52 Views  
ශනි මාරුව ඔබට බලපාන හැටි

2017 ජනවාරි මස 26 වන ගුරු දින ප.ව. 7.19 ට සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා ධනු රාශී ගත වෙයි. පුරා එක රාශියක ගමන් කිරීමට අවු. 2 1/2 ක් පමණ කාලයක් ගත කරයි. එම නිසා මෙවර ශනි ග්‍රහයා ධනු රාශීයට ප්‍රවිශ්ඨවීම ඒ ඒ ලග්නවලට බලපාන හැටි විමසා බලමු.

ඉදිරිපත් කිරීම ජෝ‍යාතිෂවේදී කීර්ති දේශ ශක්ති ගාමිŒ හේවාපතිරණ මහතා විසිනි.

සියලූ කේන්ද්‍ර පරීක‍ෂාව සඳහා විමසන්න.
ගාමිŒ හේවාපතිරණ
ස්කයිප් 966
0718618192
0382290347

මේෂ ලග්නය

මෙතෙක් ඔබට වද වේදනා හා කරදර කම්කටොලූ දුක් විඳීම ආදී දේවල් පහවයයි. පුරා අවු. 7 1/2ක ඒරාශ්ඨක අපල කාලය දුක් ගින්දර නිවා ගැනීමට හැකි වෙයි. එහෙත් ජූනි මාසයේ නැවත වක්‍ර වන ශනි ලග්නයට පිවිසෙයි. නැවත ඔක්තෝම්බර් වලින් පසු නැවත පැමිŒමක් නැතිවම යයි. එතෙක් කාලය ඔබට ශ=භඵල ඇති කරයි. ඔක්තෝම්බර් දක්වා කාලය සුවදායක හා සැනසිලිදායක තත්ත්වයක් උදා කරයි. ගුරු ග්‍රහයා 7 වැන්නට  පැමිŒම මේ වර්ෂයේ මැද භාගයේ දී පමණ සිදුවීම හා රාහු - කේතු මාරු විම ආදිය අගෝස්තුවල දී මාරු වී ඔබට ශ=භ හා අශ=භඵල ඇති කරයි. කෙසේ වෙතත් 75% ක් පමණ ශ=භඵල ඇති කරන නිසා වාසනාවන්ත තත්ත්වයක් උදා කරයි. විවාහ සැපය, මංගල කටයුතු ධන ලැබීම්, තරහ වී සිටි අය නැවත මිත්‍රශීලීවීම, නෑදෑයින්ගේ විරෝධය අඩු වීම ආදිය සිදු වෙයි. සිතට සතුට ගෙන දෙයි. කැඩී බිඳී ගිය දේවල් නැවත අළුත් වැඩියා කර ගැනීමට හැකි වෙයි.
සෞඛ්‍යය තත්ත්වය යථා තත්ත්වයට පත් වෙයි. තරහගති නැති වෙයි. දරු පවුල සමඟ නැත්නම් ප්‍රේමවන්තිය සමඟ සාමයෙන් සමාදානයෙන් සිටීමට හැකි තත්ත්වයක් උදා වෙයි. වර්ෂ අවසානයේ දී ස්ථාන කරදර මව්ට අපල ඇති කරයි. ශාන්ති කර්ම කර ගන්න. ආගම දහමට නැඹුරු  වී ක්‍රියා කරන්න.

