168 Views  
රාජ්‍ය පාලනය උණුසුම් කරමින් පෙරළිකාර රවි වෘෂභයට

2017 මැයි මස 14 වැනි ඉරිදා දින අපර භාග (රාත්‍රි) 10.56 ට ග්‍රහ ලොව රජු හෙවත් නව ග්‍රහයින් අතරින් අපට ශක්‌තිය, ආලෝකය මෙන්ම ජීවය දෙන ප්‍රධාන ආලෝක ග්‍රහ තාරකාව වන රවි ග්‍රහයා (සූර්යයා) තම සතුරු රාශියක්‌ වන සිකුරුට අයත් වෘෂභ රාශියට පිවිසෙයි. ඒ අනුව රවිටම අයත් කැති නැකතේ දෙවැනි පාදයට පිවිසෙන රවි ග්‍රහයා එම වෘෂභ රාශියේ ඉදිරි මසකට ආසන්න කාලයක්‌ ගත කරනු ඇත. වෘෂභ රවිය නිවාස කටයුතු සඳහා ඉතාමතA සුබ දායක වන අතර රවි වෘෂභයට පිවිසීම නිවාස කටයුතු සඳහා ඉතාමත් යහපත් වනු ඇත.

ග්‍රහ ලොව රාශි වළල්ලේ පියා හෙවත්, ග්‍රහ ලොව පාලක ග්‍රහ තාරකාව වන රාජ්‍යකාරක රවි වෘෂභ රාශි ග්‍රහ මාරුව ඉතාම ප්‍රබල ග්‍රහ මාරුවකි. විශේෂයෙන් රවි වෘෂභයට පිවිසෙන විට ඉතා වැදගත් අනෙක්‌ ආලෝක ග්‍රහයා වන සඳු හෙවත් චන්ද්‍රයා ශනි සමගින් ගුරුට අයත් ධනු රාශියේ සම රාශි ගතව කේතුට අයත් මුල නැකතේ සිවුවැනි පාදයේ තැන්පත්ව සිටී. ඒ අනුව මෙම ග්‍රහ මාරු දෙකම සැලකිල්ලට ගැනීමේදී කුම්භ ලග්න ලංකා කේන්දරය තුළ රවි අඟහරු සමඟ යෝගව 4 වැන්නේත්a සඳු 11 ත් තැන්පත් වීම අප රට පැත්තෙන් බැලූ කල යම් පමණක අසුබවාදී ග්‍රහ තත්ත්වයකි. මේෂ ලග්න ලෝකායතන කේන්දරය අනුව රවි කුජ සමගින් 2 වැන්නේ හෙවත් ධනස්‌ථානයේ තැන්පත් වන අතර සඳු 9 වැන්න හෙවත් පුණ්‍යස්‌ථානයේ තැන්පත්ව සිටී.

ඒ අනුව මෙම ප්‍රධාන ආලෝක ග්‍රහයන් දෙදෙනාගේ ග්‍රහ ගෝචරය සලකා බැලීමේදී විශේෂයෙන් මෙම ග්‍රහ මාරුව රාජ්‍ය පාලක ඇත්තන්ට එතරම් යහපත් නොවනු ඇත. රාජ්‍ය පාලනයට බාධා කරදර ඇතිවන කාලයකි. රටට ලැබෙන විදේශ ආධාර පහළ යනු ඇත. විදේශීය සහයෝගය මෙන්ම ගෞරවයද අප රට කෙරෙහි මෙම කාල සීමාව තුළ නොලැබෙනු ඇත. සංචාරක ව්‍යාපාරය වර්ධනයක්‌ ඇති නොවන කාලයකි. නව ආරංචි ගලා එන කාල සීමාවක්‌ වනු ඇත. ඉදිකිරීම් කෂේත්‍රයේ කැපී පෙනෙන දියුණුවක්‌ ඇති වනු ඇත. ජනතාවගේ ලැබීම් අංශය පහත වැටෙන කාලයකි. උද්ඝෝෂණ වැඩ වර්ජන හා විවිධ නොසන්සුන්තා ඇතිවන කාලයකි. පසුගිය කාලයේ පැවති කාලගුණ, දේශගුණ විපර්යාශ, ළමා හිංසනයන්, රිය අනතුරු, මංකොල්ල, අපරාධ යම් පමණක වැඩි වීමක්‌ මෙම කාලය තුළ දැක ගත හැකි වනු ඇත. ඩෙංගු ඇතුළු බෝවන රෝග යළි හිස ඔසවනු ඇත. උණුසුම් කාලගුණය තවදුරටත් පවතී. එසේම මෙම ග්‍රහ මාරුව සිංහ, මිථුන, කටක, කන්‍යා, වෘශ්චික, කුම්භ මීන යන ලග්න හිමියන්ටත් රවි, හා සඳු මහ දශා, අතුරු දශා ගත කරන්නන්ටත් යහපත් හා සුබ ප්‍රතිඵල උදා කරනු ඇත.

