12 Views  
දිග - පළල නොගැළපේ නම් නාමපුවරුවට පෙර ව්‍යපාරය කඩා වැටේ

දේශබන්ධූ ජ්‍යෙතිෂවේදිනී මංජුලා පුෂ්පරාංගනී පල්ලෙබැද්ද

නාම පුවරු නිවාස වලට මෙන්ම ව්‍යාපාරික ස්ථාන වලටද බහුලව යොදා ගැනේ. නිවසක නම් නිවසේ ගෘහ මූලිකයාගේ නම හා නිවසේ අංකය හෝ නිවසට යොදා ඇති නම ආදිය ලිවීමට නාම පුවරුව භාවිතා කරයි. ඒ සඳහා කළු ගල්, ලී, ප්ලාස්ටික්, පිත්තල වැනි ද්‍රව්‍යයක් භාවිතා කිරීම සිරිතයි. ව්‍යාපාරික ස්ථානයකට නාම පුවරුවක් යෙදීමේ දී එම ව්‍යාපාරයට යොදා ගත් නම ලියාපදිංචි අංකය හා විකුණන ද්‍රව්‍යය යන කරුණු වලට අදාළව සුළු විස්තරයන් දැකිය හැක. මේ සඳහා ලී, ඇලුමිනියම්, ප්ලාස්ටික් හෝ රෙදි භාවිතයට ගනී.

මේවා මෙසේ වුවද ව්‍යාපාරයකට හෝ නිවසකට නමක් යෙදීමේ දී ව්‍යාපාරයේ අයිතිකරුගේ හෝ ගෘහ මූලිකයාගේ ජන්ම නැකතේ නැකැත් පාදයට සීහෙන ආකාරයට ගත යුතුයි. හිමිකරුවාගේ නමට සුසිද්ධ වන ආකාරයට නමක් යෙදිය යුතුයි. යොදන්නා වූ නම අදාල ජන්මියාට සුසිද්ධ ආකාරයට සීහුනද එය ලියන නාම පුවරුව ගැනද සැලකිලිමත් වීම වැදගත් වේ. එම නාම පුවරුවල සුබ මෙන්ම අසුබ දිග පළල ඇත. එනිසා සුබ දිග, පළලක් අනුව නිර්මාණය කර ගත් නාම පුවරුවක ව්‍යාපාර නම හෝ නිවසේ නම ලියා ගත් විට එම නිවසේ හෝ ව්‍යාපාර ස්ථානයේ දියුණුව, යසස, සෞභාග්‍ය නොඅඩුව ඇතිවේ.

නාම පුවරු වල දිග, පළල මනිනු ලබන්නේ අඩි වලින්ය. ඒ අනුව පළල හා දිග අතර ශුභ අනුපාතයන් ලෙස 1:1, 1:3, 1:5, 1:7 ආදී ලෙස ගැනිය හැක. මේ අගයන් කිසිවිට ඉරට්ටේ අගයන් ‍නොවිය යුතුයි. ඔත්තේ අගයන්ම විය යුතුයි. මේ සඳහා ව්‍යාපාරිකයාගේ හෝ ගෘහ මූලිකයාගේ ජන්ම ලග්නයට සීහෙන ශූභ වර්ණ භාවිතා කිරීම සිරිතයි. පුවරුව සෑදීමට වර්ණ කිහිපයක් භාවිතා කරන්නේ නම් අදාළ පුද්ගලයාගේ සුබ වර්ණය වැඩිපුර භාවිතා කරන්න. මෙසේ සාදා ගන්නා නාම පුවරුව මිනිසුන්ට හොඳින් පෙනෙන ආකාරයට එල්ලීම හෝ තාප්පයකට ගිල්ලීම හෝ කළ යුතුයි. මෙසේ කිරීමෙන් ජන්මියාට උපරිම සුබඵල උදා වෙයි.

මෙයට අමතරව නාම පුවරුවේ ශුභ අශුභසම්බන්ධයෙන් ඒකා දශා වර්ගීකරණය හෙවත් ඒකොළොස් පොරොන්දමේ අන්තර්ගත තුන්වන පොරොන්දම වන යෝනි පොරොන්දම යොදා ගැනේ. මේ යෝනි පොරොන්දම සොයා ගනුයේ නාම පුවරුවේ වර්ගඵලය දුන් ගුණාකාර 8න් බෙදීමෙන් ලැබෙන ශේෂය අනුවය. මෙහිදී ලැබෙන ශේෂයට අනුව යෝනිය පහත ආකාර වේ.

ශේෂය 1 නම් - ද්වජ යෝනිය වේ.

ශේෂය 2 නම් - කොටළු යෝනිය වේ.

ශේෂය 3 නම් - සිංහ යෝනිය වේ.