වෘෂභ ලග්නය

මෙතෙක් පැවැති අඹු-සැමි භේදය යම්කිසි අවසාන මොහොතකට පත්විය හැකියි. ඉන්නවාද? නැද්ද? යන තීරණයක් ගැනීමට මෙම ග්‍රහචාරය අනුව සිදු වෙයි. ශනි ග්‍රහයා 8 වැන්නට පැමිŒම වගේම අනිකුත් ගුරු හා රාහු-කේතුගේ මේ වර්ෂය තුළ මාරුවීම යහපත් තත්ත්වයක් බලාපොරොත්තු විය නොහැකියි. ස්ථාන කරදර, හදිසි අනතුරු, හදිසි විපත් කරදර, හදිසි ආපදාවන් දේවල් සිදුවිය හැකියි. නින්දා අපහාස, තාඩන පීඩන ඇති කරනු ලබයි.
ඒවාට ශක්තිමත්ව මුහුණදීමට එඩිතර විය යුතුයි. හවුල් කටයුතු අවුල් කරයි. ආදායම් තත්ත්වය බලාපොරොත්තු නොවූ ආකාරයට කඩා වැටීමක් සිදුවිය හැකියි. මව්ට බරපතල අපල ඇති කිරීමක් විය හැකියි. නොකළ වැරදිවලට ද`ඩුවම් ලැබීමට සිදු වෙයි. උසස් අයගේ ආධාර ඉල්ලා සිටීමට සිදු වුවත් ඒ අයගෙන් සහනයක් නොලැඛෙයි.
සිත කළ කිරීමට පත් වෙයි. එහෙත් ඉවසීමෙන් හා සංසුන්ව මේවාට මුහුණ දිය යුතුයි. නැත්නම් පලා යා නොහැකියි. පිටරට සිටියත් ලංකාවේ සිටියත් අපල දුරු කර ගැනීමට ආගමික කටයුතුවල නියැලීම, බෝධි පූජා තැබීම, සෙත්කවි කියවීම හා යහපත්ව විසීම කළ යුතුයි. මේ අවුරුදු 2 1/2 ක් පමණ කාලය චරිතවත්ව යහපත්ව සිටීම හැර වෙන දෙයක් නැත.
තෙරුවන් සරණයි.

මිථුන ලග්නය

මේ කාලය ඔබට ශනි ග්‍රහයා 6 වැන්න වන වෘශ්චික රාශියේ ගමන් අවසන් කර ධනු රාශී ගත වන අතර 7 වැන්න වන විවාහ ස්ථානයට පිවිසෙයි. වර්ෂය පුරාම විවාහ දිවිය හවුල් කටයුතු වගේම විවාහ වීමට සිටින උදවියට කරදර මානසික පීඩා දුක් කරදර අඩුවක් නැත. අඹු-සැමියන් අතර පැවැති ආරවුල් වැඩි වෙයි. වෙන්වීමට හෝ දුර ස්ථාන ගතවීමට ද කටයුතු පිළියෙල වෙයි.
ඉතාමත් ඉවසීමෙන් හා කල්පනාවෙන් පරීක්ෂාවෙන් කාලය ගත කළ යුතුයි. හදිසි තීරණවලට නොයා යුතු අතර විවාහ වීමට සිටින අයගේ පාර්ශවකරුවන් අතරේ මතභේද හා චෝදනා හා කල්යාම් ආදිය සිදුවෙයි. විශේෂයෙන් කාන්තාවන්ගෙන් කරදර ඇති වෙයි. ඔවුන්ගෙන් නින්දා අපහාස ආදිය ඇති වෙයි. ඔවුන්ගෙන් නින්දා අපහාස ආදිය ඇති කරන අතර ස්ත්‍රී පක‍ෂයේ නම් පුරුෂ පක‍ෂයෙන් නින්දා අපහාස චෝදනා ඇති කරයි. අගෝස්තු මාසයෙන් පසු තත්ත්වය වඩාත් උග්‍ර අතට හැරෙයි.
ගෙවී යන අවු. 05 ක කාලය ඔබට අපල ඇති කරයි. කරදර හා දුක් සහිතව සිටීමට සිදු වෙයි. පවුල් දිවිය කඩා කප්පල්වීමට කරුණු කාරණා ඇති කරයි. එහෙත් ශනි මහ දශා, අතුරු දශා ගෙවන අයට ඒවායින් ඉවත්වීමට සිදු වෙයි. බෝධි පූජා, දේව පූජා, දේව ශාන්ති ආදී කටයුතු කර අපල දුරු කර ගන්න.

