.

එවැනි සෙන­සු­රුගේ බලය කාවැ­දුණ රාශි­යක්, අප රටට හිමි වන නිසා සෙන­සුරු බල­වත් ගම­නක යෙදෙන ග්‍රහ චාර­යක් ජන­වාරි 24 දා යෙදෙන නිසා 2020 අප රටේ එක්තරා විදි­යක පරි­ව­ර්ත­න­යක් සිදු වීමට අව­කාශ ඇත. රටේ දේශ­පා­ලන පරි­පා­ල­නය සහ යම් යම් ඇව­තුම් පැව­තුම් මෙන්ම ක්‍රියා කලාප ද අමුතු රටා­වක් ඇති කිරී­මට සෙන­සුරු ගමන බල පව­ත්වයි. මෙය රටට අහි­ත­කර නොවේ. රටේ කිසි­යම් ප්‍රබෝ­ධ­යක් නවෝ­ද­යක් ඇති විය හැකිය.

වයෝ­වෘ­ද්ධ­ත්වය නියෝ­ජ­නය කරන සෙන­සු­රුගේ එම ග්‍රහ ගමනේ වේගය වයෝ­වෘද්ධ දේශ­පා­ල­න­ඥ­යන්ගේ වුව ද රට කර­ව­න්නන්ගේ වුව ද යම් යම් ඈත්මෑත් වීමක් සිදු වන බවට පෙර නිමි­ත්තකි. සෙන­සරු බල­වත් වීම ඉදිරි කාල සීමාව තුළ දී මෙරට අමුතු ආකා­රයේ ප්‍රව­ර්ධ­න­යක් ඇති වීමත්, තරුණ පෙළට වැඩි වටි­නා­ක­මක් ඇති වීමක් රටෙහි සංව­ර්ධ­නය ස්ථාපිත වීමක් මිනි­සුන් වෙන­දාට වඩා බුද්ධි­මත් වීමක්, හොඳ තීරණ ගැනී­මක් යන නිග­ම­න­යන්ට පත් වේ. හරි­ය­ටම සැල­කු­ව­හොත් විශ්ව කේන්ද්‍රයේ කර්ම­ස්ථා­නා­ධි­ප­තියා එම රාශි­යේම ද විශ්ව කේන්ද­රයේ ධර්ම­ස්ථා­නා­ධි­ප­තියා එම රාශි­යේම ස්වක්ෂේත්‍ර බල­යෙන් යුක්ත වස­රක් නිසා ලෝකයේ වන වෙනස අප රටට ද බල­පානු ඇත.

ලෝක දේශ­පා­ල­නය අමු­තුම මඟ­කට ගමන් කරයි. ශනි ගුරු බල­වත් වීම හෙවත් තිරි­හන් වීම මෙම වසරේ දී හරි­ය­ටම සිදු වේ. එය සෙන­සු­රුගේ රටක් වන අපට ද බල­පෑ­මක් වෙයි. ධර්ම කාරක වන බ්‍රහ­ස්පති අප රටට අදාළ ආගම ධර්මය අවි­හිං­ස­න­වා­දය නියෝ­ජ­නය කරන ගුරු­ටම අයත් ගති ලක්ෂ­ණ­ය­න්ගෙන් යුක්ත නිසා එම ගුරු බල­වත් වීමෙන් සෑම ක්ෂේත්‍ර­ය­කම ඇති ආගම ධර්ම­යට විකෘති බවට පත්ව ඇති ක්‍රම­වේද ප්‍රකෘ­ති­මත් බවට පත් වීමට මේ වසර හේතු සාධක වේ. ධර්ම කාරක ගුරු බල­වත් ගම­නක නියුක්ත වන හෙයිනි.

සම­ස්ත­යක් වශ­යෙන් ජන­වාරි 24න් පසු ජනී­ජ­නයා අතර යහ­පත් වෙන­ස­කට මඟ සල­සන අතර එය වඩාත් හිත­කර බවක් ඉන් ඉදි­රි­යට ඇති කරයි. රටේ යම් යම් අර්බුද ප්‍රශ්න ගැටලු නැතිවා නොවේ.

ඒ ඒ ලග්න­ව­ලට ග්‍රහ ගමන පරිදි සිදු වන පලා­පල මින් ඉදි­රි­යට දැක්වේ.

සාමා­න්‍ය­යෙන් ලග්න පලා­ප­ල­වල දී අප භාවිත කරන ක්‍රමය සම­ස්ත­යක් වශ­යෙන් වැර­දිය.

කෙන­කුගේ ලග්න පලා­පල විව­ර­ණයේ දී එකම පුද්ග­ල­යාට ලග්න දෙකක් ඇතැයි යන උප­ක­ල්ප­නය යටතේ ලග්න පලා­පල විම­සිය යුතුව ඇත. එක් ලග්න­යක් නම් උපන් වේලාව පරිදි උදා වන ලග්න­යයි.

ඒ හා සමා­න­වම වැඩි වටි­නා­ක­මක් ඇති තවත් ලග්න­යක් ඇත. එනම් විඥා­න­යට, මන­සට කාරක වන චන්ද්‍රයා සිටින රාශිය ද ලග්න­යක් ලෙස සැල­කී­මයි.

ජ්‍යොති­ෂයේ ප්‍රධා­නම ඍෂි­ව­ර­යකු සෙ සල­කන පරා­ශර මහා ඍෂි­ව­ර­යා­ටත් පෙර බිහි වූ භෝගාර් නමැති ඍෂි­ව­රයා මෙම චන්ද්‍ර ලග්නය පරිදි ග්‍රහ ගමනේ පල විපාක ලග්න­ය­ටත් වඩා ප්‍රමුඛ ලෙස සැල­කිය යුතු යැයි අව­ධා­ර­ණය කොට ඇති නිසා ඔබේ ලග්න පලා­ප­ල­වල දී උපන් ලග්නය මෙන්ම චන්ද්‍ර ලග්නය පරිදි පලා­පල විමසා එය මිශ්‍ර කොට පලා­පල නිග­ම­නය කළ යුතු වේ.

මේෂ

 

විදේශගත වී අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව

 

ලග්නා­ධි­පති කුජ 8, බුධ 9, සිකුරු 10, ගුරු 9, ශනි 9, රාහු 3, කේතු 9 ගෝච­රය වේ. එම පිහි­ටීම එත­රම්ම ශුභ­දා­යක නොවේ.

 

ධනය: ධනය ලැබීම අතින් අය­හ­පත් නොවේ. මිල මුදල් ලැබීම අතින් ශුභ­දා­යක වේ. මිල මුදල් සම්බන්ධ ලැබීම් උදෙසා සැල­සුම් සකස් කර ගත හැකිය. එසේ වුවත් විටෙක විය­දම් පක්ෂය ගැන සැල­කි­ලි­මත් විය යුතුයි. මිල මුදල් ලැබීමේ දී විය­දම් කිරීමේ දී ද ප්‍රවේ­සම් වන්න. 2020.09.23න් පසු තැන්පත් ධන­යට බාධා ඇති කළ හැකිය.