ශේෂය 4 නම් - සුනඛ යෝනිය වේ.

ශේෂය 5 නම් - වෘෂභ යෝනිය වේ.

ශේෂය 6 නම් - දුමා යෝනිය වේ.

ශේෂය 7 නම් - ගජ යෝනිය වේ.

ශේෂය 8 නම් - කාක යෝනිය වේ. (ඉතිරි නැතිව බෙදීම)

මෙය වැඩිදුරටත් පැහැදිලි කර ගැනීම සඳහා උදාහරණයන් සලකා බලමු. ( 1:3 අනුපාතය)

පළල අඩි = 5

දිග අඩි = 15

වර්ගඵලය = 75 ( 15 X 5)

යෝනිය සෙවීම = 75 X 3

8

= 225

8

ඉතිරිය 1 වේ.

මේ අනුව යෝනි පොරොන්දම = ද්වජ යෝනියයි.

ද්වජ යෝනිය ව්‍යාපාර නාම පුවරුවක් සඳහා සුදුසුම යෝනියයි. ඒ අනුව ඉහත දිග, පළල ඉතා සුබය. මීට අමතරව සිංහ, ගජ හා වෘෂභ යෝනිද සුබ ගනයේ ලා සැලකේ.

නාම පුවරුවක් තැනීමේ දී ගැනිය යුතු දිග පළල ඔත්තේ විය යුතු බව ඉහත සඳහන් කළ අතර ඉරට්ටේ වූ විට අශුභ ඵල ගෙන දෙන බවද සඳහන් වේ. මෙයට අමතරව නාම පුවරුවක් සෑදීමට ගන්නා දිග, පළල අනුපාතය අනුව වර්ග 8කට වාස්තු විද්‍යාවේ වර්ග කර ඇත. ඒවා නම් ශුභ, මාරක, ජය, රෝග, ලාබ, නිශ්ඵල ශ්‍රියා හා හානි ලෙසය. මේවා කුමන අනුපාත වලද යන්න පහත සඳහන් වේ.

දිගින් හා පළලින් 1:1 අනුපාතය දරන නාම පුවරු ඉතා ශුභ වර්ගයේ නාම පුවරු වේ. මේ හරිහතරැස්ය.

1:2 අනුපාතයට පළලින් හා දිගින් යුත් නාම පුවරු අශුභ ගනයේ ලා සැලකේ. මේවා මාරක වර්ගයේ නාම පුවරුය.

පළලින් හා දිගින් 1:3 අනුපාතය දරන නාම පුවරුව ඉතා ශුභය. මේවා ජය වර්ණයේ නාම පුවරු වේ. මේ නාම පුවරුව පළල මෙන් තුන් ගුණයක් දිගය.

පළලින් හා දිගින් 1:4 අනුපාතය දරන නාම පුවරු අශුභ ලෙස ගණන් ගැනේ. මේවා රෝග වර්ගයේ නාම පුවරු වේ. මේ නාම පුවරුව පළල මෙන් හතර ගුණයක් දිගය.

1:5 අනුපාතයෙන් පළල හා දිග ගත් විට නිර්මාණය වන නාම පුවරුව ඉතා සුබ වේ. මේවා ලාභ වර්ගයේ නාම පුවරු වේ. පළල මෙන් පස් ගුණයක් දිග වේ.

නිෂ්ඵල වර්ගයේ නාම පුවරුව පළලින් හා දිගින් 1:6 අනුපාත වේ. එනම් පළල මෙන් හය ගුණයක් දිගය. මේවා අශුභ වර්ගයේ නාම පුවරු වේ.

පළලින් හා දිගින් 1:7 අනුපාතයෙන් යුත් නාම පුවරු ශුභ දිග පළලකින් යුත් නාම පුවරු වේ. මේවා ශ්‍රියා වර්ගයේ නාම පුවරු ලෙස වාස්තු විද්‍යාවේ සඳහන්ය. මේ වර්ගයේ නාම පුවරු පළල මෙන් සත් ගුණයන් දිගය.

1:8 අනුපාතයෙන් ගන්නා නාම පුවරු හානි වර්ගයේ නාම පුවරු වේ. මේවා පළල මෙන් අට ගුණයක් දිගය. මේ වර්ගයේ නාම පුවරු භාවිතයට ඉතා අශුභය.

ඉහත අනුපාතයන්ගෙන් ශුභ ගනයේ ලා සැලකෙන්නේ ශුභ , ජය, ලාභ හා ශ්‍රියා යන අනුපාතයන්ට අදාළ දිග පළල පමණි. අනිත්වා අශුභ දිග පළල වන බැවින් භාවිතයට නොගනී.