කටක ලග්නය

මෙතෙක් පැවැති සංසුන් බව හා තැන්පත් ගතිගුණ ක්‍රමයෙන් පහව යාමට ඉඩ ඇති කරයි. ශනි ධනු රාශී ගත වන්නේ 6 වැන්නටයි. එය ඒරාශ්ඨකයකට මුල පිරීමකි. දුක් ආරම්භ වන තැනකි. විශේෂයෙන් සතුරු කරදර ඇති වූයේ නම් ඒවා මර්දනය වී යාමටත් නිවාස ආදිය ඉදි කර ගැනීමට පැවැති අපහසුතා මඟ හැරවීමටත් හැකි තත්ත්වයක් උදා කරයි.
එහෙත් රාහු සහ කේතු ග්‍රහයින්ගේ වර්ෂ අවසාන කාලය මාරුවීම තරමක් අයහපත් බව පෙනෙයි. විවාහ දිවියට බලපෑම් ඇතිවීම, හිතුවක්කාර ගතිගුණ වැඩි වීම, වැරදි තීරණ ගැනීම ආදිය නිසා පාඩු ලැබීමටත් වියදම් අධික වීමටත් හේතු ඇති කරයි.
එහෙත් ගුරුගේ කේන්ද්‍ර ගතවීම ජූනි මාසයේ සිදුවන බැවින් එම කාලයෙන් පසු නිවාස ලාභ, වාහන ලාභ ඇති විය හැකියි. ඒ වගේම සිතට යම්කිසි සතුටක් සැනසීමක් ඇතිව කටයුතු කිරීමට සිදු වෙයි. උත්සාහය වගේම උනන්දුව මත ඔබට ඉදිරිය අඳුරු සෙවනැලි බිඳගෙන යාහැකි බව පෙනෙයි.
ශනි මහ දශා, අතුරු දශා ගෙවන අයට ගෙවීමට ඇති අයට දරුණු රෝග පීඩා හා උදර රෝග, බඩ වැලේ රෝග ඇති කරයි. ඒ වගේම කල්ගිය උදර රෝග යලි උත්සන්න කරයි. ගුරු, සිකුරු, කුජ යන මහ දශා, අතුරු දශා ගෙවන අයට මිශ්‍රඵල උදා කරයි. එම නිසා අපලවලට ආගමික පසුබිමක සිට වැඩ කිරීමෙන් ග්‍රහදෝඹ සමනය කර ගැනීමට ඔබට හැකියි. තෙරුවන් සරණයි.

සිංහ ලග්නය

ඔබගේ කේන්ද්‍රයට අනුව මෙතෙක් කල් ශනි, වෘශ්චික රාශියේ ගමන් අවසන් කර ධනු රාශී ගතවීම එනම් 5 වැන්නට යාම තරමක අස්වැසිල්ලක් ඇති කරයි. දරුවන්ගේ ප්‍රශ්න රැසකට මුහුණදීමට හෝ දරුවකුගේ හදිසි ව්‍යාසනයක් කරදරයක් නිසා කාලයත් ශ්‍රමයත් ධනයත් වැය කිරීමට සිදු වෙයි.
විදේශ ගමන් හෝ විදේශ සිට තම මව්බිම බලා එන අයට යහපත් වන අතර ආදායම් තත්ත්වය මන්දගාමී වන අතර තරමක පහළ බැසීමක් සිදුවිය හැකියි. රාහු මහදශා, ශනි මහ දශා අතුරු දශා ගෙවන අයට එතරම්ම ශ=භ කාලයක් නොවෙයි. වැඩිහිටියෙකුට අපලයක් සිදුවීම කණගාටුදායක ආරංචියක් ලැබීම ආදිය සිදුවිය හැකියි.
ජූනි මාසයෙන් පසු තත්ත්වය තරමක් ඉහළ යාමක් හෝ තම කීර්ති නාමය වැඩිවන අතර බලාපොරොත්තු වූ යම්කිසි කාරණයක් ඉටු කර ගැනීමට හැකියාව පෙන්නුම් කරයි. වර්ෂය ආරම්භය ශනි ග්‍රහයා 5 වැන්නට පිවිසීම දරුවන්ට කරදර හා ප්‍රශ්න ඒ අයගේ ගැටළු ආදියට උදව් කිරීමට සිදු වෙයි. සහෝදර සහෝදරියන්ගේ ආධාර ලැබ හෝ ඔබගෙන් ඔවුන්ට යම් උපකාරයක් නිසා සහෝදර වශයෙන් ගත් කළ වර්ෂය පුරා එතරම්ම බලාපොරොත්තු තබා ගෙන සිටීම ශ=භදායක තත්ත්වයක් ඇති නොවෙයි. හැකිතාක් දුරට ආගමික කටයුතුවල යෙදෙනන්.