 

රැකි­යාව: කර්ම­ස්ථා­නා­ධි­පති සෙන­සරු භාග්‍ය­ස්ථා­න­යේය. කේතු ද සම­ඟයි. භාග්‍ය ස්ථානා­ධි­පති ගුරු නව­යේය. ක්ෂේත්‍ර සිංහා­සන යෝග­යයි. එම පිහි­ටීම තුළ වෘත්තීය වශ­යෙන් අය­හ­පත් නොවේ. අන්‍ය­යන්ගේ ආධා­රය උප­කා­රය ලැබී­මෙන් තමාගේ කට­යුතු සාර්ථක වේ.

 

ගෘහ ජීවි­තය: ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යුතු යහ­පත්ය. සම­ඟය සාම­යට එත­රම් බාධා එල්ල නොවේ. එසේ වුවත් අන්‍ය­යන් සමඟ කට­යුතු කිරීමේ දී තර­මක් සැල­කි­ලි­මත් විය යුතුයි. විටෙක තමාගේ වැඩ­ක­ට­යු­තු­වල වෙන­ස්කම් ඇති වේ. 2020.09.23න් පසු රාහු කේතු මාරු වීමෙන් යුග­දි­විය සම්බන්ධ යම් යම් ගැටලූ සහ­ගත තත්ත්ව­යක් උදා විය හැකි නිසා ඉතා බුද්ධි­මත්ව විම­සි­ලි­මත්ව ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් සම­ඟි­යට සාම­යට බාධා ඇති කළ හැකිය. දරු­වන්ගේ කට­යුතු කෙරෙහි අව­ධා­නය යොමු කළ යුතුයි. ගමන් බිමන් ඇති වේ. ඒවා කෙටි ගමන්ය. ගම­න්බි­ම­න්වල දී තර­මක් ප්‍රවේ­සම් විය යුතුයි. බොහෝ විට නිෂ්ඵල ගමන් වේ. ඒ සම්බන්ධ විය­දම් ඇති වේ. සමා­ජීය කට­යු­තු­ව­ලදී කල්ප­නා­කා­රීව ක්‍රියා කරන්න.

 

අධ්‍යා­ප­නය: විද්‍යා කාරක බුධ දහ­වැන්නේ සිකරු, ගුරු සමඟ සිටි­මින් වර්ෂය ආරම්භ වේ. ශනි, කේතු උසස් අධ්‍යා­පන ස්ථාන­යේය. ඉගෙ­නීමේ කට­යු­තු­වල දී අලුත් විෂය කෙරෙහි අව­ධා­නය යොමු වේ. සිය උත්සා­හය සහ කැප­වී­මෙන්ළ සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැකිය. එසේම වඩාත් උත්සාහ ගන්නේ නම් විදේශ ගත වී කට­යුතු කිරීමේ අවස්ථා ද ලබා ගත හැකිය. ආග­මික අංශ­යට නැඹුරු වී ක්‍රියා කළ හැකිය.

සෞඛ්‍යය: රෝග­ස්ථා­නා­ධි­පති බුධ ගරු සිකුරු සමඟ කර්ම­ස්ථා­නයේ සිටී. ශනි, කේතු නව­යේය. ස්නායු, නහ­ර­ගත පීඩා, ලේ දූෂ්‍යා­බා­ධ­යන්, වැටීම්, තැළීම්, තුවාල යනා­දි­යෙන් ප්‍රවේ­සම් වන්න.

 

ජය වර්ණය- රතු, කහ, දිනය- බ්‍රහ­ස්ප­තින්දා, අංක- 09, 03

වෘෂභ

 

වෘත්තීය සහ රැකියා අංශ­වල දී  දැනට වඩා වාසි­දා­යක වෙයි

 

ලග්නා­ධි­පති සිකුරු භාග්‍ය­ස්ථා­නෙය් ද, බුධ, ගුරු, ශනි, රවි, කේතු 8, රාහු 2,

කුජ 7 ගමන් කර­මින් සිටිය දී වර්ෂය ආරම්භ වේ.

 

ධනය: ධන­ස්ථා­නා­ධි­පති බුධ 9 ය. අය භාවා­ධි­පති ගුරු සම­ඟයි. යෝග­කා­රක ශනි 8 ද, 2020.01.24 සිට ශනි නව­වැන්නේ ද ගෝච­රය වේ. එම පිහි­ටීම් තුළ ආර්ථික සහ මූල්‍ය­මය වශ­යෙන් අය­හ­පත් නොවේ. විවිධ ක්ෂේත්‍ර­යන්ට යොමු වීමෙන් ආදා­යම් මාර්ග පාදා­ගනී. වෙළෙඳ ව්‍යාපා­ර­වල යෙදී සිටින අයට ශුභයි. වාසි­දා­යක තත්ත්ව­යක් උදා කර­ගත හැකිය. කෙසේ වුවත් රාහු දෙවැන්නේ 2020.09.23 දක්වා ගමන් කිරීම තුළ විටෙක ධන නාස්ති වීම්, මුදල් විය­දම් අධික වීම්ව­ලට ඉඩ පව­තින නිසා මිල මුදල් සම්බන්ධ කට­යු­තු­වල දී ප්‍රවේ­සම් වන්න.

 

රැකි­යාව: කර්ම­ස්ථා­නා­ධි­පති සෙන­සුරු 8, රවි, කේතු සම­ඟයි. 2020.01.24 සිට ශනි 9 වැන්නේය. එම පිහි­ටීම තුළ වෘත්තීය සහ රැකියා අංශ­වල දී දැනට වඩා වාසි­දා­යක වේ. ක්‍රම ක්‍රම­යෙන් වෘත්තීය දියු­ණු­වක් ද අභි­වෘ­ද්ධි­යක් ද ලබිය. 2020.06.30 සිට මේ සම්බ­න්ධ­යෙන් වඩාත් ශුභ­දා­යක වේ. අන්‍ය­යන්ගේ ආධා­රය උප­කා­රය ලැබී­මෙන් තමාගේ කට­යුතු සාර්ථක කර­ගනී. කෙසේ වුවත් 2020.11.20 සිට ගුරුගේ මාරු­වීම සමඟ තර­මක් කල්ප­නා­කා­රීව තම කට­යු­තු­වල නියුක්ත වන්න.