සිංහ වෘෂභයේ ලග්න දොළසේ සුබ අසුබ මෙන්න.

මේෂ

කාලයක්‌ පැවති රෝගාබාධ වලින් සුවය ලැබෙන කාලයකි. මෙතෙක්‌ කාලයක්‌ අඩාලව පැවති යම් යම් කාරණා ඉටු වන කාලයකි. ඉහළ රැකියා හා රැකියා උසස්‌ වීම් මෙන්ම නව රැකියා අවස්‌ථා උදා වනු ඇත. විවාහ බාධා ඇතිවීමට ඉඩ ඇත. සහෝදරයෙකුට අපලතාවක්‌ පෙනේ. ලැබීම් අඩාල වන කාලයකි. දේශපාලනයේ නිරත අයට සුබ දායක වනු ඇත.

වෘෂභ

ඔබගේ ජනප්‍රියතාව ඉහළ යන කාලයකි. රැකියාවේ උසස්‌ වීම් බලාපොරොත්තු විය හැකිය. පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලයේදී සිත යොමු වේ. පැවති නඩු හබ වලින් පහසුවෙන් ජය ගත හැකිය.

මිථුන

අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි. රැකියා සම්බන්ධ කටයුතුවල දැඩි අර්බුදකාරී තත්ත්ව ඇති වනු ඇත. පපුවේ සෙම් අමාරු හා ලේ සම්බන්ධ රෝගාබාධ ඇතිවිය හැකිය. රෝහල් ගත වීමේ අවධානමකුත් තියනවා. සෙම් රෝග බහුල වන අතර යුග දිවි සමඟියට බාදා ඇති වනු ඇත.

කටක

හදිසි ගමන් බිමන් යැමට අවස්‌ථාව සැලසෙන අතර වන්දනා ගමන් හා දුර ගමන් ද යෙදීමට ඉඩ ඇත. ඔබට ප්‍රසිද්ධිය හා කීර්තිය ලැබෙන කාලයකි. ඇස්‌වහ කටවහ දෝෂ හටගැනීමේ ප්‍රවණතාවක්‌ ඇත. රෙදිපිළි හා වස්‌තු ලාබ ලැබෙන කාලයකි. ශරීරයේ අලංකාරයට අවශ්‍ය දේ මිලදී ගැනීමට අවස්‌ථාව ලැබෙන අතර මෙම කාලයේදී ප්‍රනීත රසමුසු ආහාර ද ලැබීමේ හැකියාව පවතී.

සිංහ

ඇස්‌ රෝග හා මුත්‍රා අමාරු ඇතිවිය හැකිය. මේ කාලයේදී තම ශරීර සෞඛ්‍යය ගැන විමසිලිමත් වීම වැදගත්. විශේෂයෙන් අහුවෙන්නේ නැති ලෙඩ හැදෙන්න පුඵවන්. ඒ නිසා සුබ වගේම අසුබ ඵලත් ලැබෙනවා. මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍යය පිරීහීමට හැකියාව පවතිනවා. නමුත් ආදායම් තත්ත්වය යම් ප්‍රමාණයකට වර්ධනය වේවි. සමාජ සේවා පොදු කටයුතුවලින් ගෞරවය හා පිළිගැනීම ඔබට ලැබේවි. පරම්පරාගත දේපළ වාසි හිමිවේ.

කන්‍යා -

සේවක ගැටලු හා ගෘහ නිර්මාණයකට සම්බන්ධව ගැටලු පැනනැඟීමට හැකිය. වා, පිත් සම්බන්ධ රෝගාබාධ හට ගැනීමට අවස්‌ථා ඇත. ස්‌වයං රැකියා වල නිරතවන්නන්ට සුබදායකය. පැවති රෝග වලින් සුවය ලැබේ. ශරීරය පැහැපත් වනු ඇත. ගෘහ ජීවිතය සතුටුදායකය. රැකියාවේ උසස්‌ වීම් වගේම වෙනස්‌වීම්ද බලාපොරොත්තු විය හැකිය. නීතියට එරෙහිව කටයුතු කිරීම නිසා මුදල් හෝ රැකියාවේ පාඩු සිදු විය හැකිය. ලොතරැයි ජයග්‍රහණ හිමි වන කාලයකි.

තුලා -

සතුරු කරදරයකින් ජය ගත හැකිය. බලාපොරොත්තු වූ ණය මුදලක්‌ ලැබීමට හැකිය. මුත්‍රා අමාරු හෝ සෙම් රෝග ඇතිවීමට ඉඩ ඇත. ඔබට මෙම කාලය මිශ්‍රඵලදායක වේ. අසනීපවලින් යම් සුවයක්‌ අත්වේ. ගෘහ ජීවිතය තුළ වැය පක්‌ෂය ඉහළ යනු ඇත. එදිනෙදා කටයුතු වලද යම් ආවේගශීලී තත්ත්වයක්‌ දක්‌නට ලැබේ. උසස්‌ කෙනකු හෝ අසල්වාසීන් සමඟ අමනාප වීමට ඉඩ ඇත. දරුවන්ගේ කටයුතු වර්ධනය වන අතර රැකියාවේ ඉදිරි ගමනට යම් යම් බධා ඇතිවිය හැකිය. සමාජයේ පිළිගැනීම ඇතිවන අතර ඔබට අසල්වැසියන්ගෙන් නම් පොඩි පොඩි බාධාද ඇතිවිය හැකියි.