ඉහත සඳහන් සුබ අනුපාතයකට නාම පුවරුවක් සකසා ඔබ ඔබේ කීර්තිය, ගෞරවය, ප්‍රශංසාව වැඩි කර ගන්න. නාම පුවරු නිවාස වලට මෙන්ම ව්‍යාපාරික ස්ථාන වලටද බහුලව යොදා ගැනේ. නිවසක නම් නිවසේ ගෘහ මූලිකයාගේ නම හා නිවසේ අංකය හෝ නිවසට යොදා ඇති නම ආදිය ලිවීමට නාම පුවරුව භාවිතා කරයි. ඒ සඳහා කළු ගල්, ලී, ප්ලාස්ටික්, පිත්තල වැනි ද්‍රව්‍යයක් භාවිතා කිරීම සිරිතයි. ව්‍යාපාරික ස්ථානයකට නාම පුවරුවක් යෙදීමේ දී එම ව්‍යාපාරයට යොදා ගත් නම ලියාපදිංචි අංකය හා විකුණන ද්‍රව්‍යය යන කරුණු වලට අදාලව සුළු විස්තරයන් දැකිය හැක. මේ සඳහා ලී, ඇලුමිනියම්, ප්ලාස්ටික් හෝ රෙදි භාවිතයට ගනී.

මේවා මෙසේ වුවද ව්‍යාපාරයකට හෝ නිවසකට නමක් යෙදීමේ දී ව්‍යාපාරයේ අයිතිකරුගේ හෝ ගෘහ මූලිකයාගේ ජන්ම නැකතේ නැකැත් පාදයට සීහෙන ආකාරයට ගත යුතුයි. හිමිකරුවාගේ නමට සුසිද්ධ වන ආකාරයට නමක් යෙදිය යුතුයි.

යොදන්නා වූ නම අදාල ජන්මියාට සුසිද්ධ ආකාරයට සීහුනද එය ලියන නාම පුවරුව ගැනද සැලකිලිමත් වීම වැදගත් වේ. එම නාම පුවරුවල සුබ මෙන්ම අශුභ දිග පළල ඇත. එනිසා සුබ දිග, පළලක් අනුව නිර්මාණය කර ගත් නාම පුවරුවක ව්‍යාපාර නම හෝ නිවසේ නම ලියා ගත් විට එම නිවසේ හෝ ව්‍යාපාර ස්ථානයේ දියුණුව, යසස, සෞභාග්‍ය නොඅඩුව ඇතිවේ. නාම පුවරු වල දිග, පළල මනිනු ලබන්නේ අඩි වලින්ය. ඒ අනුව පළල හා දිග අතර ශුභ අනුපාතයන් ලෙස 1:1, 1:3, 1:5, 1:7 ආදී ලෙස ගැනිය හැක. මේ අගයන් කිසිවිට ඉරට්ටේ අගයන් ‍නොවිය යුතුයි. ඔත්තේ අගයන්ම විය යුතුයි. මේ සඳහා ව්‍යාපාරිකයාගේ හෝ ගෘහ මූලිකයාගේ ජන්ම ලග්නයට සීහෙන ශූභ වර්ණ භාවිතා කිරීම සිරිතයි. පුවරුව සෑදීමට වර්ණ කිහිපයක් භාවිතා කරන්නේ නම් අදාළ පුද්ගලයාගේ සුබ වර්ණය වැඩිපුර භාවිතා කරන්න. මෙසේ සාදා ගන්නා නාම පුවරුව මිනිසුන්ට හොඳින් පෙනෙන ආකාරයට එල්ලීම හෝ තාප්පයකට ගිල්ලීම හෝ කළ යුතුයි. මෙසේ කිරීමෙන් ජන්මියාට උපරිම සුබඵල උදා වෙයි.

මෙයට අමතරව නාම පුවරුවේ ශුභ අශුභසම්බන්ධයෙන් ඒකා දශා වර්ගීකරණය හෙවත් ඒකොළොස් පොරොන්දමේ අන්තර්ගත තුන්වන පොරොන්දම වන යෝනි පොරොන්දම යොදා ගැනේ. මේ යෝනි පොරොන්දම සොයා ගනුයේ නාම පුවරුවේ වර්ගඵලය දුන් ගුණාකාර 8න් බෙදීමෙන් ලැබෙන ශේෂය අනුවය. මෙහිදී ලැබෙන ශේෂයට අනුව යෝනිය පහත ආකාර වේ.

ශේෂය 1 නම් - ද්වජ යෝනිය වේ.

ශේෂය 2 නම් - කොටළු යෝනිය වේ.

ශේෂය 3 නම් - සිංහ යෝනිය වේ.

ශේෂය 4 නම් - සුනඛ යෝනිය වේ.

ශේෂය 5 නම් - වෘෂභ යෝනිය වේ.

ශේෂය 6 නම් - දුමා යෝනිය වේ.