 

ගෘහ ජීවි­තය: රාහු කුටු­ම්භ­ස්ථා­නයේ 2020.09.20 තෙක් ගමන් කරයි. කේතු 8ය. එම පිහි­ටීම් තුළ යුග­දි­විය සම්බ­න්ධ­යෙන් තර­මක් කල්ප­නා­කාරී විය යුතුයි. වචන පාවි­ච්චියේ දී සැල­කි­ලි­මත් වන්න. දරු­වන්ගේ කට­යුතු නම් කිසි­යම් දියු­ණු­වක් ඇති වේ. කෙසේ වුවත් 2020.11.20 සිට ඉදි­රි­යට තර­මක් ප්‍රවේ­සම් සහිත විය යුතුයි. කර­ගෙන යන කට­යු­තු­වල වෙන­ස්කම් ඇති කරයි. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට අලුත් විෂ­ය­යන් ඉගෙ­නී­මට අව­ස්ථාව සැලසේ. පර්යේ­ෂණ කට­යුතු උදෙසා යහ­පත්ය. උත්සා­හය සහ කැප­වී­මෙන් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් ලබයි. විදේ­ශ­ගත වී කට­යුතු කිරීමේ අවස්ථා උදා කර­ගත හැකිය. ආග­මික අංශ­යන්ට නතු වී ක්‍රියා කරයි. එයින් සහ­න­යක් ද සැන­සී­මක් ද ලබයි.

 

සෞඛ්‍යය: මුත්‍ර දෝෂ, ඇස්වල දුර්ව­ලතා, මූත්‍රා­ශය ආශ්‍රිත පීඩා, ලේ දූෂ්‍යා­බාධ, ස්නායු දුර්ව­ල­තා­ව­ලට ඉඩ පවතී.

ජය වර්ණය- නිල්, අංකය-- 06, දිනය- සිකු­රාදා

මිථුන

 

ආර්ථික තත්ත්වය, ධන තත්ත්වය ශක්ති­මත්

 

ලග්නා­ධි­පති බුධ, ගුරු 7 ද රාහු ලග්නයේ ද, ශනි, රවි, කේතු 7 ද කුජ 6 ද චන්ද්‍රයා 9 ද ගෝච­රය වේ. සිකුරු 8 ගමන් කරයි.

 

ධනය: ධන­ස්ථා­නා­ධි­පති සඳු භාග්‍ය­ස්ථා­නෙය් ද, අය භාවා­ධි­පති අඟ­හරු 6 වැන්නේ ස්වක්ෂේ­ත්‍රව ද යෝග­කා­රක සිකරු 8 විමල යෝග­යෙන් ද ශනි 7 දිග්බ­ල­යෙන් ද සිටී. එම පිහි­ටීම් තුළ ආර්ථික තත්ත්වය, ධන ත්ත්වය ශක්ති­මත් එකක් වනු ඇත. කෙසේ වුවත් 2020.11.20න් පසුව දැනට වඩා ශුභ­දා­යක ආර්ථික තත්ත්ව­යක් උදා වනු ඇත.

 

රැකි­යාව: කර්ම­ස්ථා­න­ධි­පති ගුරු 8 බුධ සිකුරු සම­ඟයි. චන්ද්‍ර­යාට දහයේ කුජ ස්වක්ෂේ­ත්‍රයි. එම පිහි­ටීම් තුළ වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රය සම්බ­න්ධ­යෙන් යම් යම් බාධා අව­හි­රතා ඉස්මතු විය හැකි නිසා කල්ප­නා­කා­රීව ක්‍රියා කරන්න. 2020.11.20 න් පසුව දැනට වඩා ශුභ­දා­යක තත්ත්ව­යක් උදා වේ. විදේ­ශ­ග­ත­වී­ම්ව­ලට ඉඩ සලසා ගත හැකිය.

 

ගෘහ ජීවි­තය: යම් යම් බාධා අව­හි­රතා ඇතත් කාල­යක් තිස්සේ පැවැති වැඩ­ක­ට­යුතු කිහි­ප­යක් නැවත ආරම්භ කරයි. යුග දිවිය සම්බ­න්ධ­යෙන් අය­හ­පත් නොවේ. සම­ඟිය සාමය සුර­ක්ෂිත කර­ගනු ඇත. තරුණ තරු­ණි­යන් අතර ප්‍රේම සම්බ­න්ධතා වර්ධ­නය වනු ඇත. විටෙක ඒ සම්බ­න්ධ­යෙන් බාධා අව­හි­රතා නැත්තේ ද නොවේ.

ඉඩ­ක­ඩම් දේපළ සම්බන්ධ කට­යු­තු­වල දී තර­මක් කල්ප­නා­කාරී වන්න. විටෙක බාධා අව­හි­ර­තා­වට ඉඩ පව­තින බැවිනි. විවා­හය සම්බන්ධ කට­යු­තු­වල දී 2020.11.20න් පසු යහ­පත් වනු ඇත. ආග­මික ධර්ම­යට වැඩි නැඹු­රු­වක් පෙන්වයි. ඒ සම්බන්ධ කෙටි ගමන් බිමන් ඇති කරයි. එසේම ගුප්ත ශාස්ත්‍රිය කට­යු­තු­ව­ලට ශුභයි.

 

අධ්‍යා­ප­නය: විද්‍යා ස්ථානා­ධි­පති සිකුරු විද්‍යා­කා­රක බුධ අට වැන්නේය. ගරු සම­ඟයි. එම පිහි­ටීම සිකු­රුගේ බුධ අන්ත­රය ගත කරන අයට ද, බුධගේ සිකුරු අන්ත­රය ගත කරන අයට ද ශුභ­දා­ය­කයි. වාණිජ ක්ෂේත්‍ර, නීති­මය අංශ­යන්ට අදාළ විෂය වඩාත් සාර්ථක කර ගත හැකිය.

 

සෞඛ්‍යය: රෝග­ස්ථා­නා­ධි­පති කුජ ස්වක්ෂේ­ත්‍රයි. බඩ­ගින්න වැඩි වේ.

ආහාර රුචිය ඇති වේ. කෙසේ වුවත් සැඟවූ රෝග ඉස්මතු කළ හැකිය.

උෂ්ණා­ධික රෝග, බඩ­වැල් ආශ්‍රිත රෝගා­දි­යෙන් ප්‍රවේ­සම් වන්න.

 

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

කටක

 

ආදා­යම් ලැබුණ ද විය­දම් පක්ෂය ඉහ­ළට

 

ලග්නා­ධි­පති සඳු 8 ද, යෝග­කා­රක කුජ 5 ද, ශනි, කේතු, රවි. බුධ, ගුරු 6 ද, සිකුරු 7 ද, රාහු 12 ද ගෝච­රය වේ.

 

ධනය: ධන­ස්ථා­නා­ධිපති රවි 6 ද, අය භාවා­ධි­පති සිකුරු, ගරු 7 ද, කුජ 5, ශනි 6 සරල යෝග­යෙන් ද සිටි. එම පිහි­ටීම ගැන සැල­කීමේ දී ආර්ථික සහ මූල්‍ය­මය වශ­යෙන් අය­හ­පත් නොවේ. විවිධ ක්ෂේත්‍ර­යන්ට යොමු වීමෙන් ආදා­යම් මාර්ග උපයා ගත හැකිය. ආදා­යම් ලැබුණ ද විය­දම් පක්ෂය ඉහළ යයි. මිල මුදල් සම්බන්ධ කට­යු­තු­වල දී කල්ප­නා­කාරී වන්න.