කන්‍යා ලග්නය

ඔබට මෙම ග්‍රහ මාරුව බලපෑම් ඇති කරනුයේ සිතට දුක් කරදර ඇතිවීම වගේම, ස්ථාන කරදර ඇතිවීම ආදිය නිසයි. ශනි ග්‍රහයා ඔබගේ කේන්දරයේ 4 වැන්න වන ධනුවට පැමිŒම ශ=භදායක නොවෙයි. සිතට සැනසීම සහනය අඩු කරවන දේවල් සිදුවෙයි. විශේෂයෙන් මව්ට අපල ඇති කරයි. ඇයගේ සෞඛ්‍ය තත්ත්ය පරීක‍ෂාවෙන් හා උවමනාවෙන් සොයා බලා කටයුතු කිරීම වැදගත් වෙයි. දේපොල, ඉඩම්, නිවාස ආදියේ යම් යම් උරුමකම්වලට අභියෝග එල්ල විය හැකියි. ඒවා වෙනත් අය අයිතිවාසිකම් කියා අයිතිය ඉල්ලා සිටීම නිසා සිත් කළ කිරීම් ඇති කරයි.
දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල කැපී පෙනෙන දියුණුවක් හා උසස්වීම් ආදියට ලක් වෙයි. ඒවගේම ඔබ යම් ඉගෙනීමක් ලබන අයෙක් නම් සාර්ථකව කරගෙන යාමට ශක්තිය, බුද්ධිය පහසුකම් ආදිය හිමි කරයි.
ඒවගේම රෝග වශයෙන් පපුවේ රෝග, පෙනහලූවල රෝග, ගෙඩි හෝ ස්නායු රෝග තත්ත්වයන් ඇති විය හැකියි. කේතු මහ දශා අතුරු දශා ගෙනෙන්නේ නම් ඉතා ප්‍රවේශම් විය යුතුයි. ඒවා අගෝස්තු මාසයෙන් පසුව සිදුවිය හැකියි. සිකුරු මහ දශා, බුධ මහ දශා අතුරු දශා ගෙවන අයට යහපත් වන අතර සෙසු අයට මිශ්‍රඵල උදා කරයි. පාපග්‍රහයින් ලබා ඇති අයට තත්ත්වය වඩාත් උග්‍ර වෙයි.
තෙරුවන් සරණයි.

තුලා ලග්නය

කාලයක් එනම් පුරා අවු. 1 1/2 පමණ කාලයක් මානසික කායික වශයෙන් විඳපු පීඩාකාරී බව දුක් බව නැති වී යයි. 2017-01-26 වන දා ඔබගේ කේන්දරයේ 2 වැන්ේන මෙතෙක් කාලයක් ධනස්ථානයේ විවාහ ස්ථානයේ රැඳී සිටි ශනි ග්‍රහයා එයින් ඉවත් වී යාම සතුටට ප්‍රීතියට හා සහනයක් ලැබීමට හේතු ඇති කරයි.
ධන හානි ඇති කලත් ඉදිරියේ දී යලි ගොඩනඟා ගැනීමට හා සියල්ල ඔබට ලැඛෙනවා කීම වැරදි ය. කලක් වින්ද දුක් කරදර ඉවරයක් වෙයි. එම නිසා සැනසිල්ලක් ඇති කරයි. එහෙත් ශනි ග්‍රහයා ජූනි මාසයේ වක්‍ර වීම එනම් නැවත වෘශ්චිකයට පැමිŒම අශ=භඵල ඇති කරයි. එම නිසා ආගමික කටයුතුවල යෙදී සිටීම යහපත් බව මතක තබා ගන්න. යලි ඔක්තෝම්බර් වලින් පසු සම්පූර්ණයෙන් ඉවත් වෙයි.
ඒ අතරවාරයේ ගුරු වර්ෂ අවසානයේ මාරු වීම, රාහු-කේතු මාරුවීම් ආදිය නිසා යම් යම් වෙනස්කම් සිදුවුවත් බලවත් අපල තත්ත්වයක් ඇති නොවෙයි. පැරණි භේද බින්නකම් නැතිවී යයි. තරහ වී සිටි අය යලි එක් වෙයි. මිල මුදල් ලැඛෙයි. විවාහය සිදු වෙයි. විවාහ වී සිටින අයට සාමකාමී තත්ත්වයක් ඇතිව ජීවත්වීමට හැකි වෙයි. කඩා වැටුණු ව්‍යාපාර වෙළඳාම් ආදිය යලි පණක් ලබයි. යහපත් තත්ත්වයක් ඇති වෙයි. එහෙත් නිතර ආගමික කටයුතු කර ගන්න.
තෙරුවන් සරණයි.