වෘශ්චික -

ඔබගේ පවුලේ හෝ හිතවතකුට ඇතිවන අසනීප තත්ත්වයන් නිසා ඔබට බොහෝ කාලය ශ්‍රමය, ධනය ඒ වෙනුවෙන් කැප කිරීමට සිදුවනු ඇත. පසුගිය දිනවල පැවති බාධා යම් පමණක ඉවත් වෙයි. තනතුරු ලාභ ලැබෙයි. ඉගෙනීමේ කටයුතු සාර්ථක වන අතර අධ්‍යාපන හා උසස්‌ අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර අලුතින් අරඹන කටයුqතු ද මේ කාලයේ සාර්ථක වේ. එසේම මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය යම් පමණකට පිරිහීමට හැකියාව පවතිනවා. සිතේ ඇතිවන මානසික අසහනය දුරු වෙයි. දරුවන්ගේ දියුණුවට කටයුතු යෙදේ.

ධනු -

මෙම කාලයේ නෑයෙක්‌ හෝ හිතවතුන් සමඟ අමනාප වීමට ඉඩ ඇත. බලාපොරොත්තු වූ ණයක්‌ ලැබෙයි. කාර්ය බහුල කාලයකි. සහෝදරයන්ට අසුබ වෙයි. කෙටි ගමන් බිමන් නම් අධික වේවි. විමසිලිමත් වීම වැදගත්. අනතුරු වලට ලක්‌විය හැකියි. සහෝදරයින්ට අසුබ වෙයි.

මකර -

විවාහ ජීවිතයේ කරදර හා බාධා මෙම කාල සීමාව තුළ යම් පමණකට උදා වනු ඇත. හදිසි ගමන් බිමන් යැමට නිතර අවස්‌ථාව සැලසෙන අතර වන්දනා ගමන් හා දුර ගමන් ද යෙදීමට ඉඩ ඇත. ශරීර සැප නොලැබීම හා ඔබ කාර්ය බහුල වීමට ඉඩ ඇත. සහෝදරයකුට යම් අපලතාවක්‌ පෙනේ. ආදායම් තත්ත්ව පහත වැටීම හා ගේ දොර කටයුතුවලට බාධා ඇතිවීමට ඉඩ ඇත.

කුම්භ -

මහන්සියේ තරමට ප්‍රතිඵල ලබා ගත නොහැකිය. ඥාතීන් සමග හිතවත්කම් ඉහළ යැමට හේතු වනු ඇත. ගැහැනු දරු ලාභ ඇතිවන අතර යම් යම් අංශ වලින් සුබයි. ඔබගේ අධ්‍යාපනයට ඉතාම හොඳයි. ඒ වගේම රැකියා ස්‌ථානයෙන් උසස්‌ වීමක්‌ද හිමි වීමට ඉඩ තියනවා. ආගමට දහමට නැඹුරු වන කාලයකි. ශරීර සෞඛ්‍යය යහපත් වන අතර ඔබට සමාජයේ ගෞරවය හිමි වනු ඇත.

මීන -

ඔබට මෙම කාලය තුළ බලවත් තනතුරු ලැබෙන අතර ප්‍රධානීන්ගේ සිත දිනාගැනීමට අවස්‌ථා උදා වනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි. විදේශ ගමන්වලට එක්‌විය හැකිය. පවුල් ජීවිතය තුළ පැවති ගැටුම් සමනය වන අතර, තම සහකාරියගෙන් හෝ සහකරුගෙන් ධනය ලැබීමටද හැකිය. පැවති රෝග සුව වන අතර සෞඛ්‍ය තත්ත්වය යහපත්ය.

සැ. යු.

ඉහත සඳහන් පලාඵල තත්ත්වයන් ඔබේ ජන්ම පත්‍රයේ ග්‍රහ පිහිටීම්, ගත වන මහ දශා, හා අතුරු දශා, ග්‍රහයන් උත්පත්තියේදී පිහිටි නැකැත් හා 22 දෙකර්ණාධිපති, 64 නවාංශකාධිපතිගේ තත්ත්වයන්, හා විවිධ ග්‍රහ දුෂ්ඨි මත යම් පමණක අඩු වැඩි වීම් සිදුවිය හැකිය.

වැඩිදුර විස්‌තර සදහා 0772753100


ජ්‍යෙතිෂවේදී, බණ්‌ඩාරගම,
සම්පත් එස්‌ කල්පගේ


Wmqgd .ekSu Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks weiqfrks