 

රැකි­යාව: කර්ම­ස්ථා­නා­ධි­පති කුජ පූර්ව පුණ්‍ය­ස්ථා­න­යේය. චන්ද’යාගේ දහයේ කුජ දිග්බ­ලයි. එම පිහි­ටීම තුළ වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යුතු සම්බ­න්ධ­යෙන් කිසි­යම් අන්ද­මක ශුභ­දා­යක තත්ත්ව­යක් පෙන්වයි. වෘත්තීය සම්බ­න්ධ­යෙන් විදේ­ශ­ගත වීමට ඉඩ සලසා ගත හැකිය. 2020.11.20 සිට ඉදි­රි­යට වෘත්තීය සම්බ­න්ධ­යෙන් වඩාත් ශුභ­දා­යක වේ.

 

ගෘහ ජීවි­තය: මංගල භාවා­ධි­පති ශනි 2020.01.24 සිට දිග්බ­ලව මංගල භාව­යට පැමි­ණෙයි. යුග දිවිය ගත කිරීමේ දී යම් බාධා සහ අව­හි­රතා ඉස්මතු කළ ද සිය උත්සා­හය සහ කැප­වී­මෙන් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් උදා කර ගත හැකිය.

දරු­වන්ගේ කට­යුතු උදෙසා විටෙක කාල­යත් ධන­යත් ශ්‍රම­යත් වැය වේ. ඔවුන්ගේ අධ්‍යා­පන කට­යුතු යහ­පත්ය. තරුණ තරු­ණි­යන් අතර ප්‍රේම සම්බ­න්ධතා වර්ධ­නය වේ. ඉඩම් දේපළ විභාග කට­යුතු සම්බ­න්ධ­යෙන් කිසි­යම් සාර්ථක ප්‍රව­ණ­තා­වක් උදා කරයි.

 

අධ්‍යා­ප­නය: විද්‍යා ස්ථානා­ධි­පති කුජ එහිම ස්වක්ෂේ­ත්‍රයි. උසස් අධ්‍යා­පන භාවා­ධි­පති ගුරු 7 සිටි. විද්‍යා කාරක බුධ සම­ඟයි. නීති­මය ක්ෂේත්‍ර, වාණිජ සහ ආර්ථික විද්‍යා අංශ අලෙ­වි­ක­ර­ණය වැනි විෂ­ය­යන්ට අදා­ළව සාර්ථක දියු­ණු­වක් ලබයි.

සෞඛ්‍යය: රෝග­ස්ථා­නා­ධි­පති ගුරු 7, ශනි, කේතු, රවි 6 සිටී­මෙන් තමාගේ ශරීර සෞඛ්‍යය සම්බ­න්ධ­යෙන් ඉතා කල්ප­නා­කාරී විය යුතුයි. විටෙක සංකීර්ණ රෝගා­දි­යට ඉඩ පවතී.

 

ජය වර්ණය- ක්‍රීම් පාට, අංකය- 02, දිනය- සඳුදා

සිංහ

 

උත්සාහයෙන් ප්‍රතිඵල ලැබෙන වසරක්

 

ලග්නා­ධි­පති රවි, ශනි, කේතු 5 වැන්නේ ද බුධ, ගුරු 5, සිකුරු 6, චන්ද්‍රයා 7 , රාහු 11 සිටිය දී වර්ෂය ආරම්භ වේ.

 

ධනය: ධන­ස්ථා­නා­ධි­පති අය­ස්ථා­නා­ධි­පති බුධ 5 ද, කුජ 4 ගම­න්ගනී. මිල මුදල් අධික ලෙස විය­දම් වනු ඇත. ලාභ අඩු වේ. තමාගේ දූ දරු­වන් වෙනු­වෙන් වැඩි­පුර විය­දම් කිරී­මට සිදු වේ. කෙසේ වුවත් 2020.03.29 සිට ඉදි­රි­යට ව්‍යාපා­රික කට­යු­තු­වල කිසි­යම් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් උදා කරයි. ලාභ ප්‍රයෝ­ජන වැඩි කරයි.

 

රැකි­යාව: කර්ම­ස්ථා­නා­ධි­පති සිකුරු හය වැන්නේ සිටි. චන්ද්‍ර­යාට දහයේ අඟ­හරු දිග්බ­ලයි. ස්ථාන පිළි­බඳ හෝ රැකියා කට­යු­තු­වල වෙන­ස්කම් ඇති කළ හැකි බැවින් ඒ ගැන සැල­කි­ලි­මත් වන්න. කෙසේ වුවත් උත්සා­හයේ ප්‍රති­ඵල ලැබිය හැකි වස­රකි. කෘෂි රසා­යන අංශ­වල කට­යුතු කරන අයට යහ­පත්ය.

 

ගෘහ ජීවි­තය: ගෘහ ජීවි­තයේ සැප පහ­සුව ලැබෙන කාල­යකි. මිත්‍ර­යන් සමඟ කරන කට­යුතු යහ­පත්ය. කෙසේ වුවත් ආවේ­ග­ශීලී ගති, කේන්ති යෑම්ව­ලට ඉඩ පවතී. එසේ වුවත් තම ස්වාමි පුරු­ෂ­යාට භාර්වා­යට රෝගී තත්ත්ව­යන් උදා කළ හැකිය. විටෙක යුග දිවියේ දී අන­පේ­ක්ෂිත ලෙස අවුල් සහ­ගත තත්ත්ව­යක් උදා කළ හැකිය. දරු­වන්ගේ කට­යුතු කෙරෙහි තර­මක් වැඩි අව­ධා­න­යක් යොමු කළ යුතුයි. තරුණ තරු­ණි­යන් අතර ප්‍රේම සම්බ­න්ධතා ඇති කරයි. වැඩි­හිටි විරෝ­ධතා එල්ල විය හැකිය. ඉව­සී­මෙන් ක්‍රියා කළ යුතුයි. කෙසේ වුවත් සැප පහ­සු­වට ඉඩ ලැබේ. නිදි සුවය ලැබේ. ප්‍රීති­මත් කෙටි ගමන් බිම­න්ව­ලට ඉඩ පවතී.

අධ්‍යා­ප­නය: පර්යේ­ෂණ කට­යුතු මෙන්ම ගුප්ත ශාස්ත්‍රීය කට­යු­තු­වල යෙදී සිටින අයට යහ­පත්ය. සිය උත්සා­හය සහ කැප­වී­මෙන් සාර්ථක ඉගෙ­නී­මක්, අධ්‍යා­ප­න­යක් ලබයි. කෘෂි­කා­ර්මික අංශ, රසා­යන විද්‍යා අංශ­වල නියුක්ත අයට වඩාත් ශුභයි.