වෘශ්චික ලග්නය

2017-01-26 වෙනිදායින් පසු ලග්නගත ශනි ග්‍රහයා 2 වැන්න වන ධනුවට පැමිණෙයි. කලින් පැවැති තත්ත්වය වෙනස් වෙයි.  මානසික පීඩාකාරී බව නැතිවී යයි. එහෙත් ස්ථානයේ පවතින කරදර වැඩි කරයි. විවාහ ජීවිතයට බලපාන ප්‍රශ්න එකින් එකට පටලැවීමට හෝ අඹු-සැමි භේද තත්ත්වයන් ඇති කරයි. ධනය හානි වෙයි. තැන්පත් ධනය නැතිවී යයි. නැත්නම් අධික වියදම් වෙයි. මව්ට අපල ඇති කරයි. මව් රෝහල් ගත කිරීමට සිදු වෙයි. ඉවසීම හා සංසුන් ගති නැති වී යයි.
ඒ අතරවාරයේ දී රාහු-කේතු මාරු වීම වර්ෂ අවසානයේ දී  සිදු වෙයි. ඒ වගේම ගුරුගේ මාරුවීම ද සිදු වෙයි. පිටරට යාමට බලන් සිටි අයට යාමට හැකියාව ලැඛෙයි. ලංකාවට ඒමට සිටින අයට ඒ සඳහා අවස්ථාවන් උදා කරයි.
ඉතාමත් අමාරුවෙන් ආර්ථීක තත්ත්වය ගොඩ නඟා ගැනීමට සිදු වෙයි. ආදායම් මාර්ග අවහිරවීම්වලට ද ගොදුරු විය හැකියි. යහපත්ව හා සුහදශීලීව සිටින හිත මිතුරන්ගෙන් පවා ඈත් වීමට සිදු වෙයි. ඒ අය ඔබගෙන් ටිකෙන් ටික ඈත් වෙයි. නෑදෑයින්ගේ නින්දා අපහාසවලට ලක් වෙයි. වැඩිහිටියන්ගේ උපදෙස් හා කාරුණික බව පිලිනොගනියි. හිතුවක්කාර ගතිගුණ මතු කරයි. ඔබේ ආගමික තත්ත්වය අනුව කටයුතු කිරීම හෝ බෞද්ධයෙකු නම් බෝධි පූජා තැබීම, සෙත්කවි ආදිය ගායනා කිරීම, අපල දුරු කර ගැනීමට ඉවහල් වෙයි.
තෙරුවන් සරණයි ඔබට.


ධනු ලග්නය

මෙතෙක් කල් 12 වැන්නේ ගමන් ගත් ශනි ග්‍රහයා 2017-01-26 පසු ලග්නයට එනම් 1 වැන්නට පැමිŒය. පෙර තත්ත්වයට වඩා අශ=භ තත්ත්වයක් උදා කරයි. එහෙත් ශ=භ ග්‍රහ දශා අතුරු දශා ගෙවන අයට එතරම්ම අපල ඇති නොකරන අතර පාප දෘෂ්ඨි ඇති අයට අපල වැඩිවන බව කිව යුතුය.
සිතට දුක් කරදර වගේම හවුල් කටයුතුවල යම් යම් කඩා වැටීම් ඇති විය හැකියි. පවුල් ජීවිතයේ පැවැති සුළු සුළු ප්‍රශ්න ලොකු ලොකු වී ඒවා විසඳා ගැනීමට නොහැකි තත්ත්වයන් උදා විමට ඉඩ ඇති කරයි. පාරම්පරික දේවල්වලට ගරු කිරීම අන් අයගේ ප්‍රශ්න දිහා බලා කටයුතු කිරීම යහපත් වුවත් මේ වේලාව එයට ශ=භදායක තත්ත්වයක් ඇති නොකරයි. වඳින්න ගිය දේවාලය හිසට කඩා වැඳීමක් වැනි දේවල් සිදුවිය හැකියි.
රහස් කටයුතු, හොර ගනුදෙනු ආදිය කිරීමට බිය සැක නැති වෙයි. අනියම් සබඳකම් ඇති කර ගැනීමට කටයුතු කරයි. ඒ නිසාම නින්දා අපහාස චෝදනාවලට ලක් වෙයි. වර්ෂ අවසාන භාගයේ දී නිවසේ ස්ථානයේ දෝෂ ගැටළු ඇති කරයි. අඹු-සැමි භේද ඇති කරයි. නිවාස ඉදිකිරීම් කටයුතුවල යම් වර්ධනයක් ඇති කරයි. වාහල ලාභ ඇති කරයි. සිතට එන රාගී අදහස් පාලනය කර ගැනීමට නොහැකි වෙයි. හැකි පමණ ආගමික කටයුතුවල යෙදී අපල දුරු කර ගන්න. යහපත උදා වෙයි.
තෙරුවන් සරණයි.