ශේෂය 7 නම් - ගජ යෝනිය වේ.

ශේෂය 8 නම් - කාක යෝනිය වේ. (ඉතිරි නැතිව බෙදීම)

මෙය වැඩිදුරටත් පැහැදිලි කර ගැනීම සඳහා උදාහරණයන් සලකා බලමු. ( 1:3 අනුපාතය)

පළල අඩි = 5

දිග අඩි = 15

වර්ගඵලය = 75 ( 15 X 5)

යෝනිය සෙවීම = 75 X 3

8

= 225

8

ඉතිරිය 1 වේ.

මේ අනුව යෝනි පොරොන්දම = ද්වජ යෝනියයි.

ද්වජ යෝනිය ව්‍යාපාර නාම පුවරුවක් සඳහා සුදුසුම යෝනියයි. ඒ අනුව ඉහත දිග, පළල ඉතා සුබය. මීට අමතරව සිංහ, ගජ හා වෘෂභ යෝනිද සුබ ගනයේ ලා සැලකේ.

නාම පුවරුවක් තැනීමේ දී ගැනිය යුතු දිග පළල ඔත්තේ විය යුතු බව ඉහත සඳහන් කළ අතර ඉරට්ටේ වූ විට අශුභ ඵල ගෙන දෙන බවද සඳහන් වේ. මෙයට අමතරව නාම පුවරුවක් සෑදීමට ගන්නා දිග, පළල අනුපාතය අනුව වර්ග 8කට වාස්තු විද්‍යාවේ වර්ග කර ඇත. ඒවා නම් ශුභ, මාරක, ජය, රෝග, ලාබ, නිශ්ඵල ශ්‍රියා හා හානි ලෙසය. මේවා කුමන අනුපාත වලද යන්න පහත සඳහන් වේ.

දිගින් හා පළලින් 1:1 අනුපාතය දරන නාම පුවරු ඉතා ශුභ වර්ගයේ නාම පුවරු වේ. මේ හරිහතරැස්ය.

1:2 අනුපාතයට පළලින් හා දිගින් යුත් නාම පුවරු අශුභ ගනයේ ලා සැලකේ. මේවා මාරක වර්ගයේ නාම පුවරුය.

පළලින් හා දිගින් 1:3 අනුපාතය දරන නාම පුවරුව ඉතා ශුභය. මේවා ජය වර්ණයේ නාම පුවරු වේ. මේ නාම පුවරුව පළල මෙන් තුන් ගුණයක් දිගය.

පළලින් හා දිගින් 1:4 අනුපාතය දරන නාම පුවරු අශුභ ලෙස ගණන් ගැනේ. මේවා රෝග වර්ගයේ නාම පුවරු වේ. මේ නාම පුවරුව පළල මෙන් හතර ගුණයක් දිගය.

1:5 අනුපාතයෙන් පළල හා දිග ගත් විට නිර්මාණය වන නාම පුවරුව ඉතා සුබ වේ. මේවා ලාභ වර්ගයේ නාම පුවරු වේ. පළල මෙන් පස් ගුණයක් දිග වේ.

නිෂ්ඵල වර්ගයේ නාම පුවරුව පළලින් හා දිගින් 1:6 අනුපාත වේ. එනම් පළල මෙන් හය ගුණයක් දිගය. මේවා අශුභ වර්ගයේ නාම පුවරු වේ.

පළලින් හා දිගින් 1:7 අනුපාතයෙන් යුත් නාම පුවරු ශුභ දිග පළලකින් යුත් නාම පුවරු වේ. මේවා ශ්‍රියා වර්ගයේ නාම පුවරු ලෙස වාස්තු විද්‍යාවේ සඳහන්ය. මේ වර්ගයේ නාම පුවරු පළල මෙන් සත් ගුණයන් දිගය.

1:8 අනුපාතයෙන් ගන්නා නාම පුවරු හානි වර්ගයේ නාම පුවරු වේ. මේවා පළල මෙන් අට ගුණයක් දිගය. මේ වර්ගයේ නාම පුවරු භාවිතයට ඉතා අශුභය.

ඉහත අනුපාතයන්ගෙන් ශුභ ගනයේ ලා සැලකෙන්නේ ශුභ , ජය, ලාභ හා ශ්‍රියා යන අනුපාතයන්ට අදාළ දිග පළල පමණි. අනිත්වා අශුභ දිග පළල වන බැවින් භාවිතයට නොගනී. ඉහත සඳහන් සුබ අනුපාතයකට නාම පුවරුවක් සකසා ඔබ ඔබේ කීර්තිය, ගෞරවය, ප්‍රශංසාව වැඩි කර ගන්න.

silumina.lk/


Wmqgd .ekSu weiqfrks