 

සෞඛ්‍යය: රෝග­ස්ථා­නා­ධි­පති ශනි 5 වැන්නේය. එහෙත් 2020.01.24 සිට හය වැන්නට පැමිණේ. අන­තුරු පීඩා, තුවාල, වැටීම්, තැළීම් යනා­දි­යෙන් ප්‍රවේ­සම් විය යුතුයි. උෂ්ණා­ධික රෝග, උද­රා­ශ්‍රිත පීඩා ලේ දූෂ්‍යා­බාධ යනා­දි­යෙන් ද ප්‍රවේ­සම් වන්න

ජය වර්ණය- රතු, අංකය- 01, දිනය- ඉරිදා

කන්‍යා

 

ප්‍රේම සම්බ­න්ධතා වර්ධ­නය වේ

 

ලග්නා­ධි­පති බුධ, ශනි, කේතු, රවි, ගරු 4 ය. කුජ 3, සිකුරු 5, සඳු 6, රාහු 10 සිටිය දී වර්ෂය ආරම්භ වේ.

ධනය: ධන­ස්ථා­නා­ධි­පති සිකුරු 5 අය භාවා­ධි­පති සඳු 6 සිටිය දී වර්ෂය ආරම්භ වේ. මිල මුදල් ලැබීම අතින් යහ­පත්ය. විටෙක අන­පේ­ක්ෂිත ලාභ ප්‍රයෝ­ජ­න­ව­ලට ඉඩ පවතී. ලොත­රැයි වැනි දේව­ලින් ප්‍රති­ඵ­ල­දා­යක තත්ත්ව­යක් ලබයි.

 

රැකි­යාව: කර්ම­ස්ථා­නා­ධි­පති බුධ 4, ගුරු සම­ඟයි. වෘත්තීය සහ රැකියා අංශ­වල තම බලා­පො­රොත්තු ඉෂ්ට සිද්ධ වන කාල­යක් වේ. රැකියා දියු­ණුව ලබයි. අන්‍ය­යන්ගේ සහ­යෝ­ගය ආධා­රය උප­කා­රය ලැබීම තුළ තමාගේ කට­යුතු එක්තරා මට්ට­ම­කට සාර්ථක වේ. විදේ­ශීය සම්බ­න්ධතා මත කරන කට­යු­තු­ව­ලට යහ­පත්ය. වැද­ගත් කට­යු­තු­ව­ලට අව­තීර්ණ වීමට යහ­පත්ය.

 

ගෘහ ජීවි­තය: ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­වල කිසි­යම් සාර්ථක බවක් පෙන්නුම් කුළ ද විටින් විට තර­මක අවුල් ස්වභා­ව­යක් ඇති කළ හැකි නිසා ඉතාම ඉව­සී­මෙන් ද බුද්ධි­මත්ව ද ක්‍රියා කළ යුතුයි. ඒ තුළ කිසි­යම් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් ලැබිය හැකිය. දූ දරු­වන්ගේ කට­යු­තු­වල කිසි­යම් සාර්ථක බවක් පෙන්නුව ද විටෙක යම් යම් පසු­බෑ­ම්ව­ලට ඉඩ පවතී. කෙසේ වුවත් අලං­කාර වස්තු ලැබේ. අන්‍ය­යන්ගේ ප්‍රශංසා, හොඳ නාම ලබයි. ශරීර සැප පහ­සුව ද ඇති වේ. තරුණ තරු­ණි­යන් අතර ප්‍රේම සම්බ­න්ධතා වර්ධ­නය වේ. සමා­ජයේ තමාගේ තත්ත්වය ඉහළ යයි. වෘත්තීය සහ රැකියා අංශ­වල මෙන්ම වෙනත් කට­යුතු උදෙසා ද කෙටි ගමන් බිමන් අධි­කයි. ආග­මික අංශ­යට වැඩි නැඹු­රු­වක් උදා කරයි.

 

අධ්‍යා­ප­නය: අලුත් විෂය කෙරෙහි අව­ධා­නය යොමු වේ. සිය උත්සා­හය සහ කැප­වී­මෙන් සාර්ථක ප්‍රති­ඵල ලබයි. වඩාත් උනන්දු වන්නේ නම් විදේ­ශ­ගත වී කට­යුතු කිරීමේ අවස්ථා උදා කර ගත හැකිය. ශිෂ්‍යත්ව වැනි දේව­ලට ශුභයි.

 

සෞඛ්‍යය: කෙසේ වුවත් තමාගේ ශරීර සෞඛ්‍යය ගැන තර­මක් ප්‍රවේ­සම් වන්න. රුධිර පීඩ­නය, හෘද­ගත පීඩා, ස්නායු, නහර සම්බන්ධ දුර්ව­ලතා උද­රා­ශ්‍රිත පීඩා­දි­යෙන් ප්‍රවේ­සම් වන්න. විශේ­ෂ­යෙන්ම ලේ දූෂ්‍යා­බා­ධ­ව­ලින් ප්‍රවේ­සම් විය යුතුයි.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

තුලා

මිල මුදල් කට­යුතු කල්ප­නා­වෙන්

ලග්නා­ධි­පති සිකුරු 4 වැන්නේ දිග්බ­ල­යෙන් ද කුජ, දෙවැන්නේ ද, ශනි, කේතු, ගුරු, බුධ, රවි 3 ද, සඳු 5, රාහු 9 ගමන් කර­මින් සිටිය දී වර්ෂය ආරම්භ වේ.

 

ධනය: ධන­ස්ථා­නා­ධි­පති කුජ එහිම ස්වක්ෂේ­ත්‍රයි. යෝග­කා­රක සිකරු ජන­වාරි 26 සිට 4ට පැමිණේ. එම පිහි­ටීම ආර්ථික වශ­යෙන් අය­හ­පත් නොවේ. විවිධ අංශ­යන්ට යොමු වීමෙන් වාසි සහ­ගත තත්ත්ව­යක් උදා කර ගත හැකිය. එහෙත් විටෙක ආදා­යම් ලැබුණ ද විය­දම් පක්ෂය ඉහළ යන නිසා විටෙක මිල මුදල් කට­යුතු සම්බ­න්ධ­යෙන් කල්ප­නා­කාරී වන්න.

 

රැකි­යාව: කර්ම­ස්ථා­නා­ධි­පති චන්ද්‍රයා 5 වැන්නේය. තම බලා­පො­රොත්තු ඉෂ්ට සිද්ධ වීමට බාධා ඇති වේ. ව්‍යාපා­රික ක්ෂේත්‍ර­වල යෙදී සිටින අයට බාධා අව­හි­රතා මධ්‍යයේ තම කට­යුතු කිරී­මට සිදු වේ. විටෙක උත්සා­හයේ තර­මට ප්‍රති­ඵල ලැබීම අසී­රුයි. තම තත්ත්වයේ සිටි තැනින් පහත වැටීම් පෙන්වයි. ඉතා­මත් බුද්ධි­මත්ව ද කල්ප­නා­වෙන් ද තම කට­යුතු කළ යුතුයි. වෘත්තීය සහ රැකියා වෙන­ස්ක­ම්ව­ලට ඉඩ පවතී.