මකර ලග්නය

ඔබට මෙම ග්‍රහ මාරුව බලපෑම ඇති කරනුයේ ඒරාශ්ෂ්ඨකයක් පටන් ගැනීමක් හා දුක් කරදරවලට ආරම්භයක් හැටියටයි. ඉතින් මෙම ශනි ග්‍රහයා 12 වැන්න වන ධනු රාශී ගතවීම ඔබට යම් යම් නඩු හබ, නීති ප්‍රශ්න හා නඩු තීන්දු දීමේ දී අවාසිදායක තත්ත්වයන් ඇති වීමට කරුණු කාරණා ඇති වීමයි. ඒවගේම රාහු-කේතු මාරුවීම වර්ෂ අගභාගය වන විට සිදු වන අතර එය ද යම්කිසි පීඩාකාරී බවක් ඇති කරයි.
විශේෂයෙන් විවාහ දිවිය හා පවුල් ජීවිතය බලපාන ප්‍රශ්න උග්‍ර අතට හැරීම හා හදිසි තීරණවලට එළඹීම නිසා යම්කිසි මානසික අවුලකට පත්විය හැකිියි. මව්ට මෙන්ම පියාට ද එතරම් ශ=භදායක නොවෙයි. ඒ අයට හදිසි රෝග පීඩා තත්ත්වයන් ඇතිවීම, රෝහල් ගතවීම ආදිය සිදුවිය හැකියි.
කල්පවතින රෝග ඇති වීමට ඉඩ ඇති කරයි. ශනි මහ දශා හෝ අතුරු දශා ආදිය කරන අයට හිර අඩස්සියේ සිටීමට පවා සිදුවිය හැකියි. තනිව පිට පළාත්වල ඇවිදීමට සලස්වයි. සතුරු කරදර ඇති කරයි. වැඩිහිටියන් උදව් කිරීම සත්කාර කරවීම, උදව් කිරීම ආදියට යොමු වෙයි. ඒ තුළින් යම් සතුටක් ලබයි. එහෙත් ගුරු ග්‍රහයා තුලා රාශී ගතවීම තුළින් ව්‍යාපාර හා වෙළඳාම් රැකියා ආදිය දියුණුවක් ලබයි. ආදායම් තත්ත්වය ඉහළ යයි. පවුලේ නමක් ඇති කරලීමට හැකියාව ලැඛෙයි. එහෙත් බිරිඳට අපල ඇති කරයි. මේ සඳහා බෝධි පූජා, ආගමික කටයුතු කර අපල දුරු කර ගන්න.
තෙරුවන් සරණයි.