 

ගෘහ ජීවි­තය: ගෙද­ර­දොර කට­යු­තු­ව­ලදී ද යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­වල දී ද තර­මක් කල්ප­නා­කා­රීව ද බුද්ධි­මත්ව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූ­ලතා ව්‍යාකූ­ලතා ඉස්මතු කළ හැකි අත­රම සම­ගිය සාම­යට තර­මක් බාධා එල්ල වේ. එසේම විටෙක නින්දා අප­හාස චෝද­නා­ව­ලට ඉඩ පවතී. තමාට නොගැ­ළ­පෙන කට­යු­තු­වල නොයෙ­දෙන්න. එසේම තමාට නොගැ­ළනෙ අය සමග ආශ්‍ර­යට යාමෙන් ද වළ­කින්න. දරු­වන්ගේ කට­යු­තු­වල කිසි­යම් සාර්ථක බවක් ලබයි. දියු­ණු­වක් ගෙන දේ. ආග­මික අංශ­ව­ලට නැඹු­රුව ක්‍රියා කරයි. සහෝ­දර සහෝ­ද­රි­ය­න්ගෙන් යම් යම් අන්දමේ කර­ද­ර­කාරී තත්ත්ව­යන් ඇති විය හැක.

 

අධ්‍යා­ප­නය: ඉගෙ­නීමේ නියුක්ත අයට ශුභයි. වාණිජ අංශ, ආර්ථික විද්‍යා ක්ෂේත්‍ර, සන්නි­වේ­දන කෂේ­ත්‍ර­වල නියුක්ත අයට වඩාත් සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැක.

 

සෞඛ්‍යය: තමාගේ ශරීර සෞඛ්‍යය ගැන කල්ප­නා­කා­රීව ිය යුතුයි. උගුර, බෙල්ල ආශ්‍රිත පීඩා, ඇස්වල දුර්ව­ලතා, ලේ දූෂ්‍යා­බාධ, උෂ්ණා­ධික රෝග, මුත්‍රා දෝෂ ආදි­යෙන් ප්‍රවේ­සම් වන්න.

 

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකු­රාදා

වෘශ්චික

 

රැකියා ව්‍යාපා­ර­වල ප්‍රග­ති­යක්

ලග්නා­ධි­පති කුජ ලග්නයේ ස්වක්ෂේ­ත්‍රව ද ශනි, කේතු, රවි, ගුරු, බුධ 2 ද, සිකුරු 3, සඳු දිග්බ­ලව 4 ද, රාහු 8 ගෝච­රය වෙමින් සිටිය දී වර්ෂය ආරම්භ වේ.

 

ධනය: ගුරු ධන­ස්ථා­න­යේය. අය භාවා­ධි­පති බුධ සම­ඟයි. මිල මුදල් ලැබීම අතින් යහ­පත්ය. විවිධ අංශ­යන්ට යොමු වීමෙන් ආර්ථික වාසි ලබයි. එහෙත් මාර්තු 30 සිට ගුරුගේ වෙන­ස්වීම තුළ මිල මුදල් සම්බන්ධ කට­යු­තු­වල දී තර­මක් බුද්ධි­මත් විය යුතුයි. නොඑසේ නම් ණය වීමට ද ඉඩ පවතී.

 

රැකි­යාව: කර්ම­ස්ථා­නා­ධි­පති රවි දෙවැ­න්නේය. එම පිහි­ටීම තුළ වෘත්තීය සහ රැකියා අංශ­වල දී සුළු බාධා අව­හි­රතා ඉස්මතු වුවත් සිය උත්සා­හය සහ කැප­වී­මෙන් කිසි­යම් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් උදා කර­ගත හැකිය.

වෙළෙඳ ව්‍යාපා­ර­වල යෙදී සිටින අයට ද බාධා ඇතත් උත්සා­හ­යෙන් සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැකිය. විදේශ සම්බ­න්ධතා මත කරන කට­යු­තු­ව­ලට යහ­පත්ය.

 

ගෘහ ජීවි­තය: උත්ස­ව­ව­ලට සහ­භාගි වේ. රස­වත් කෑම බීම සංග්‍රහ ලැබී­මට ශුභයි. උත්සව පැවැ­ත්වී­මට පුළු­වන. ගෙද­ර­දොර කට­යු­තු­වල දී සුළු බාධා අව­හි­රතා ඇතත් කිසි­යම් සාර්ථක බවක් ඇති වේ.

රජයේ නිල­ධා­රීන්ගේ සහ­යෝ­ගය ලබා­ගනී. යහළු මිත්‍ර­යන් තමාව සොයා­ගෙන පැමිණේ. තම තත්ත්ව­යෙහි කිසි­යම් සාර්ථක බවක් උදා කරයි. චන්ද්‍රයා 8 උත්ප­ත්තියේ සිටි අයට නම් තර­මක් අය­හ­පත් තත්ත්ව­යක් උදා කළ හැකි නිසා සෑම විටම ඉව­සී­මෙන් ක්‍රියා කරන්න. දරු­වන්ගේ කට­යු­තු­වල කිසි­යම් දියු­ණු­වක් ගෙන දේ.

රැකියා ව්‍යාපා­ර­වල දී කිසි­යම් ප්‍රග­ති­යක් උදා කර­ගත හැකිය. පවුලේ පිරිස වැඩි­වනු ඇත. තරුණ තරු­ණි­යන් අතර ප්‍රේම සම්බ­න්ධතා ඇති වේ.

 

අධ්‍යා­ප­නය: අධ්‍යා­පන කට­යු­තු­වල යෙදී සිටින අයට අලුත් විෂය කෙරෙහි අව­ධා­න­යෙන් කට­යු­තු­වල යෙදී­මට ඉඩ සැලසේ. රසා­ය­නික අංශ, නීති­මය අංශ, මූල්‍ය­මය අංශ­ව­ලට අදාළ විෂ­ය­ය­න්ගෙන් සාර්ථක පල ලැබිය හැකිය.

 

සෞඛ්‍යය: ශරීර සෞඛ්‍යය ගැන තර­මක් ප්‍රවේ­සම් විය යුතුයි. උෂ්ණා­ධික රෝග, ස්නායු නහර දුර්ව­ලතා, ලේ දූෂ්‍යා­බාධ වැටීම් තැළීම් යනා­දි­යෙන් ප්‍රවේ­සම් වන්න.

 

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

ධනු

 

මිල මුදල් ලැබෙයි

 

ලග්නා­ධි­පති ගුරු සස යෝග­යෙන් ද ශනි, කේතු, රවි, බුධ සමඟ ලග්න­යේය. සිකුරු 2, කුජ 12, සඳු 3, රාහු 7 ගමන් කර­මින් සිටිය දී වර්ෂය ආරම්භ වේ.

 

ධනය: මිල මුදල් ලැබීම අතින් අය­හ­පත් නොවේ. විවිධ අංශ­ව­ලට යොමු­වී­මෙන් ආර්ථික වාසි ලබා­ගනී. මිල මුදල් ලැබීම යහ­පත් වුවත් මුදල් නාස්ති­වීම, විය­දම් අධි­ක­වීම යනා­දි­යට ඉඩ පව­තින නිසා මිල මුදල් සම්බන්ධ කට­යු­තු­වල දී තර­මක් කල්ප­නා­කාරී විය යුතුයි.

 

රැකි­යාව: කර්ම­ස්ථා­නා­ධි­පති බුධ ගුරු ලග්න­යේය. වෘත්තීය සහ රැකියා අංශ­වල දී සිය උත්සා­හය සහ කැප­වීම තුළ සාර්ථක ප්‍රති­ඵ­ල­යක් උදා කරනු ඇත. තමාගේ කට­යු­තු­ව­ලට අන්‍ය­යන්ගේ සහ­යෝ­ගය ද ලැබෙනු ඇත. වෙළෙ­ඳාමේ යෙදී සිටින අයට විවිධ අංශ­යන්ට යොමු වීමෙන් කිසි­යම් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් උදා කරනු ඇත.

 

ගෘහ ජීවි­තය: ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යුතු 2020.-01.24 සිට තර­මක් ආකූ­ලතා ඉස්මතු කළ හැකි බැවින් යුග දිවිය සම්බන්ධ කට­යු­තු­ව­ලදී තර­මක් කල්ප­නා­කාරී වන්න. නොඑසේ නම් විටින් විට සම­ඟි­යට සාම­යට බාධා එල්ල වනු ඇත. කෙසේ වුවත් විටින් විට සතුරු කර­දර බාධා­ව­ලට ඉඩ පව­තින නිසා කල්ප­නා­කාරී විය යුතුයි. විටෙක ගෙද­ර­දොර කට­යුතු උදෙසා කිසිම වැඩ­කට නැති දේව­ලට මුදල් නාස්ති වේ. කෙරී­ගෙන ගිය වැඩ­ක­ට­යු­තු­වල කිසි­යම් හෝ වෙන­ස්කම් ඇති වීමේ ඉඩක් ද පවතී. විටෙක නොගැ­ළ­පෙන කතා, නොගැ­ළ­පෙන කට­යුතු ඇති කරයි. වෙහෙස ඇති ගමන් යෑමට සිද්ධ වේ.

 

අධ්‍යා­ප­නය: ඉගෙ­නීමේ කට­යු­තු­වල යෙදී සිටින අයට යම් යම් බාධා අව­හි­ර­තා­ව­ලට මුහුණ පෑමට සිදු වන නිසා අධ්‍යා­පන කට­යු­තු­වල දී ඇතැම් විට පසු­බෑ­ම්ව­ලට ලක් වීමේ ඉඩක් පවතී. එම නිසා ඉතාම උන­න්දු­වෙන්, කැප­වී­මෙන් යුක්තව තමාගේ කට­යු­තු­වල නියුක්ත විය යුතුයි. තමාගේ උත්සා­හය කැප­වී­මෙන් පම­ණක් සාර්ථක ප්‍රති­ඵල ලබා ගත හැකිය.

 

සෞඛ්‍යය: ස්නායු, නහර දුර්ව­ලතා, බඩ­වැල් ආශ්‍රිත රෝග, මුත්‍ර දෝෂ, ඇස්වල දුර්ව­ලතා ඇති කළ හැකිය.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

මකර

 

ශාස්ත්‍රීය කට­යු­තු­වල යෙදී සිටින අයට වඩාත් යහ­පත්

 

යෝග­කා­රක සිකුරු ලග්නයේ ද, සඳු දෙවැන්නේ ද, රාහු 6, කුජ 11, ශනි, කේතු, රවි, බුධ, ගුරු 12 ද ගෝච­රය වෙමින් සිටිය දී වර්ෂය ආරම්භ වේ.

 

ධනය: මිල මුදල් ලැබීම අතින් යහ­පත්ය. විවිධ අංශ­යන්ට යොමු වීමෙන් ආර්ථික වාසි ලබයි. විටෙක අන­පේ­ක්ෂිත ලෙස මුදල් ලැබීමේ ඉඩක් ද පවතී. වෙළෙඳ ව්‍යාපා­ර­වල යෙදී සිටින අයට ලාභ ප්‍රයෝ­ජන ලැබිය හැකිය. කෙසේ වුවත් ආග­මික අංශ­යට නැඹු­රු­වක් පෙන්වී­මෙන් විය­දම් පක්ෂය ඒ සඳහා යොමු වන නිසා කල්ප­නා­කාරී වන්න.

 

රැකි­යාව: යෝග­කා­රක සිකුරු ලග්නයේ ය. වෘත්තීය සහ රැකියා අංශ­වල කිසි­යම් අන්ද­මක දියු­ණු­වක් ලබයි. අන්‍ය­යන්ගේ සහාය උප­කා­රය ලැබී­මෙන් සාර්ථක ප්‍රති­ඵල ලබයි. මුදල් ආයෝ­ජ­න­යට ඉඩ සැලසේ. විදේ­ශීය සම්බ­න්ධතා මත කරන කට­යුතු යහ­පත්ය. ශාස්ත්‍රීය කට­යු­තු­වල යෙදී සිටින අයට වඩාත් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් උදා වේ.

 

ගෘහ ජීවි­තය: ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­වල කිසි­යම් සාර්ථක ප්‍රති­ඵල ලැබේ. සම­ඟය සාම­යට බාධා එල්ල නොවේ. ගෙද­රට අවශ්‍ය බොහෝ දේවල් වැඩි අප­හ­සු­තා­ව­කින් තොරව ලැබේ. ඉඩම් නිවාස යාන­වා­හ­නාදී කට­යු­තු­වල කිසි­යම් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් උදා කර ගනී. සිතට මෙන්ම කයට ද සහ­න­යක් ලැබේ. මොන­යම් ක්‍රම­ය­කින් හෝ සිත් සතු­ටට කරුණූ යෙදේ. තරුණ තරු­ණි­යන් අතර ප්‍රේම සම්බ­න්ධතා ඇති වේ. විවා­හ­යට සුදුසු වයසේ පසු වන අයට සුදුසු මංගල යෝජනා ඉදි­රි­පත් වේ. දරු­වන්ගේ කට­යු­තු­වල කිසි­යම් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් ද උදා වේ. ඔවුන්ගේ දියු­ණුව ලබයි. ආග­මික අංශ­යට වැඩි­නැ­ඹු­රු­වක් දක්වයි. ඒ තුළ සහ­න­යක් ද සැන­සී­මක් ද ලබයි.

 

අධ්‍යා­ප­නය: අධ්‍යා­පන කට­යු­තු­වල නියුක්ත අයට සිය උත්සා­හය සහ කැප­වී­මෙන් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් ලබයි. ගුප්ත ශාස්ත්‍රීය කට­යු­තු­වල, පර්යේ­ෂණ අංශ­වල යෙදී සිටින අයට ශුභයි.