කුම්භ ලග්නය

කාලයක් තිස්සේ රැකියාවේ කරදර හා ව්‍යාපාර වෙළඳාම් ආදියේ පැවැති දුෂ්කරතා මඟ හැරී යයි. නිදහස්ව කටයුතු කිරීමට හැකි වෙයි. උසස් ප්‍රභූ පන්තියේ අයගෙන් සහය ලැඛෙයි. එහෙත් වර්ෂ මැද භාගය වනවිට ඔබ බලාපොරොත්තුවෙන් සිටි යම් ගනුදෙනුවක් හෝ කාරණයක් ඉටුවන ලකුණු ඇති වෙයි. ඉඩම් දේපල අයිතිවාසිකම් හිමි කර ගැනීමට තිබූ බාධක සියල්ල ඉවත් වී යයි. කට නිසා සණ්ඩු සරුවල් ඇති කර ගත් අය තමාගෙන් සමාව ගැනීමට පැමිණෙයි. ඉදිරියේ  දීද සතුරු කරදර මෙල්ල වෙයි.
2017-01-26 වෙනි දා ශනි මාරුව ඇති වන්නේ 11 වැන්න වන ධනු රාශීයටයි. එම නිසා ඔබට එය යහපත් තත්ත්වයක් උදා කරයි. ශ=භඵල ඇති කරයි. පෙර පිං මතු වෙයි. කරන ලද කුසල් බලය වැඩි වෙයි. පිං බලය වූකලී තම තමන් විසින් පෙර සසර කරන ලද කුසල් බලය මේ ආත්මයට ලැබීමයි. ඒ අනුව තමන් උදා කරපු බීජ වපුරපු හැටියට ඵලදාව ගත හැකියි. මව් සිටී නම් ඇයට තරමක් අපල ඇති කරයි. ඇස්වල රෝග, අඳුරු ස්වාභාවය, සුද බැඳීම ආදිය රෝග පෙන්වයි.
වර්ෂයේ අගභාගය වන විට ඔබට සතුරුකම් කළ අයකුගේ දුක්මුසු පුවතක් ඇසීමට සිදු වෙයි. එය සතුටට හේතුවක් නොකර ගත යුතුයි. ඒ වගේම වර්ෂයේ මුල් කාලයේ දී අඹු-සැමි ආරවුල් ඇතිවිය හැකියි. ඒවා සමනය කර ගැනීමට උත්සාහ කළ යුතුයි. කෙස් වෙතත් ලැබූ වර්ෂය යහපත් තත්ත්වයක් උදා වෙයි.
තෙරුවන් සරණයි.

මීන ලග්නය

ඔබට මෙම ග්‍රහචාරය බලපෑම් ඇති කරනුයේ 10 වැන්න වන ධනු රාශියේ දී කරගෙන ආ කටයුතු අතර මඟ නතර  කිරීමට හෝ රැකියා වෙළඳාම් ව්‍යාපාර ආදිය කරන අයට යම්කිසි පසුබෑමකට ලක්විය හැකියි. උත්සාහය තරමට ප්‍රතිපල හීන කරයි. සෑම වැඩක් කිරීමේ දී බාධා ඇති කරයි. ඔබේ ලග්නාධිපති ගුරු ග්‍රහයා වර්ෂ මැද භාගය වන විට 8 වැන්නට පිවිසීම තුලා රාශි ගත වී සමඟම රාහු-කේතුගේ මාරුව ද වර්ෂ අවසානයේ දී බලපෑම් ඇති කරයි.
පියාගේ තත්ත්වය එනම් ඔහුට අපල ඇති කරයි. රෝග පීඩා ඇති කරයි. වර්ෂයේ මුල් මාස කීපය යහපත් වුවත් 2017-01-26 පසු ශනිගේ මාරුවීම සෑම අතින්ම වැඩ කටයුතු අකර්මන්‍ය කිරීම් හා මන්දගාමී වීම සිදු වෙයි. රජයේ සේවයේ යෙදී සිටින උදවියට යහපත් වන අතර දරුවන්ට එතරම්ම ශ=භදායක නොවෙයි. ඔවුන්ට කරදර ඇතිවීම අකීකරු ගති මතුවීම, හිතුවක්කාර වීම ආදිය පෙන්වයි.
ගුරු මහ දශා අතුරු දශා ගෙවන අයට සහ ශ=භ අතුරු දශා ගෙවන අයට යහපත් තත්ත්වයක් උදා කරයි. ඒවගේ ශනි මහ දශා අතරු දශා ගෙවන අයට තදබල අපල ඇති කරයි.  රැකියා නැතිවීම, ආදායම් පහළ වැටීම සිදු කරයි. කෙසේ වෙතත් ඔබට අපල සඳහා බෝධි පූජා තැබීම වෙනත් ශාන්ති කර්ම කිරීම ආගමික වතාවත්වල යෙදීම ආදිය කිරීමෙන් අපල දුරු කර ගැනීමට හැකි වෙයි.
තෙරුවන් සරණයි.



Wmqgd .ekSu weiqfrks