 

සෞඛ්‍යය: ශරීර සෞඛ්‍යය ගැන තර­මක් ප්‍රවේ­සම් විය යුතුයි. රුධිර පීඩ­නය, උෂ්ණා­ධික රෝග, නහර දුර්ව­ල­තා­ව­ලට ඉඩ පවතී.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සෙන­සු­රාදා

කුම්භ

 

ඉඩම් නිවාස යාන­වා­හන ගනු­දෙ­නු­ව­ලින් වාසි

 

ලග්නා­ධි­පති ශනි, කේතු, රවි, ගුරු, බුධ අය­ස්ථා­න­යේය. සිකුරු 12, සඳු ලග්නයේ, කුජ දිග්බ­ලව 10, රාහු 5 ගෝච­රය වෙමින් සිටිය දී වර්ෂය ආරම්භ වේ.

 

ධනය: ධන­ස්ථා­නා­ධි­පති, අය භාවා­ධි­පති, ධන කාරක ගරු 11 ද, ගමන් කරන නිසා ආර්ථික සහ මූල්‍ය­මය වශ­යෙන් අය­හ­පත් නොවේ. විවිධ අංශ­යන්ට යොමු වීමෙන් ආර්ථික වශ­යෙන් ශුභ­දා­යක වේ. වෙළෙඳ ව්‍යාපා­ර­වල යෙදී සිටින අයට විවිධ අංශ­යන්ට යොමු වීමෙන් සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැකිය.

 

රැකි­යාව: කර්ම­ස්ථා­නා­ධි­පති කුජ දිග්බ­ල­යෙන් 10 වැන්නේම සිටී. සිය උත්සා­හය සහ කැප­වීම තුළ සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැකිය. අන්‍ය­යන්ගේ සහ­යෝ­ගය සහ උප­කා­රය ලැබී­මෙන් තමාගේ කට­යුතු එක්තරා ප්‍රමා­ණ­ය­කට සාර්ථක වනු ඇත. විදේ­ශීය සම්බ­න්ධතා මත කරන කට­යුතු යහ­පත් වේ.

 

ගෘහ ජීවි­තය: ගෙද­ර­දොර කට­යුතු සාමාන්‍ය අන්ද­මට සිදු වුවත් වැඩ­ක­ට­යුතු අධික වීම නිසා ගතට සිතට වෙහෙස මහ­න්සි­යක් දැනෙනු ඇත. කෙසේ වුවත් කිසි­යම් අන්ද­මක සාමය සතුට රඳවා ගත හැකි වර්ෂ­යක් වේ. නිව­සට අව­ශය භාණ්ඩ කිහි­ප­යක්ම ගත හැකි අතර අලං­කාර වස්ත්‍ර ලැබීම ද පෙන්වයි. දරු­වන්ගේ කට­යු­තු­වල දියු­ණු­වක් ලබා දේ. විදේ­ශීය සම්බ­න්ධතා මත කරන කට­යුතු යහ­පත් වේ. ඉඩම් නිවාස යාන­වා­හ­නා­දිය සම්බන්ධ කට­යුතු යහ­පත්ය.

 

අධ්‍යා­ප­නය: ඉගෙ­නීමේ කට­යු­තු­වල දී සිය උත්සා­හය හා කැප­වී­මෙන් සාර්ථක ප්‍රති­ඵල ලබයි. තාක්ෂ­ණික අංශ­ය­න්වල යෙදී සිටින අයට යහ­පත්ය.

 

සෞඛ්‍යය: උෂ්ණා­ධික රෝග, ලේ දූෂ්‍යා­බාධ, උද­රා­ශ්‍රිත රෝගා­දි­යෙන් ද ප්‍රවේ­සම් වන්න. තුවාල පීඩා­ව­ලට ඉඩ පවතී.

ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙන­සු­රාදා

මීන

 

ගෙද­ර­දොර අලු­ත්වැ­ඩි­යා­වට ඉඩ සැල­සෙයි

ලග්නා­ධි­පති ගුරු 10 ශනි, කේතු, රවි, බුධ සමග අහස් මුදුන් රාශි­යේය. රාහු 4, සිකරු 11, සඳු, කුජ 9 සිටීම තුළ වර්ෂය ආරම්භ වේ.

 

ධනය: ධන­ස්ථා­නා­ධි­පති කුජ 9 ස්වක්ෂේ­ත්‍රයි. එම ග්‍රහ පිහි­ටීම තුළ ආර්ථික වශ­යෙන් එත­රම් ශුභ­දා­යක නොවේ. 2020.03.30 සිට 2020.06.30 දක්වා කාල සීමාව තුළ කිසි­යම් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් ආර්ථික වශ­යෙන් ලැබුණ ද 2020.06.30 සිට 2020.11.20 දක්වා කාලය තුළ ආර්ථික වශ­යෙන් ශුභ­දා­යක නොවේ. ඉන් පසුව යහ­පත් වේ.

 

රැකි­යාව: කර්ම­ස්ථා­නා­ධි­පති ගුරු එහිම ස්වක්ෂේත්‍ර වීමෙන් සිය උත්සා­හය සහ කැප­වී­මෙන් වෘත්තීය සහ රැකියා අංශ­වල කිසි­යම් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් උදා කරයි. අන්‍ය­යන්ගේ සහ­යෝ­ගය කිසි­යම් මට්ට­ම­කට ඇතත් සිය කැප­වී­මෙන් පම­ණක් සාර්ථක ප්‍රති­ඵල ලබා ගත හැකිය. විදේ­ශීය සම්බ­න්ධතා මත කරන කට­යුතු යහ­පත්ය.

ගෘහ ජීවි­තය: ගෙද­ර­දොර කට­යු­වල දී යම් යම් බාධා අව­හි­රතා ගැට­ලූ­කාරී තත්ත්ව­යන් උදා කරන නිසා යුග දිවිය ගත කිරීමේ දී ඉතාම ඉව­සී­මෙන් ද බුද්ධි­මත්ව ද ක්‍රියා කිරීම තුළ පම­ණක් සාර්ථක ප්‍රති­ඵල ලබා ගත හැකිය. දරු­වන්ගේ කට­යුතු උදෙසා කාල­යත් ධන­යත් ශ්‍රම­යත් වැය වේ.

දරු­වන්ගේ කට­යු­තු­වල කිසි­යම් දියු­ණු­වක් ක්‍රම­යෙන් උදා කරයි.

ගෙද­ර­දොර කට­යු­තු­වල දී අලු­ත්වැ­ඩියා ප්‍රති­සං­ස්ක­ර­ණ­යන්ට ඉඩ සැලසේ. කෙටි ගමන් බිමන් අධි­කයි. විටෙක ආවේ­ග­හීලී ගති පහඝ වේ. ඉව­සීම අව­ශ්‍යයි.

අධ්‍යා­ප­නය: උත්සා­හය සහ කැප­වී­මෙන් ඉගෙ­නීම් සාර්ථක කර ගනී. තාක්ෂ­ණික අංශ, ගණිත මිනිත අංශ­වල යෙදී සිටින අයට ශුභයි.

 සෞඛ්‍යය: ස්නායු නහර දුර්ව­ලතා, දණ­හිස් පීඩා, වාතා­බාධ, සෙම් පීඩා, ඇදුම, තුවාල පීඩා, වැටීම් තැළීම් යනා­දි­යෙන් ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

More News »